Watch Trailer

Vertigo (1958) with Sinhala Subtitle|ආවේසයේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ මීට වසර 57කට පමණ පෙර නිපදවූ සුපිරි ගණයේ රහස් පරීක්ෂක චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඇල්ෆ්‍රඩ් හිච්කොක් නැමති ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂවරා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 8.4/10ක් තරම් ඉහල අයගක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. T…

Vertigo (1958)

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ මීට වසර 57කට පමණ පෙර නිපදවූ සුපිරි ගණයේ රහස් පරීක්ෂක චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඇල්ෆ්‍රඩ් හිච්කොක් නැමති ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂවරා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 8.4/10ක් තරම් ඉහල අයගක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. Top Rated Movies අතර 69 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන්නෙත් මේ චිත්‍රපටියයි. ඔස්කාර් සම්මාන දෙකකට නාම යෝජනා ලබලා තියෙන මේ චිත්‍රපටිය වෙනත් සම්මාන 8ක් දිනාගෙන ඇති අතර තවත් සම්මාන 03ක් සඳහා නාම යෝජනාවන් ලබා තියෙනවා. James Stewart සහ Kim Novak විසින් මෙහි ප්‍රධාන චරිත වන ජෝන් ස්කොටී ෆර්ගසන් සහ මැඩලීන් එල්ස්ටර්ගෙ චරිත රඟදක්වනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. ජෝන් ෆර්ගසන් කියන්නේ රහස් පරීක්ෂකයෙක්. නමුත් ඔහු උස තැන් වලට යාම සඳහා දැඩි බියක් දැක්වීමේ මානසික රෝගයකින් පෙලෙනවා. ඒ නිසාම ඔහු සමග රාජකාරී කල පොලිස් නිලධාරියෙකු වහළයකින් වැටී මියයාමෙන් බේරා ගැනීමට ඔහු අපොහොසත් වෙනවා. ඒ හේතුවෙන් ඔහුට තමන්ගේ රැකියාව පවා අහිමි වෙනවා. දිනක් ඔහුගේ පාසල් මිතුරෙකු වන ගාර්වින් එල්ස්ටර් නැමැත්තා විසින් ඔහුට රහස් පරීක්ෂක වැඩක් බාර දෙනවා. ඒ ඔහුගෙ බිරිඳ – මැඩලීන් සම්බන්ධයෙන් ඔත්තු බැලීමටයි. ජෝන් තම රැකියාවෙන් ඉවත් වී ඇති බැවින් එම යෝජනාව බාරගැනීම ප්‍රතික්ෂේප කලත් තමන්ගෙ හොඳම මිතුරෙකුගේ ඉල්ලීම අහක දාන්න බැරි කම නිසා එම ඉල්ලීම පිලිගන්නවා. මැඩලීන් සම්බන්ධයෙන් ඔත්තු බලන්න සිදු වෙන්නේ ඇගේ අනියම් සම්බන්ධයක් ගැනනම් නෙවෙයි. මෑතකදී සිට අමුතු ආකාරයෙන් හැසිරෙන මැඩලීන්ට ඇතැම් අවස්ථා වලදී සිහි මද ගතියකින් පෙළෙන බවක් පෙනෙන්න තිබෙනවා. කාර්ලොට්ටා වැල්ඩේස් නැමති මැඩලීන්ගෙ මී ආච්චි ඇයට ආවේස වී ඇති බවයි ගාර්වින් විසින් ජෝන් ට පවසන්නේ.

ඉතින් යාළුවනේ. කතාව ගැන ඊට වැඩිය කියන්න යන්නෙ නෑ. කාටවත් හිතාගන්න බැරි අභිරහසක් මේ ආවේසවීම පිටුපස තියෙනවා. ඒ මොකක්ද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

Vertigo (1958) on IMDb

 

 

923 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

34BA94574CC2DB512DC794AE4BEFEA6CF3D23359

1.95 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

FB157CCB94629D1CAA1F29BC49070E916E669BB8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

639 downloadsDownload Vertigo-1958.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

639 downloadsDownload Subtitles99 KB

34 comments

  1. “චූටී මල්ලි”

    patta mcn

  2. Shamal manojan

    ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ෆිල්ම් ඒකක්නම් අායේ අහන්න දෙයක් නෑ ෆට්ටම තමා............ හිච්කොක්ගේ තව ෆිල්ම් සබ් කරන්නකෝ........................ නියමයි.... බොහොම ස්තූතියි සබට................

  3. ප්‍රසාද් කන්දමුල්ල

    ''අනිවා..හොඳ ෆිල්ම් එකක්...මට යන්තම් ..මතකයි..ඉස්සර..'චිත්‍ර කතා ''පත්තරේක...මේක ගියා වගේ....
    ඉස්සර අපි පොඩි කාලේ බලපු..චිත්‍ර කතා බොහොමයක්ම...පැරණි චිත්‍රපට අසුරන් කරපු නිර්මාණ...
    මේ ෆිල්ම් එක මම බලල නැහැ..නමුත්..මට යන්තමට මතකයි.. ''උස් තැන් වලට බියක් දක්වන පොලිස් නිලදරියෙකුගේ 'චිත්‍ර කතාවක් ,,මම පොඩි කාලේ ,,චිත්‍ර කතා පත්තරේකින් බලල තිබුන..
    ''ඇල්ෆ්‍රඩ් හිච්කොක්'' ගේ චිත්‍රපටයක් මුලින්ම බැලුවේ..බයිස්කෝප් එකෙන්ම තමයි.. ඒ ගැන බයිස්කෝප් එකට ගොඩක් තුති... ඒ වගේම ,,දිනිදු,,ගේ සබ් වලට මම ගොඩක් පුද්ගලිකව ප්‍රිය කරනවා... දිනිදු.ගේ තේරීමක් නම් අනිවා හොඳ එකක් වෙන්න ඕනේ...සබ් එකට ගොඩක් ස්තුතියි...සහෝ'''''''''

  4. Ayesh Madushan

    thanks me film ekata sub dunnata ela me wage hoda film walata sub denna.

  5. w a thilak

    රහස් පරික්ෂක කතා ඉතාමත් ප්‍රීය කරනවා.මේ ඇසුරෙන් චිත්‍රකතාවක් තිබු බවට මතකයක් මා හටද තිබෙනවා.

  6. prasha

    tnx

  7. Kulanjana Maduranga

    niayamai…good work bro....thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. rajitha manikge

    thanks. gud luck

  9. Vikum08

    කාට හරි පුළුවන්ද THE REAPING (2007) ෆිල්ම් එකට සබ් දෙන්න?

  10. නිරෝෂ්

    ස්තුතියි දිනිඳු සහෝ. ජයවේවා !

  11. Withanage Priyantha

    මෙම වටිනා තෝරාගැනීමට මුලින්ම අවංක ස්තූතිය පුදකර සිටිනවා! උපසිරසියට තෝරාගත්

  12. Withanage Priyantha

    මෙම චිත්‍රපටයට උපසිරසි දීල තියෙනවා දැක්කම පුදුම සිතුණා. ඒකාකාරී "පරිගණක ප්‍රෝඩා වලින්ම පමණක් පිරුණු" චිත්‍රපට රැල්ලකට පසුව ඕනෑම කාලයක දී නැරඹිය හැකි මෙවන් වටිනා සලරුවක් බයිස්කෝප් එකට පැමිණීම, එම වෙබ් අඩවියට ම ආඩම්බරයක් යයි මට සිතෙනවා. මේ වෙබ් එකට මා සැමදාම ආවත් බලන්න කියා සිතෙන චිත්‍රපටයකට උපසිරසි දමා තිබෙනවා දකින්නේ කලාතුරකින්. මෙහි ඇති "අද බලා හෙට විසි කරන වර්ගයේ" නව චිත්‍රපට රැල්ල අතරට, මෙවන් සැමදා රුචිකත්වය පවතීන වර්ගයේ කලාත්මක චිත්‍රපටයක් ඉඳහිට හෝ බයිස්කෝප් එකට එකතු කිරීමට ඔබ ඉදිරියේදීත් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙමි. ස්තුතියි!

    1. Inoka Perera

      හරියටම හරි 100% එකඟයි

  13. Thushara

    thnx mchn dinidu sub walta.liyla thiyena widiyatanm blannmai hithenne

  14. නලින්

    නියමයි දිනිදු අයියා..

    ජය වේවා!

  15. කේ.යූ.ජී. උදාර

    ‍ෆිල්ම් බලන හැමෝම මේක අනිවාර්යයෙන් ම නරඹන්න ඕන බවයි මගේ හැඟීම. මෙය අමරණීය සිනමා පටයක්. ආයේ කියන්න දෙයක් නැහැ මේ වැඩේ අති විශිෂ්ටයි.
    සිංහල සබට බොහොම ස්තූතියි මචං.........

  16. aruna

    PATTA FILM AKA

  17. prabhath

    thanks niyama wadak godak thanks

  18. pramoda

    සිංහල උපසිරසි සහිත "අලුත් චිත්‍රපට" වෙනත් වෙබ් අඩවිවල සහ ඩි වී ඩී ෂොප් වල ඕනෑතරම් තිබෙන නිසා මෙවැනි චිත්‍රපටවලට උපසිරසි සැපයීම ඉතා වැදගත්, එමෙන්ම ඉතා වටිනා කාර්යයක් ලෙස සලකමි. මෙය නරඹන්නට සැලසුවාට ඔබට ගොඩක් තුති!

  19. Inoka Perera

    බොහොම කාලෙකින් හොඳ චිත්‍රපටයක් ඇවිල්ලලා බොහෝ ස්තුති මේ වගේ සම්භාව්‍ය මට්ටමේ අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපටි සතියකට එකක්වත් අඩුමගානෙ දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් ස්තුති නැවතත් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් දිනිදු මචෝ!
    කාලෙකට පස්සේ නියම වැඩක් නොවැ කරලා තියෙන්නේ.
    වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනේ!
    ජය!!!!!!!

  21. venuka

    thankx

  22. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. අනිවා වටින චිත්‍රපටියක්. ජය෴෴ :P :P

  23. ප්‍රේමකුමාර

    මෙවන් අගනා සලරුවක් රසවින්දනය සඳහා පරිවර්තනය කර දීම ගැන ස්තූතිය පළමුව පුදකරමි. මෙම උපසිරැසි සැකැසීමේදී ඔබ දැරූ වෙහෙස අපමණ බව පිළිගනිමි. එහෙත් චිතුපටය බාගත කොට නැරැඹීමට යාමේදී අපේ බලාපොරොත්තු බිඳ වැටුණි. ඒ 720 කොපියට නම් මේ දුන් උපසිරැසි නොගැළපීම නිසයි. නියම තැන උපසිරැසි පතිත නොවේ. උපසිරැසි පතිත වී බොහෝ වේලාවක් ගතවූ පසුවයි අදාළ සංවාද සිදුවන්නේ. 1080 කොපියට ලබාදුන් උපසිරැසිවල තත්වය නොදනිමි. මෙවන් අගනා චිත්‍රපටයක් ප්‍රේක්ෂකයාට ලබාදීමේදී එහි නිසිඵලය ලබාගත හැකිදැයි පරීක්ෂාකර බලා ම සිදුකරන්නේනම් යෙහෙකි. බොහෝ දෙනෙක් චිත්‍රපයට නොබලාම කමෙන්ට් දමා ඇති බවයි අප හැඟීම. මඳ ඉංගිරිසි දැනුමක් ඇති අපට ඉංගිරිසි උපසිරැසි සොයා ගෙන මේ චිත්‍රපටය රස විඳීමට සපුරා ම බැරිය. බොහෝ කාලයක් ගත වෙන හෙයිනි. එහෙයින් අපගේ කාරැණික ඉල්ලීම නම් 720 කොපියට ගැළැපෙන උපසිරැසි ගොනුවක් නැවැත ලබාදෙන ලෙසයි. ඔබගේ වෑයම මෙයින් අවප්‍රමාණ නොවේ.

  24. lumith

    ලොව හොදම චිත්‍රපට 50 අතර පලවෙනි තැන තිබෙන චිත්‍රපටය මෙය වේ.

  25. danushka

    l.a confidential movie එකටත් sub දෙන්න

  26. Hassy

    නියමයි ! ..
    පුළුවන් නම් වෙනත් භාෂා වල චිත්‍රපට වලට subs දෙන්න.හැමෝම ගොඩක් දෙන්නේ English ඒවා වලට විතරයි :( . එත් මම දකින විදිහට හොදම චිත්‍රපට තියෙන්නේ ස්පාඥ්ඥ වගේ භාෂා වල චිත්‍රපට :)

  27. RisithPerera

    Alfred.Hitchcocks - The.Man.Who.Knew.Too.Much. 1956 Movie eke sinhala sub dennakoooo

  28. amilap

    parana film walata sub dena ekata thanks bro

  29. Waruna Kamalawansha

    මේ සුපිරිය සිංහලෙන් ගෙනාවාට බොහෝම ස්තූතියි

  30. Kasun

    Thanks bro

  31. Shaggy

    Thank you very much

  32. Anonymous

    patta bro. thanks.

  33. Shehan Kavinda

    Thanks sago❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.