Watch Trailer

The Blair Witch Project (1999) | මායාකාරියගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

‘Blair Witch Project’ කියන නම නම් අපේ Horror බයිස්කෝප් රසිකයින්ට නුහුරු වෙන්න විදියක් නෑ. මොකද ‘Found Footage’ හෙවත් ‘දළ සේයාපට හමුවීම’ කියන බයිස්කෝප් වර්ගීකරණය බොහෝ සෙයින් රසික ජනතාව අතරට ආවේ මෙන්න මේ බයිස්කෝප් එකත් සමඟයි. එනිසාම තමයි මේ සිනමාපටය නරඹන්න මා තුළත් බොහොම කුතුහලයක් ඇති වුණේ. ’Horror’…

The Blair Witch Project (1999)‘Blair Witch Project’ කියන නම නම් අපේ Horror බයිස්කෝප් රසිකයින්ට නුහුරු වෙන්න විදියක් නෑ. මොකද ‘Found Footage’ හෙවත් ‘දළ සේයාපට හමුවීම’ කියන බයිස්කෝප් වර්ගීකරණය බොහෝ සෙයින් රසික ජනතාව අතරට ආවේ මෙන්න මේ බයිස්කෝප් එකත් සමඟයි. එනිසාම තමයි මේ සිනමාපටය නරඹන්න මා තුළත් බොහොම කුතුහලයක් ඇති වුණේ. ’Horror’ වර්ගීකරණය කිව්වාම බොහෝ අයට එකවිටම සිහියට නැගෙන්නේ හොල්මන් කියන දේ පමණයි. නමුත් ඒ යටතට අයත් වන්නේ නරඹන්නා තුළ බිය ඇතිකරවන සිනමාපට බව මතක් කරන්න කැමතියි. මෙයත් ඒ ආකාරයේ සුපිරි ගණයේ සිනමාපටයක් විදියට දක්වන්න පුළුවන්. මෙය IMDB දර්ශකයේ රේටින්ග් 6.3 ක් වැනි අගයක් පවා ලබාගන්නට සමත් වෙලා තිබෙනවා.

මෙය කලකට පෙර ‘බර්කිට්ස්විල්’ නම් ප්‍රදේශයේ මහ වනයක ජීවත් වූ ‘බ්ලෙයාර්’ නැමැති මායාකාරියක් පිළිබඳ, වාර්තාමය ව්‍යාපෘතියක් කිරීමට එම ප්‍රදේශයට පැමිණෙන සිසුන් තිදෙනෙකු වටා ගෙතී ඇති සිනමාපටයක්. ඔබ අසා ඇති සමහර දුෂ්ට මායාකාරියන් මියගිය පසුවත් පළිගැනීමට හෝ මිනිසුන්ට දුක් කරදර දීමට ආපසු මෙලොවට පැමිණෙන බව. මේ කතා වෘත්තාන්තයත් හුවා දැක්වීමට උත්සාහ කරන්නේ එවන් සංකල්පයක්. මෙසේ මායාකාරිය පිළිබඳ තොරතුරු රැස් කරමින් ඇය ජීවත්ව සිටි වනාන්තරයට පිවිසෙන මේ මිතුරන් තිදෙනා හට කෙබඳු අත්දැකීම් වලට මුහුණ පාන්නට සිදු වේවිද? මායාකාරිය පිළිබඳ මිනිසුන් දක්වන ආකල්පය හුදෙක් මනඃකල්පිතයක් ද? ඔවුන්ට නැවත වනාන්තරයෙන් පිටතට පැමිණීමට හැකි වේවිද? ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳේවිද?

මෙහි අඩංගු දර්ශන සමහරක් කලු-සුදු වන අතර බොහෝ දර්ශන වර්ණ සහිතයි. එයත් මෙහි විශේෂත්වයක්. අවසාන වශයෙන් කියන්න කැමතියි මේ සිනමාපටයේ අනෙක් විශේෂත්වය ගැබ් වෙලා තිබෙන්නේ මෙහි අවසාන මොහොත තුළයි. ඒ නිසා මුල සහ මැද යන අවස්ථා වලදී කෙරෙන කතා බහ සහ නගරයේ මිනිසුන් මායාකාරිය පිළිබඳ දක්වන ආකල්ප පිළිබඳ හොඳින් අවධානය යොමු කරන්න. නැතිනම් ඔබට මෙහි අන්තර්ගතය තේරුම් ගැනීමට අපහසු වේවි.

එසේනම් නැවතත් හමුවෙන බලාපොරොත්තුවත් සමඟ සමුගන්නම් මිතුරනි. ඔබ සැමට සහ බයිස්කෝප් අඩවියට ජය!

The Blair Witch Project (1999) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න c6137a006a9344eaab84efaf761168a8ee25a913 1.4 GB කොපිය මෙතනින් බාගන්න ecd2039ad9f1ed0b7a378f1d4ae568a7f41801fc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

900 downloadsDownload The-Blair-Witch-Project-1999.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසන්ත චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

900 downloadsDownload Subtitles93 KB

38 comments

  1. notisamanalaya

    niyamai.. patta..

  2. ositha

    patta akak wage balanan one :D

  3. chami

    thxxxxxxxxxxxxx

  4. ranga

    bohoma thuthi saho :D balanna one

  5. naleen

    good films

  6. tharanga

    ජය වේවා මචෝ තවත් හොද ඒවා දෙමු

  7. Asheka

    Horror ewanam aniwa balanawa puthe...macho puluwannam Shutter kiyana movie ekata sub danna puluwanda? thai version ekanam godak hodai...

  8. yasas

    thx lot

  9. sds

    godak thanks

  10. was

    බොහොම තුති :)

  11. ganidu

    තැන්ක්ස් වේවා!!!

  12. ccnp

    Thanks

  13. uda

    මමත් මේ චිත්‍රපටය බලලා තියෙනවා. ඇත්තෙන්ම ඒ දවස්වලනම් සිනමාව ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඔහේ බැලුවා. මදිවට ඒ කාලේ මෙච්චරවත් ඉංගුරිස් දන්නෙත් නෑ. ඉතින් සහෝ කීවා වගේ ඔහේ බලන්නන් වාලේ තමා බැලුවේනම්! :D

    ඉතින් මම මේ තේමාව යටතේ තැණුනු චිත්‍රපටිවලින් මුලින්ම බැලුවෙත් මේකම තමා. අම්මෝ ඒ කාලේනම් බයවුණාට වඩා වුණේ නිකම් විකාර වෙන එක. මේ මොකද්ද යකෝ කියලා. මොන විකාරයද්ද මේ? කැමරාවක් උස්සගෙන යන හැත්තක්නෙ, කියවනවා, ඔහේ යනවා, මේ මොන මළමගුලද්ද මේ කියලා තමා හිතුණේ! :O

    නමුත් පස්සෙ කාලෙක ආපහු බලන්න ලැබුණා, එතකොටනම් වැඩේ ටිකක් දන්නා නිසා තේරුණා. මෙහෙම එකක් කරන්න මම නොගිය එක ගැන සන්තෝෂ වුණා එතකොටනම්, වෙන අද්භූත දේවල් දැක්කම. ඒ වුණත් ආපහු බලන්නම වෙනවා දැන් මේක ළග නැති නිසා. මොකද සිනමා කලාවම වෙනසකට ලක් කරපු මේ වගේ එකක් ළග නෑ කියන්නේ ලැජ්ජයි වගේ නිකම් :D

    එහෙනම් තැන්කූ වේවා මේ වගේ අමුතු එකක් ගෙනාවට. හොරර් විතරක් නෙවෙයි මුළු සිනමා ලෝකයටම දැන් කොතෙකුත් තැනෙනෙ; සරල, සැහැල්ලු සහ අඩුවැය චිත්‍රපටි නිපදවීමේ එක රහසක් කියාදුන්නේ මේ චිත්‍රපටය තමා. නේද?

  14. vee

    niyamai saho :D maxxa

  15. හර්ෂ ලහිරු

    ටිකක් පරණවුනාට රජ බඩුවක් වගේ
    අනිවා ඉතින් බෑමක් තමයි
    ජයවේවා සහො

  16. “චූටී මල්ලි”

    අද අපිව දෙවෙනි පාරටත් භය කොරන්නයි යන්නෙ නෙ
    සබට තුති
    ඔබට ජය.............

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  18. යසන්ත චාමර

    බොහොම ස්තූතියි සහෝලා අදහස් වලට...:D

  19. mudiya / මුදියා

    හොල්මනුත් නෙවෙයිනෙ.ඒ වුනාට බය වෙන ෆිල්ම් එකක්නෙ.අනිව බලන්න ඕනි.නියමයි යසන්තයෝ.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

  20. Rajitha

    thanks machan

  21. #ChalinduDeshan (කිනා)

    ඕං බලාකො ඉතිං.
    ආපහු ගෙනත් තියෙන්නේ
    භය හිතෙන එකක් නොවැ. කමක් නෑ
    ඉතිං අප්පා..
    බයවෙන්න හරි බලමුකෝ ඒනං.
    ස්තූතියි.
    ජයවේවා!

  22. රොයිලි

    බොහොම ස්තූතියි යසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. me

    Thanks

  24. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    හොල්මන් නම් ඉතින් අනිවා බලනවා ස්තුතියි සහෝ සබ් එකට ..

  25. Manjula Kumara

    ස්තුතියි සහෝ උපසිරසියට,
    ජයවේවා...!

  26. gihan

    බොහොම ස්තුතියි

    1. Anonymous

      Me parana film wasa subtitles file eke zip currupt wela සහෝදරයා එකක් වත් වැඩ නෑ ❤️සබ් එකට ස්තූතී

    2. Nirmal Vimukthi

      පරණ ෆිල්ම් වල වැඩ නොකරන සබ් දැන් හදාගෙන යනගමන් තියෙන්නේ සහෝ..
      ගොඩක් තියන නිසා ටික කාලයක් ගතවෙනවා..

  27. wimukthi

    machan Will Smith inna "Wild Wild West (1999)" patta movie ekak... comedy sin tiyanawa,,, puluwan nam oke sub eka denna,,, godak watinawa,,,,

  28. සංජය

    thanks bro.

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. Rashmika

    me wge parna hda film wlt sub dena 1knm harima watinwa..digtma sub denna..JAYA WEWA!

  31. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සහෝ

  32. chinthaka

    thnks bro........

  33. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  34. Lakshansilva18

    Frailty (2001) movie ekatath sub dennako

  35. Shaggy

    බොහොම ස්තූතියි

  36. Anonymous

    shang chi ekath danna saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.