Watch Trailer

Return to the Blue Lagoon (1991) | නිල් කලපුවට නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට,ඔන්න මගේ 5වන උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මීට දවස් කිහිපයකට කලින් තමයි මගේ 4වෙනි උපසිරසි නිර්මාණය sense and sensibility පලවුනේ.ඉතින් මුලින්ම මෙතෙක් කල් මගේ සබ් ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් එකක් දාල මාව අගය කරපු සියලුම බයිස්කෝප් රසික සහෝදරයින්ට ස්තූති කරනවා.ගියපාර කරපු ෆිල්ම් එක පරණ වුණාට හොද…

return to the blue lagoon (1991)

කොහොමද කට්ටියට,ඔන්න මගේ 5වන උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මීට දවස් කිහිපයකට කලින් තමයි මගේ 4වෙනි උපසිරසි නිර්මාණය sense and sensibility පලවුනේ.ඉතින් මුලින්ම මෙතෙක් කල් මගේ සබ් ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් එකක් දාල මාව අගය කරපු සියලුම බයිස්කෝප් රසික සහෝදරයින්ට ස්තූති කරනවා.ගියපාර කරපු ෆිල්ම් එක පරණ වුණාට හොද ප්‍රතිචාර තිබුණා.ඉතින් මේ පාරත් මම සබ් නිර්මාණය කරේ ගොඩක් දෙනෙක් දන්න ලස්සන පරණ ෆිල්ම් එකකට.1980 ආපු the blue lagoon කියන ෆිල්ම් එකේ දෙවනි කොටසක් වගේ ආවට ෆිල්ම් දෙක අතර ලොකු සම්බන්ධයක් නැහැ.ඒ කියන්නෙ ෆිල්ම් දෙකේ තියෙන්නෙ කථා දෙකක්.ඒක හින්දා කිසි අවුලක් නැතුව මේ ෆිල්ම් එක බලන්න පුලුවන්.5/10 IMDB අගයක් තමයි ෆිල්ම් එකට ලැබිල තියෙන්නෙ.

ෆිල්ම් එක ගැන කියනවනම් මෙහෙමයි කථාව,නැවක ගමන් කරමින් ඉන්න හාග්‍රේව්ස් මහත්මිය ඇගේ දරුවො දෙන්නත් එක්ක බෝට්ටුවක දාලා නැවෙන් පිටත් කරනවා.ඒකට හේතුව තමයි නැවේ දරුණු ලෙස පැතිරී යන කොලරා රෝගය.ඉතින් අර පොඩි බෝට්ටුවේ මුහුදෙ පාවෙවී ඉන්න මේ අය කවුරුවත් නැති පාලු දූපතකට පාවෙලා යනවා.එතනින් පස්සෙ මේ හාග්‍රේව්ස් මහත්මියයි කිරි බොන වයසෙ ලමයි දෙන්නයි කාත් නවුරුවත් නැති පාලු දූපතේ ජීවත් වෙනවා,මේකෙ පොඩි ලමයි දෙන්නා ලොකු වෙලා අම්මා කියල දීපු දේවල් වලින් විතරක් ජීවිතේ ගෙනියන හැටි බොහොම ලස්සනට තියෙනවා. අනිත් දේ තමයි මේ ලමයි දෙන්නගෙන් එක්කෙනයි ඒ කියන්නෙ ලිලී විතරයි හාග්‍රේව්ස් මහත්මියගෙ අනිත් ලමයා රිචඩ් මුණගැහෙන හැටි ෆිල්ම් එකෙන් බලන්න පුලුවන්, ඒ වගේම එයාල නැවෙන් පිටවෙද්දි එයාලත් එක්ක බෝට්ටුවේ තව පිරිමි කෙනෙකුත් එනවා එයාට මොකද වෙන්නෙ කියල වගේම, තමන්ගෙ අම්මා ඇරෙන්න වෙනත් කිසිම මිනිස් ඇසුරක් නොලබපු රිචඩ් සහ ලිලී කියන දෙන්නට වනචාරී ජීවිතෙන් මිදිල මිනිස් වාසයක් තියෙන තැනකට එන්න පුලුවන් වෙයිද කියලත් ෆිල්ම් එකෙන්ම තමා බලාගන්න වෙන්නෙ.කොහොමහරි මේක බොහොම ලස්සන චිත්‍රපටියක්, පොඩි අවුලකට තියෙන්නෙ මේකෙ වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු දර්ශන සහ දෙබස් ඇතුලත් වෙනවා.ඉතින් පොඩි ලමයි මේක බලන එකක් නෑ කියල මම හිතනවා 😉 😉 ඕන කෙනෙක් ඉන්නවනම් බැලුවත් කමක් නෑ මොකද එච්චර ලොකු දේවල් නැහැ අපි දන්න පොඩි පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නෙ 🙂 :).ෆිල්ම් එක පරණ වුණාට අලුත් ෆිල්ම් එකක් වගේම බොහොම හොදට බලන්න පුලුවන් කිසිම අවුලක් නැහැ.

මම ආරාධනා කරනවා කාටත් ෆිල්ම් එක බලන්න කියලා.වෙනදා වගේම වැරදි තියෙනවනම් සමාවෙන්න කියල තමා කියන්න තියෙන්නෙ. අනිත් දේ අපි කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයිනෙ මේ දේ කරන්නෙ ඉතින් ඔයාලට අපිට දිරි ගන්වන්න තියෙන එකම ක්‍රමය තමා ෆිල්ම් සබ් එක ඩවුන්ලෝඩ් කරන ගමන් පහලින් කමෙන්ට් එකකුත් දාන එක.ඒක හින්ද සබ් එක ඩවුන්ලෝඩ් කරනවා වගේම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. 🙂 🙂 ඊලගට සුපිරි ෆිල්ම් එකකට සබ් අරගෙන එනකම් කාටත් ජය වේවා !!!

 

Return to the Blue Lagoon (1991) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

dc32ef11f35de63b0bc353d82068055986b8fe7a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,448 downloadsDownload Return-to-the-Blue-Lagoon-1991.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,448 downloadsDownload Subtitles27 KB

30 comments

  1. Kulanjana Maduranga

    Niyamai......subata thanks UDARA Saho. Digatama sub denna.Jaya wewa........

  2. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  3. චන්දිම අමරසිංහ

    thaz niyamai subapatum...
    degatama karagana ymu...

  4. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  5. Sisira Hegoda

    Thanks.

  6. Madusanka

    Thank you very much for your effort....

  7. janaka kalu

    Thanksss..........

  8. kasun

    "the maze runner" film ekatath subtitle daala ewapanko kollo... meka supiri

  9. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. Sameera

    thanks....

  11. $uvin

    ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ස‍හෝ උපසිරැසියට.

  12. “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය.........

  13. P.K

    Thanx saho....

  14. jayanandana

    onna gathath machoo, thx aa

  15. වරුණ රංගජිත් (වරූ)

    එලම කිරි..
    ජයම වේවා...!!!

  16. Thilanka Bandara

    උපසිරැසියට ස්තූතියි. වීඩියෝ පිටපත හා උපසිරැසි කාල රාමු අතර විශාල වෙනසක් ඇත. පිටපත පරීක්ෂා කරන්න.

  17. නලින්

    ස්තුතියි උදාර සහෝ..

    දෙකම බැලුවා එත් ආයි පාරක් සිංහල එක්ක බලන්න ඕනේ..

    ජය‍ වේවා!

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. yeshu

    tnx

  20. රොයිලි

    බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. දමිත්

    නියමයි සහෝ.
    පරණ වුනත් නියම එකක්
    ජයෙන් ජය..

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි උදාර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  23. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරගෙන යමු .
    :D

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. nidi

    ස්තුතියි උදාර. හොඳ වැඩක්.

  26. Nishan

    සබ් එක අතුරුදහන් වෙලා

  27. Hashan M. Priyadarshana

    Thanks bro

  28. Dewadithya

    Thanks for Sub!

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  30. Sumindu Maduranga

    ස්තූතියි උපසිරැසියට.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.