ඔන්න මේ පාර ගෙනාව Slasher/ Thriller ගනයේ ඇඟ කිලිපොළා යන ජාතියේ චිත්‍රපටයක්. මේක WWE Films ලගේ වැඩක්. විකෘති නොහික්මුණු උන්මත්තකයාගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න Jacob Goodnight. අපි කවුරුත් දන්න. කවුද මේ Jacob Goodnight කියන්නේ?? අපි නම් දන්නේ නෑ. හරි, එහෙනම් මම තේරෙන භාෂාවෙන් කියන්නම්, මේ ඉන…

ඔන්න මේ පාර ගෙනාව Slasher/ Thriller ගනයේ ඇඟ කිලිපොළා යන ජාතියේ චිත්‍රපටයක්. මේක WWE Films ලගේ වැඩක්. විකෘති නොහික්මුණු උන්මත්තකයාගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න Jacob Goodnight. අපි කවුරුත් දන්න. කවුද මේ Jacob Goodnight කියන්නේ?? අපි නම් දන්නේ නෑ. හරි, එහෙනම් මම තේරෙන භාෂාවෙන් කියන්නම්, මේ ඉන්නේ අපි කවුරුත් දන්න WWE රෙස්ලින් ක්‍රීඩා සෙල්ලම් කරන බිග් රෙඩ් මොන්ස්ටර් නාමයෙන් හඳුන්වන WWE කෙයින්. දෙබෑවෙන්න කපන කොටන ඇස් උගුල්ලන භයංකාර ත්‍රාසජනක දර්ශන රැසකින් මෙම චිත්‍රපටිය සමන්විතයි.
කතාව මේකයි,
විවිධ අපරාධ වලට සම්බන්ධ තරුණ අපරාධකරුවන් සහ කාරියන් පිරිසක් එක්තරා පාළු බංගලාවක් වැනි නිවසකට පිරිසිදු කිරීමේ කටයුතු සදහා බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකු විසින් රැගෙන යයි. මෙම බංගලාවේ නොහික්මුණු අමානුශික විකෘති පුදගලයෙකු මීට පෙර සිට බිහුසුණු ක්‍රියා සිදුකර ලබා ඇති බව එක් අයෙක් ඇර අන් වෙන කිසිවෙක් නොදනිති. ඔහු මෙම කාරණය පිළිබඳ අන් කිසිවෙකුටත් හෙළි නොකරන්නේ ඔහු මිය ගොස් ඇති බව අදාල පුද්ගලයා විසින් වැරදි ලෙස තේරුම් ගන්න නිසාවෙනි. මෙම අමානුශික පුද්ගලයා විසින් පුද්ගලයින්ගේ ඇස් උගුල්ලා දැමීමට දැඩි රිචිකත්වයක් දක්වයි. දේවරූප වැනි පච්ච කොටා සිටින කාන්තාවන්ට මොහු කරදර හිරිහැර කිරීමට මැලිකමක් හා අකමැත්තක්ද දක්වයි. කෙමෙන් කෙමෙන් එකා එකා ගොදුරු කරගැනීමට මාන බලනා මේ විකෘති උන්මත්තක පුද්ගලයා ක්‍රමයෙන් ප්‍රචන්ඩකාරී ස්වභාවයක්ද ගනු ලබයි. බියෙන් වෙලෙනා සියලුම දෙනාට බිහිසුණු මරණීය අත්දැකීම් වලට නිමක් නොමැතිව මුහුණ දීමට සිදුවෙයි. මෙම බංගලාවෙන් පැන ගැනීමට දැවැන්ත උත්සයක් සියලුම දෙනා විසින් දරනු ලබයි. නමුත් මෙම උන්මත්තකයාගෙන් බේරී පැන යාම නම් ඉතාමත් දුෂ්කර අපහසු කර්යක් වන්නේය. මෙම විකෘති පුද්ගලයා පිටුපසු එක්තරා ඛෙදනීය කතාවක්ද තිබේ. මෙලෙස විකෘති තත්වයකට පත්වන්නද අතීත දරුණු හේතුවක් මොහුට බලපා තිබේ.
මොනවා සම්බන්ධ අපරාධකරුවන්ද මේ? මෙම බංගලාවේ පෙර බිහිසුණු තත්වය ගැන දන්නා පුද්ගලයා කවුද? ඇයි මේ විකෘති පුද්ගලයා මිනිස්සුන්ගේ ඇස් උගුල්ලන්නේ? ඇයි දේවරූප කොටන් ඉන්න කාන්තාවන්ට මෙයා හිරිහැර නොකරන්නේ? මේ පුද්ගලයාගේ අමානුශිකත්වයේ තරම කෙසේද? කට්ටියට මේ බිහුසුණු බංගලාවෙන් පැනගන්න පුළුවන් වෙයිද? මොකක්ද මේ උන්මත්තක පුද්ගලයාගේ ඛෙදනීය කතාව? මොකක්ද මේ බලපාලා තියන අතීත හේතුව?
තවමත් මේ චිත්‍රපටිය බළලා නැති WWE රසිකයෝ නම් අනිවාර්යෙන්ම අරන් බලයි කියලා හිතනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,596 downloadsDownload See-No-Evil-2006.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
11 comments
Isira janith
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!rastha irfan
Aiyye saroja Tamil filme eke sinhala subtitle eka dannako plzzzzzzzz
jagath55
Thanks
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Dewadithya
Thanks for Sub!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ashan lankanath
Thanks ..................good luck .................
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ❤️
Advertisement
Playing with fire sub dennko please thanks plz 2019 playing with fire movie