උතුරු ඉන්දියානු ජනශ්‍රැතිවලට අනුව “උඩන් ඛටෝලා” ( හෝ “උරන් ඛටෝලා” – මෙම වචනයේ නිවැරදි උච්චාරණය සිංහල අක්ෂරවලින් ලිවිය නොහැකි ය.) යනු අතීතයේ අහසින් ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලදැයි කියැවෙන යානයකි. බොහෝ විට මෙය, රාවණ රජු සතුව තිබුණු බැව් කියැවෙන “දඬුමොනර යන්ත්‍රය” විය හැකි ය. එවන් ගගන යානයකින් එක්…

Uran Khatola 1955උතුරු ඉන්දියානු ජනශ්‍රැතිවලට අනුව “උඩන් ඛටෝලා” ( හෝ “උරන් ඛටෝලා” – මෙම වචනයේ නිවැරදි උච්චාරණය සිංහල අක්ෂරවලින් ලිවිය නොහැකි ය.)  යනු අතීතයේ අහසින් ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලදැයි කියැවෙන යානයකි. බොහෝ විට මෙය, රාවණ රජු සතුව තිබුණු බැව් කියැවෙන “දඬුමොනර යන්ත්‍රය” විය හැකි ය. එවන් ගගන යානයකින් එක්තරා ස්ත්‍රී මූලික රාජධානියකට පැමිණෙන හින්දුස්ථානී තරුණයෙකුත් ස්වදේශික තරුණියකත් අතර ඇති වන ප්‍රේමයක් පිළිබඳව කියැවෙන “උඩන් ඛටෝලා” හින්දි චිත්‍රපටය 1955 වර්ෂයේදී ප්‍රථම වරට භාරතයේ තිරගත වූවකි.  එසේ ම, එම යුගයේ ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය වූ මෙය වර්තමානයේ පවා පැරණි හින්දි සිනමා රසිකයන් විසින් ආදරයෙන් සිහිපත් කරනු ලබන්නකි.

උඩන් ඛටෝලාවෙහි අනෙකුත් අංගයන් කෙරෙහි විශේෂයෙන් සඳහන් කිරීමට අදහස් නොකළ ද එහි එන මධුර සංගීතය සම්බන්ධයෙන් අදහස් පළ නොකර සිටීම අසාධාරණ ය. සැබැවින් ම, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ උක්ත යුගයේ හින්දි සිනමා කෘතීන්ට ම ආවේනික වූ මධුර මනෝහර සංගීතය විනා “නිම්මි” සහ “දිලීප් කුමාර්” යන නළු නිළි දෙපළ නොවේ යැයි සිතේ. හින්දි සිනමාවට “බටහිර සංගිතය” හඳුන්වා දුන් ප්‍රමුඛ සංගීත නිර්මාණකරුවකු ලෙස සැලකෙන “නෞෂාඩ් අලී” මෙහි සංගීතය නිර්මාණය කිරීමේදී ද බටහිර සංගීතය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට ඇති බැව් පැවසිය යුතු ය. පසුබිම් සංගීතය සම්පූර්ණයෙන් ම පාහේ සංයුක්ත වී ඇත්තේ බටහිර සංගීත නාද මාලාවලිනි. එසේ ම, මෙහි එන පසුබිම් ගීත සඳහා ද හින්දුස්ථානි රාගධාරී සංගීතය සමග බහුල වශයෙන් බටහිර නාදමාලා මුසු කොට ඇත. විශේෂයෙන් ම “මෙරා සලාම් ලේජා”, “මොරේ සයියාජී උඨරේංගේ පාර්” වැනි ගීතවලදී ප්‍රමුඛ වන්නේ බටහිර සංගීතය විනා පෙරදිග රාගධාරි සංගීතය නොවේ. මේ යුගයේ ප්‍රමුඛ සංගීතඥයන් වූ එස්. ඩී. බර්මන්, රෝෂන්, රාම් ගංගුලි වැනි අය හින්දුස්ථානී රාගධාරී සංගීතයටත් බෙංගාලි සහ හින්දුස්ථානී ජන සංගීතයටත් නැඹුරු වෙමින් නිර්මාණකරණයේ යෙදෙත්දී ඔවුන් ගමන් ගත් මාර්ගයෙන් අපගමනය වෙමින් බටහිර සංගීතයට නැඹුරු වීමට නෞෂාඩ් විසින් ගන්නා ලද තීරණය යුගයේ හැටියට පෙරළිකාර එකකි. සංගීතය හෝ නිවෙස යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස පසළොස් හැවිරිදි වියේදී තම පියා විසින් කරන ලද තර්ජනය හමුවේ සංගීතය තෝරාගනිමින් නිවෙසින් පිටමං වීමට තරම් ආත්ම ධෛර්යයක් තිබූ නෞෂාඩ් වැන්නකුගෙන් අප එවැනි නිර්භීතකමක් බලාපොරොත්තු විය යුතු ම ය.

ගීත බොහෝ සංඛ්‍යාවක් අඩංගු වීම 1950 දශකයේ හින්දි චිත්‍රපටවලට ම ආවේණික වූ ලක්ෂණයකි. උඩන් ඛටෝලාවෙහි ද මොහමඩ් රාෆි සහ ලතා මගේෂ්කර් යන ගායක ගායිකා දෙපළගේ මධුර හඬින් ගැයෙන ගීත එකොළහක් අඩංගු ය. මේ සියලුම ගීත එදා සේ ම අද ද අඩු නොවූ ජනප්‍රියත්වයකින් යුතුව හින්දි ගී රසිකයන්ගේ තුඩින් තුඩ රැවුදෙන ඒවා වේ. ඒ අතර “මොරේ සයියාජී උඨාරේංගේ පාර්”, “මෙරා සලාම් ලෙජා”, “හමාරේ දිල් සේ න ජානා”, “හාල් ඊ දිල් මේ ක්‍යා කහා”, “ඕ දූර් කේ මුසාෆිර්” ආදී ගීත විශේෂයෙන් සිහිපත් කළ යුතු ය.

බාලවියේ රූපවාහිනියෙන් නැරඹූ චිත්‍රපට අතර මගේ මතකයේ විශේෂ ස්ථානයක තැන්පත්ව ඇති උඩන් ඛටෝලා හින්දි චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කිරීම බොහෝ කාලයක පටන් මගේ සිත තුළ පැවති ආශාවකි. නමුත්, ගැටළුව වූයේ එහි ඉංගිරිසි හෝ වෙනත් භාෂාවක උපසිරැසි ගොණුවක් අන්තර්ජාලයේ සොයා ගැනීමට නොතිබීම ය. දෘඩ උපසිරැසි සහිත පිටපතක් හෝ සොයා ගත යුතු යැයි යන අදහසින් පසු වූවත් එවැන්නක් හෝ සොයා ගැනීමට මට කිසි දා හැකි වූයේ නැත. එහෙත්, මේ ආශාව පිළිබඳව වරක් මම මගේ හිතවත් “විතානගේ ප්‍රියන්තයන්ට” පවසා තිබුණෙන් සොයා ගත හැකි වූ පළමු අවස්ථාවේ ම ඔහු එහි ඉංගිරිසි උපසිරැසියක් මා වෙත ලබා දීමට උත්සුක වූයේ ය. ඔහු විසින් කරන ලද උපකාරයට විශේෂ සැලකීමක් ලෙසත් මේ චිත්‍රපටය පිළිබදව ඔහු විසින් දක්වන ලද විශේෂ උනන්දුව හේතුවෙනුත්, මා අද දින ඔබ වෙත ලබා දීමට සූදානමින් සිටි “මිඩ්නයිට් චිල්රන්” චිත්‍රපටය මදක් ප්‍රමාද කොට, උඩන් ඛටෝලාවෙහි “සිංහල උපසිරැසිය” හැකි ඉක්මනින් ඔබ වෙත ලබා දීමට සිතුවෙමි. මා වෙනුවෙන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් මෙම චිත්‍රපටය වෙන් කර ගන්නා ලද්දේ ද ඔහු විසිනි. එබැවින්, ඔබ අතට පත් වන මෙම උපසිරැසිය පිළිබඳව වැඩි ගෞරවයක් ඔහු වෙත හිමි විය යුතු යැයි සිතමි. කෙසේ වුවත්, ඉටු කළ යුතු පැරණි ඉල්ලීම් කීපයක් පෙළ ගැසී ඇති බැවින් “ආන්” චිත්‍රපටයේ සිංහල උපසිරැසිය මදක් ප්‍රමාද විය හැකි ය.

උඩන් ඛටෝලා චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කිරීමේදී මම පළමුවෙන් ම “Uran Khatola”  යන කෙටි නමින් පමණක් ඇති “පැය 2 මිනිත්තු 30 සහ තත්පර 44 ක් දිගැති යූටියුබ් පිටපත” සඳහා උපසිරැසි නිර්මාණය කළෙමි. නමුත්, යූ ටියුබ් පිටපතක් අන්තර්ජාලයේ කොපමණ කාලයක් පවතිනු ඇත් ද යන්න අවිනිශ්චිත කරුණකි. එබැවින් වඩාත් ආරක්ෂාකාරී පියවරක් වශයෙන් මම “Uran Khatola 1955 BW Classic Musical AVI 1gB Hindi DaXclusives” නමින් ඇති “පැය 2 මිනිත්තු 24 සහ තත්පර 33 ක් සහ බරින් ගිගා බයිට් 1.05 ක් වූ ටොරන්ට් පිටපත” සඳහා ද ගැලපෙන උපසිරැසියක් සකස් කළෙමි. මේ දෙක අතරින් යූටියුබ් පිටපත සංසන්දනාත්මකව ගුණාත්මකභාවයෙන් වැඩි බැවින් නැරඹීම සඳහා මා නිර්දේශ කරන්නේ එයයි. මේ පිටපත් දෙක හැරුණු විට තවත් යූ ටියුබ් පිටපත් ගණනාවක් අන්තර්ජාලයේ පහසුවෙන් ම සොයා ගත හැකි ය. එහෙත්, රූප රාමුව ඉහළිනුත් පහළිනුත් කපා දමා විකෘති කොට ඇති මෙම පිටපත් නැරඹීමට සුදුසු තත්ත්වයේ නොපවතින බැවින් ඒවා වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කිරීමට කාලය වැය නො කළෙමි. කෙසේ වුවත්, ඉදිරියේදී නිකුත්වන නැරඹීමට සුදුසු තත්ත්වයේ වෙනත් පිටපත්වලට උපසිරැසි යාවත්කාලීන කිරීම සඳහා සූදානමින් සිටින බැවින් “[email protected]” යන ඊමේල් ලිපිනය ඔස්සේ මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

මගේ උපසිරැසි නිර්මාණ සඳහා ධෛර්ය ලබා දෙන, සියලු ම සහෘද හිතවතුන් වෙත මගේ දහහත් වැනි උපසිරැසි නිර්මාණය මෙලෙසින් පිළිගන්වන අතර ඒ සඳහා අවස්ථාව දුන් www.baiscope.lk වෙබ් අඩවියට ද මාගේ ස්තූතිය පුද කරමි. පැරණි සොඳුරු සිනමා සිත්තමක් රස විඳීමට මා සමග එකතු වන ලෙස ආරාධනා කරමින් ඔබෙන් සමුගනිමි.

 

NEW

Uran Khatola (1955) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Uran Khatola 1955 BW Classic Musical AVI 1gB Hindi DaXclusives
Uran Khatola 1955

ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.

109 downloadsDownload Uran-Khatola-1955.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/VajiraRathnayaka2-e1479670159444.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

109 downloadsDownload Subtitles92 KB

11 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Withanage Priyantha Dayakeerthi

    හිතවත් වජිර රත්නායක සොයුර,

    මාගේ ඉල්ලීම ඉටු කරමින් මෙම "අගනා කලාත්මක,සංගීතාත්මක පැරණි හින්දි සිනමාපටයට" සිංහල උපසිරසි සැපයීම පිළිබඳව මුලින්ම ඉතාමත්ම ස්තුතිවන්ත වෙමි! මෙය මා සිංහල උපසිරසි සහිතව මීට පෙර එක් වතාවක් නරඹා ඇත්තෙමි, ඒ දැනට වසර 15 කට පමණ පෙර "ස්වාධීන රූපවාහිනී සේවය" ඔස්සේයි. එදින මේ සිනමාපටය මාගේ සිතේ හොඳින්ම රැඳුනා.
    විශේෂයෙන්ම මතක් කළ යුතු දෙයක් තමා ඒ දිනවල ටජ් මහල්, මධුමතී, ආන්, අල්බෙලා... වැනි බොහෝ පැරණි හින්දි සිනමාපට ගණනාවක්ම එම සේවය ඔස්සේ එකළ විකාශය කළා. නමුත් දැන් "එම ස්වර්ණමය අවධියේ" එක සිනමපටයක්වත් කිසිම චැනලයක විකාශය කරන්නේ නැහැ. මම සිතන්නේ ඒවායේ සියලු අධිපති භාවයන් ඇත්තේ නව පරපුර නියෝජනය කරන්නන් සුරතේ වෙන්න ඇති. එහෙත් කොහේ කොනක වාසනාවක් ඉතිරිවෙලා ඒවායේ රසය හඳුනන මෙම "වජිර රත්නායක" වැනි සොයුරන් ඉතාමත් අතලොස්සක් සිටින නිසා, අප වැනි අයට ඉඳහිට හෝ එම සිනමාපටයක රසය ලබාගන්නට හැකිවෙලා තිබෙනවා. ඇත්තෙන්ම ඔබ ගන්නාවූ මෙම වෙහෙසට මේ සිනමාපට ප්‍රිය කරනා සියලු දෙනාගේ ප්‍රණාමය ඔබට පුදකර සිටිනවා! ඔබට යහපතක්ම වේවා!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks VAJIRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Tharaka

      “Uran Khatola” යන කෙටි නමින් පමණක් ඇති “පැය 2 මිනිත්තු 30 සහ තත්පර 44 ක් දිගැති යූටියුබ් පිටපත” යූ ටියුබ් එකෙන් ඉවත් කරලා වගේ සහෝ. Uran Khatola | Full Hindi Movie | Popular Hindi Movies | Dilip Kumar - Nimmi නමින් නම් පැය 2 මිනිත්තු 30 සහ තත්පර 43 ක් දිගැති යූටියුබ් පිටපතක් නම් තියනවා. ඒත් ඒක තරමක් අපහැදිලි පිටපතක්. පොඩ්ඩක් සොයා බලන්න.

    2. Withanage Priyantha Dayakeerthi

      තාරක සොයුර,

      2017/03/22 දින මා පරීක්ෂා කළා "පැය 2 මිනිත්තු 30 සහ තත්පර 44 ක් දිගැති පිටපත" යූ ටියුබ් හි තිබෙනවා.

    3. Tharaka

      අනේ සහෝ මට “Uran Khatola” යන කෙටි නමින් පමණක් ඇති ඒ පිටපත සෙව්වාට හමුවුනේ නෑනේ. ඔයාට හැකිනම් ඒ ලින්ක් එක මගේ [email protected] ඊමේල් ලිපිනයට එවන්න.

  5. praneeth madu

    ස්තූතියි සහෝ

  6. Tharanga Sandakelum Weerathunga

    මෙවන් විශිෂ්ට සිනමසා කෘතියක් සිංහල බසින් නැරඹීමේ අවස්ථාව උදාකරදුන් ඔබට පින් සිදු වේවා...

  7. තුසිත කුමාර

    හින්දි සිනමාවේ අපූර්වත්වය අප සමඟ බෙදා ගන්න ඔබට අපමණ තුති. “මිඩ්නයිට් චිල්රන්” ද නැරඹීමට අපේක්ෂාවෙන් සිටිමු.

  8. ප්‍රේමකුමාර

    කියවීමෙහි රුචිය වඩන ලිපියටත් උපසිරැසියටත් බොහො ම ස්තූති.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.