Watch Trailer

Subramaniapuram (2008) | දේශපාලනය, ආදරය හා ජීවිතය. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්..!! ඔන්න යාළුවනේ මම මගේ තුන්වැනි උපසිරසියත් ඔයාලට අරන් ආවා. ඉතින් මේ සැරේ අරන් ආවෙ සුපිරි දමිළ චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය ගැන කථාකරද්දී කියන්න ගොඩක් දේවල් තියනවා. මේක අනිත් ෆිල්ම් වලට සාපේක්ෂව අඩු වියදමක් දරලා 2009 අවුරුද්දේ නිෂ්පාදනය කරපු එකක්. ඒත් තිරගතවෙලා දවස් 85ක් යනකොට ම…

Subramaniapuram (2008)

හැමෝටම සුබ දවසක්..!!

ඔන්න යාළුවනේ මම මගේ තුන්වැනි උපසිරසියත් ඔයාලට අරන් ආවා. ඉතින් මේ සැරේ අරන් ආවෙ සුපිරි දමිළ චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය ගැන කථාකරද්දී කියන්න ගොඩක් දේවල් තියනවා. මේක අනිත් ෆිල්ම් වලට සාපේක්ෂව අඩු වියදමක් දරලා 2009 අවුරුද්දේ නිෂ්පාදනය කරපු එකක්. ඒත් තිරගතවෙලා දවස් 85ක් යනකොට මේක Box Office මට්ටමට ගිහින් Super Hit එකෙක් වෙලා තියනවා. නිෂ්පාදන වියදම ඉන්දියානු රුපියල් කෝටි 2.3ක් ඒත් බොක්ස් ඔෆිස් ආදායම රුපියල් කෝටි 15ක්. ඉතින් හිතාගන්නකෝ මේකෙ තරම. මේක කතාව, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කරලා තියෙන්නේ M. Sasikumar. එයාම තමයි මේකෙ එන ප්‍රධාන චරිතයක් වන පරමාගේ role එක කරන්නෙත්. මේ සුපිරි චිත්‍රපටය 2009 දකුණු ඉන්දියානු Filmfare සම්මාන උලලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලබනවා. ඒ වගේම තෙළිඟු භාෂාවෙන් හඬකවලා නැවත නිකුත්කරලා රුපියල් කෝටි 2ක් ඉපයීමට සමත් වෙනවා. ජනප්‍රියත්වය නිසාම 2012දී මෙය නැවත නිෂ්පාදනය කරනවා “Prem Adda” නමින් කන්නාඩ භාෂාවෙන්. මේකට IMDB වල 7.6ක රේටින් එකකුත් ලැබිලා තියනවා. ඉතින් හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක කොහොමට ඇතිද කියලා.

හරි, දැන් මේකෙ කතාව ගැන බලමු..

කතාව පටන් ගන්නේ 2008 වසරේ මදුරෙයි මධ්‍යම සිර ගෙදරින් කෙනෙක් එළියට එන තැනින්. එළියට එද්දීම මෙයාට කෙනක් ඇවිල්ලා හිර ගේ ඉස්සරහදිම පිහියෙන් ඇනලා පැනලා යනවා. ඊට පස්සේ කතාව 1980ට යනවා. මේ ෆිල්ම් එකේ එන ප්‍රධාන චරිත ඉස්සෙල්ලාම හම්බෙන්නේ මෙතනදී. කතාව යන්නේ යාළුවෝ පස්දෙනක් ගැන. මේ අය තමයි අලගු, පරමා, කාසි, ඩෝපා සහ දුම්කා. මේ අය ඒ පළාතේ හිටපු මංත්‍රී කෙනෙක් ළඟ වැඩ කරනවා. වෙන කිසි වැඩක් කරන්නේ නෑ නිකක් ඉන්න වෙලාවට කරන්නේ බොන එක. ඉතින් මේ අයගෙන් අලගු මේ මංත්‍රීගේ දුවෙක්ට ආදරේ කරනවා. ඔහොම යනකොට දේශපාලනය, ආදරය නිසා මේ අයගේ ජීවිත පුදුම විදිහට වෙනස් වෙනවා. ඒ ටික මම කියන්න යන්නේ නෑ, ඔයාලා මේක බලන්න. තව දෙයක් මේ චිත්‍රපටය පුරාම අපට 80 දශකයේ ඇඳුම් විලාසිතා, කොණ්ඩා මෝස්තර තමයි තියෙන්නේ. ඒකත් මරු.

ඉතින් විශේෂයෙන් කියන්න ඕනෙ දෙමළ ෆිල්ම් බලන අය අනිවාර්යෙන්ම මේකත් බලන්න. මේක බලලා ඉවර වෙද්දී අපේ යාළුවෝ ගැනයි, කෙල්ලෝ ගැනයි ගොඩක් දේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. අවසානයෙදි වෙන දේ ගැන හිතාගන්න බෑ.

කියන්න තියන ඕනෙම දෙයක් කියලා මේකට කමෙන්ට් එකක් දාලායන්න අමතක කරන්න එපා..ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!

Subramaniapuram (2008) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

94cf80a69189b4a358d0f4f37d1df4a84cc5cfef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,373 downloadsDownload Subramaniapuram.2008.baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/චතුරංග-උස්වත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,373 downloadsDownload Subtitles46 KB

31 comments

  1. Leo_daMitH

    පට්ට එකක් වගේ...ඔන්න ඩෙන්ම බනව..thanx සහෝ....ඔන්න මම 1 හරිඩ....

    1. චතුරංග උස්වත්ත

      එල එල..!!

  2. චතුර මදුසංක

    පට්ට මචන්.
    එල එල අනිවා බානවා.
    සබට තුති
    කතාවේ හැටියටනම් එල වගෙයි...

  3. galaya

    thanx Macha..niyamai..jilla film ekatt sub denawada?? :)

    1. චතුරංග උස්වත්ත

      මං හිතන්නේ තාම හොඳ කොපියක් ඇවිත් නෑ..

      ඉස්සරහට බලමු..

  4. Geethma Dilpahan

    niyama akak wage maath banna dammoooo
    thnkz sahooooo

  5. මධුසංක නියෝමාල්

    එල එල.ඔහොම යමු.ජය !!!!

  6. Kulanjana Maduranga

    film 1nm niyamai wge.sub 1ta thanks CHATHURANGA saho.digatama sub demu.jaya wewa.....

  7. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  8. Lakmal Dharmasena

    Welawak hambuna gaman download karanna one
    thnx saho

  9. yasomal

    thankssss

  10. isuru

    thz saho

  11. THILINA MADUSHANKA VITHARANA

    supper ah.thanks

  12. නලින්

    ස්තුතියි චතුරංග සහෝ

    ජය වේවා!

  13. dinu

    thanx machan aniwa blanawa

  14. “චූටී මල්ලි”

    පෝස්ට් 1ට අනුව නම්
    පට්ටම බාන්ඩයක්
    එල හොදේ
    සබට තුති
    ඔබට ජය.......

  15. Tharindu perera

    Fatta vagee....bagannava ehenamm sahoo...thanks sahoo sub ekatahh...

  16. Nisal lakshan

    ela ela pattay damila nam ithin balannama epay

  17. Nisal lakshan

    puluwan nam me wage pattama ewa denna saho digatama

  18. chandima

    තෑන්ක්ස් වේවා...! ජයෙන් ජය මචෝ...!

  19. Sanjaya

    Thankzz Saho....

  20. Asheka

    thanks sahoo

  21. රොයිලි

    බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  23. චතුර මදුසංක

  24. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  25. sisiya

    දැනුයි බලලා ඉවර වුනේ... සිරා ෆිල්ම් 1ක්.. සබ් නියමයි.. මේ sasikumarම ඉන්න Nadodigal කියලා ෆිල්ම් 1ක් තියෙනවා.. ඒකේ ඩිරෙක්ටර් තමා මේ ෆිල්ම් එකේ kanagu කියන චරිතේ කරන්නේ.. මම කියන්නේ ඒකේ සිංහල සබ් පුළුවන් නම් දෙන්න.. ඒක telugu, kannada, malayalam, hindi, bengali කියන භාෂා 5ටම remade වෙලා තියෙනවා... ඒ නිසා ඒකේ සබ් දෙන්න බලන්න, තව දෙයක් මේකේ තියෙන ෆොටෝස් මේ ෆිල්ම් එකේ නෙවෙයි... ඒක kuttipuli කියන ෆිල්ම් එකේ ෆොටෝස්...

    1. චතුරංග උස්වත්ත

      ස්තූතියි සහෝ අදහස්වලට...

      මම "Naadodigal" එකට සබ් එක දෙන්න බලන්නම්.

      අනික මේ දාලා තියන ෆොටෝ මම දීපුවා නෙමෙයි.

      ජයවේවා..!!

  26. nelum nethanjana

    ela bnn ela film eka.
    elaaaa....

  27. චතුරංග උස්වත්ත

    අදහස් දැක්වූ හැමදෙනාටම ස්තූතියි.

    ජයවේවා..!!

  28. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.