Watch Trailer

The 7th Sence (7 Aum Arivu) | අතීතයේ හැකියාවන් අනාගතයටත්!!! [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. කොහොමද ගොඩක් දවසකින් මම ගෙනාවේ පරන දමිල සලරුවක්. කට්ටිය බලනවත් ඇති මෙකද සබ් දාන්න පරක්කු කියලා වැඩත් වැඩියි මේ දවස් වල එක නිසා තමයි පරන සලරුවක් කරන්න බැලුවේ. 2011 වර්ෂයේදී ඉන්දීය විද්යා ප්‍රබන්ධ චිත්රපටය සිනමා වක් ලෙස තිරගත වුන මෙම සලරුව IMDb අගය 5.7/10 අගයක් අරගෙන තියෙනවා. මිනිත්ත…

7aum Arivu (2011)

හැමෝටම ආයුබෝවන්. කොහොමද ගොඩක් දවසකින් මම ගෙනාවේ පරන දමිල සලරුවක්. කට්ටිය බලනවත් ඇති මෙකද සබ් දාන්න පරක්කු කියලා වැඩත් වැඩියි මේ දවස් වල එක නිසා තමයි පරන සලරුවක් කරන්න බැලුවේ. 2011 වර්ෂයේදී ඉන්දීය විද්යා ප්‍රබන්ධ චිත්රපටය සිනමා වක් ලෙස තිරගත වුන මෙම සලරුව IMDb අගය 5.7/10 අගයක් අරගෙන තියෙනවා. මිනිත්තු 168 පුරා දිවෙන මෙම සලරුව අධ්‍යක්‍ෂණය, තිර රචනය, කතාව ඒ ආර් Murugadoss විසින්, නිෂ්පාදනය Udhayanidhi Stalin, සංගීතය Harris Jayaraj විසින් සිදුකර ඇත.

කලින් පළවූ ලිපිය.

ඔන්න ඉතින් යාලුවනේ මම අයෙමත් බයිස්කෝප් එකක් අරගෙන ඔයාලා හමුවට ආවා. මේක මගේ දෙවෙනි බයිස්කෝප් එක. මේ පාරත් මම ඔයාලාට අරගෙන ආවේ දමිල බයිස්කොප් එකක්ම තමා. ඒ උනාට මේක ටිකක් විශේෂයි. මොකද කියනවනම් මේ විදිහෙ චිත්‍රපටියක් කලින් දමිල සිනමාවේ නිෂ්පාදනය කරලා නෑ. මේක ටිකක් අමුතු තාලෙ එකක් කිව්වනෙ. අපි බලමු ඒ අමුත්ත මොකක්ද කියල.

මේ කතාව පටන් ගන්නෙ චීනේ සටන් කලාව ඉගෙනගන්න තියන ආරාමයක් එහෙමත් නැත්නම් ෂැඔලින් පන්සලක් පෙන්නලා. ඉතින් මෙ රූපරාමුව අපේ යාළුවො හිතනවා ඇති ඇයි මේ දමිල චිත්‍රපටියට චීනෙ ගෑවුනෙ කියලා. මේකේ හේතුව චීනෙට මේ සටන් කලාව එහෙමත් නැත්නම් Kung-Fu කලාව ඇවිත් තියෙන්නෙ ඉන්දියවෙන්. ඔයලාටත් පුදුම ඇති එහෙම කිව්වහම. මමත් පුදුම උනා ඒක දැක්කහම. කොහොම උනත් කතාව ඇත්ත. මේ පන්සල පෙන්නුවට පස්සේ පෙන්නන්නෙ 6වන සියවසේ ඉන්දියාව. මේ කාලෙ ඉන්දියවෙ ඉන්නව පුද්ගලයෙක් බොධිදර්මන් කියලා. මෙයා තමා ඉන්දියවේ ඉන්න හොදම සටන් කරුවා. ඉතින් මෙයාට සටන් කලාව විතරක් නෙවෙයි මෙයාට ස්වභාවධර්මයා අභිබවා යන වැඩ ටිකකුත් කරන්න පුලුවන්.ඒ වගේම මෙයාට වෙදකමත් හොදට පුලුවන්, තම ගුරුතුමාගේ ඉල්ලීම පරිදි ඔහු යනවා චීනෙට, යද්දි ගෙදර අයට ඔහු දීලා යනවා පොතක් ඒක ඔහු විසින්ම ලියපු එකක්,ඉතින් චීනෙට යන්න මෙයාට අවුරුදු 3 ක් යනවා. ඉස්සරකාලෙ දැන් වගේ ගුවන්යානා තිබුනෙ නෑනේ. ඒත් ඉතින් මෙයාට චීනෙන් නම් එච්චර පිළිගනීමක් හම්බවෙන්නෙ නෑ මුලින්ම. පස්සෙ එක හේතුවක් හන්දා මේ බෝධිදර්මන්ට ලොකු තැනක් හම්බෙනවා චීනෙ.

හරි ඒ අතීත කතාව. දැන් එමු වර්ථමානෙට. 2011 ජීවත් වෙන්නෙ ඒ බොධි දර්මන් නෙවෙයි, එයා අරවින්ද්. ඒ උනාට ජාන තාක්ෂණයට අනුව එයාගේ DNA 83% වැඩිය ගැලපෙනවා බොධිදර්මන් ගේ DNA වලට. ඉතින් මෙයාවයි මෙයා ගැන පරීක්ෂණ කරන කෙල්ලවයි මරන්න චීනෙන් කෙනෙක් එනව Dong Lee කියල. මෙයාත් හොඳ සටන් කරුවෙක් තමා, මෙයානම් හොලිවූඩ් සිනමාවෙ කෙනෙක්, මෙයාට ඕනම කෙනෙක්ගෙ ඇස් දෙක දිහාබලලා එයාගෙ මනස පාලනය කරන්න පුලුවන්, කොටින්ම කිව්වොත් මෙයාට Mind control කරන්න පුලුවන්. මෙයා එවන්නෙ ඒ දෙන්නව මරන්නම විතරක් නෙවේයි. Operation RED කියල Mission එකකටත් එක්කතමා එන්නේ,

ඉතින් යාළුවනේ බලලම දැනගන්නකෝ මේ Dong Lee එන කාර්ය්‍යය හරියයිද? මම හුඟාක් විස්තර කිව්වා. තව කිව්වොත් රසය නැති වෙන්න පුලුවන්. ඒක හින්දා කතාව බලලම ඉන්නකෝ. මේ බයිස්කොප් එකේ නළුවට ඉන්නෙ හැමෝම දන්න සූර්යා, නිළියට ඉන්නෙ ශෘතී හසන්, මේකෙ හුඟාක් ලස්සන බයිස්කොප් එකක්, මේක මිනිත්තු 168 ක් පුරාවටම දිවයන චිත්‍රපටයක්, ලස්සන සින්දු ටිකකුත් තියන්වා මේකෙ, ලස්සන ආදර කතාවකුත් මේ ප්‍රශ්න මද්දෙ ගලාගෙන යනවා. ඒ වගේම මෙකට IMDb ratings 5.3/10ක අගයක් ලැබිලා තියනවා. එහෙනම් යාලුවනේ බලල කොමෙන්ට් එකකුත් දාලම යන්න, ලඟදීම ආයෙමත් ලස්සන බයිස්කොප් එකක් අරගෙන ඔබලා හමුවට එන්නම් එතකන් ඔබලා හමෝටම ජය…

චිත්‍රපටය මෙතනින් බාගන්න

ඉංග්‍රිසි උපසිරැසි මෙතනින් ගන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "කසුන් රංගන" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...

7 Aum Arivu (2011) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

F92C58B0044EFE4C50E2FCC8EFDE463D8C05D1B1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,053 downloadsDownload 7aum-Arivu-2011.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,053 downloadsDownload Subtitles59 KB

96 comments

  1. uda

    යාළුවා, මේක මම කියවලා තියෙන විදිහටනම් දමිළ බෞද්ධයා ගැන කියවෙන කතාවක් අඩංගු සලරුවක්. අපි අදටත් පිළිගන්න මැළි වුණාට සිංහල බෞද්ධයාටත් වැඩි ඈත ඉතිහාසයක් තියෙනවා මේ දමිළ බෞද්ධයාට. අද ජීවත් වෙන පරපුරේ දමිළ උදවිය තමන් බුදු දහම අනුව ගිය බව පිළිගන්න හෝ විශ්වාසයට ගන්න මැළි වුණත්, අකමැති වුණත් උතුර නැගෙනහිර යම් තාක් පිරිසක් දමිළ බෞද්ධයෝ හිටිය බව ඇත්තක් ලෙස සලකන්න වෙනවා. බලන්න ලැබුණේ නෑ. බලලම බලමුකෝ.

  2. විකියා

    මේක මං බලපු මැක්සම ෆිල්ම් එක්ක අනිවා...ඇත්ත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්...බොහොම ඉස්තුතියි.

    ජයෙන් ජය~!

    1. asela

      kohomada meka download karanna bn

  3. crissa

    thank u bro.....

  4. theekshanax

    thanks saho

  5. savi

    meke sinhala sub ona nam kiyanna mage laga thiyanawa udawwak widiyata mama dennam :)

    1. Malinda

      sinhala sub eka tiyanawanam ewapanko machanz?

  6. viraj

    shaaaa...pattama movie ekak wage..aniwa thanx machan..nobala kohomada...ane machan sinhala subs thiyenawa nam dennako...loku udawwak..

  7. shammi

    meka dvd rip da bro?
    quality eka kohomada...plz tell me

  8. Gayan

    me film eka mama Saturday baluwe mchn....mata mathka widihta china yanna 3 month yan ne....nice movie..thx for sharing..keep it up..

  9. sujeewa

    Thanks brother

  10. හේමාල්

    onna demma banna.balalama kiyannam.thak you !!!

  11. Kaun

    Meka DVD rip et high quality newei.balanna puluwan :D

  12. shammi

    thanks bro

  13. chamila

    thanks...

  14. යසිරු මධුක

    බොහොම ස්තුතියි සහෝ.........

  15. සංදීප

    ඇත්තම කියනවානම් ,මේ චිත්‍රපටය එන දවස ගැන නොඉවසිල්ලෙන් බලා හිටපු කෙනෙක් තමයි මම.මේක තිරගත වූ දවසෙම සිනමාශාලාවටම ගිහින් බැලුවා.චිත්‍රපටිය මම හිතපු තරම්ම සුපිරි එකක් නොවුනත් දමිල සිනමාවේ කතා නොකරපු පැත්තක් ගැන කතා කරලා තියෙන හොද චිත්‍රපටයක්.මෙකේ අධ්‍යක්ශණය කරලා තියෙන්නේ හින්දියෙන් අමීර්ඛාන් සහ දෙමලෙන් සූර්යා රගපෑ Ghajini චිත්‍රපටය අධ්‍යක්ශණය කල කෙනාමයි.බොහොමත් ස්තූතියි මේ චිත්‍රපටය ගැන විස්තරයක් දැම්මාට සහෝ.

  16. ys madhusanka

    menna hemoma balanna niyama kollek.kasun rangana brother thank you very much

  17. ys madhusanka

    macho puluwannam honda english film daaapanko.anith un daaannne boooooooooooooring ewa

  18. uditha

    මටත් ආසාවක් ඇතිවුනා චිත්‍රපටියකට සබ් දාන්න ඒත් මෙතන තියන එකට කනටැක්ට් කරන්න බෑනේ

  19. රාම් රාජ්

    මේක මම බැලුවා නියම චිත්‍රපටයක්.

  20. savi

    සිංහල සබ් ඕන කිව්ව කෙනා ඊමේල් එක දෙන්න මම සබ් එක එවන්නම් මචෝ

  21. හසිත අලහකෝන්

    මේ චිත්‍රපටියෙ කියැවෙන්නෙ දකුණු ඉන්දියාවෙ දෙමළ යෝගී වරයෙක් ගෙන් චීනයේ ෂැවොලින් සටන් කළා සම්ප්‍රදාය ලැබුන කියන එක. නමුත් ඒ යෝගී වරය බෞද්ධ කෙනෙක් කියන එක ඉස්මතු කරල පෙන්නන්නෙ නෑ. මම හිතන්නෙ දෙමළ අය බෞද්ධ කියනවට වඩා හින්දු කියනවට කැමති නිසා වෙන්න ඇති.
    නමුත් කතාවෙ හැටියට එයා බෞද්ධයෙක්(දැනුත් දෙමළ බෞද්ධයන් සුළු ප්‍රතිශතයක් ඉන්නවා)
    තව දෙයක් කියන්න ඕන, මේ චිත්‍රපටියෙ තැන් දෙකකදි "ලංකාව" කියන නම සඳහන් වෙනව. හැබැයි සුභවාදීව නම් නෙමෙයි. එකතැනකදි සඳහන් වෙන්නෙ(චීන කුමන්ත්‍රණය පැරදවීමේදී) "අපි ලංකාවෙදි පරාද උනා(යුද්ධය), ඒත් මේ සටන පරාද වෙන්නෙ නෑ" කියන අදහස එන දෙබසක් තියෙනව.
    තවත් තැනකදි(අන්තිමේදී) "යාපනය පුස්තකාලය" ගිනි තැබීම ගැන සඳහන් වෙනව.(ඒක නම් ඇත්තටම අපරාධයක් තමයි)

  22. අබා

    හොදට ලිපිය ලියලා තියනවා කසුන්..ස්තූතියි෴෴෴

  23. Kaun

    Thanx All

  24. උදය

    කොමෙන්ට් බලනකොට film එක බලන්න හිත....
    බාන්න දැම්මා ....ස්තූතියි ....

  25. namal

    Well done.thank you!!

    1. නොයෙල් රණසිංහ

      machan mata meke sinhala sub aka awanawada?
      [email protected]

  26. upul hewagamage

    maruma film akak mama blapu, hemooma balanna.. thnx sahoo..........

  27. uditha

    මට කියනවද බයිස්කෝප් වෙබ් අඩවිය කන්ටැක්ට් කර ගන්නේ කොහොමද කියලා යාලුවනේ----

    1. randy

      meke ehema ekakk ne. comment saha members lae help ona unama post walata bageta rep karanawa witharai.. :/

      memberslage awashatawayan gana aduwen hithana thanak meka.. :D

  28. DSN

    මේක හොඳ බයිස්කෝප් එකක් ඒත් මුල හරියේ තියෙන ගතිය අගට යද්දි නැතිවෙනවා,,ඒ වගේම බෝධි ධර්මන්ට එවන් අධ්‍යාත්මික බලයක් තිබීමට හේතුව ඔහු බෞද්ධාගමිකයෙක්ය කියන මුඛ්‍යය අදහස නොපවසා ඔහු ද්‍රවිඩයෙක්ය යන්න පමණක් අනවශ්‍යය තරමට පෙන්වීමට උත්සහ ගැනීම නිසාම ජාතිවාදී අරමුණු හිස දරා ගෙන මෙය නිපදවා ඇති බව පේනවා.එමෙන්ම ඔහු බුදුන්ට සමාන පුද්ගලයෙක් බව තැන් කීපයක ප්‍රකාශ වන අතරම අවසානයේදී නවීන විද්‍යාව උපයෝගී කොටගෙන බෝධි ධර්මන්ව ලබා ගැනීම තුලින් බුදුන් වහන්සේගේ පරපුරෙන් පැවතෙන්නේක්ගෙන් නැවත බුදුන් වහන්සේ බිහිකල හැකිය යන අදහසක් පෙන්වීමට උත්සහ ගෙන ඇතිබවත් ඒ මගින් බුදුන් වහන්සේ සාමාන්‍යයකරණය කිරීමට උත්සහ දරා ඇති බවත් කිව යුතුය.

  29. dinnu

    balama balamu needa,jayawewa saho.

  30. sajith

    mama hituwa meeka supiriyatama tiyei kiyala mokada suryage film thatthvika nisa.. eet hitapu taram naa... thankss sahoo...

  31. Kassa

    film1 mula hariya nam lassanai. thanx, anith sare meta wadiya quality torrent 1k denawanam hodai.. thanx again!!!! :)

  32. pubudu

    direct ba ganda bahane mokada karanne link 1 dennako filebox 1 link 1 regester venda kiyanavane ba ganda

  33. ys madhusanka

    one more macho

  34. ys madhusanka

    menna innawa niyama kollo

  35. ys madhusanka

    oye ojaye wikiyage pijame

  36. nuwan

    ela kiri machan... we love gud tamil films

  37. Jayan Chamal

    sira movie eka pissu hadei

  38. chaaaa.......

    kung fu satan kalawa hadune Pahiyan Bhikshuwa Lankawen nila satan kalawa(Angampora)aragena giya nisa kiyala kiyana kathawakuth thiyenawa....

  39. Dimantha Jayasanka

    niyama film eka.mama me dan balala iwara una witharai!!!!!!!!!!

  40. kavi

    වුෂු නොහොත් කුංෆු කලාවේ උගන්වන ආකාරයට බෝධිදර්ම බෞද්ධ භික්ෂුවක්. චීනයේ පැවති සටන් කලාවට ආධ්‍යාත්මික ආභාශයක් දීම ඔහු අතින් සිදුවුනා.ඉතිහාස කතා වල සඳහන් වෙනවා ඔහු චීනයේ සුප්‍රකට කහ නදිය (Yellow River) මල් කලඹක නැගී තරණය කල බවට. ඒ තරමටම ඔහූ තම සටන් කලාවේ දක්ශයෙඋ වී සිටියා.

  41. සාරංග ලියනගම

    මම නම් වැඩිය ටැමිල් ෆිල්ම්ස් බලන්න ආස නෑ.ඒත් මේක බලන්න හිතෙනවා. ටිකක් වෙනස් කතාවක් වගේ. ගොඩාක් ස්තූතියි සහෝ..

  42. Helaya

    Gajini nam Ela.meka nam pattama Cha Film ekak.lankawa gana waradiyata kiyana eka gana nam hithata hari wedanai.oke Directaya A. R. Murugadoss hambuna dawasaka mama balagannan.

  43. Ranga

    Tnks Saho...

  44. Nimal

    thanks....

  45. nalin

    The 7th Sence (7 Aum Arivu me flim1 sinhala sub 1 tiyana kenek denako

  46. ශ්‍රීනාත් දයානන්ද

    ඉතිං ......මචං ල, සෙට්1ටම මට තව දෙයක් කියන්න ඕන කියල හිතුන. මම නම් Tamil movies (හබැයි සමහර ඒවට විතරයි) විශේෂයෙන්ම Sooriya, Vijaya, Danush වගේ අය(තව ඉන්නවා). මාගාව Tamil HitzCollections එකකුත් තියෙනවා.(හැබැයි Original නෙම්යි.) මමත් Sooriya ගේ Tamil Gajini 1ක බලලා තියෙනවා. ඒක නම් පට්ට. මමත් හුගදෙනෙක් වගේ මේකත් එළ ඇති කියල අරන් බැලුවා. ඒත් මේක මම හිතපු තරම් කොලිටි නැහැ. (ඒ වෙනකොට මම මේ Site1ක ගැන දැනගෙන හිටියේ නැහැ)

  47. HASHAN

    මේ ෆිල්ම් එකෙ ලන්කාවට බනිනවා නේද ??

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.