ප්‍රථමයෙන් ආයුබෝවන්!! අවුරුද්දක් දෙකක් තිස්සේ හැමවෙලේම ෆිල්ම් එකක් බලන්න කලින් බයිස්කෝප් මංසලට තමයි මුලින්ම එන්නේ. සබ් එක ගන්නයි. අනිවා දාලා තියෙන ලිපිය කියවන්නයි. ඉතින් හැමදාම ඒකාකාරි වෙන්නේ නැතුව නිකන් හිතුනා කර්ෆිව් අස්සේ අලුත් දෙයක් කරන්න. ඉතින් එහෙම තමා මේ සබ් එක ඔයගොල්ලෝ ගාවට එන්නේ. පළමු වතාව…
ප්‍රථමයෙන් ආයුබෝවන්!! අවුරුද්දක් දෙකක් තිස්සේ හැමවෙලේම ෆිල්ම් එකක් බලන්න කලින් බයිස්කෝප් මංසලට තමයි මුලින්ම එන්නේ. සබ් එක ගන්නයි. අනිවා දාලා තියෙන ලිපිය කියවන්නයි. ඉතින් හැමදාම ඒකාකාරි වෙන්නේ නැතුව නිකන් හිතුනා කර්ෆිව් අස්සේ අලුත් දෙයක් කරන්න. ඉතින් එහෙම තමා මේ සබ් එක ඔයගොල්ලෝ ගාවට එන්නේ. පළමු වතාවට සබ් එකක් දෙන්න ෆිලුමක් හොයද්දි තමයි එපා වුණේ. මොකො බයිස්කෝප් එකේ බලන බලන හැම ෆිල්ම් එකකටම වගේ සබ් තියෙනවා නේ. ඉතින් ඔහොම හොය හොය ඉද්දී යාන්තමින් එකක් හම්බුණා. හැබැයි මේකට සබ් එකක් නෑ කියල දැනගත්තාම නම් මාර විදියට පුදුම වුණා. මොකෝ මේකේ ප්‍රධාන චරිතයට ඉන්නෙ පට්ටම නළුවෙක්. ඒ තමයි හැමෝම දන්න Tom Hanks. තව මේකට ඔස්කාර් සම්මාන දෙකක්ම තියෙනවා. එකක් තමයි Tom Hanksට හොඳම නළුවා විදියටත්, ෆිල්ම් එක පටන් ගන්න කොට තියෙන “On the Streets of Philadelphia” කියන සින්දුවට හොඳම සින්දුව විදියටත්.
තව දෙයක් කියන්නම ඕනේ මේ සබ් එක මට තනියෙන් කරන්න ගියා නම් තව පරක්කු වෙන්න තිබ්බා.අඩුම ගාණේ තව සතියක්වත්,ඒ වුණත් මාත් එක්ක මගේ එළම යාලුවෙක් එකතු උනා. සිහස් කියලා. අපි දෙන්නා මේ සබ් එක දෙන්න වෙනම ගේමක් දුන්නා. ඇත්තම කිව්වොත් වැඩි ලයින් ගාණක් Convert කළේ එයා තමා. ලයිනුත් 1510 ක් තිබ්බා නේ.
ඉතින් කතාව පැත්තට හැරුණොත්, ටොම් හෑන්ක්ස් කියන සුපිරි නළුවා පණ පොවන ඇන්ඩෲ බෙකෙට් කියන්නේ Wyant Wheeler කියන නීති ආයතනයක වැඩ කරන ගොඩාක් දක්ෂ, ධනාත්මක අදහස් තියෙන, මහන්සි වෙලා වැඩ කරන මිනිහෙක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාට දරුණුම වෛරසයක් වන ඒඩ්ස් රෝගය වැළඳිලා තියෙන්නෙ.ඒකාලේ ඒඩ්ස් රෝගය හොයාගත්ත මුල. ඒ වගේම මේ ඇන්ඩෲ තමන්ට ඒඩ්ස් තියෙනවා කියලා ආයතනයේ වැඩ කරන කාටවත් කියන්නේ නෑ. කොහොම හරි මෙයාව මේ ආයතනයෙන් අස් කරනවා. හැබැයි මෙයාට කියන්නෙ නෑ මෙයාව අස් කරන්නේ ඒඩ්ස් තියෙන හින්දා කියලා. ඒ වුණාට ඇන්ඩෲ දන්නවා එයාව අස් කලේ ඒඩ්ස් තියෙන හින්දා කියලා ඉතින් මෙයා කරන්නේ වෙන නීතිඥයෙක් අරන් අර නීති ආයතනයට එරෙහිව නඩුවක් ගොතනවා මෙයාව අස් කලා කරපු එක සම්බන්ධයෙන්. අමුතුයි නේද ඕන ආයතනයකට තම සේවකයන්ව අස් කරන්න පුළුවන් නේ.
මේ ෆිල්ම් එක අපිට ගොඩාක් ආදර්ශ දෙනවා. ලොකුම ආදර්ශය තමයි, මේ ඒඩ්ස් වැනි සමාජ රෝගීන් වැළඳුණු ගොඩක් අය අපි අතරෙත් ඇති. ඉතින් එහෙමයි කියලා අපි මේ ගොල්ලන්ව කොන් කරන්න හොෆ්හ නෑ නේ. ඒක තමයි ලොකුම ආදර්ශය. තව ගොඩාක් දේවල් තියෙනවා. ඒවා ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ.මේ කතාවේ තියෙන තවත් ලොකූ දෙයක් තමයි මන් කිව්වේ නෑ. මන් ඒක කියන්නෙ නැත්තේ පෞද්ගලික හේතුවක් හින්දා.
මන් ඉදිරියට බයිස්කෝප් මංසල වෙනුවෙන් තවත් උපසිරැසි සාදන්න තමයි හිතා ගෙන ඉන්නේ. එහෙනම් දැනට ආයුබෝවන්. තව උපසිරැසියකින් ළඟදිම හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,351 downloadsDownload Philadelphia-1993.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුජය සංකල්ප” සොහොයුරාට සහ “සිහස් සෙන්හිරු” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-05-16
SUB MAKER RATING BY ADMINS
![]()
[ ධනුජය සංකල්ප ]
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-16
SUBMAKER RATING BY ADMINS
![]()
[ සිහස් සෙන්හිරු ]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
15 comments
thushararox
එල්.සී. දමැල්
පළමු වැඩේට දෙන්නටම සුභ පතනවා.
ඉදිරියේදීත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟ උපසිරස නිර්මාණවලින් එකතු වෙන්න කාලය ලැබේවා කියල පතනවා...
ජය... ✌Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි දෙන්නටම බ්‍රෝ :) :) ... සුබ පතනවා පලවෙනි සබ් එකට ඉදිරියටත් ඉඩකඩ ලැබෙන විදිහට තමන්ගෙ වැඩකටයුතුත් කරගෙන සබ් කරන්න :)
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!Vivek Shan
Thankx bro sub ekata jaya vay denata loku gamnak yanda
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....indika75
ස්තූතියි.පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
isuru srinath sjs
දෙන්නටම සුබ පතනවා !! ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
thushararox
THE SHAWSHANK REDEMPTION අල්ලලා ගියපු අය බලන්නම ඕනි ෆිලුමක්,
MAALnath
Thanks .................good luck .......................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
jagath55
Thanks
sasanka
thanka for the sub
Anonymous
Thanks !
Advertisement
මම බලන්න ආසාවෙන් හිටපු, සබ්ට්යිටල් නැති නිසා නොබලපු හොඳ ෆිල්ම් ගොඩකට මේ දවස් වල සිංහල සබ් ආවා. ඇත්තටම සතුටුයි. බොහෝම ස්තූතියි.