Watch Trailer

Suspicion (1941) with sinhala subtitles | සැකය. [සිංහල උපසිරසි සමඟ]

මාගේ 51 වෙනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබට ඉදිරිපත් කරනුයේ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ ඇති 1941 වසරේ තිරගත වූ Suspicion නම් සිනමා කෘතියයි. 1942 වසරේ හොඳම නිලියට හිමි ඔස්කාර් සම්මානය මේ වෙනුවෙන් ලීනාගේ චරිතයට පන පෙවූ ජොආන් ෆින්ටයින් හිමිකරගන්නවා. IDMB අගය 7.2 ක්. බලමු කතාවක් ඔහොමද කියල ටිකක්. ලන්ඩනයේ ග්‍රා…

මාගේ 51 වෙනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබට ඉදිරිපත් කරනුයේ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ ඇති 1941 වසරේ තිරගත වූ Suspicion නම් සිනමා කෘතියයි. 1942 වසරේ හොඳම නිලියට හිමි ඔස්කාර් සම්මානය  මේ වෙනුවෙන් ලීනාගේ චරිතයට පන පෙවූ ජොආන් ෆින්ටයින් හිමිකරගන්නවා. IDMB අගය 7.2 ක්. බලමු කතාවක් ඔහොමද කියල ටිකක්.

ලන්ඩනයේ ග්‍රාමීය දුම්රියක ගමන් කරන ලීනා, තෙවන පංතියේ ටිකට පතකින් පලමු පංතියේ ගමන් පහසුකම් සලසා ගන්නා ජෝන් අයිස්ගාඅර්ත් පලමු වරට හදුනාගනී. පසුව ඔහු ඇයව දකින්නේ ගමේ උත්සවයකදීය. තරුණියන් පිරිවරා සිටින ඔහු එම තරුණියන්ගේ මාර්ගයෙන් ඇයව තවදුරටත් හදුනා ගනී. කෙටිකලකින්ම ඇය හා පෙමින් බැඳෙන ජෝන් ඇයව විවාහ කරගනී. ජෝන් සූදුවට ඇබ්බැහි වී මිතුරන්ට ණයවී සිටින සූදු අන්තුවෙකි. බාහිරට පෝසතෙක් උවත් බංකොලොත් ණයකාරයෙකි. ජෝන්ගේ අභිප්‍රාය ලීනාගේ දෑවැද්දෙන් තම ණය ගෙවාදමා ණයකරුවන්ගෙන් නිදහස් වීමයි. මේ අතර ලීනා ජෝන්ගේ සැබෑ තත්වය දැනගත්තා උවද ඔහුගෙන් වෙන්වීමට උත්සහයක් නොගෙන රැකියාවක් කිරීමට යොමු කරයි. නමුත් ජෝන් කරනුයේ ලීනාගේ පියාගෙන් ලැබුන මංගල තෑග්ගක් වන වටිනා පුටු දෙකක් විකුණා ඔට්ටු ඇල්ලීමයි.

පසුව නිවසට පැමිණෙන ජෝන්ගේ මිතුරෙකු හා එක්ව දේපළ සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. නමුත් ජෝන්ගේ ස්බාවය දන්නා ලීනා මෙයට අකමැත්ත ප්‍රකාශ කරයි. ව්‍යාපාරය නැවතුනද  යම් උවමනාවකට ප්‍රංශයට යන ජෝන්ගේ මිතුරා, බීකි මරණයට පත්වේ. ජෝන් ද ඒ සමග යන නිසා ලීනාගේ සිතේ ඔහු කෙරේ සැකයක් ඇතිකර ගනී. පොලීසියෙන් ඔහුව සොයා නිවසට පැමිණෙනනිසා ඇගේ සැකය ස්තිර වේ. නමුත් ඒ පිලිබඳ වැඩිදුර හාරා ඇවිස්සීමක් නොකර පාඩුවේ සිටි. පසුව සිදුවන සිදුවීම් කිහිපයක් නිසා ඔහුගේ ඊලඟ ඉලක්කය තමා බවට සැක කරයි. ඇගේ සැකය යතාර්තයක් වේවිද? හිච්කොක් මහතාගේ අගනා සිනමා සිත්තම ඔබත් රසවිදින්න.

පිටපත yify torrentඅඩවියෙන් ලබාගන්න, උප සිරැසි පිටපත ඒ සඳහා අදාල වේ.

 

Suspicion (1941) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

122 downloadsDownload Suspicion1941.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

122 downloadsDownload Subtitles52 KB

11 comments

  1. අසිත

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

    ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටයි
    North by Northwest (1959) (IMDB 250)
    Rope (1948)
    Rebecca (1940)

  2. දිලාජ්

    shik ' vertigo ' eke sub wada nahane br ekata.

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. සනත් ගුණතිලක​

    mewwa pattama film brooo.... me film ekak balala ganna aathal eka ara aluthin ena hodai pattai kiyala kiyana films walin ganna be . eka wenamama feeling ekak.. api wage parana film pisso wenuwen meka karanna.. good luck

  5. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  6. Withanage Priyantha Dayakeerthi

    Phycho(1960), Rear window(1954), The birds(1963), Notorious(1946), Dial M for murder(1954), Frenzy(191972), Sabotage(1939), Family plot(1976), Strangers on a train(1964) මා විසින් ඉහත දක්වා ඇත්තේ මෙම වෙබ් අඩවිය තුළ දැනට සිංහල උපසිරසි සහිතව පවතින ලොව මහා සිනමාකරු යන විරුදාවලිය ලත් "ඇල්ෆඩ් හිච්කොක්" ශ්‍රීමතාණන්ගේ ඒ අගනා සිනමාපට පෙළයි. ඒ සඳහා දායක වූ "බුද්ධික නුවන්" සොයුරා ඇතුළු සැමට, මෙම සිනමාපට රසවිඳින අප සැම වෙනුවෙන් ගෞරව ප්‍රණාමය පුද කරන්නෙමු! එමෙන්ම මේ මහඟු කාර්යය ඉදිරියටත් එසේම සිදු කරගෙන යන්න. ස්තුතියි!!!

    1. Buddhika

      Psycho , rear window ,birds vertigo mama neme kalee

    2. Withanage Priyantha Dayakeerthi

      ඔව් ඇත්තෙන්ම ඔබ හරි.
      Phycho(1960) සහ Rear window(1954) උපසිරසි කළේ සචිත් රූපසිංහ සොයුරා විසින්,
      The birds(1963) උපසිරසි කළේ අසංක ප්‍රදීප් රණතුංග සොයුරා. ඉහත අදහස් දැක්වීමේදී “බුද්ධික නුවන්” සොයුරා ඇතුළු සැමට යනුවෙන් තමා අදහස් කර ඇත්තේ. මා දැන සිටියා මෙම සිනමාපට තුන වෙනත් අය කළ ඒවා බව. ඉතින් ඉහත මගේ කමෙන්ට් එක ගැන ඔබ සැලකිලිමත්වීම ගැන ස්තුතියි! මා ඔබේ උපසිරසි සැපයීම් අගය කරන හොඳම රසිකයෙක්.

  7. chalana

    thnx bro...

  8. වජිර රත්නායක

    උපසිරැසියට සුබ පැතුම්

  9. sasanka sathyajith

    Thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.