මගේ හයවන උපසිරසිය විදියට අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්. ඇත්තම කීවොත් අවුරුදු 11 ක් මේක පරණයි. එහෙම කියලා කස්ටිය මේක නොබලා ඉන්න එපා. මොකද මේක IMDb 6.9/10 ක අගයක් ලබාගත් චිත්‍රපටයක්. ඒ හින්දා නෙවෙයි මම මේක බලන්න කියන්නේ, දක්ෂයින් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු මේ බයිස්කෝප් එක හිතට වදින සුන්දර ඇත්තක්…

මගේ හයවන උපසිරසිය විදියට අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්. ඇත්තම කීවොත් අවුරුදු 11 ක් මේක පරණයි. එහෙම කියලා කස්ටිය මේක නොබලා ඉන්න එපා. මොකද මේක IMDb 6.9/10 ක අගයක් ලබාගත් චිත්‍රපටයක්. ඒ හින්දා නෙවෙයි මම මේක බලන්න කියන්නේ, දක්ෂයින් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු මේ බයිස්කෝප් එක හිතට වදින සුන්දර ඇත්තක් අපිට කියාපාන නිසයි. ඒ මොකක්ද කියලා මම කියන්න යන්නේ නැහැ. කස්ටිය මේක බලන එකයි ඇත්තේ.
චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, සල්ලිකාර අධිනීතීඥයෙක්ගේ පුත්‍ර රත්නයක් වන ආදිත්‍ය (ආදී) පෙමින් වෙලෙනවා මධ්‍යම පාන්තික අහිංසක, ඒත් ටිකක් විතර කට හැකර සුන්දර ගෑනු ළමයෙක් සමඟ. ඇය නමින් සුහානි. සුහානිට ආදරේ කියන දේ ගැන වැඩි විශ්වාසයක් නැහැ. එයාගේ මූලික අරමුණ වෙන්නේ, තමන්ගේ තාත්තා මහන්සියෙන් හම්බ කරලා තමන්ගේ අධ්‍යාපනයට වෙනුවෙන් කරන වියදම් වල, ප්‍රතිඵලය ලෙස දක්ෂ වෛද්‍යවරියක් වීමයි. ඒත් ඉතින් වෙලාවත් හොඳ වෙන්න එපැයි. තාත්තගේ සල්ලි වලින් පිස්සු නටන ආදී මේ කෙල්ල පස්සෙන් එන්න ගන්නවා. නරක අරමුණකින් නම් නෙවෙයි. හැබැයි තමන් සුහානිට ආදරේ කරනවා කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. කොහොමින් කොහොමින් හරි, ආදී සුහානිගේ සෘජු කැමැත්තකින් තොරවම තමන්ගේ දෙමාපියන්ව යවනවා, සුහානිගේ දෙමාපියන්ව මුණගැහිලා එයාලගේ කසාදය ගැන කථා කරගන්න. වැඩේ කියන්නේ එතනදි ඇතිවෙන පන්ති ප්‍රාන්තර බහින්බස් වීමක් නිසා දෙපාර්ශවයේම දෙමාපියන් විරසක වෙනවා. කොහොමත් මේක සුහානි නම් එතරම් ගැටලුවක් කරගන්නේ නැහැ. ඒත් ආදී ඒ ගැන ප්‍රශ්න කරන නිසා සුහානි කියනවා, මට ඔයා නිසා මගේ අම්මා, තාත්තා අතාරින්න බැහැ කියලා. නියම ටෝකක් නේද… ඇත්තටම මටත් එහෙම හිතුණා.. දෙන්නා වෙන් වෙනවා. ඒත් කාලයත් එක්කම සුහානිගේ හිතෙත් ආදී ගැන මතකයන් අවදි වෙලා ආදරය අලුතින් දලුලනවා. වෛද්‍ය කඳවුරකට නගරයෙන් පිටතට ගොස් සිටින සුහානිව සොයාගෙන ආදී යනවා. දෙන්නා නැවතත් එකතු වෙනවා.. මෙයාලා තමන්ගේ ගෙවල් වලට හොරෙන් විවාහ වෙලා, තම තමන්ගේ ගෙවල් වලම ජීවත් වෙනවා. නමුත් මෙයාලගේ රහස එක මොහොතක එළි වෙනවා.. ඒ කොයි වෙලාවෙද කියලා මම කියන්නේ නැහැ. ඔයාලම බලන්න. මේක නිකම්ම ආදර කතාවකට එහා ගිය සරල ඒත් ගැඹුරක් තියෙන නිර්මාණයක්.
චිත්‍රපටයේ පසුබිම ගැන කථා කළොත්, 2002 දෙසැම්බර් 20 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Shaad Ali ගෙනි. කතාව සහ තිර රචනය අප කවුරුත් දන්නා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක මනිරත්නම්ගෙනි. ඇත්තෙන්ම මේ චිත්‍රපටය මනිරත්නම් අධ්‍යක්ෂණය කළ Alaipayuthey නම් චිත්‍රපටයේ නැවත නිර්මාණයක්. මේ චිත්‍රපට දෙකටම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වි තිබෙන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ඒ.ආර්.රහුමාන්. ඔයාලට මේ චිත්‍රපටය තුළින් ඔහුගේ දක්ෂතාවය මැනවින් පිළිඹිබු වන විවිධාකාරයේ ගීත 5 ක් පමණ උපසිරසි සහිතවම රසවිඳින්න පුළුවන්. යෂ්රාජ් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් ලෙස තිරගත වුණු මේ නිර්මාණය සඳහා නිෂ්පාදකවරුන් සිව් දෙනෙකුගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඔවුන් බොබී බේඩි, මනිරත්නම්, යෂ් චොප්රා හා ආදිත්‍ය චොප්රායි. ආදිත්‍යගේ චරිතයට පණ පොවන්නේ පෞද්ගලිකව මගේ ප්‍රියතම චරිතයක් වන විවේක් ඔබරෝයි. ඒ වගේම සුහානිගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ, රාණි මුඛර්ජී. ඇත්තම කීවොත් මේ චිත්‍රපටයේ රාණී මුඛර්ජිගේ රංගනය නම් අති විශිෂ්ටයි. ඒ ඇයි කියලා ඔයාලම බලන්න එහෙනම්. Critics Best Actress(රාණී මුඛර්ජි), Best Music Director(ඒ.ආර්.රහුමාන්), ආදී Filmfare සම්මාන හයකට පාත්‍ර වුණු මේ චිත්‍රපටය, තවත් සම්මාන විශාල ප්‍රමාණයකට හිමිකම් කියනවා. කියන්න අමතක වුනානේ, චිත්‍රපටයේ අවසාන මිනිත්තු 15 ක පමණ කාලයේදී රංගනයෙන් දායක වනවා, බොලිවුඩ් සුපිරි නළු ෂාරූක් ඛාන්, ප්‍රවීණ නිළි තාබූ සමගින්. දැන් නම් කස්ටිය බලාවි. හේ හේ.. 😀
ලිපිය ටිකක් දිග වැඩි වුණාද කියලාත් හිතෙනවා. කමක් නෑ එහෙනම් අවසාන වශයෙන් මම ස්තූති කරන්න කැමතියි, මගේ පසුගිය උපසිරසි නිර්මාණ වලට කමෙන්ට් ලබා දුන් සියලුම සහෝදරයින්ට. මොකද ඔවුන් නිසා තමයි අද මේ නිර්මාණයත් මම අරගෙන ආවේ.. එහෙනම් හැමෝටම ජය පතමින් මම සමුගන්නවා. සැමට ජයෙන් ජය…..!
Due to copyright issues, we do not provide any torrent links.
2,150 downloadsDownload Saathiya.2002.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
41 comments
තරිඳූ පෙරේරා
ගයාන් රූකාන්ත
ඔන්න ගත්තා ජය වේවා තව දිගටම සබ් කරන්න ලැබේවා
vee
maxxa saho
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........wow
wow,,, maru :D
rusuru | රුසිරු
බොහොම තුති සහෝ
jana
thanks saho
ganidu
තෑන්ක්ස් වේවා!
ccnp
Thanks
asiri
patta film aakak ne
“චූටී මල්ලි”
පට්ටයි වගෙ
බලලා නම නෑ
සින්දුව නම් අහලා තියෙ ඔනි තරම්
එල කොල්ලො අනේ අර ඉල්ලීමත් සලකලා බලපන් හොදේ
සබට තුති
ඔබට ජය.......Kulanjana Maduranga
balapu nati film 1k.balanna ona.thanks sahoo sub 1ta.good work.issarahata thawa sub demu.jaya wewa.....
priyan
thnx yalu
me
Thanks
thilina
tnx bro puluwan nam "dharr" 1993 movie 1 sub dennako...
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asheka
Hindi nam ona ekak balanaawa machoo...thanks...thawa hoda film dapan machan...BOL!!
නලින්
ස්තුතියි යශෝ
ජය වේවා!
mudiya / මුදියා
නියමයි යශෝධ.
මගේ පළවෙනි ෆෝන් එකේ ටෝන් එකටත් මං දාගෙන හිටියෙ සාතියා සින්දුව.
මාර ලස්සනයි ඒක.
අනිව වෙලාවක් ලැබුන ගමන් බලනව.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!lakmal
niyamai yaluwa
Dinusha
Thanks Kollo..........
Ranga
Ane yaluwa, apita denna puluwanda " Luv Ka The End " kiyana hindi movie ekata subtitle. Plzzzzzzzz.thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල,ජයවේවා.
Siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි...........පසිඳු සහෝ
බොහොම ස්තුතියි උපසිරසියට............."""" thillalangadi """" ඔය ෆිල්ම් එකට උපසිරසි දාල දෙන්න පුලුවන්ද ???
chamod
luv ka the end(2011) film 1ke sinhala sutitlls dannako
යශෝධ
මේ දවස්වල තවත් ෆිල්ම් කීපයක් බාරගෙන තියෙන නිසා වෙලාව හොයාගන්න අමාරුයි සහෝ.. ඔයා බයිස්කෝප් contact email එකෙන් request කරන්න. අපේ සහෝ කෙනෙක් අනිවා සබ් එක හදලා දෙයි.. ජය...!
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍eranga
woooooooooooooooooooooooooooooow ela ela
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Rajitha Abeysinghe
thanks for the sub mate
Naween
උපසිරැසියට බොහොම ස්තූතියි යශෝධ සහෝ...
minura
thanks saho.. pluwanam yaaradi nee mohini movie ekata sub denna saho.. :) nice work
Suu
thank u
Nishan Randika
නියමයි thank you
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා උපසිරැසියට.ඉදිරි වැඩකටයුතු වලට සුබපැතුම්.ජයවේවා !!
Chamara
Film eka kohenda download karaganne?
Chamara
Sathiya film eka download karaganna link ekek ewanna please.Google eke kohewath ne download karaganna
Gimhani Amarasinghe
I love this movie. Thank you
මයිකි
Thanks machan
Buddhika
Please give O saathiya 2023 sinhala subtitles
Advertisement
balalanam naha sahoooo....kathavanam fatta vagee..onna ehenamm bagaththaa..thankss sahoo sub ekatahh...