ආයුබෝවන්.. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න මං අදත් මගේ DVD චිත්‍රපට එකතුවේ තියන ඒත්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ නැති චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන ආවා. The Ladykillers. මේ චිත්‍රපටය 2004 අවුරුද්දේ තමයි තිරගත වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තහනම් කියලා හඳුන්වන විෂය කරුණු සැහැල්ලු ක…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න මං අදත් මගේ DVD චිත්‍රපට එකතුවේ තියන ඒත්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ නැති චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන ආවා. The Ladykillers.
මේ චිත්‍රපටය 2004 අවුරුද්දේ තමයි තිරගත වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තහනම් කියලා හඳුන්වන විෂය කරුණු සැහැල්ලු කරලා දක්වන අදහසක් ගෙනෙන ලෙස මේ චිත්‍රපටය වර්ග කරලා තියෙන්නේ Black Comedy චිත්‍රපටයක් විදිහටයි. Joel සහ Ethan Coen යන දෙදෙනා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය යන දෙකම බෙදාගත්ත පළවෙනි චිත්‍රපටය මේ චිත්‍රපටයයි.
1947 සිට 1957 දක්වා කාලය තුල ලන්ඩන් නුවර පිහිටි ඊලිං චිත්‍රාගාරය විසින් නිෂ්පාදනය කල හාස්‍ය චිත්‍රපට පසු කාලෙක ඊලිං චිත්‍රපට විදිහට ලැයිස්තුගත කරලා තියනවා. මේ නමින්ම තිබුණු William Rose තිර රචනා කල ඊලිං චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් තමයි මේ චිත්‍රපටය. ඔයාල දැනටමත් මේ චිත්‍රපටය බලලත් ඇති.
චිත්‍රපටය පැත්තට හැරෙනවනම් හිගින්ස් ඩෝර් නම් මංකොල්ලකරුවෙක් ඔහුගේ ඊළඟ මංකොල්ලය වන කැසිනෝ ශාලාවක මංකොල්ලය සඳහා මන්සන් මහත්මියගේ නිවසේ කුලී පදිංචියට එන්නේ තමන් සංගීත කණ්ඩායමක නායකයෙක් ලෙසයි. ඔහුගේ සගයින් එකකට එකක් වෙනස් වෘත්තීන් කරන හතර දෙනෙකි. ඩෝර්ගේ ඇති අනෙකාගේ සිත් වශීකරන කතා විලාශය නිසා ඔහු බොහෝ කරදර වලින් බේරෙනවා. සැලසුම් කල විදිහටම මංකොල්ලය සිදු කලත් පෑන්කේක් නැත්නම් ගාත්ගෙන් සිදුවන සුළු අත්වැරදීමකින් මන්සන් මහත්මිය මුදල් පිළිබද ප්‍රශ්ණ කරනවා. ඒවාටත් සුපුරුදු කතා විලාසයෙන් උත්තර දෙන ඩෝර් අවසානයේ මන්සන් මහත්මිය ඝාතනය කරන්නට සැලසුම් කරනවා. ඩොර්ගේ කණ්ඩායමට සල්ලි ටිකත් අරගෙන මන්සන් මහත්මියගෙන් මිදී යන්න පුළුවන් වෙයිද.. කාගේ කාගේත් ඉරණම් කෙසේ ලියවිලා ඇත්ද ?
මෙහි Tom Hanks, ගෝල්ඩ්වයිට් හිගින්ස් ඩෝර් ලෙස එකතුවෙන අතර, මාර්වා මන්සන් ලෙස Irma P. Hall ද, ගැවයින් මැක්සම් ලෙස Marlon Wayans ද, ජෙනරල් ලෙස Tzi Ma ද, ලම්ප් හඩ්සන් ලෙස Ryan Hurst ද ඇතුළුව Diane Delano, George Wallace, Stephen Root, Jason Weaver, Greg Grunberg, Blake Clark, Aldis Hodge, Jeremy Suarez යන අයද රංගනයෙන් එකතු වේ.
මෙහි සංගීත නිර්මාණය Carter Burwell විසිනි. චිත්‍රපටය සඳහාම ගීත 18ක් නිර්මාණය කර ඇත.
කැමරා අධ්‍යක්ෂණය Roger Alexander Deakins විසිනි.
2004 මාර්තු මස 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ තිරගතවීම ආරම්භ කල මෙම චිත්‍රපටය විනාඩ් 104ක ධාවන කාලයකින් යුක්තය. ඩොලර් මිලියන 35ක නිෂ්පාදන පිරිවැයක් දරා ඇති මෙහි බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 76.7කි. IMDb දර්ශකයේ 6.2ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය Rotten Tomatoes දර්ශකයේ 54% ක අගයක් ලබා ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආයෙත් දවසක තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන මම එන්නම්. ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,975 downloadsDownload The-Ladykiller-2004.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
10 comments
Shamal manojan
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය!!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Adara kathawa
Oya meka google translate daalada sub kale? Melo galapeemak naha ne
Sajithpe
සිංහල වචන කිසිම තේරුමක් නෑ මචං. ඔයා මේ film එක සබ් එකත් එක්ක එක පාරක් හරි බැලුවානම් මේක දාන්නෙ නෑ. google translator දාලා ඒක එහෙම්ම සබ් එකට දාලා වගේ.
Janak satharasingha
Hodekiyanne aye nathath adupadu kiyanne oni tharam aye innewa mema hari sub ekac dena eketa isthuthi kerepalla hitapalla mulin ubala ochera waddo nam ubala sub kerepalla.A minissunge mahansiye therum ganilla!Jaye wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Advertisement
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request...
බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබාදුන් The Silence of the Lambs - 1991 ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ ඉතිරි චිත්‍රපට කිහිපය.
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007