Watch Trailer

Scoob! (2020) Sinhala Subtitles | ස්කූබ් [සිංහල උපසිරැසි] (50)

අද මගේ උපසිරැසි ජීවිතේ ගොඩක් වැදගත් දවසක්. 2013 සා/පෙළ ඉවරවෙලා ෆිල්ම් බලන අතරේ ඒ ෆිල්ම්වල සබ්වල බයිස්කෝප් සිංහලෙන් කියන නම දැක්කාම මට හිතුනා මේ මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සයිට් එකට ඇවිල්ලා බලද්දි දැක්කා සයිට් එකේ තිබුන ඔබටත් ඉඩක් කියන තීරුව. ඉතිං ඒක කියවලා බැලුවාම මටත් ආසාවක් ආවා උපසිරැසියක්…

අද මගේ උපසිරැසි ජීවිතේ ගොඩක් වැදගත් දවසක්. 2013 සා/පෙළ ඉවරවෙලා ෆිල්ම් බලන අතරේ ඒ ෆිල්ම්වල සබ්වල බයිස්කෝප් සිංහලෙන් කියන නම දැක්කාම මට හිතුනා මේ මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සයිට් එකට ඇවිල්ලා බලද්දි දැක්කා සයිට් එකේ තිබුන ඔබටත් ඉඩක් කියන තීරුව. ඉතිං ඒක කියවලා බැලුවාම මටත් ආසාවක් ආවා උපසිරැසියක් කරන්න. ඒ අනුව මගේ මුල්ම සබ් එක සයිට් එකේ පළ වුනා 2014 සැප්තැම්බර් 1 වෙනිදා. ඉතිං එදා ඉඳන් අද වෙනකම් මේ පළවෙනි කඩඉමට එන්න මට අවුරුදු 5 යි මාස 8 ක් ගත වෙලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් විතර ලැජ්ජාවකුත් තියෙනවා ඉතිං නෑ කියන්නෙ නෑ. ආයේ ඉතිං කවදා නම් 100 ට යයිද දන්නැති හින්දා ස්තූති කතාවක් නම් කරන්නම වෙනවා. අහන් ඉන්න කම්මැළි අය කෙළින්ම පහළට ගිහින් සබ් එක ගත්තට පොඩ්ඩක්වත් තරහා නෑ.

මුලින්ම ස්තූති කරන්න ඕනි මට උදව් කරන මගේ අම්මා, තාත්තා වගේම නන්ගිට. ඒ වගේම මේ සයිට් එකේ නිර්මාතෘ ඉසිර අයියා. ඒ වගේම බයිස්කෝප් සිංහලෙන්, බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් සහ බයිස්කෝප් මංසල සයිට් තුනේම ඇඩ්මින් මඬුල්ල වෙනුවෙන් මුලින්ම මගේ කන්කෙඳිරිය අහලා මට මේ සබ් එක බාර දුන්නු සිසිල අයියා, හසන්ත අයියා, විමා අයියා වගේම මංසලට සින්දු දෙන්න ගිහින් අඳුරගත්තු තිසර අයියා. ඒ වගේම නොවරදවාම කමෙන්ට් කරන රොයිලි අයියා. චාමර අයියා, නිර්මාණි අක්කා, සමන් අයියා, යශෝධ අයියා, අසංක අයියා, ආසිරි සහ සුධීර අයියලා වගේම කන්ජූරින්ග් අධිපති දිල්ශාන් සචින්ත, පීටර් අයියා වගේම ඉමේෂ් සහ නවෝදනී අක්කා ඇතුළු නම් කී නොකී සමස්ථ ඇඩ්මින් මඬුල්ලටම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මට ලැබුන ලොකුම දේ තමයි ලංකාවේ වගේම පිටරටවල පවා විසිරුණ යාළුවෝ ගොඩ දෙනෙක් අඳුරගන්න ලැබුන එක. හැමදාමත් වගේ ඕනිම ප්‍රශ්නෙකදි මාත් එක්ක ඉන්න මයුර අයියා වගේම චාමිකර අයියා. ඒ වගේම දසන් අයියා. මලේ ඉක්මනට 50 දීපන් කියලා දිරිමත් කරපු මලිත් අයියා. ටීවී සීරීස් එකකට කතා කළාම බෑ නොකියා සප් එක දෙන පසිඳු මදුමාල්, නෙෆ්ට්ලික්ස් අධිපති රවිඳු ව‌ගේම කවීශල්. Man in the High Castle සීරීස් එකෙන් සෙට් වුන කළිඳු අයියා. කැම්පස් එකේම සහෝදරියක් වෙලත් අඳුරගෙන හිටියෙ නැති, මේ සයිට් එක නිසා ෆිට් වුනු සොනාලි. ස්කූබි සබ් කරන්න ගිහින් සෙට් වුන චමෝද්. කපල් වලට හොඳ පාර්ක් ගැන ස්පෙශලිස්ට් ඉසුරු දිල්ශාන්. ඒ වගේම චැට් කරලා ෆිට් එකේ ඉන්න පූර්ණි අක්කා, දමින්ද අයියා, මැ‌සෙන්ජර් ගෲප් වලින් ෆිට් වුනු සෙව්මිණී නන්ගි, උදය සමන් අයියා, යුරාන් වගේම කාලිංග අයියා.

ඒ විතරක්යෑ තව කොච්චර නම් ඉන්නවද? හසිත මදුශාන්, උදයංග සම්පත්, ළහිරු ප්‍රසාද්, ප්‍රණීත් චින්තක, දහරක්කා, ඉසුරු සම්පත්, ඩොක් අයියා, ටියුබ් ලයිට් නිලුපුල්, ලියෝ, නලින් අයියා, අචින්ත උදයංග, රසිත ප්‍රදීප්, ශසිත් අයියා, සජීවී අක්කා, සුරේනි අක්කා, හිරාන් මලයා, කවිනු, රඛිත, නාවලඇල්ල අයියා, රෂින් මන්සිල්, චන්දිම සර්, හෙළිලි අක්කා, ස්නේක්රාජ්, විහඟ පියුමාල්, මගෙ වගේම බඩක් තියෙන රංග ප්‍රසන්න අයියා, වෙත්තසිංහ අයියා, තරිඳු රුක්ෂාන්, තාරක නුවන් වගේ එකී මෙකී නොකී සෑහෙන මිත්‍ර සංගමයක් හදාගන්න පුළුවන් වුනා. අනේ කාගෙම හරි නමක් මිස් වුනා නම් දහස් වාරයක් සමාවෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ෆේස්බුක් හරහා ෆිට් වුන රවිඳු අයියා වගේම අමල්ක හිමේෂාන්. ඒ වගේම මං සබ් කරන ෆිල්ම්ස් බලලා මාව දිරිමත් කරන සමිල, සාකේත, ක්‍රිෂාන් අයියා සහ අපේ හොස්ටල් එකේ, කැම්පස් එකේ හැමෝම මතක් කරනවා.

ඒ වගේම විශේෂම ස්තූතිය හිමි වෙන්න ඕනි හැමදාම කමෙන්ට් එකක් දාලා සබ් ඩව්න්ලෝඩ් කරන් යන ඔයාලා හැමෝටම. ඔයාලා නිසා තමයි අපිට සබ් කරන්න ආසාවක්, උනන්දුවක් ඇතිවෙන්නේ. මොකද මේක මූල්‍යමය වාසි මත කරන දෙයක් නෙමෙයි හිතේ සතුට වෙනුවෙන් කරන දෙයක්. ඇත්තමයි සබ් එකක් කරලා පළ වුනාම වැටෙන කමෙන්ට්ස් දකිද්දි හිතට එන සතුට කියාගන්න තේරෙන්නෙ නෑ. පැය ගාණක් කාපු කට්ටේ මහන්සිය දිය වෙලා යන්නෙ ඔයාලගේ කමෙන්ට්ස් දකිද්දී. ඉතිං මේ දෙන සහයෝගේ දිගටම ලබා දීලා හැමදාමත් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. දැන් එහෙනම් ඉතින් අපි ‌ෆිල්ම් එක දිහාට හැරෙමු.

COVID 19 වසංගත තත්වය ‌මේ වෙද්දි මුළු ලෝකෙම අඩපණ කරලා තියෙද්දී, ජන ජීවිතයට ව‌‌ගේම ගෝලීය ආර්ථිකයටත් වෙලා තියෙන බලපෑම සුළුපටු නෑ. මේ තත්වෙ නිසා චිත්‍රපට කර්මාන්තයටත් උදා වුනේ එච්චර හොඳ කාලයක් නෙමෙයි. ඒ හින්දා තමයි සිනමාහල්වල ප්‍රදර්ශනය වෙලා මුළු ලෝකෙම ලොකු කුඩා කාගෙත් ආදරයට, ජනප්‍රියත්වයට පාත්‍ර වෙන්න තිබුනු Scoob (2020) කියන ඒ හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සුපිරි චිත්‍රපටය ඩිජිටල් මාධ්‍ය ඔස්සේ රිලීස් වෙන්නේ. ස්කූබි ඩූ චිත්‍රපට මාලාවේ සිනමාහල් ප්‍රදර්ශනය වෙනුවෙන්ම නිකුත් කිරීමට තිබුනු මුල්ම ස්කූබි ඩූ ඇනිමේටඩ් චිත්‍රපටය තමයි මේක. වාසනාවකට හෝ අවාසනාවකට ඒ සැලසුම් අසාර්ථක වුනා. ඒ කොහොම වුනත් මේ චිත්‍රපටය වෙනුවෙන් මොන තරම් දැවැන්ත ප්‍රචාරණයක් දියත් වුනාද කියනවා නම් SCOOB නමින් නිල වෙබ් අඩවියක් පවා නිර්මාණය වුනා.

චිත්‍රපටය ගැන ටිකක් කියනවා නම් සුපුරුදු හඬ නළු Fred Welker ඇරුණම මෙහි අනිත් හ‌ඬ කැවීම් ශිල්පීන් විදිහට දායක වෙන්නේ අතිශය ජනප්‍රිය නළු නිළි කැළක් වෙන Will Forte (ශැගී), Mark Wahlberg (බ්ලූ ෆැල්කන්), Jason Isaacs (ඩික්), Gina Rodriguez (වෙල්මා), Zac Efron (ෆ්‍රෙඩී) සහ Amanda Seyfried (ඩැෆ්නි) වගේ අය. මෙහි අධ්‍යක්ෂණය ස්කූබි ඩූ හා ටොම් ඇන්ඩ් ජෙරී ඇනිමේෂන් චිත්‍රපට විශාල සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කරපු Tony Cervone විසින්. ස්කූබි ඩූ චිත්‍රපට මාලාවේ රීබූට් චිත්‍රපටයක් රිලීස් වෙනවා කියලා Warner Bros. සමාගම දැනුම් දීම් කළේ 2014 ඉඳන්. ඒත් අන්තිමේදී ස්කූබි රසිකයන්ට ඒ තෑග්ග ලැබුනේ 2020 දී. ස්කූබියි, ශැගීයී සෙට් වුනේ කොහොමද, ඒ දෙන්නා වෙල්මා, ඩැෆ්නි, ෆ්‍රෙඩී තුන් දෙනා එක්ක සෙට් වුනේ කොහොමද කියන එකට උත්තරයක් හම්බෙන්නේ මේ ෆිල්ම් එකෙන් කියන දේ ඇරුණාම චිත්‍රපටයේ කතාව ගැන වෙන මුකුත්ම නොකියා මේක රස විඳීන්න ඔයාලටම භාර කරන්නම්. මොකද අතිශය ජනප්‍රිය නළු නිළියෝ යොදාගෙන කරපු මේ වගේ දැවැන්ත, සුපිරි ඇනිමේටඩ් ස්කූබි ඩූ නිර්මාණයක් දකින්න ලැබෙන්නෙ ඉතිහාසයේ ප්‍රථම වතාවට හින්දා.

මේ වෙද්දී ස්කූබි ඩූ චිත්‍රපට 43 ක්, ටීවී සීරීස් 14 ක් සහ වීඩියෝ ගේම්ස් 21 ක් නිකුත් වෙලා තියෙනවා. 1968 අවුරුද්දෙි CBS නාලිකාවේ විධායක තනතුරක් හොබවපු Fred Silverman ගේ ඉල්ලීමක් මත, Iwao Takamoto කියන චරිත නිර්මාණ ශිල්පියාගේ සංකල්පයකට අනුව, Hanna-Barbera Productions වෙනුවෙන් මේ කතා මාලාව නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ Joe Ruby සහ Ken Spears දෙදෙනාට.


ඒ වෑයමේ ප්‍රථිඵලයක් විදිහට තමයි 1969 අවුරුද්දෙි CBS නාලිකාව හරහා මුල්ම ස්කූබි ඩූ නිර්මාණය Scooby Doo Where Are You සීරීස් එක විකාශය වීම ආරම්භ වුනේ. ඒත් 1976 අවුරුද්දෙ ඉඳන් ආපු ස්කූබි ඩූ සීරීස් විකාශය වුනේ ABC නාලිකාව ඔස්සේ. ඉතිං 1969 ඉඳන් අද වෙනකම් වසර 51 ක් තිස්සේ තාමත් ලොකු කුඩා කාගෙත් ආදරේ දිනාගන්න සමත් වෙලා තියෙන ස්කූබි ඩූ ගැන කරුණු කීපයක් ඔයාලත් එක්ක බෙදාගන්න මට හිතුනා.

1. ‍මුලින්ම මේ කතා මාලාවේ චරිත වලට දාන්න අදහස් කරගෙන හිටියේ ජෝෆ්, මයික්, ලින්ඩා, කෙලී සහ W.W. කියන නම්. ඒත් ඒ නම් ගැළපෙන්නෙ නෑ වගේ හිතුන හින්දා ඒ අදහස ඉවත් කරගෙන තියෙනවා.

2. ස්කූබි ඩූ කියන නම හැදෙන්න හේතු වෙලා තියෙන්නේ ෆ්‍රෑන්ක් සින්ට්‍රා නම් ඇමෙරිකානු ගායකයගේ Strangers in the Night කියන සින්දුවේ තියෙන ”Doo-be-doo-be-doo” කියන වාක්‍ය කණ්ඩය.

3. ස්කූබි ඩූ නිර්මාණවල හ‌ඬ කැවීම් ශිල්පීන් කාලෙන් කාලෙට වෙනස් වුනත්, A Pup Named Scooby Doo කියන සීරීස් එකේදි හැර, වසර 50 ක් තිස්සේ මේ දක්වා සිදු වූ සෑම ස්කූබි ඩූ නිර්මාණෙකදිම Frank Welker තමන්ගේ හඬ දායකත්වය ලබා දීලා තියෙනවා. දැන් එයාගේ වයස අවුරුදු 74 ක් වෙනවා.


Frank Welker

4. ෂැගී කියන චරිතය මස් වර්ග ආහාරයට ගන්න චරිතයක් විදිහට ඉදිරිපත් කරන්න නිෂ්පාදකයෝ ගත්ත තීරණයට විරුද්ධ වෙලා ෂැගීගේ චරිතයට මුලින්ම හඬ කැවීමෙන් දායක වුන Casey Kasem අවුරුදු 28 කට පස්සේ හඬ කැවීමෙන් ඉවත් වෙලා තියෙනවා.

5. පහුගිය අවුරුදු 50 ඇතුළත ස්කූබි ඩූගේ විශාල නෑදෑ පරපුරක් විවිධ ස්කූබි ඩූ කතා තුළින් අපිට දැකගන්න පුළුවන් වුනා.


ස්කූබි ඩූ පරපුර

6. 2002 වසරේ නිකුත් වුන ස්කූබි ඩූ චිත්‍රපටය එහි ඇතුළත් ඇතැම් දර්ශන හින්දා ළමයින්ට සුදුසු නෑ කියලා තරමක් මතභේදයට හේතු වෙලා තියෙනවා.

7. ඒ වගේම තමයි Scooby Apocalypse නමින් විනාශ වුන ලෝකයක් පදනම් කරගනිමින් වෙනස්ම කොමික් පොත් මාලාවක් 2016 අවුරුද්දෙ ඉඳන් නිකුත් වෙලා තියෙනවා. අපි හිතමු ඉස්සරහ කාලෙකදී මේ කතා ඇසුරිනුත් වෙනස්ම ස්කූබි නිර්මාණ බිහි වෙයි කියලා.


Scooby Apocalypse

එහෙනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න, වැරදි ඇතොත් සමාවෙන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා. හැමෝටම ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

59,728 downloadsDownload SCOOB-2020-Blu-Ray.zip202 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

59,728 downloadsDownload Subtitles202 KB

160 comments

  1. Pasindu Madumal

    50* වෙනි සිංහල උපසිරැසියට උණුසුම් සුබපැතුම් අයියේ
    අයියේ. සයිට් එකෙන් හම්බ වුණු නිහතමානි චරිතයක්. අපේ රසස්වාදය සදහාම ගොඩක් ඉක්මනින් සබ දුන්නට බොහොම තුති. දිගටම යමු 100*ටත්. නවතින්න එපා.ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  2. එල්.සී. දමැල්

    50ට උණුසුම් සුභ පැතුම්... ස්කූබිට සෑහෙන සේවයක් කරපු කෙනෙක්. ඒකට සාධාරණයක් ඉ⁣ටු වෙලා තියෙන වග ⁣පැහැදිලි වෙනවා ඔන්න 50දි... 100ත් ස්කූබිගෙන්ම ගහමු එහෙනම්...
    උපසිරස වැඩ වගේම අනිකුත් වැඩත් සාර්ථක කරගන්න අවශ්‍ය කාලය ලැබේවා කියලා පතනවා...
    ජය... ✌

  3. YasasPerera

    patta bro.. thanks

  4. PahasaraDv

    Thankz very much bro....

  5. කවිශල් රසින්ත (කවී)

    පනස්වෙනි උපසිරසියට හෙවත් පලවෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් අයියේ... සයිට් එකෙන් වගේම මුහුණු පොතෙන් හම්බවුන හොඳ සහෝදරයෙක්... පනහ කරන්න සෑහෙන කාලයක් ගියාට මොකද ඒවගෙනුත් වැඩියක්ම ස්කුබිගේ ඒවනේ කරලා තියෙන්නේ. ඉතින් සීය කඩයිමටත් ඉක්මනට යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ලිපිය කියෙව්වා.මාවත් මතක් කලාට තෑන්ක්ස් ඈ.. නොදන්න කරුණු ටිකකුත් දැනගත්තා.. එහෙනම් සබ් එක ගත්තා.. ස්තූතියි වෙන්දා වගෙම උපසිරසියට.. ජය වේවා...❤️❤️

  6. රොෂාන් ශමීර

    අඩවියේ පළවෙනි කඩයිම නැත්නම් 50 වෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්...
    ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනයම අත්වේවා..
    දෙවන කඩයිම සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව පසුකරන්න දිරිය ශක්තිය වාසනාව ලැබේවා..
    ~ ජය වේවා ~

  7. උදයංග සම්පත් හතරසිංහ

    Silver Class එකට මුලින්ම සුබ පතනව මල්ලි.❤ කාලය කොච්චර ගත වුණත්, අතහැරෙන්නෙ නැතුව බයිස්කෝප් එක්ක හිටපු එක තමයි වඩා වැදගත් වෙන්නෙ. දැන් ඉතිං කැම්පස් වල වැඩත් නැති එකේ මොකටද කල් මරන්නෙ, ගැම්මට 100 ගහල දාමු. මාවත් මතක් කළාට ගොඩක් ස්තූතියි වගේම ගොඩක් සතුටුයි. ආයෙ බයිස්කෝප් එකේ වැඩකදි මුණගැහෙමු. ❤ ජය වේවා..! ✌️

  8. යුරාන් ධනුක (දනුවා)

    50* වෙනි උපසිරසට සුභ පැතුම් සොහාන් සහෝ...
    ආවට ගියාට ෆිල්ම් නොකර උපසිරසත් එක්ක ෆට්ට ලිපියකුත් දෙන
    තවත් සුපිරි උපසිරසිකරුවෙක් කියලා හඳුන්වන්න පුලුවන් . . .
    කැම්පස් වැඩයි, අනිත් වැඩයි ඔක්කොම බැලන්ස් කරගෙන මේ ගහන ගේමට බොහෝම ස්තූතියි !
    50ට දෙන්නේ මොකක්ද කියලා ඇහුවම Scoob ! කිව්වම ඒක එනකන් ඇඟිලි ගැන ගැන හිටියේ
    ඕන් දැන් ඒකත් හරි !!
    ඉක්මනටම 100*ත් ගහමු කොල්ලෝ !!!
    ජය වේවා !!!

  9. Ravindu Rukshan

    50 ට සුබ පතනවා. මේ ටිකේ වැඩක් නැති ඒකෙ 100 ත් ගම්මට ගහමු.
    ස්තූතියි මාවත් මතක් කරාට.

  10. Anonymous

    super bro
    mama iye idan balan hitiye sub eka denakan

  11. Risith

    thanks bro
    mama iye idan balan hitiye sub eka danakan

  12. Risith

    thanks

  13. Helili Hemamali

    පළමු කඩයිමට සුබ පැතුම්! ඉදිරි කඩයිම් වලට ඉක්මනින් යාමට හැකිවේවායි පතනවා!

  14. දහරා මුතු අමා

    50 ට උණුසුම් සුබ පැතුම් මල්ලි.
    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
    ඉදිරි කඩයිම් වලට ඉක්මණින් යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
    එ වගේම මාවත් මතක් කලාට ස්තූතියි.

    1. Harshana Atapattu

      Congratulations for your achievement brother..keep going.and thanks for the sub.good luck

  15. Shaggie

    සුබ පැතුම් සහෝ..ඒ වගේම ලිපියටත් සබ් එකටත් බොහොම ස්තූතියි..Shaggie කියල නම කොටන් හිටියත් මෙච්චර දෙයක් දන්නෑ

  16. Dhanushka Dilranga

    Thankssssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  17. Aloka

    THankzzzzz

  18. Rakitha Poornima Ranathunga

    සුභපැතුම් මචන්...
    ඉක්මනින් 100ත් ගහමු කම්මැලි නැතුව.

  19. sathyajith

    thanks for the sub

  20. malithmadhushan45

    මලේ මගේ උණුසුම් සුබ පැතුම් 50 වෙනි කඩයිමට. සුබපතන්න පොඩ්ඩක් පරක්කු උනා ට සමාවෙන්න ඕනේ, රැ නිදි මරාගෙන ගැහුවා සබ් එකේ ප්‍රතිපලේ අද තියෙනවා. දෙන්නෙක් ම 50 කඩයිම සම්පුර්ණ කළා කියන්නේ ලොකු සතුටක්. කැම්පස් එකේ වැඩත් කරගෙන ඉක්මනටම 100 වෙනි කඩයිමත් සම්පුර්ණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. මෙහෙමම Tom and Jerry 2020 දෙමු දෙසැම්බර් මාසේ. ජය වේවා.

  21. Hashan M. Priyadarshana

    50 වෙනි උපසිරසියට සුබ පතනවා බ්‍රෝ ඉක්මනින්ම 100වෙනි උපසිරසියෙනුත් මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා බ්‍රෝ :) :)

  22. thus99

    me dawaswala tathveth ekka ela me vede thnx oyta

  23. Anonymous

    Congratulations brother tank you for subtitle

  24. Dushmantha Ranasinghe

    Congratulations & Thank you for subtitle

  25. Udaya Saman

    මුලින්ම සමාවෙන්න ඕනි කමෙන්ට් කරන්න පුමාද වීම ගැන.මොකද මේ දවස් වල තියෙන අධික රාජකාරියත් එක්ක සයිට් එකට ඇවිත් යන්නත් වෙලාවක් නැ.ඇත්තටම මුලින්ම මාගේ සුභ පැතුම් එක්කරනවා මලේ පලවෙනි කඩඉම වෙනුවෙන්..ඒ වගේම කියන්න ඕනි ස්කුබි ෆීල්ම්නම් ඉතින් අපේ සොහාන් මලය එතන ඇති..ඉතින් ඔින වෙලාවක මලේ පොඩි උදව්වක් තියේ කරල දියන් කිව්වොත් නැ, බැ නොකියා හරිඅයියේ කරන්නම් කයල එක පයින් කැමති වෙන හිත හොද තවත් පොරක් කියන්න ඔිනි..ආ විශේෂයෙන් අර දුන්න cd වලට ස්තුතියි.සයිට් එකෙන් අදුර ගත්ත හිත හොද කොල්ලෙක්.ඉදිරියටක් මේ වැඩේ දිගටම කරගෙන යන්න අවස්ථාව ලැබෙන්න කියලා පුාර්ථනා කරනවා.සුභ ගමන් මගේ...මාවත් මතක්කරාට තුති..

  26. Haritheranda0

    සබ් වලට තෑන්ක්ස් බ්‍රො❤️50* වන කඩඉමට හදවතින්ම සුභපතනවා...

  27. විහඟ පියුමාල්

    50 වන කඩයිමට සුභපතනවා සොහාන් අයියේ!
    සමාවෙන්න ඕනේ පරක්කු උනාට.
    අපි දැන හඳුනගත්තෙත් ස්කූබි ඩූ හරහා කියලා
    කිව්වට වරදක් නෑ....
    ඉදිරි වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම
    සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම,
    ඊළඟ කඩයිමත් මෙවැනි සුපිරි ස්කුබී ඩූ ෆිලුමකින්ම
    තරණය කරන්න ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා!
    ජය වේවා...!

  28. Anonymous

    Thanks brooo. Congratulations

  29. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  30. Hiran Eranda

    හෝ හෝ අපෙ සොහාන් අයියත් එහෙනම් සබ් 50ක් ගැහුවා එහෙනම්.. බොහෝම සතුටුයි. 50 වැනි උපසිරසියට උනුසුම් සුබපැතුම්. උඩදි මාවත් මතක් කලාට ස්තූතියි. ඔය ගැම්මෙන්ම 100 ට යමු. ජය වේවා.
    සබට තුති...

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි
      50 වෙනි උපසිරැසි නිර්මාණයට සුභ පතනවා
      100 ත් ගහමු ගින්දර වගේ

  31. Chamikara Vidanage

    නියමයි මල්ලී. සුබ පැතුම්. 50 ගහන්න ගොඩක් කල් ගත්තට සමහර දේවල් අඩු වයසින් කරලා තියෙනවා නේ. ලොල්. මම මේ exam ගැන කිව්වේ.
    ස්තූතියි මං ගැන ලිපියේ සඳහන් කරාට. 100 ටත් යමු ඔහොම.
    අනිවා බලනවා. ජය වේවා.!!!

  32. දිල්ශාන් සචින්ත

    50ට උනුසුම් සුබ පැතුම් බොක්ක. බයිස්කෝප් එක නිසා සෙට්වුන සුපිරිම සෙට් එකෙන් උඩින්ම ඉන්න එකෙක් තමා උබ. ඒ වගේම හැම ප්‍රශ්නෙකදිම ලගින් උන්නු කීප දෙනාගෙන් එකෙක්. ඉති ඉක්මනටම 100ටත් යමු. ජය වෙවා...

  33. UI

    50ට ජය...
    Keep going pal..

  34. Kalindu Wasuka

    උනුසුම් සුභපැතුම් මලේ !
    100 වැනි කඩඉමත් ඉක්මනින්ම පසු කරන්න ඔයාට ශක්තිය,ධෛර්ය සහ කාලය ලැබෙවා කියලා පතනවා

  35. uvindu

    thank you brother

  36. Navodani Thilini Sasanika

    ස්කූබි ෆිල්ම් ටිකට උපසිරසි ‍ගෙනාපු මල්ලිම මේකටත් උපසිරසි ලබාදුන්න එක ගැන සතුටුයි. 50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා වගේම 50 කරන්න ලොකු කාලයක් ගියත් ගොඩක් ඉක්මණට ඊළඟ 50 කරන්න ලැබේවි. ස්තූතියි මේක දෙනකන් බලන් හිටියෙ. ❤️❤️

  37. -චානක ඉඳුනිල්-

    කඩයිමට හදවතින්ම සුභපැතුම් සහෝ, ඉක්මනින්ම ඊලඟ කඩයිමටත් යමු...ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!

    ඒ වගේම සබ් එකටත් විස්තරයටත් බොහොම ස්තූතියි!

  38. Chamath Ranaweera

    Thank you so much for the sub brother! congratulations for the big achievement!!! Keep it up !!!!

  39. Nethan

    Ammo enakal balan hitiye thaq

  40. Udara Damith Dissanayaka

    හුරේ
    ෆෙඩ්
    මල්ලි
    එල

  41. gihan perera

    නියමයි මචන් නියමයි..... ස්කූබි-ඩූ...... උණුසුම් සුභ පැතුම්.මල්ලි...100 ක් ගහමු ඔහොම්මම...... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.... දෙවි පිහිටයි.....

  42. Gihan

    Sub ekata Thanks Saho.

  43. මධුකප්‍රිය පෙරේරා

    50වැනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්!
    වැඩිමනක්ම ස්කුබි ඩු ෆිල්ම්වලට සබ් දුන්න හාදයා..
    50 ගහන්නත් මේක තෝරගත්ත එක විශේෂයි එහෙනම්.
    අවුරුදු ගානක් තිස්සෙ ඉබි ගමනින් උනත් නොනැවතී ආව එක මදැයි..
    දැන් ඉතින් කැම්පස් නැති එකේ හනිකට 100 ගහලා දාමු නේද එහෙනම්?
    ලිපියේ මාවත් මතක් කොලාට තැන්කු. ඒ වගේම අන්වර්ථ නාම යෙදීම හෙළා දකිමි.
    එහෙමනම් මෙතනින් නොනැවතී තව ගොඩක් සබ් කරන්න ලැබේවා කියා පතනවා...
    ඔබට ජයෙන් ජය!

  44. Pubudu@0909

    Enakan balan hitiya ekak thanks bro sub ekta

  45. Milinduprabash

    ThnkQwwwwwww
    ThnkQwwwwwww

  46. sonic

    හරියට සබ් එක දෙනවා නම් දීපන්. කොලිටියට. google ට්‍රාන්ස්ලේටර් පාවිච්චි කරලා දෙන්නේ නැතුව.

    1. විමා

      වැරදි සයිට් එකක කමෙන්ට් එක දාල තියෙන්නෙ
      බයිස්කෝප් එකේ ගුගල් ට්‍රාන්ස්ලේට් දෙන්නෙ නැහැ
      උතුර දකුණ මාරු කරගන්න එපා.
      වහාම අදාළ, නිවැරදි වෙබ් අඩවියට පිවිස මෙම කමෙන්ටුව දමන්න :)

    2. සොහාන් ජයසූරිය

      මං හිතන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් සබ් දැකල දැකලම ගූගල් ට්‍රාන්ස්ලේට් නැති හොඳ සබ් එකක් දැක්කමත් ගූගල් ට්‍රාන්ස්ලේට් වගේ පේන පොරක් තමා Sonic කියන්නේ.

    3. kumara 123

      පිස්සුද
      හැටිද
      සබ එක මරුනේ
      මොන්ගල්ධ

  47. #ChalinduDeshan(kinaa)

    congratulations for 50th

  48. සොනාලි තාරිකා

    ඉදිරියටම යන්න සුබ පැතුම් සොහාන්! ආයෙමත් එකතු වෙලා සබ් කරමු වෙලාව තියනකොට

    සියළු වැඩ කටයුතු සාර්ථක වේවා! තෑන්ක්ස් සබ් එකට ස්කුබිඩූ නම් ඉතින් බලන්නම ඕනෙ.

  49. සනිඳු ලක්ඛිත

    50 වෙනි උපසිරසට හදවතින සුභ පැතුම් සහෝ...තව තවත් ඉදිරියට උපසිරස කරන්න ලැබේවා වගේම ජීවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ෆිලුම නම් එනකම් බලන් හිටිය එකක්...එදා ඉදන් අද වෙනකම් ස්කූබු ඩූ ෆිල්ම් එකක් අතාඇරලා නෑ...ජය වේවා..!

  50. SCOOB

    Thanks sub ekata supiri ela pluwanman Scooby-Doo! Mystery, Inc Hari A Pup Named Scooby-Doo me deken pluwanman series ekata sub dennko please thx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.