Watch Trailer

Remember The Titans (2000) | කළුද? සුදුද? මිනිස්කමද? [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ලැබුවාවූ නව වසර තමන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා…..! 🙂 ඔන්න එහෙනම් ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. මේක භාර අරන් මාස දෙකක් විතර උනා. පොඩ්ඩක් කාර්‍යබහුලවෙලා ඉන්න නිසා සහ දෙබස් දෙදහස් පන්සියයකට ආසන්න තරම් විශාල ප්‍රමාණයක් තිබුන නිසායි ම…

Remember The Titans (2000)

හැමෝටම ලැබුවාවූ නව වසර තමන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා…..! 🙂

ඔන්න එහෙනම් ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. මේක භාර අරන් මාස දෙකක් විතර උනා. පොඩ්ඩක් කාර්‍යබහුලවෙලා ඉන්න නිසා සහ දෙබස් දෙදහස් පන්සියයකට ආසන්න තරම් විශාල ප්‍රමාණයක් තිබුන නිසායි මේ තරම් පරක්කු උනේ. කතාව නම් තෝරලා දුන්නේ හැමදාමත් වගේ අපේ හසන්ත අයියා තමයි. 😉 ක්‍රීඩාව සම්බන්ධ චිත්‍රපටියක් නිසා ඒ හා සම්බන්ධ වචන රාශියක් මේකේ තිබුනා. ඒවා සිංහලට පරිවර්තනය කිරීමෙන් කතාවේ නීරස ගතියක් ඇති වේවී කියලා හිතුන නිසා සමහර වචන පරිවර්තනය කරද්දි මම ඒවා උච්චාරණය වන අන්දමටම මෙහි අන්තර්ගත කලා. 🙂

මුලින්ම මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මෙය 2000 වසරේ තිරගත වූ IMDb වර්ගීකරණයේ 7.7ක් තරම් වූ ඉහළ අගයකට හිමිකම් කියන සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ වාර්ථාගත ඇමරිකානු චිත්‍රපටියක්. සුපිරි නලු Denzel Washington ප්‍රධාන රංගනයෙන් දායක වෙන මෙය නිශ්පාදනයට සහ අධ්‍යක්ෂනයට දායක වී ඇත්තේ පිලිවෙලින් Jerry Bruckheimer සහ Boaz Yakin යන මහත්වරුන් විසිනුයි. කතාව ගැන කියනවා නම් 1971 වර්ෂයේ උතුරු වර්ජීනියාවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ උසස් පාසලක් වෙත පැමිණෙන නව පාපන්දු පුහුණුකරුට එම පාසලේ පාපන්දු කණ්ඩායමෙන් සහ නගර වැසියන්ගෙන් ලැබෙන්නේ එතරම් සුහද පිළිගැනීමක් නම් නෙවෙයි. ඒ වන විටත් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුදුජාතිකයන් හා කලු ජාතිකයන් අතර පවතින ගට්ටනයන් මෙයට ප්‍රධානම හේතුව බවට පත් වෙනවා. පසුව එම විරෝදයන් උග්‍ර අතට හැරෙනුයේ මෙම නව පුහුණුකරුද කලු ජාතිකයෙක් වීම නිසායි.කෙසේ හෝ තරමක් දරදඩු අයෙක් වන මොහු සියල්ලන්ගේම අවදානය දිනා ගනිමින් තමන්ගේ කණ්ඩායම ඉදිරියට ගෙන යනවා.මෙහෙදී ඔවුන් මුහුණ පාන සිදුවීම් සහ අවසානයේ ඔවුන් එම වසරේ තරගාවලියේ අවසන් තරගය දක්වා ඒමට සමත් වීම අලලා වර්ණ බේද වාදය නිසා මිනිසුන් අතර ඇති වන ගට්ටනයන් සහ ඒවා හරහා ඔවුන් මුහුණ පාන ගැටලු ඉතා සූක්ෂම ලෙස මෙහි විදහා දක්වලා තියෙනවා. 🙂

පෙර උපසිරසි වලදි දැක් වූ අගය කිරීම් වලට බොහෝමත් ස්තූතියි.එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන තුරු සැමට ජය……..! 🙂

Remember the Titans (2000) on IMDb

 

 

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

bd44a37107f1203316f979d696bdb781a6f464a4

902 MB (BR) කොපිය මෙතනින් බාගන්න

435a4bc26f828e42319a23cd0831f007cdc0b0e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,423 downloadsDownload Remember-The-Titans-2000-upd.zip156 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු මනුප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,423 downloadsDownload Subtitles156 KB

49 comments

  1. kavinda

    thank you.mekata sub dunnata.

    1. තරිඳු මනුප්‍රිය

      එල සහෝ :)

  2. කාටුන් පිස්සා

    ගොඩක් දවස් ඉඳන් හොයපු සබක්...තන්කූ වේවා තරිඳු සහෝ...

    1. තරිඳු මනුප්‍රිය

      එල සහෝ :)

  3. thisal

    අනිවා බැමක් තමා මෙකෙ ඉන්නෙ මගෙ ආසම නලුවා Denzel Washington
    තැන්ක්ස් සබට පුලුවන් නම් කොමඩි , මෙ නලුවාගෙ ෆිල්ම් වලට සබ් දියන්

    1. තරිඳු මනුප්‍රිය

      උත්සාහා කරන්නම් මචෝ :)

  4. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....

    1. තරිඳු මනුප්‍රිය

      අනිවා ;)
      ජය වේවා.........!

  5. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු.

    1. තරිඳු මනුප්‍රිය

      එල මචෝ :)

  6. නලින් පෙරේරා

    ස්තුතියි තරිදු සහෝ..

    නියම කතාවක් වගේ ඇ!

    ජය වේවා!

    1. තරිඳු මනුප්‍රිය

      එල සහෝ :)
      ජය වේවා.......!

  7. සමීර චතුරංග

    මේක නම් මම ටික දවසකට කලින් බැලුවේ.
    මොකද මම බලන්න ෆිල්ම් එකක් හොයා හොයා ඉන්නකොට
    හසන්ත අයියා තමයි කිව්වේ.
    "බලනවා නම් ඔන්න ෆිල්ම්" කියලා.
    කිව්වා වගේ සුපිරිම එකක්.
    බලපු නැති අය ඉන්නවා නම් ඔන්න බලන්න කියලනවා.
    උපසිරැසියට බොහොම ස්තුතියි!!!

    1. තරිඳු මනුප්‍රිය

      අනිවා මචෝ :)
      මටත් තෝරලා දුන්නේ හසන්ත අයියම තමයි :)

  8. prabhath

    thanks niyamai

    1. තරිඳු මනුප්‍රිය

      එල මචෝ :)

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. තරිඳු මනුප්‍රිය

      අනිවා ;)
      ජය වේවා.......!

  10. විමා

    Denzel නම් ඉතින් ලොවෙත් බෑමක් තමා
    සබට බොහොම තුති සහෝ
    ජය

    1. තරිඳු මනුප්‍රිය

      එල එල ;)
      ජය........!

  11. කැලුම් ගුණසේකර

    හොද නිර්මායක් නම් ඉතින් බලන්න ම ඕන නේ? නේද? ස්තූතියි සහෝ උපසිරැසියට.

    1. තරිඳු මනුප්‍රිය

      එල සහෝ :)

  12. Asitha

    තැන්කු වේවා!

    1. තරිඳු මනුප්‍රිය

      එල :)

  13. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. තරිඳු මනුප්‍රිය

      ජය වේවා ;)

  14. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

    1. තරිඳු මනුප්‍රිය

      එල ;)
      ජය වේවා........!

  15. aruna

    Dn baiscopelk aka chaaaaaa wela tiyenne ada dana sub heta naaa oyala bayada. Bayanam post dala koik karan natiwa inna

    1. තරිඳු මනුප්‍රිය

      මොකක්?
      තේරෙන්න කියන්න සහෝ ප්‍රශ්නෙ :)
      උදවුවක් කරන්නම්.

  16. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

    1. තරිඳු මනුප්‍රිය

      එල සහෝ :)
      ජය වේවා.......!

  17. prabhath

    thanks

    1. තරිඳු මනුප්‍රිය

      එල ;)

  18. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්...

    1. තරිඳු මනුප්‍රිය

      අනිවා ;)
      ස්තූතියි :)

  19. Don Herman

    ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ සටහන් වන අග්‍ර ඝණයේ ච්ත්‍රපටයක්. උපසිරසි ලබාදුන්නට බොහොම ස්තුතියි. සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවා ඇති මේ චිත්‍රපටය ඉතා අනර්ඝයි. අපේ ලංකාවටත්, මේකෙන් හොඳ ආදර්ශයක් ගන්න පුළුවන්. 1970 සහ අද අතර ඇමෙරිකාවේ ඇති වෙනස පුදුමාකාරයි. කළු ජාතිකයින්ට 1970 දී සැලකු ආකාරය බලනවිට , අද ඉන්නේ කළු ජාතික ජනාධිපතිවරයෙක්. අදත් ඇමෙරිකාවේ වඩා බහුතරය සුදු ජාතිකයින්. ඒ උනත් ඔවුන් කළු ජාතිකයෙක් ජනාධිපති ලෙස පත් කලේ කොහොමද. ඔවුන් තමන්ගේ හිත හදාගත්තේ කොහොමද? ලංකාවේ කවදාවත් ද්‍රවිඩ ජාතිකයෙක් ජනාධිපති කරන්න සිංහලයන්ට කවදා සිත් හදාගන්න පුලුවන්ද? එකයි උතුරු ඇමෙරිකාවේ ( එක්සත් රාජධානිය සහ කැනඩාව) සීග්‍ර දියුණුවට හේතුව. මමත් දීර්ඝ කාලයක් මෙහේ පදිචිව සිටින නිසා ඒක හොඳට තේරෙනවා. ජාතිවාදය, නීතියෙන්ම තහනම්. සුදු, කළු, දුඹුරු, කහ යනුවෙන් වෙනසක් මෙහෙ නැහැ. හැමෝම සමානයි. හොඳ චිත්‍රපටයක් ලබාදුන්නාට, නැවතත් ස්තුතියි. ඔබට ජය.

    1. තරිඳු මනුප්‍රිය

      අනිවා සහෝ :)
      සුදු, කළු, දුඹුරු, කහ යනුවෙන් වෙනසක් නැහැ. හැමෝම සමානයි. :)
      ජය වේවා....!

  20. නුවන්ත දුලාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
    ඔබට ජය....!!!!

    1. තරිඳු මනුප්‍රිය

      එල සහෝ ;)
      ජය..........!

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

    1. තරිඳු මනුප්‍රිය

      එල සහෝ :)

  22. dinesh

    hodata karala thiyanava thanks

    1. තරිඳු මනුප්‍රිය

      ස්තූතියි මචෝ :)

  23. අසිත

    අනිවා!මගෙත් ආසම නලුවෙක් Denzel Washington.
    බොහොම පින් සහෝ.
    ජය වේවා!!

  24. nidi

    Tharindu,
    ලස්සන හරබර නියම කතාවක් තියෙන චිත්රපටයක් තෝරාගෙන නියමෙට සබ් කරලා අපට දුන්නාට පින්! ඒ වගේම තෑන්ක්ස්!

  25. shan

    amma niyama filumakatane bn sub eka deela thiyenne.. kiyanna wachana ne bn..

    thanku wewa..

  26. තරිදු මනුප්‍රිය

    අදහස් දක්වපු හැමෝටම බොහොමත් ස්තුතියි :)

  27. Pahasara

    Thankz saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.