කොහොමෙයි ඉතින් කස්ටියට, මෙවර ඔස්කා සම්මානයට නිර්දේශ වෙච්චි තවත් බයිස්කොප්පුවක් අරන් තමයි ඔන්න සෑහෙන කාලෙකින් ආයේ ඔයාලව බලන්ට ආවේ. මේක 18+ එකක්. පස්සේ මට මුකුත් කියන්න එපා ඔන්න. 18+ කිවුවට මේක තනිකරම අසභ්‍ය චිත්‍රපටයක් නෙමේ සමහරුන්ට 18+ කියපු ගමන් හිතෙන්නේ ඒකනේ. මේකේ තැන් කිහිපයක අඩ නිරුවත් සහ යම්තා…

කොහොමෙයි ඉතින් කස්ටියට, මෙවර ඔස්කා සම්මානයට නිර්දේශ වෙච්චි තවත් බයිස්කොප්පුවක් අරන් තමයි ඔන්න සෑහෙන කාලෙකින් ආයේ ඔයාලව බලන්ට ආවේ. මේක 18+ එකක්. පස්සේ මට මුකුත් කියන්න එපා ඔන්න. 18+ කිවුවට මේක තනිකරම අසභ්‍ය චිත්‍රපටයක් නෙමේ සමහරුන්ට 18+ කියපු ගමන් හිතෙන්නේ ඒකනේ. මේකේ තැන් කිහිපයක අඩ නිරුවත් සහ යම්තාක් දුරකට ලිංගික දර්ශන කිහිපයක් පෙන්වනවා ඒ නිසයි මේක 18+ වලට වැටෙන්නේ. නැත්තම් මේක වල් කතාවක් හෙම නෙමේ බොහොම සංවේදී කතාවක්. පහුගිය වතාවේ දුන්නු Frozen බයිස්කෝප්පුවට නම් සෑහෙන ප්‍රතිචාරයක් ලැබුණා දකින්නත් සන්තෝසයි ඒ වගේ ප්‍රතිචාර ටිකක්. ඒ හැම එකක්ම මම කියෙවුවා බොහොම ස්තුතියි අදහස් දක්වපු හැම කෙනෙක්ටම. ඒ වගේම සමාවෙන්න අපෙ අඩවියට උපසිරසි ලබාදෙන සහෝදර සහෝදරියන්ගේ උපසිරසි සදහා අදහස් දක්වන්න නොහැකිවීම ගැන පුළු-පුළුවන් වෙලාවට පුළු-පුළුවන් විදිහට කිහිපයකට අදහස් පළකළා. තරහ අවසරයි හැම කෙනෙක්ගෙන්ම. රොයිලි අයියා කිවුවා වගේ මේ ආදරණිය කොටි වලිගය අතාරින්න හිතක් නැහැ ඒ නිසයි මොන දේ උණත් වෙලාවක් ලද විගහින්ම මේ විදියට එවෙන්නේ. අනික ඉතින් අද වැලෙන්ටයින් සමරන්න තියන එකක්යැ 😉 කයිවාරුව ඇති හැරෙමු විස්තරය දිහාවට.
මේක මෙවර ඔස්කා සම්මානයට නිර්දේශ වෙච්චි එකක්. ඒ හොදම විදේශීය භාෂා සිනමාපටය ලෙසින්. මිට අමතරව තවත් නිර්දේශවීම් 17ක් සමගින් ජයග්‍රහණ 12ක් ලබලා තියනවා. මේකේ භාෂාව විදියට භාවිතා වෙන්නේ ලන්දේසි භාෂාව කියලයි විකිපීඩියාවේ සදහන් වෙන්නේ ඒ වගේම සිනමාපටය අයත් රට විදියට බෙල්ජියම සදහන් වෙනවා. නාට්‍යමය-රෝමාන්තික සහ සංගීතමය කියන කාණ්ඩයන්ට අයත්වෙන මෙය imdb වෙබ් අඩවියේ ප්‍රේක්ෂක මනාපයන්ගෙන් ‘7.9’ක් වගේ ඉහළම අගයක් අරගන්න සමත් වෙලා තියනවා. මේ සිනමාපටයේ ප්‍රධාන චරිත තුනක් වටේ තමයි දිවයන්නේ. අනිත් චරිත වල නම පවා සදහන් වෙන්නේ නැති තරම්. මේකේ කතාව ගැන නොකියා මේ විදියට එකම එක දෙයක් ඔයාලගෙන් අහන්නම්, ඔයාගේ ලෙයින් උපන් ළමයට පිළිකාවක්…. ඒ නිසා සිත් තැවුලට පත් ඔයාගේ බිරිද සියදිවි නසාගන්න ගිහින් කෝමා තත්වයට පත්වෙලා….. මොනවගේ දේවල් හිතෙන්න, දැනෙන්න ගනීවිද…? පටන්ගන්න වෙලාවේ ඉදන් අවසානයක් වෙනකම් කම්මැලි නැතුව අතීත සිදුවීම් වර්තමානයේ ගළපන මේ සිනමාපටය මම කියනවටවත් බලන්න. ඒ වගේම මේවගේ තව කතාවක් තියනවා 50-50 කියලා. එක නොබලපු කෙනෙක් ඉන්නවානම් ඒකත් බලන්න.
ඒ වගේම මේකේ සමහර තැන් වල සදහන් වෙනවා කෙමෝ කියලා වචනයක්. ඒ කියන්නේ chemotherapy තමයි ඒකෙ හරි වචනේ එකේ තේරුම රසායනික චිකිත්සාව කියන එක ඒත් මම ගොඩක් තැන් වලදී ඒක කෙමෝ කියලම දැම්මා මොකද එහෙම නොදැම්මනම් අදහස නොගැලපෙන්න පුළුවන් නිසා. යම් අපහසුතාවයක් උණොත් ඒ ගැන කමා කරත්වා. එහෙනම් ආයේ දවසක හම්බවෙමු. ගිහින් එන්නම් හැම කෙනෙක්ටම ජයෙන් ජය 🙂
“Life isn’t generous”
FBD8EC68F4EE69BF6B5CB3CE5B77227D522EB78F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,744 downloadsDownload The.Broken.Circle.B.2012.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
40 comments
Ashan ravihansa
Ashan ravihansa
ammatahudu ada man 1 velane..........
Ashan ravihansa
ade man ada man 1 velane..........
Sub Kanna
Bola Umaba Polonnaruwe neda. polonnaruwe ayata me dawas wala 1 labenawa.
නලින්
එළ එළ විමා, ඉදලා ඉදලා උඹත් ගෙන්නේ ලොවෙත් ගැට්ටේ නැති කථානේ බං
ඇත්තටම 18+ උනාට සංවේදි කථාවක් වගේ
ස්තුතියි විමෝ
ජය වේවා!
Sanjaya
Niyamay Niyamay..... Onna Mat gatta. thanks Saho...
චතුර මදුසංක
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියිNandana
Thank You Shan.
හර්ෂ ලහිරු
එලකිරි විමා 50-50 ෆිල්ම් එකත් සුපිරි :P
ස්තුතියි සහො සබට :D ජයගයාන් රූකාන්ත (ජෝනා)
ඈ බෝල උබ කිවා නේද ආයෙම කාලෙකට සබ් එකක් කරන්න වෙන්නේ නැ කියලා
එහෙනම් මේ ගෙනත් තියෙන්නේ .ඔන්න ගත්තා එහෙනම් ජය වේවා සබට තුතිMayura Suraj
Ado patta ah. thnx kolla :-)
me
Thanks
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)jack
පට්ට කතාවක් සහෝ.
බොහෝම ස්තුතියි.හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත
50-50 නම් බැලුවා..
ඒකනම් සිරා කතාව...
මේකත් බලමුකෝ එහෙනම්....
එලවිමෝ...එල...shani
Monte.Carlo.2011, Camps rock 01,02,
16 Wishes,A Cinderella Story (2004),Another Cinderella Story (2008 Video),Bride Wars (2009),Charlie St. Cloud (2010) movies
valata sub dannakoTharindu Perera
Elazz elazzz...maxxahh kathavak vagee....danmaa bagannavaa onnn...thankss machan sub ekatahhh...
martin
ela..
digatamata karapan ...
magen support eka ubataSandun
Thanqqqqqqqqqqqq........
කේ.යූ.ජී. උදාර
නියමයි විමා..........
සිංහල සබට බොහොම ස්තූතියි.සුමුදු
නියමයි කොල්ලෝ.ජය වේවා!
yeshu
tnX
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි ශාන්,ජයවේවා.
“චූටී මල්ලි”
එලස් විමා
කාලෙකින්
18+ ඒවා කොහොමත්
සංවේදියි තමා බන් :D :D
සබට තුති
ඔබට ජය....රොයිලි
බොහොම ස්තූතියි විමෝ සහෝ සිංහල උපසිරැසියට. බලපු සංවේදී කතාවක්. සබ් එක එක්කම ආපහු සැරයක් බලමුකො එහෙනම්. ජය෴෴ :P :P
ashen
me wage ela film thawa deepan macho, uba dala thiyena headline ekath mara lassanai, niyama therumak thiyenawa
චමී
බොහොම ස්තුතියි සහෝ. මේ වගේවෙනස් ඒවා දෙනවට. ඔන්න මාත් බෑවෙන්න දැම්මා. බලලම හොඳ නරක කියන්නම්... ජයවේවා..
Chami
Thanks...
chandima
එල එල මම බැළුවා පට්ටයි සුභපැතුම් ඔබට සහෝ නියම මුවි එකක්..
nalaka
thanks vima
jzone
thanxxx
දිල්ෂාන් කාලිංග
ඔන්න මමත් දාන්න යන්නේ උඹ දානවා වගේ කොමෙන්ට් එකක්.
වෙලාවක් තිබුන වෙලාවක බලන්නම්කෝ එහෙනම්.
පට්ට වැඩක් කොල්ලෝ...DDSameera
Niyamai..macchan.....suba pathanawa...18+ unata...mewage katha hari sanwedi....api balana konayai wenas wenna oni..!!
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
damithsameera
kiyala wadak na mare maru
sumith
පට්ට ස්ටෝරියක් නියමයි ජයවේවා
dinesh
lassanai saho sub ekata thanks
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Lakshan999
Thank you
mangalaP
Bohoma sthuthiyi thawa kenek wenuwen karana me kapakirimata.
Advertisement

එල වැඩක් කොල්ලො