කොහොමද කට්ටියට, ඔන්න මම අද අරගෙන ආව 80 දශකයේ ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම The Hitcher (1986). මෙය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Robert Harmon නැමති අධ්‍යක්ෂකවරයා විසින්. මෙහි තිර පිටපත Eric Red විසින් රචනා කර තිබෙනවා. මෙහි John Ryder ගේ චරිතයට පණ පොවන්නේ 2019 වසරේ නැසී ගිය නලුවකු වන Rutger Hauer…

කොහොමද කට්ටියට, ඔන්න මම අද අරගෙන ආව 80 දශකයේ ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම The Hitcher (1986). මෙය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Robert Harmon නැමති අධ්‍යක්ෂකවරයා විසින්. මෙහි තිර පිටපත Eric Red විසින් රචනා කර තිබෙනවා. මෙහි John Ryder ගේ චරිතයට පණ පොවන්නේ 2019 වසරේ නැසී ගිය නලුවකු වන Rutger Hauer විසින්. 1982 වසරේ තිරගත වූ Blade Runner චිත්‍රපටය සහ මෙය ඔහුගේ සාර්ථකම චිත්‍රපට ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව C. Thomas Howell තරුණ වියේදී Jim Halsey ලෙස මෙහි චරිත නිරූපණය කරනවා. Jennifer Jason Leigh මෙහි Nash ගේ චරිතයට පණ පොවනවා. චිත්‍රපටය 1986 පෙබරවාරි 21 වන දින ඇමරිකාවෙදී නිකුත් කර තිබෙනවා. Action | Thriller යන කාණ්ඩ වලට අයත් වන මෙම චිත්‍රපටය Imdb දර්ශකයේ 7.2/10 ක අගයක්ද, Rotten Tomatoes දර්ශකයේ 61% ක අගයක්ද, Google පරිශීලකයන්ගේ 90% ක අගයක්ද දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මෙහි Remake එකක් තමයි 2007 වසරේදී නිකුත් වූ The Hitcher (2007) චිත්‍රපටය. මට නම් මේ Original එක තමයි සුපිරිම. 😎පැරණි උනාට මුල සිට අවසානය දක්වා කම්මැලි නැතිව බලන්න පුලුවන් සුපිරි චිත්‍රපටයක්.
හරි එහෙනම් මම කතාව ගැන ටිකක් කියල ඉන්නම්,
ජිම් හැල්සි කියන්නේ තරුණ වියේ පසු වෙන පිරිමි ළමයෙක්. මෙයා දවසක් කාර් එකකින් අධිවේගී මාර්ගයේ ගමන් කරන අවස්ථාවේ මෙයාගේ කාර් එකට මගදී එක පුද්ගලයෙක් අත දානවා. ජිම් මෙයාව වාහනේට නග්ග ගන්නවා. ටික දුරක් යද්දි ජිම් ට තේරෙනවා මෙම පුද්ගලයා අද්භූත උමතු පුද්ගලයෙක් කියල. ඉතින් මෙම පුද්ගලයා ජිම් ව මරන්න උත්සාහ කරන අතර, ජිම් කොහොම හරි ඒකෙන් බේරිලා පැනල යන්න සමත් වෙනවා. එතැන් සිට මෙම උමතු මිනිසා ජිම් ගේ පසු පස පන්නන්න පටන් ගන්නවා. නොසිතන දේවල් වලට ජිම් ට මුහුණ පාන්න සිද්ද වෙනවා… කතාවේ අවසානය මොකක් වෙයිද කියල ඔයාලම බලන්නකෝ. හරි එහෙනම් මම ගිහිල්ල එන්නම්. නැවත හමු වෙන තුරු හැමෝටම ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,433 downloadsDownload The.Hitcher.1986.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
8 comments
හසිත මධුෂාන්
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika75
thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...
Dewadithya
Thanks for sub!
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Advertisement

සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!