Watch Trailer

Split (2016) with Sinhala Subtitles | මිනිස් මනසක අරක්ගත් අති බිහිසුණු මෘගයා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කිය…

මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කියලා. ඔබ මොහොතකට හෝ හිතුවද ඇයි ඔබ එහෙම කියන්නෙ කියලා. නැහැ නේද? සත්‍ය තමයි, අපිටත් නොදැනී, අපේ ශරීරයේ යක්ෂයෙක් ජීවත්වෙනවා. “කේන්තිය’ නම් වූ චිත්තවේගය මූලික කරගනිමින්, අපේ ශරීරයේ ගැඹුරු ආත්මයේ නිද්‍රෝපගතව වෙසෙන්නාවූ “යක්ෂ ආත්මය” අවදි වෙනවා. ඔබ කිසිදා තේරුම් නොගත්, සරල සත්‍ය එයයි. පොඩ්ඩක් ඉන්න…ඔබ විශ්වාස කරනවද, සමහර පුද්ගලයින්ගේ ශරීරයේ ඒ ආකාරයේ තවත් ආත්මයන් කිහිපයක්ම ඉන්නවා කියලා මම ඔබට කිව්වොත්?

විශ්වාස කරන්න ටිකක් අමාරුයි වගේ නේද? මම එහෙනම් මෙහෙම කියන්නම්…එක්තරා පුද්ගලයෙක් තුල, එකිනෙකට වෙනස් ආකාරයේ පෞරුෂයන් විසි තුනක් තියෙනවා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? සමාවෙන්න…විසි තුනක් නෙමෙයි, විසි හතරක්. විසි හතරවෙනි පෞරුෂත්වය මුදා හරින්නයි ඔහු දැන් උත්සාහ කරන්නෙ. ඔබ කිසිදා නොඅසූ විරූ අන්දමේ, අතිශයින් භයානක බිහිසුණු මෘගයෙකු සිය ආත්මයෙන් නිදහස් කිරීමයි ඔහුගේ අභිප්‍රාය වන්නේ…

තම උපන්දින සාදය අවසානයේ, සිය පියා සහ යෙහෙලියන් දෙදෙනෙකු සමගින් නිවස කරා ගමන් කිරීමට සූදානමින් සිටින්නාවූ තරුණියක්…නොසිතූ මොහොතක, මේ තරුණියක් තිදෙනා සිහිසුන්කොට පැහැරගන්නා තරුණයෙක්…තමන් සිටින්නේ කොහෙද, තමන්ව පැහැරගත්තේ කවුරුන් විසින්ද, තමන්ගේ ඉදිරි අනාගතය කෙසේ ලියැවී ඇත්ද…මේ ආදී දහසක් ප්‍රශ්න මධ්‍යයේ, අනේක විදි දුක් කම්කටොලු වලට මුහුණ දෙමින්, කාමරයක සිරකොට තබන්නාවූ නව යොවුන් තරුණියන් තිදෙනාගේ අවාසනාවන්ත ඉරණම කුමන ආකාරයෙන් විසඳේවිද? සමහරවිට ඔබ හිතාවි, මේ ආකාරයේ චිත්‍රපට ඔබ කොතෙකුත් නරඹලා ඇතිද කියා. නැහැ, ඔබ වැරදියි. කිසිම දිනෙක ඔබ මේ ආකාරයේ චිත්‍රපටයක් නරඹා තිබෙන්න හැකියාවක් නැහැ. තවත් සමහරු හිතාවි, මේ චිත්‍රපටය නීරස, කම්මැලි චිත්‍රපටයක් කියලා. මගේ වචනය විශ්වාස කරන්න, ඔබටත් නොදැනීම, ඔබව භීතියෙන් කිලිපොලා යාවි.

Horror, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින් 2017 වර්ෂයේ ජනවාරි මස 20 වෙනි දින නිල වශයෙන් මහජන ප්‍රදර්ශනය ආරම්භ කල චිත්‍රපටයක්…ඇමරිකානු ඩොලර් මිලියන නවයක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූද, මේ සටහන ලියවෙන මොහොත වෙනවිට, 2017 වර්ෂයේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් හිමිකරගත් චිත්‍රපට ලැයිස්තුවේ දහවෙනි ස්ථානය හිමිකර ගනිමින්, ඇමරිකානු ඩොලර් මිලියන 265.4 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සතුකරගෙන ඇති චිත්‍රපටය…මේ වන විටත්, අසූ හයදහස ඉක්මවූ ප්‍රේක්ෂක ජනතා මනාපයෙන් Imdb දර්ශකයේ 7.4 ක ඉහල අගයකින් සමන්විත වන විශිෂ්ඨ සලරුවක්…X-Men: Apocalypse (2016), Victor Frankenstein (2015), X-Men: Days of Future Past (2014), X-Men: First Class (2011) යනාදී ප්‍රකට චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක ඔබ සැම හමුවට සපැමිණි, සම්මානනීය රංගධර, James McAvoy ගේ අති විශිෂ්ට රංගනයෙන් ඔපවත්වී, London Film Critics’ Circle සහ Saturn Awards යන සම්මාන උළෙලවල් හිදී, සම්මාන තුනක් සඳහා නිර්දේශ වී ඇති සුවිශේසී නිර්මාණයක් සමගින් පුරා හෝරා දෙකකට ආසන්න කාලයක් අතරමං වීමට සහෘද ඔබ සැමට කෙරෙන්නාවූ ආරාධනයත් සමගින් අදට ඔබෙන් සමුගැනීමට අවසරයි. හැමදෙනාටම ජයවේවා!!!

ප. ලි. – චිත්‍රපටය සඳහා උපසිරැසි ගන්වා ඇත්තේ, HC HDRiP පිටපතක් සඳහා වේ. නමුත් වගකීමෙන් කියනවා, වෙබ් පිටපතක් හා සමාන ඉහලම ගුණාත්මක තත්වයෙන් යුතු පිටපතක් සඳහායි උපසිරැසි ගන්වා තිබෙන්නේ. ඒ නිසා, චිත්‍රපටය නැරඹීමට කිසිසේත්ම බාධාවක් නැහැ. කොහොම වුනත්, සුපුරුදු පරිදි ගුණාත්මක පිටපතක් නිකුත් වුනු සැණින් උපසිරැසි යාවත්කාලීන කරලා දෙන්න පොරොන්දු වෙනවා.

චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට ලබාදුන් ප්‍රනීත් මධූ සොයුරාට විශේෂ ස්තූතියක් පිරිනමනු ලබනවා.

 

Split (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Split.2016.720p.BluRay.x264-[YTS.AG]

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත

29,989 downloadsDownload Split-2016-BR.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ““සිසිල ප්‍රසාද්” සහ  “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

29,989 downloadsDownload Subtitles49 KB

69 comments

  1. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ වැඩේ ගොඩ දාලා දුන්නට දෙන්නටම ජය වේවා

  2. Ranga Prasanna

    සුපිරි එකක් මේක. ලොවෙත් නෑ. ස්තූතියි

  3. Nati

    Man asa waragaye fillm eka. Sub ekata thanks

  4. dilan lakmal

    Niyami sahodaraya .udema sub eka gatta.film eka download wenna demma.loweth nethiwa eti kiyala hithenawa.thanks bro.

  5. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  6. Udara Damith B/K

    නයිස්

  7. tharindu gunarathna

    thanks

  8. Samee

    Supiri machan.thanx aa

  9. KAVINDA GAMAGE

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

  10. Sanjaya Chathuranga

    Patta..... thanks sahoo

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. දමිත්

    උපසිරැසියට ස්තුතියි සහෝ..
    ජයෙන් ජය..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Nishan

    Thanx bro

  17. mithun

    Please bluray apdet

  18. mithun

    Please bluray apdet guys..

  19. Pramuditha Damsara

    Mchn Me Film eka awilla Sequel ekak me film eka baladi eka awlk wenne na...habai antimata bruce williswa pennala film eka blna apiwa pisu wattana hnda mn pdk hoyla baluwa...
    meka blala aniwa Unbreakble(2000) blna.>>>>http://www.imdb.com/title/tt0217869/

  20. පැතුම් චතුරංග

    තැනකු වේවා මචෝ උපසිරසියට..
    තද ඈ..

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  23. අසිත

    elama saho thanks

  24. SB

    thank you very much bro..!

  25. silent$

    Patttaaaaaaaaaaaaaaaaaa

  26. D.Chamara

    බොහොම ස්තුතියි .......නියමයි.....

  27. LAKSHAN

    බොහොම ස්තුතියි ……

  28. Amila Mudalige

    Sub ekta Thanks saho

  29. Iran

    Thank you

    1. Sahodaraya12

      Niyamai

  30. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  31. lakshan

    thnx mchan..!!

  32. chamu

    බොහොම ස්තූතී සහෝ. ඔන්න මාත් comment දාන්න ගත්තා.

  33. Black pearl

    Thanz bokka

  34. Tharindu Athukorala

    tnx bro :D

  35. nadun dilhara

    elmaaaaaaaa

  36. Virajperera

    tnx bro

  37. Thanujaya Bandara

    සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්

  38. Dewadithya

    Thanks for Sub!

  39. Amalka Himeshan

    Thanks sub ekata

  40. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

  41. Hasantha_Sajeewan

    Thanks Bro.

  42. Rukshan37

    Ela ela

  43. Sandunprabath1230

    Thanks මචං

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  45. s.s.m

    Tz sub ekata.....

  46. Nowty Lahiru

    ela

  47. Nilush Angana

    Sub ekata thanx

  48. Amila Mudalige

    Thanks

  49. hisarashanaka

    Ela kollo. Thanks

  50. Vihanga sathsara

    thankss brooo...... man 50* wage...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.