ඔන්න මම තවත් හින්දි සිනමාපටයක් අරගෙන ආවා. මේක මේ වසරේ මාර්තු 07 වන දින තිරගත වීම අරඹපු අලුත්ම අලුත් චිත්‍රපටියක්. සුපුරුදු පරිදි මුලින්ම ස්තුතිවන්ත වෙනවා කලින් උපසිරැසියදී අදහස් දක්වපු හැමෝටම. ඒ අදහස් තමයි අපිට ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න ශක්තිය ධෛර්‍යය ලබා දෙන්නේ. ඒ නිසා අදහස් දක්වපු අයට ස්තුතිවන…
ඔන්න මම තවත් හින්දි සිනමාපටයක් අරගෙන ආවා. මේක මේ වසරේ මාර්තු 07 වන දින තිරගත වීම අරඹපු අලුත්ම අලුත් චිත්‍රපටියක්. සුපුරුදු පරිදි මුලින්ම ස්තුතිවන්ත වෙනවා කලින් උපසිරැසියදී අදහස් දක්වපු හැමෝටම. ඒ අදහස් තමයි අපිට ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න ශක්තිය ධෛර්‍යය ලබා දෙන්නේ. ඒ නිසා අදහස් දක්වපු අයට ස්තුතිවන්ත වෙන එක අපේ යුතුකමක්. ඒ වගේම මේක භාර දුන්න විකියා අයියවත් මතක් කරන්නම ඕන.
ඉතින් චිත්‍රපටය ගැන කියන්නම්. මේක Comedy, Drama, Romance ලෙස වර්ගීකරණය කර තිබෙනවා. ඒ වගේම ප්‍රධාන චරිත වලින් දායක වෙන්නේ Ali Zafar ( අමන් ) සහ Yami Gautam ( ආශා ) යන රංගන ශිල්පීන් දෙදෙනා විසින්. Ali Zafar නම් ඔයාලා Mere Brother Ki Dulhan සහ Chashme baddoor චිත්‍රපටවලදී දකින්න ඇති. Yami Gautam නම් Vicky Donor චිත්‍රපටියේදී දකින්න ඇති. ඒ වගේම මෙහි තවත් වැදගත් චරිත දෙකක් සඳහා Anupam Kher සහ Kirron Kher යන ප්‍රවීණ රංගන ශිල්පීන් යුවල දායක වෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eeshwar Nivas විසින්. IMDb අගය නම් 5.4ක් වගේ ටිකක් විතර අඩු අගයක් ගත්තත් මම නම් කියන්නේ මේකට ඊට වඩා දෙන්න පුලුවන් කියලා.
මම කතා කියන්න නම් දක්ෂ නෑ . කොහොම වුණත් මම ඔයාලට කතාව ටිකක් කෙටියෙන් කියන්නම්. අමන් පාකිස්ථානුවෙක්. ආශා ඉන්දියානුවෙක්. ඒත් මේ දෙන්නම ඉන්නේ එංගලන්තයේ. ඉතින් මේ දෙන්නා එකිනෙකාට ආදරේ කරනවා. ඉතින් මේ දෙන්නගෙ විවාහය ගැන කතා කරන්න ආශා අමන්ව තමන්ගේ ගෙදර එක්කගෙන යනවා. ආශාගෙ පවුලේ අයට පාකිස්ථානු කිසිම දෙයක් පේන්න බෑ. එයාලා පාකිස්ථානයට වෛර කරනවා. මොකද එයාලා ඉන්දියානුවො නේ. ආශාගෙ ගෙදර ඉන්නේ අම්මයි සහෝදරියයි සහෝදරයයි. එයාගෙ තාත්තා අමන් එන වෙලාවෙ ගෙදර නැහැ. ඒ වගේම එයාලා දන්නෙ නෑ අමන් පාකිස්ථානුවෙක් කියලා. ඉතින් අමනුයි ආශායි ගෙදර තත්වෙ ටික ටික හදාගෙන එනකොට අමන් අතින් මිදුන සුප් භාජනයක් ජනේලයෙන් බිමට වැටෙනවා. මේක වැටෙන්නෙ බිමටම නෙවෙයි. කවුදෝ කෙනෙක්ගේ ඔලුව උඩට. අමන් මේ ගැන ගොඩක් බයවෙනවා. ආශා කියනවා මේක දැක්කෙ නෑ වගේ සද්ද නැතුව ඉමු කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට අමන්ට මතක් වෙනවා, තමන් දැක්ක ආශාගෙ තාත්තගේ පින්තූරවල තාත්තගේ ඔලුවේ හැඩයත්, අර සුප් භාජනය වැදිලා වැටුණ මිනිහගේ ඔලුවේ හැඩය වගේමයි කියලා. ඉතින් ගෙදර අය තාත්තව හොයන්න ලොකු කලබලයක් ඇති කරනවා.ඉතින් ආශාගෙ තාත්තට මොකද වෙන්නේ? අමන්ට ගෙදරින් කැමැත්ත ලැබෙයිද? කියලා දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙයි. කතාව ටිකක් නීරසයි වගේ වුණාට හරිම රසවත් අවසානය දක්වා ආශාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක්. මේ කිවුවේ සාරාංශය විතරයි. ඔය අතරතුර තවත් රසවත් විනෝදජනක සිදුවීම් රැසක් තියනවා.
ඉතින් හැමෝටම චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම හැකි පමණින් අදහස් දක්වලා යන්න කරුණික වෙන්න. එහෙනම් ඉතින් හැමෝගෙම කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් ලස්සන චිත්‍රපටියක් ඔයාලට අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.
9DB74BB800EEB8C0C4EE4DA87244CC934C66B453 99E2008E814FD9F857AF3208064F8B655C87FAF7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,895 downloadsDownload Total-Siyapaa-2014.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/අදිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
48 comments
Suchira
Hivin
aniwa baanawa ,,,elzzzzzzz
ගයාන් රූකාන්ත(ජෝනා )
ඔන්න ගත්තා සබට තුති මචෝ
ජය වේවා ..දිගටම සබ් දෙන්න
අවැසි ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා පතනවාthilina
ජයවේවා….
උපසිරැසියට තුතිඅසෙල්
Niyami sahoo denakam bagena balan hitiyee
Romba thanx
thawa sub dena shaktiya dairaya labenna onaප්‍රමෝ//
තව හින්දි එකක් ඉක්මනට ඕනේ...
ප්‍රමෝ//
තැන්කු වේවා...
Kulanjana Maduranga
ah hoda movie ekak wage.download wenna denma machan. subata thanks ADITHA saho. digatama sub demu.jaya wewa....
Wishvanath
සුපිරි හොදේ
මේක එනකම් හිටියෙAyesh
Thank You. Puluwannam Love Aaj Kal Movie Ekata Sub Daala Denna
jack
ස්තුතියි සහෝ..
වෙනස් කතාවක්.ප්‍රදිප්
ගොඩක්ම ස්තුතියි යාලුවා සබට, දිගටම සබ් කරමු. ජය…………………………………………
yenu
godak sthuthiy sub dunnata,aluthma film unu unuwe api therena sinhalen balanne oyalage kepaweema nisai.........
Global
Thanks Bro.......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
nනියමයි මචෝ//
ද්ගටම දෙමු...මම ට්‍රේලරේ බැලුවා මේකේ..
ලස්සන කොමඩියක්..
අනික අනුපම් කෙර් ඉන්නවා නම් එලම ඇති..
ජය වේවා..ප්‍රමෝ//
මං දැන් මේක බැලුවා.මට හිතගන්න බෑ ඇයි මේකට රෑන්කින් අඩු කියලා..පට්ට කොමඩි එකක්...එක හුස්මට බලන්න පුලුවන් ඉවර වෙනකම්.පට්ට කොමඩියක්...
මම රෑන්ක් දුන්නා නම් අඩුම 7.5ක් දෙනවා.සමහර විට ටිකක් අලුත් නළු නිලියෝ ඉන්න නිසාද මන්දා අඩු..
ඩොක් අයියා
මොකද වෙබ් සයිට් එකට වෙලා තිබ්බේ, ඇයි අර වැඩ කරන්නේ නැතුව ගියේ
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි සහෝ..
kanchana
onna apith gaththa
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
රවිඳු නිපුන්
නියමයි කොල්ලෝ!!! කොමඩියක් වගේ,,,හොඳා හොඳා...දිගටම සබ් දෙමු...ජය වේවා!!!
Darshana
Thanks...
හර්ෂ ලහිරු
මේකනම් සුපිරි වගේ ස්තුතියි සහො :P
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
lkdownload
Thanks Machoooo....
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isu
Thankz Aditha Sahoo Subatal... Onna Gaththa..
Digatma Sub demu Movies walta.."Puluwnnm TV S. Ekaktath Sub Damu Sahoo.." ;-) ;-)
“චූටී මල්ලි”
හොද ඇති වගෙ නෙ
බලන්න ඔනි
ඊයෙ තම වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට් බැලුවෙ
ඔයගෙ සබුත් එක්ක
පට්ටයි
සබට තුති
ඔබට ජය.................Shan Vimukthi
සුපිරි මචෝ කලින් බාලා තිබ්බේ
සබ් දෙන බව දන්නා නිසා නොබලා තිබ්බා
යමි අක්කා ඉන්නවා නොව
නොබලා කොහොමෙයි
මෙන්න සබ ගත්ත මචෝ
බොහොම ස්තුතියි! :DYushen
thanks lot..............
ud@IDM
thanks saho
Sanjaya
Thanks Saho.....
pramuditha madusanka
good work
වරුණ රංගජිත් (වරූ)
ජය වේවා සහෝ
උපසිරැසියට තුති...W.A Nilanka Anuruddha
supppppppppppppppppppppppppppppppppppeeeeeeeeeeeeeeeeeeeerrrrrrrrrrrrrrrrrrrr
Menu
thank you!
amal
thanks
npdjz
thankz sub ekataaa
venuka
ela machna thanks
mr.ඒලියන්.
සබට තෑන්ක්ස්....
amanda serasinghe
godak sthuthi me film ekata sub dammata puluvan nam bhoothnath returns film ekath ikmanata hadala danavada thnxx again!!!
sisiya
අද නැරඹු හින්දි සිනමා සිත්තමක්... ප්‍රහසන අංශයට වැටෙන විනෝදාත්මක චිත්‍රපටයක්... පැය කිහිපයක සිදුවන කතාන්දරයක් ප්‍රේක්ෂකයා සිනහ ගැන්විය හැකි අයුරින් ඉදිරිපත් කර තිබෙනවා... මම නම් ඇත්තටම රස වින්ද...
අදිත ප්‍රවීන් බොහොම ස්තූතියි සබට... KD දිදුල නැති අඩුව ටිකක් හරි ඔයාගෙන් පිරිමැහෙනවා කියලයි මට නම් හිතෙන්නේRashmika
thanks saho hda film 1k wge digtma sub denna JAYA WEWA!!!!!!!!!
Mahesh
thanx sub ekata
sanjeewa SW
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට
P.K
Thanx a lot for the sub saho..
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
Advertisement

thank you