One Battle After Another (2025) Sinhala Subtitles Sinhala Subtitles ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ 2025 අවුරුද්දේ වැඩිපුරම කතා බහට ලක් වුණ සහ ප්‍රේක්ශක ප්‍රතිචාර ඉහලින්ම දිනාගත්ත විශිෂ්ට චිත්‍රපටයක්. කොච්චර දුරට ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගත්තද කියනවා නම්, IMDb දර්ශකේ මනාප 174,000 අධික ප්‍රමානයකින් 8.0…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ 2025 අවුරුද්දේ වැඩිපුරම කතා බහට ලක් වුණ සහ ප්‍රේක්ශක ප්‍රතිචාර ඉහලින්ම දිනාගත්ත විශිෂ්ට චිත්‍රපටයක්.
කොච්චර දුරට ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගත්තද කියනවා නම්, IMDb දර්ශකේ මනාප 174,000 අධික ප්‍රමානයකින් 8.0 ඉතාමත් ඉහල අගයකුත්, letterboxd දර්ශකේ මනාප 1, 284, 300 අධික ප්‍රමානයකින් 4.3/5 ඉතාමත් ඉහල අගයකුත්, කුණු තක්කාලි 94% ක නැවුම් ප්‍රතිශතයකුත් ගන්න මීට හැකිවෙලා තියෙනවා. රේටින් ගැන දැක්කහම ආයෙ අමුතුවෙන් මොනව කියන්නදනේ?
මෙය අධ්‍යක්ෂණය කරන්නේ There Will Be Blood, Boogie Nights, The Master, Magnolia වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරූ Paul Thomas Anderson මහතා විසින්. සිනමාශාලාවන් වලට නිකුත් වුණේ සැප්තැම්බර් 26 දා. ඩොලර් මිලියන 175කට ආසන්න මුදලකින් නිෂ්පාදනය වුණ මේ චිත්‍රපටය ඩොලර් මිලියන 202 අධික මුදලක් මේ වෙද්දි හොයාගන්න සමත් වෙලා තියෙනවා. ඊට අමතරව මේකට රංගනයෙන් දායක වෙනවා Leonardo DiCaprio, Sean Penn, Benicio del Toro, Regina Hall, Teyana Taylor, Chase Infiniti වැනි අතිශය ජනප්‍රිය නළු නිළියන් රැසක්. මේකේ තිබුණ අපූරු රංගනය නිසා බොහෝ දුරට Leonardo DiCaprio හා Sean Penn හට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවෙයි කියා බොහෝ දෙනා මත පලකරනවා, ඒ තරම් අපූරු රංගනයක් ඔවුන් මේකේ ඉදිරිපත් කරනවා.
මේකෙ කතාව ගෙතෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යැයි බොරුවට මවා පාලා ජාතිවාදී ධනවතුන් සහ බලවතුන් සාමාන්‍ය මිනිස්සුන්ව පාලනය කර හූරා කන එකට සහ සංක්‍රමනිකයන්ට වෙන අසාධාරණකම් වලට එරෙහිව සටන් කරන විප්ලව සංවිධානයක් වටා, එය නමින් ෆ්‍රෙන්ච් 75. මේ කල්ලිය වටා කිව්වට මේ කල්ලියේ ඉන්න පර්ෆීඩියාට, පැට් සහ ඔවුන්ගේ දුව වෙන විලාට මේ විප්ලව සංවිධානය නිසා සිදුවන කරදර ගැන තමයි මේකේ මූලික කතාව ගෙතෙන්නේ. මොකද එයාලා සටන් කරන්නෙ රජයට සහ බලවතුන්ට විරුද්ධව.
ඒ අනුව එහෙම සුදු ජාතී බලවතුන්ගේ ජාතිවාදී සංගමයක් තමයි ක්‍රිස්මස් ඇඩ්වෙන්චරස් කියන්නේ. කොටින්ම ඒකෙ සාමාජිකයෙක් වෙන්න ඕන්නම් තදින්ම ජාතිවාදී වෙන්න ඕනේ, තමන්ගේ ජාතිය විතරක් උතුම් ලෙස සලකන්න ඕනේ, අනිත් ජාතීන්ව ඈත් කරලා තියාගන්න කටයුතු කරන්න ඕනේ. කිසිම විටෙක වෙන ජාතියක කෙනෙක් එක්ක ලිංගික හැසිරිලා තියෙන්නම බෑ. හැබැයි මේ සංගමේට බැඳුනයි කියන්නේ තමන් ප්‍රභල මිනිහෙක් වෙනවයි කියනේක. ඒ නිසා ගොඩක් සුදු මිනිස්සු මේකට බැඳෙන්න තමයි බලන් ඉන්නේ. හැබැයි මෙයාලා කාවවත් නිකම් බන්ඳගන්නැ තමන්ගේ සංගමයට, එයාල ගැඹුරෙන් පරීක්ෂා කරලා තමයි කාවවත් බන්ඳගන්නේ ඔවුන් හොයන සුදුසුකම් වලට ගැලපෙනවද කියලා බලලා. හැබැයි කවුරුන් හෝ මේ සංවිධානයට බැදෙන්න ඕනකමට බොරු කියලා වෙන ජාතියක කෙනෙක් එක්ක මීට පෙර සම්බන්ධතාවයක් පවත්වලා තිබිලා ඔවුන්ට අහුවුණොත්, ඔහුට ජීවිතෙ පවා වන්දිගෙවන්න වෙනවා.
මේ සංවිධානය ගැන විස්තර කිව්වේ ඇයි, මේක චිත්‍රපටයට සම්බන්ධ වෙන හැටි, ඔයාලට බලනකොට තේරෙයි. එහෙනම් මේ මදැයිනේ කියෙව්වා. මේ රසයට කැමති කෙනෙක් ඉන්නවා නම් දෙපාරක් නොහිතා අනිවා බලන්න. එහෙනම් නැවත හමුවෙමු, ජයවේවා!
One Battle After Another (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,209 downloadsDownload One-Battle-After-Another-2025.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
One Battle After Another (2025) (2025) Sinhala SubtitlesSubtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #One Battle After Another (2025) Sinhala Sub
- #One Battle After Another (2025) Sinhala Subtitles
- #One Battle After Another Sinhala Sub
- #One Battle After Another Sinhala Subtitles
- #Predator
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika laKMal
sahangayantha
Thanks a lot Bimsara saho sub ekata
Anonymous
Thanks Bro
Asela Madusanka
patta
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
බොහෝම ස්තූතියි ඔලිවර් සහෝ ඔයාගේ සබ් එකකින්ම මේක බලන්න අවස්තාවක් දුන්නට.......