ඔන්න යාලුවනේ මං අද ගෙනාවේ අපි හැමොම දන්න බෘස් ලීගේ ජිවිත කතාව දැක්වෙන the legend of bruce lee කියන ෆිලුම.මේක 2008 ටිවි සීරිස් එකක් විදිහට ඇවිත් 2010දි ෆිල්ම් එකක් විදිහට රිලීස් කරා.මේ ෆිලුම සබ් දාන්න හුගක් කල් ගත්තා.බයිස්කෝප් ඇඩ්මින් අයියලාට ස්තුතියි මෙච්චර කල් බලං හිටියට. ෆිලුම විනාඩි 183ක් ඒ කියන…

ඔන්න යාලුවනේ මං අද ගෙනාවේ අපි හැමොම දන්න බෘස් ලීගේ ජිවිත කතාව දැක්වෙන the legend of bruce lee කියන ෆිලුම.මේක 2008 ටිවි සීරිස් එකක් විදිහට ඇවිත් 2010දි ෆිල්ම් එකක් විදිහට රිලීස් කරා.මේ ෆිලුම සබ් දාන්න හුගක් කල් ගත්තා.බයිස්කෝප් ඇඩ්මින් අයියලාට ස්තුතියි මෙච්චර කල් බලං හිටියට. ෆිලුම විනාඩි 183ක් ඒ කියන්නෙ පැය 3ක් තියෙනව. ඒක හින්දා විඩියෝ පිටපත ලොකු mb ගානක් ඇති.මේකෙ බෘස් ලීට රගපාන්නෙ danny chan කියලා චින නලුවෙක්…ආයේ බෘස්ලී වගෙමයි.ඒ හින්දා ෆිලුම තාත්වික ගතියක් තියෙනවා.මාර emotional ෆිලුමක් මට නම්..ෆිල්ම් එක ගැහුවේ චීනෙන්.අපි ඇත්තටම බෘස්ලීව දන්නෙ එයාගේ ෆිල්ම් වලින්..අපි දන්නෙ එයා විශිෂ්ඨ සටන් නලුවෙක් විදිහට.මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ ඔයගොල්ලො වෙනදටත් වඩා බෘස්ලීව අගය කරාවි..එයාගේ ජිවිතය දැනගත්තට පස්සෙ පුදුම වේවි…
බෘස්ලී කියන්නෙ හොන්කොන් වල ඉපදුනු කෙනෙක්…එයා මාස්ටර් යිප්මාන්ගෙන් තමයි වින්ග්චූන් කුන්ංෆු ඉගෙන ගෙන තියෙන්නෙ..යිප් මාන් ගැන ඔයගොල්ලො ip man චිත්‍රපට මාලාව නරඹලා දැනගන්න ඇතිනේ..ඉතින් බෘස් ලී ඇමෙරිකාවට ආපු එක නිසා තමා එයාගේ ජිවිතය හුගක් වෙනස් වුනේ..මොකද කිව්වොත් හොන්කොන් වගේ නෙමෙයි ඇමෙරිකාව නිදහස් රටක්.සම්ප්‍රදාය කඩාගෙන නව ආරයක් බිහිකළ කෙනෙක් තමයි බෘස් ලී.ඔයගොල්ලො නොදන්නවා ඇති කුන්ංෆු අද අපි ඉගෙනගන්නෙ බෘස්ලී හින්ද..මොකද එයා තමයි ඉස්සෙල්ලම විදේශිකයන්ට කුන්ංෆු සටන්ක්‍රම උගන්වන්න පටන් ගත්තෙ.ඒ වගෙම බෘස් ලීට තිබ්බ සටන් කලා දැක්ම නිසා මුලු සටන් සක්වලම කනපිට පෙරලුනා.ඒ කාලේ සටන් ශෛලින් වලින් ප්‍රයොගිකව සටන් කරන්න බැහැ කියලා පෙන්නා දුන්න.බෘස්ලී ඒ කාලේ ජනප්‍රිය සටන්කරුවන්ට අභියෝග කරා ඒ සටන්කරුවන්ගේ ක්‍රමෝපායන් හොයන්න. ජුජිත්සු,වින්ග්චූන්,බොක්සිං,මුයිතායි,ටයිකොන්ඩෝ වැනි හුගාක් සටන් ක්‍රම හොයල බලල ජිට්කුන්ඩො නිර්මාණය කලෙ.බෘස්ලී තමන්ගේ දැනුම ආශ්‍රයෙන් පොතක් ලිව්වා.ඒක දැනටත් හුගක් සටන්පාසල් වල අත්පොතක් විදිහට පාවිච්චි කරනවා.ඒක තමයි tao of jeetkunedo කියන්නෙ.ඒක ඔයගොල්ලන්ට ඔනෙ නම් ගුගල් එකෙ පොඩි සර්ච් එකක් දාලා pdf ෆයිල් එක නොමිලෙ ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.ඒ වගෙම mixed martial arts ඇතිවෙන්න සංකල්ප ඇතිවුණේත් බෘස්ලී හින්දා.ඒත් තවමත් බෘස්ලීගේ මරනය අභිරහසක්.විවිධ මත නම් බිහිවෙලා තියෙනවා.බෘස්ලීගෙන් පස්සෙ එයාගෙ පුතා බ්‍රැන්ඩන් ලී රගපාන්න කරලියට ආවා.ඒත් අවාසනාවන්ත ලෙස එයා මරල දැම්මා.බෘස් ලි අද හිටියා සටන් ලොකය කොයි අතට යන්න තිබ්බද කියලා හිතාගන්නවත් බෑ. .
ඉතින් ඔයගොල්ලො ෆිල්ම් එක බලන්නකො..ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ටුවකින් දාන්න…ස්තුතියි

Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.Bruce.Lee.2008.DVDRip.x264-APAX
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,630 downloadsDownload The-Legend-of-Bruce-Lee-2008.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි (තාඕ) මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-03-18
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධි (තාඕ) මිහිරංග
Subtitles
34 comments
දිලා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sasanka Madhumal
Brucelee maruna widiya gana thiyena matha monawada saho??
Sub ekata sthuthi... aniwa balanawa...
Sanindu Lakkitha
බෲස් ලී ගේ මරණෙට හේතුව විදියට ගොඩක් දෙනෙක් විශ්වාස කරනේ ඔහුගේ අධික ශක්තිය නිසා මොලයට හානියක් සිදු උනා කියලයි. මේ මතය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි මිය යන්න කලින් දවසේ රෑ ඔහුට තදබල හිසේ වේදනාවක් ඇති වීම. තවත් පිරිසක් කියන්නේ ඔහුට විෂ ලබා දී මරණයට පත් කලා කියලා.. ප්‍රධානව තියෙන්නේ මේ මතයන් දෙක තමයි!
Anton Perera
මාත් මේ ගැන කලින් පොඩ්ඩක් හොයලා බැලුවා. විවිධ මත සහ අදහස් තිබුණා මේ ගැන. නමුත් මට වැඩියෙන්ම තහවුරු වුන දේ විදියට හම්බුනේ මෙහෙම කතාවක්.
බෲස් ලී එක්තරා දවසක් ඔහුගේ සිනමා නිලි මිතුරියක් සහ තවත් කෙනෙක් සමග මේ නිළියගේ ගෙදර කතා බහක ඉඳල තියෙනවා. එවෙලේ ඔහුට තදබල හිසේ කැක්කුමක් ඇවිත් තියෙනවා. මෙහිදී ඔහුට අර නිළිය විසින් වේදනා නාශකයක් ලබාදීලා තියෙනවා. පස්සේ ඒකත් අරගෙන පොඩ්ඩක් නිදාගෙන උන්න බෲස් ලී එයින් පස්සේ බොහෝ වෙලාවක් යනකන්ම ඇහැරුනේ නැති නිසා අර නිළියයි අනික් කෙනයි ඔහුව ඇහැරවන්න උත්සාහ කරලා. එත් ඔහු අවදි නොවීම නිසා ඉක්මණින් රෝහලකට ඇතුලත් කරලා. එහිදී ඔහු මිය ගිහින් හේතුව විදියට වෛද්‍යවරු කියලා තියෙන්නේ අර දුන්න වේදනා නාශකය ඔහුගේ ශරීරයට විෂ වෙලා. ඒ බෙහෙත් වර්ගය ඔහුට අසාත්මික වීමක් (allergy) වෙලා තියෙනවා කියලයි ඔවුන්ගේ නිගමනය වෙලා තියෙන්නේ.
Sithum
Sub ekata තෑන්ක්ස් බ්‍රෝ
Bobby
Thank you very much Buddhi
seneboy89
Download site eke nahane bro. Thanx for sub
Tao
idope.se
Bandara
Thanks lot
Bandara
Download site eke nahane bro
Tao
idope.se
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
අසිත
Elama saho thanks
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Lakshan
Thanks Bro.
තාඕ
යාලුවනේ...කස්ටියට ෆිලුම තියෙන සයිට් එක හම්බුනා නේද?
kelum chathuganga abeysekara
thanks
Anton Perera
Thanks sub ekata
para
ellllllllllllllllllllllllaaaaaaa
akalanka
thanks mchn. jaya wewa
Nelson
Good work friend, Thanks!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraDulanga
Thanks
kelumchathuranga
thanks
Jayantha_gamalath
How to Thank u ? Actually, Thank u very so much for this .B'cos I'm a Bruce Lee fan. PLease give us 'Dragon the Bruce Lee story' soon. Thank u again.
Chamara Diaz
Super bro...~
onlinejanaka
bluray වපට සෙට් නැනෙ ඔය රීප් ඒක හොයාගන්නත නෑ
onlinejanaka
machan meka Bluray rip ekata set vennaha oyaa kiyala thiyena DVD rip eka download karannath naa dan .??
Advertisement

උපසිරැසි ලබාදුන්නට තෑන්ක්ස් බ්‍රෝ