Speak No Evil (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑත කාලයේ ඉතා හොඳ විචාරක පැසසුම් ලබාගෙන තිරගත වුණ චිත්‍රපටයක්. මේක 2022 නිකුත් වුණ Speak No Evil කියන ඩැනිෂ් චිත්‍රපටයේ රීමේක් එකක් වුණත් මුල් චිත්‍රපටයට ඉතාම හොඳ සාධාරණයක් කරලා නිපද වුනු නිර්මාණයක් බවට සෑහෙන්න කතා බහට ලක්වුණා. ඒ විත…

Speak No Evil (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑත කාලයේ ඉතා හොඳ විචාරක පැසසුම් ලබාගෙන තිරගත වුණ චිත්‍රපටයක්. මේක 2022 නිකුත් වුණ Speak No Evil කියන ඩැනිෂ් චිත්‍රපටයේ රීමේක් එකක් වුණත් මුල් චිත්‍රපටයට ඉතාම හොඳ සාධාරණයක් කරලා නිපද වුනු නිර්මාණයක් බවට සෑහෙන්න කතා බහට ලක්වුණා. ඒ විතරක් නෙමේ මේ වෙද්දි IMDb 7.0 ඉහල අගයකුත් කුණු තක්කාලි 88% ගන්න සමත් වෙලා තියෙනවා. රේටින් වලින්ම වැඩේ ගැන හිතා ගන්න පුළුවන් ඇතිනේ.

මේක සිනමාශාලාවන් වලට නිකුත් වුණේ ගිය සැප්තැම්බර් 13 වෙනිදා, අන්තර්ජාලයට පිටපත් නිකුත් වුණේ ඔක්තෝබර් පලවෙනිදා. මේක අධ්‍යක්ෂණය කරන්නෙ නම් පට්ටම මූසල ගතියක් තියෙන (අයියෝ මොකක්ද මේ වුණේ? ඇයි එහෙම වුණේ? කියලා හිතෙන) චිත්‍රපට හදන්න නම් දරාපු James Watkins විසින්. ඔහු අධ්‍යක්ෂණය කරපු Eden Lake, The Woman in Black බලපු අය නම් දන්නවා ඇති මං මොකක්ද මේ කිව්වෙ කියලා. ඒ විදිහටම මේ චිත්‍රපටයෙත් ගුප්තබව එහෙම්මම තියෙනවා. ඒ වගේම මේකට රංඟනයෙන් දායක වෙන්නෙත් Split, Atonement, Wanted, X-Men: First Class වැනි චිත්‍රපට වල විවිධ අයුරින් දස්කම් දැක්වූ James McAvoy විසිනුයි. ආයෙ කියන්න දෙයක් නෑ මේ චිත්‍රපටටය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඔහුගේ රංගනයයි, මේක බලන කොයි කවුරුත් ඒක පිළිගනීවි. ඊට අමතරව මීට එකතු වෙලා තියෙනාවා ඉතාම දක්ෂ නිලියක් වෙන Mackenzie Davis සහ Aisling Franciosi / Alix West Lefler / Dan Hough / Scoot McNairy වැනි අය.

මේකෙ කතාව ගැන නම් මම වැඩි දෙයක් කියන්න යන්නෑ, ඒත් මම මෙහෙම කියන්නම් මේක තනිකරම ගොඩ නැගිල තියෙන්නේ බෙන්, ලුයිස් එයාලගෙ පුංචි දුව ඇග්නස් නිවාඩුවකට ඉතාලි ගිය වෙලාවක හම්බ වුණු නන්නාඳුනන පවුලක් මිත්‍රකරගෙන එයාලගෙ පිටිසර තියෙන ගොවිපලක නිවාඩුවකට යන කතාවක් කියලා. ඒ වගේම මට මේකත් සහතික වෙන්න පුළුවන්, පටන් ගත්තු වෙලාවෙ ඉදන් ඉවර වෙනකල්ම කුතුහලය, අත්භූතබව, ත්‍රාසය මදිනොකියන්න දීල තියෙන වැඩක් කියලා.

එහෙනම් තවත් කතා ඕන්නෑනෙ මේ වගේ කතාවකට ආස අයට බාගෙන බලන්නයි තියෙන්නේ. කතාව ගැනත් වැඩිය නොකීවේ බලනකොටයි ඒකෙ ආතල් එක තියෙන්නෙ නිසා. එහෙනම් අවසාන වශයෙන් මට සබ් එක කරගන්න සහය වුණ චාමිකර අයියාට ස්තූතියි කරන ගමන් අපි සමුගන්නවා. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

6,504 downloadsDownload Speak-No-Evil-2024.zip45 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Subtitles

6,504 downloadsDownload Subtitles45 KB

15 comments

  1. කෞමදී කෝසලී

    චාමිකර කියන්නේ කොලිටියටම සබ් කරන කෙනෙක්. මං ආසම කෙනෙක්. බිම්සරත් එහෙමයි. ඒ දෙන්නම එකතු වෙලා කරන වැඩක් කියන්නේ ආයෙ අමුතුවෙන් බලන්න දෙයක් නෑ. ඒ නිසා බලන්නෑ.

  2. රුක්ෂාන් ඛාන් (රුකා)

    ස්තූතියි සහෝ සබ් එකට. ජයවේවා! ❤️

  3. Chamikara Vidanage

    බොහොම ස්තුතියි මාව සම්බන්ධ කර ගත්තාට ❤️

  4. සියන්ත

    සුපිරි .......

  5. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බිම්සර යශාන් සහෝටයි චාමිකර විදානගේ සහෝටයි මේ මූවි එකට සිංහල සබ් දුන්නට

  6. sumudu

    A awaited film.
    Thank You for sub.
    Me film 2 katath sub denna try ekak denna - Blink Twice (2024) & Fly me to the Moon (2024)

    Thanks...

  7. Malith samarawickrama

    Thanks sub ekata

  8. Pasan

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි දෙන්නටම. දැනුයි බලලා ඉවරකලේ. කිසිම අඩුපාඩුවක් නැතුව හොදටම වැඩේ කරලා තියෙනවා.ආයෙත් දෙන්නටම තෑන්ක්ස්.❤️

  9. Pasan

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි දෙන්නටම. දැනුයි බලලා ඉවරකලේ. කිසිම අඩුපාඩුවක් නැතුව හොදටම වැඩේ කරලා තියෙනවා.ආයෙත් දෙන්නටම තෑන්ක්ස්.

  10. යුරාන් ධනුක (දනුවා)

    සුපිරි ඩබලක් සෙට් වෙලා සුපිරියක් ගෙනල්ලා!
    දිගටම මෙහෙම් සෙට් වෙලා සබ් ගේන්න කියලා ඉල්ලනවා
    සහෝලා දෙන්නටම බොහෝම ස්තූතියි.

  11. Malshan Maduranga

    2022 ආපු speak no evil movie එකේ sub දාන්න පුලුවන්ද..plz

  12. lakshan

    thanks .................

  13. MILAN Chathuranga

    2022 ආපු speak no evil movie එකේ sub දාන්න පුලුවන්ද..

  14. Vishwa

    The monster project (2017)
    මේ film එකට පුලුවන්නම් ඉක්මනටම sub දෙන්නකෝ plzzzz. කවුරුත් දීලා නෑ. පට්ට film එක. Trailer එක බලන්නකෝ

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.