Watch Trailer

Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | තුන්කොන් පීටර් වික්‍රමය [සිංහල උපසිරසි]

සුපුරුදු හෑල්ල පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. පහල ලිපියේ සම්පූර්ණ ස්පොයිලර්ස් තියෙනවා. ඉතින් ඔයා ෆිල්ම් එක බලන්නේ පළවෙනි පාරටනම් ලිපිය කියවන්නේ නැතුව පහලට ගිහින් සබ් එක අරන් බලලා ඉවර වෙලා ඇවිත් කියවන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. කාලයක් තිබුන මාර්වල් ද DC ද කියල බලන් නැතුව අපි හැමෝම එක වගේ හ…

සුපුරුදු හෑල්ල පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. පහල ලිපියේ සම්පූර්ණ ස්පොයිලර්ස් තියෙනවා. ඉතින් ඔයා ෆිල්ම් එක බලන්නේ පළවෙනි පාරටනම් ලිපිය කියවන්නේ නැතුව පහලට ගිහින් සබ් එක අරන් බලලා ඉවර වෙලා ඇවිත් කියවන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගමු.

කාලයක් තිබුන මාර්වල් ද DC ද කියල බලන් නැතුව අපි හැමෝම එක වගේ හැම කොමික් නිර්මාණයක්ම රස විඳපු. අන්න ඒ කාලේ ආපු ලෝකය පුරාම රසිකයන් ආදරයෙන් වැළඳගත්තු සිනමාපටයක් තමයි 2002 දී ආපු SPIDER-MAN සිනමාපටය. ඉතින් මේකේ සාර්ථකත්වය නිසාම සිනමාපට ත්‍රිත්වයක් දක්වා ගමන් කරා.

අහ්. ඒ ගැන කතා කරන්න කලින් තව පොඩ්ඩක් අතීත කතාවක් කියල ඉන්නම්. හැබැයි මේ කතාවේදී මං කියන්නේ ෆිල්ම් ගැන විතරයි. මුලින්ම 1977 දී තමයි ස්පයිඩර්-මෑන් ෆිල්ම් එකක් නිර්මාණය උනේ. ඒ NICHOLAS HAMMOND රඟපාපු SPIDER-MAN කියන ෆිල්ම් එක. පස්සේ 1978 දී TOEI COMPANY ආයතනය එයාලගේ ස්පයිඩර්-මෑන් ජපන් වර්ෂන් ටීවී සීරිස් එකේ ස්පින්ඔෆ් එකක් විදියට ෆිල්ම් එකක් නිර්මාණය කරා. (SHINJI TODO තමයි ජපන් ස්පයිඩර්-මෑන් වෙච්චි TAKUYA YAMASHIRO කියන චරිතෙට රඟපෑවේ) මේ දවස් වල ටික්ටොක් එකෙයි යූටියුබ් ශෝර්ට්ස් වලයි වයිරල් වෙලා තියෙන්නේ මෙන්න මේ ජපන් ස්පයිඩර්-මෑන් සීරිස් එකේ ක්ලිප් තමයි. මේ විදියට 1993 විතර වෙද්දී මාර්වල් සමාගම පාඩු ලබන්න පටන් ගන්නවා. කොමික් සහ ෆිල්ම් සහ ටීවී සීරිස් වගේ හැම පැත්තෙන්ම එයාලා පාඩු ලබනවා. මෙන්න මේ නිසා එයාලා තීරණය කරනවා එයාලගේ කොමික් චරිත ගණනාවක්ම ෆිල්ම් සහ සීරිස් නිර්මාණය කරන්න වෙනත් ආයතන වලට විකුනන්න. මේ නිසා ස්පයිඩර්-මෑන් එක්ක ස්පයිඩර්-වර්ස් එකේ චරිත 900 ක් විතර සෝනි ආයතනයට විකුණනවා. මීට අමතරව මියුටන්ට් චරිත/ ෆැන්ටාස්ටික් ෆෝ චරිත ෆොක්ස් එකට, හල්ක්/ නාමෝර් ඇතුළු චරිත ගණනාවක් යුනිවර්සල් එකට, අයන් මෑන් වගේ චරිත ලයන්ස්ගේට් එකට වගේ කම්පැනි ගණනාවකට මේ විදියට චරිත වල අයිතිය හිමිවුණා. (මේ චරිත බහුතරයක් ලබාදුන්නේ යම් කාලසීමාවක් ඇතුලත ෆිල්ම් එකක් නිර්මාණය කරේ නැතිනම් ඒ අයිතිය ආපහු මාර්වල් එකට එන විදියට. MCU එක ඇතුලේ අපි දැකපු අයන් මෑන්, බ්ලැක් විඩෝ, තෝර්, කැප්ටන් ඇමෙරිකා වගේ චරිත බහුතරයක් මාර්වල් සමාගමට ඒ විදියට නිකම්ම ආපහු අයිතිය ලැබුණු චරිත.) හරි මේ කතාව ඇති. අද කතා කරන්න අවේ ස්පයිඩර්-මෑන් ගැනනේ. ඉතින් එයා ගැන කතා කරමු.

උඩ කිව්වා වගේ චරිත විකුනද්දී සෝනි එන්ටර්ටේන්මන්ට් එකට 1999 දී ස්පයිඩර්-මෑන් ඇතුළු ස්පයිඩර්-වර්ස් එකේ චරිත 900 ක විතර අයිතිය ලබාගත්ත. ඉතින් මෙන්න මේ නිසා තමයි 2002 දී එයාල ස්පයිඩර්-මෑන් ෆිල්ම් එක නිර්මාණය කරන්නේ. එදා විතරක් නෙවෙයි අදටත් ජනප්‍රියතම ස්පයිඩර්-මෑන් නිර්මාණය උනේ ඒ විදියට. පීටර් පාකර් එහෙමත් නැත්නම් ස්පයිඩර්-මෑන් විදියට රංගනයෙන් දායක උනේ TOBEY MAGUIRE. කොයිතරම් ස්පයිඩර්-මෑන් ෆිල්ම් දැනට නිර්මාණය උනත් එදා මේද තුර ජනප්‍රියතම ස්පයිඩර්-මෑන් නළුවා වෙන්නේ ටෝබි. මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරේ SAM RAIMI. ඉතින් සෑම් සහ ටෝබි සුසංයෝගය එකක් ස්පයිඩර්-මෑන් සමඟ ග්‍රීන් ගොබ්ලින් ගේ සටන රසිකයෝ ආදරයෙන් වැළඳගත්ත බව දැක්ක සෝනිලා සෑම් ට දෙවෙනි ෆිල්ම් එකත් බාරදෙනවා. ඒ වගකීම සාර්ථක කරගත්තු සෑම් එදා මෙදා තුර ආව ජනප්‍රියතම ස්පයිඩර්-මෑන් ෆිල්ම් එක නිර්මාණය කරනවා. ඒ 2004 ආව SPIDER-MAN 2 ෆිල්ම් එක. පීටර් පාකර් එක්ක ඩොක්ටර් ඔටෝ ඔක්ටෙවියස් ගේ කතාන්දරය රසිකයන්ව අපූරු ලෝකයකට අරන් ගියා. මේ සාර්ථක ගමනත් එක්ක සෑම් තුන්වෙනි ස්පයිඩර්-මෑන් ෆිල්ම් එකත් නිර්මාණය කරනවා. ඒ 2007 ආපු SPIDER-MAN 3 ෆිල්ම් එක. කලින් ෆිල්ම් දෙකටම වඩා දැවැන්තව නිර්මාණය උනත් මේ ෆිල්ම් එකටනම් කලින් ෆිල්ම් දෙක අභිබවන්න බැරි වෙනවා. මේකට හේතුව උනේ මෑතකදී WB ලා ස්නයිඩර්-වර්ස් එකට ඇඟිලි ගැහුවා වගේ වැඩක් සෝනිලත් කරපු එක. කලින් ෆිල්ම් දෙකම අති සාර්ථක උන නිසා සෝනිලට වුවමනා වෙනවා තුන්වෙනි ෆිල්ම් එක කලින් දෙකටම වඩා දැවැන්තව නිර්මාණය කරන්න. මේ නිසා එයාල ෆිල්ම් එකේ වැඩවලට ඇඟිලි ගහන්න තීරණය කරනවා. මේ තුන්වෙනි ෆිල්ම් එකට වෙනම්ව එකතු කිරීම සම්පූර්ණම සෝනිලාගේ වුවමනාවට කරපු දෙයක්. කලින් ෆිල්ම් දෙකම නිර්මාණය කරන්න සෑම් ට නිදහස දීල තිබුනත් තුන්වෙනි ෆිල්ම් එකේදී සෑම් ට ෆිල්ම් එකේ සම්පූර්ණ පාලනය වගේම ක්‍රියේටිව් ඩිසයින් වලට නිදහස දෙන්නේ නැහැ. සෑම් ගේ ෆිල්ම් එක ගැන විෂන් එක වෙනස් කරලා වෙන්ව එකතු කරා වගේම අනවශ්‍ය තරම් විලන්ලා ගොඩක් ෆිල්ම් එකට එකතු කරා. පිටපත වෙනස් කරපු නිසා ගෙනාපු වෙනම්, ග්‍රීන් ගොබ්ලින්, සෑන්ඩ් මෑන් චරිත වලින් නිසියාකාර වැඩක් ගන්න බැරි උනා. ස්පයිඩර්-වර්ස් එකේ ප්‍රධාන චරිතයක් උන ග්වෙන් පවා නිකම්ම සයිඩ් කැරැක්ටර් එකක් විදියට ගෙනත් තිබුනා. වෙනම් චරිතේ පවා අවුල් කරගත්තා. ඒ වගේම සෝනි එකට වගේම සෑම්ටත් දැවැන්ත ෆිල්ම් එකක් කරන්න ඕනි උන නිසා ෆිල්ම් එකේ ගුණාත්මක පැත්තට ලොකු අවදානයක් දීල තිබුනේ නැහැ. ඉතින් මේ නිසා මේ ෆිල්ම් එක ආදායම් අතින් යම් සාර්ථකත්වයක් ලබා ගත්තත් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් සහ විචාරක ප්‍රතිචාර වලින් නම් සාර්ථක වෙන්න පුළුවන් උනේ නැහැ. මේ ලඟකදී සෑම් ඉන්ටර්වීව් එකකදී කිව්වා ස්පයිඩර්-මෑන් තුන්වෙනි ෆිල්ම් එක ලබපු අසාර්ථකත්වය නිසා තමන්ට ආපහු කවදාවත් සුපර්හීරෝ ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්න ලැබෙන එකක් නැහැ කියල හිතුව කියල. ඒ වගේම ඒ දවස් වල තමන්ට තුන්වෙනි ෆිල්ම් එක ගැන රසිකයන්ගේ දරුණු අදහස් අන්තර්ජාලය හරහා දකින්න ලැබුනා කියල කිව්වා. (ඉතින් සෑම් ට දෙවෙනි අවස්ථාවක් දෙන්න කෙවින් ෆයිජි තීරණය කරලා කියල ඔයාල දන්නවනේ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස් ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න තෝරාගත්තේ සෑම්ව) ඉතින් මේ තුන්වෙනි ෆිල්ම් එකේ අසාර්ථකත්වය වගේම ඊට පස්සේ සෝනිලා එක්ක ඇති වෙච්චි ප්‍රශ්න කිහිපයක් එක්ක සෑම් SPIDER-MAN 4 නිර්මාණය කරන එකෙන් අයින් වෙනවා. මේ නිසා සෝනිලා මේ ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු නවත්වලා දාන්න තීරණය කරනවා.

මාර්වල් සමගම එයාලගේ චරිත විකුනද්දී ඇග්‍රිමන්ට් එකකට දුන්න කියල උඩ කිව්වා මතකයි නේද. අන්න එකට අනුව සෝනිලා 1998 දී මාර්වල් එක්ක ගහපු ඇග්‍රිමන්ට් එකට අනුව අවුරුදු 5.75 ක් ඇතුලත ස්පයිඩර්-මෑන් ෆිල්ම් එකක් නොකරොත් සම්පූර්ණ ස්පයිඩර්-වර්ස් චරිත සේරගේම අයිතිය මාර්වල් සමාගමට නිකම්ම යනවා. ඉතින් පළවෙනි ෆිල්ම් තුනම සල්ලි මැෂින් වෙච්ච නිසා සෝනිලා තීරණය කරනවා ස්පයිඩර්-මෑන් 4 වෙනුවට අලුත්ම ඩිරෙක්ට කෙනෙක් සහ අලුත් නළු නිලි පිරිසක් එක්ක ස්පයිඩර්-මෑන් රීබූට් කරලා චරිත වල අයිතිය දිගටම තම ගාව තියාගන්න.

මේ වතාවේ සෝනිලා නවතින්නේ MARC WEBB ගාව. ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න එයාට දෙද්දී ස්පයිඩර්-මෑන් විදියට තෝරගන්නවා ANDREW GARFIELD. කලින් ෆිල්ම් වලටත් වඩා නව තාක්ෂනයන් එක්ක වගේම රීබූට් එකක් උනත් අලුත්ම කතාවක් එක්ක THE AMAZING SPIDER-MAN ෆිල්ම් එක ස්පයිඩර්-මෑන් සමඟ ලිසාඩ් අතර සටන රිදී තිරයට ගෙනෙමින් 2012 දී රිලීස් වෙනවා. වෙනසක් උනත් මේ ෆිල්ම් එක රසිකයන් සතුටින් වැළඳගත් නිසා සෝනිලා දෙවෙනි ෆිල්ම් එකටත් අවසර දෙනවා. ඒ අනුව සුපුරුදු විදියට ඇන්ඩෘ සහ මාක් වෙබ් සුසංයෝගයෙන් 2014 දී THE AMAZING SPIDER-MAN 2 රිලීස් වෙනවා. හැබැයි මේ වතාවේ බලාපොරොත්තු සුන් කරමින් මේ ෆිල්ම් එක විචාරක මෙන්ම බහුතර රසික ප්‍රතිචාර අතින් වගේම බලාපොරොත්තු උන ආදායමෙන් පවා අසාර්ථක වෙනවා. ඉලෙක්ට්‍රෝ වගේ චරිතයකට කරපු වෙනස්කම් වගේම ග්‍රීන් ගොබ්ලින් චරිතය හසුරවපු ආකාරය වගේ ස්ක්‍රිප්ට් එකේ අඩුපාඩු මේකට බලපානවා. මේ නිසා සෝනිලා තුන්වැන්නකට තියන්න හිටිය පියවර ඉක්මන් නොකරන්න තීරණය කරනවා.

මේ අතර ආරංචි වෙනවා දෙවෙනි ෆිල්ම් එක නිර්මාණය කරන්න කලින් ඉඳන්ම එවකට සෝනි සභාපති වූ ඒමි පැස්කල් සහ මාර්වල් ස්ටුඩියෝ සභාපති කෙවින් ෆයිජි අතර ස්පයිඩර්-මෑන් විශ්වයේ ගමන් මග ගැන සාකච්චා පවතී බව. ඒ සාකච්චා අතර ඇන්ඩෘ ගාෆීල්ඩ් ගේ ස්පයිඩර්-මෑන් ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. ඇවේන්ජර් පළවෙනි ෆිල්ම් එකේදී ඔස්කෝප් බිල්ඩින් එක දර්ශනය කිරීමට සාකච්චා කරලා තියෙනවා. එත් ඒ වෙද්දී ෆිල්ම් එක පසු නිෂ්පාදන වල තිබුණු නිසා ඒ අදහස එහෙමම අතහැරලා තියෙනවා. ඒ වගේම ආරංචි වනවා SPIDER-MAN ෆිල්ම් ත්‍රිත්වය සහ AMAZING SPIDER-MAN ෆිල්ම් ද්විත්වය අතර ක්‍රොස්ඕවර් එකක් නිර්මාණය කරන්න පවා අදහසක් තිබිලා කියල. කොහොම උනත් මේ 2014 සෝනි එකට උන හැකර් ප්‍රහාරයෙන් පස්සේ ආරංචි වෙනවා MCU එකට ස්පයිඩර්-මෑන් චරිතය ගෙන එන්න සාකච්චා කරනවා කියල. නමුත් පසුව ඒ සාකච්චා බිඳ වැටුණු බව සහ සොනිලා නැවත ස්පයිඩර්-මෑන් ත්‍රිත්වයක් නිර්මාණය කරන්න සලකා බලන බව ආරංචි වෙනවා. අවසානයේ 2015 පෙබරවාරි 9 සෝනි සහ මාර්වල් ස්ටුඩියෝව නිවේදනය කරනවා ස්පයිඩර්-මෑන් චරිතය MCU එකට පැමිණෙනවා කියල. ඒ 2014 ඔක්තෝම්බර් සිට කෙවින් ෆයිජි කරපු සාකච්චා වල ප්‍රතිපලයක් විදියට. ඒ වගේම අලුත්ම ස්පයිඩර්-මෑන් පීටර් පාකර් වන බව සහ TOM HOLLAND රංගනයෙන් දායක වෙනවා කියල. පසුව ටොම් හොලන්ඩ් පවසා සිටිනවා ඔහු ස්පයිඩර්-මෑන් ෆිල්ම් තුනකට සහ සමූහ සුපිරිවීර ෆිල්ම් තුනකට එක්වීමට අත්සන් කරා කියල.

ඉතින් මේ අනුව CAPTAIN AMERICA: CIVIL WAR ෆිල්ම් එකෙන් පළවෙනි වතාවට ස්පයිඩර්-මෑන් MCU එකට එකතු වෙනවා. සිවිල් වෝ එකෙන් පස්සේ ටොම් ට එයාගේ පළවෙනි සොලෝ ෆිල්ම් එක හමුවෙනවා. ඉතින් මේක ඩිරෙක්ට් කරන්න මාර්වල් ස්ටූඩියෝව තෝරාගන්නේ JON WATTS ව. ඉතින් මේ අතරේ කෙවින්, ටොම් සහ JON WATTS තහවුරු කරනවා අයන් මෑන් දෙවෙනි ෆිල්ම් එකේ ෆයිනල් බැට්ල් එක අතරතුරේ අයන් මෑන්ගේ වෙස්මූනක් දාගෙන ඉද්දි ඩ්රොයිඩ් කෙනෙක්ගෙන් ටෝනි බේරගත්ත ළමයා පීටර් පාකර් කියල. ඉතින් මේ විදියට MCU එක ඇතුලේ අපූරු විදියට පීටර් පාකර්ගේ චරිතය ගොඩනගමින් අවසානයේ 2017 දී SPIDER-MAN: HOMECOMING ෆිල්ම් එක රිලීස් කරනවා. ඉතින් මේ ෆිල්ම් එකටනම් ලැබුනේ මිශ්‍ර ප්‍රතිචාර තමයි. ස්පයිඩර්-මෑන් සහ වල්චර් අතර සටන වගේම ෆිල්ම් එකේ වැඩි තැනක් දෙන්නේ ස්පයිඩර්-මෑන් කිට් එක නැතුවත් පීටර් පාකර් වීරයෙක් බව පෙන්වන්න. ඒ වගේම බහුතරයක් දෙනා ටොම්ගේ ස්පයිඩර්-මෑන් ආදරයෙන් වැළඳ ගද්දි තවත් පිරිසක් ඔහු කලින් ස්පයිඩර්-මෑන්ලා දෙන්නා එක්ක සංසන්දනය කරන්න ගත්තා. කොහොම උනත් බහුතර මතය අනුව හොඳම ස්පයිඩර්-මෑන් විදියට ටෝබිත් හොඳම පීටර් පාකර් විදියට ඇන්ඩෘ ත් කොමික් අකියුරේට් ස්පයිඩර්-මෑන් සහ පීටර් පාකර් විදියට ටොම් හොලන්ඩ් සලකනවා.

ඉතින් මෙහෙම තියෙද්දී සමූහ සුපිරි වීර ෆිල්ම් තුනකට ඇතිකරගත්ත ගිවිසුමට අනුව ඉතිරිව තිබුණු ෆිල්ම් දෙක වෙනුවෙන් AVENGERS: INFINITY WAR සහ AVENGERS: ENDGAME ෆිල්ම් දෙකට ස්පයිඩර්-මෑන් එකතු වෙනවා. මෙතනින් පස්සේ ඇග්‍රිමන්ට් එකට අනුව ඉතිරි වෙලා තිබුනේ සොලෝ ෆිල්ම් දෙකක් විතරයි. ඒ අනුව 2019 දී සුපුරුදු විදියට JON WATTS ගේ අධ්‍යක්ෂණයෙන් SPIDER-MAN: FAR FROM HOME රිලීස් වෙනවා. මිස්ටීරියෝ එක්ක අපූර්ව කතාවක් එක්ක හෝම්කමින් ෆිල්ම් එකට වඩා ප්‍රතිචාර දිනාගන්න මේ ෆිල්ම් එක සමත් වෙනවා.

ඉතින් දෙවෙනි ෆිල්ම් එක රිලීස් වෙලා ටික කාලයකට පස්සේ ආරංචි වෙන්නේ මාර්වල් ස්ටුඩියෝ එක සහ සෝනි අතර ගිවිසුම ගැන ප්‍රශ්න ඇතිවෙලා තියෙන බව. මොකද මේ වෙද්දී තිබුණු ගිවිසුමට අනුව සම්පූර්ණ බෙදාහැරීම, නිෂ්පාදන අයිතිය සෝනි ගාවම තිබුණු අතර සොලෝ ෆිල්ම් වල අදායමෙන් 95% ක් සෝනි වෙත අයිති වුනා. 5% ක ආදායමක් සහ ෆිල්ම් එක නිර්මාණය කිරීමේ අයිතිය විතරයි මාර්වල් ස්ටුඩියෝ එකට හිමි වෙලා තිබුනේ. ඉතින් ෆාර් ෆ්‍රොම් හෝම් ෆිල්ම් එකෙන් පස්සේ ඩිස්නි සමගම මුළු ආදායමෙන් 5% ක ආදායම වෙනුවට ආදායමෙන් 25%-50% අතර මුදලක් මුදලක් අවශ්‍ය බව කියා සිටියා. එත් සෝනිලා මේකට අකමැති උනා. මේ නිසා MCU එකත් එක්ක තිබුණු ගනුදෙනු අවසන් බව සෝනිලා පැවසූ අතර ටොම් හොලන්ඩ් එක්ක සෝනි යටතේ වෙනමම ෆිල්ම් නිර්මාණය කරන්න අදහස් කරන බව පැවසුවා. 2019 අගෝස්තු 24 පැවැත්වුණු D23 EXPO හිදී කෙවින් තහවුරු කරා ගිවිසුම් අවසන් බව.. ඔහු පැවසුවේ මෙලෙසයි. ” අපි ස්පයිඩර්-මෑන් එක්ක ෆිල්ම් පහක් කරා. ඇවෙන්ජර්ලා එක්ක ෆිල්ම් තුනක් සහ සොලෝ ෆිල්ම් දෙකක්. එක මම කවදාවත් වේවි කියල නොහිතපු හීනයක්. අපි එක සදාකාලිකව තියාගන්න පැතුවේ නැහැ. අපිට තිබුනේ සීමිත කාලයක් කියල අපි දැනන් හිටියා වගේම අපිට කියන්න ඕනි උන කතාව ඒ කාලයේදී කිව්වා. ඒ සඳහා මම හැමවිටම ස්තූතිවන්ත වෙනවා.”

පස්සේ ගතවූ මාසයක් විතර කාලයේදී රසිකයන් මෙන්ම ටොම් හොලන්ඩ් පවා ආපහු MCU එකට ස්පයිඩර්-මෑන් ගේන්නට උත්සහ කරා. අවසානයේ සෝනිලා සහ මාර්වල් ස්ටුඩියෝව අතර පැවති සාකච්චා සාර්ථක වෙනවා. මේ අනුව 2019 සැප්තැම්බර් ඔවුන් නිවේදනය කරනවා සොලෝ ෆිල්ම් එකකට සහ කණ්ඩායම් ෆිල්ම් එකක් සඳහා ස්පයිඩර්-මෑන් MCU එක තුල දැකගන්න ලැබෙනවා කියල. ඒ අනුව අරංචි වන්නේ පෙර ගිවිසුමට අනුව සම්පූර්ණ නිෂ්පාදන අයිතිය සෝනිලා විතරක් නොකර නව ගිවිසුම යටතේ 25% ක ලාබයක් ලබාගැනීම සඳහා 25% ක නිෂ්පාදන වියදම් දැරීමට මාර්වල් ස්ටුඩියෝව එකඟ වූ බව. ඉතින් කලින් වගේ 5% අදායම වෙනුවට 25% ආදායමක් ලැබෙන ගිවිසුම නිසා ලෝකය වටේම රසිකයෝ සතුටට පත් කරමින් නැවත වරක් MCU ස්පයිඩර්-මෑන් ෆිල්ම් එකක වැඩ පටන් ගන්න සූදානම් වුනා. පසුව JON WATTS නැවත වරක් එක්කරගන්න සාකච්චා ඇරඹුණු අතර ඔහු නැවත වරක් තුන්වෙනි ෆිල්ම් එක සඳහා එක්වන්නට එකඟ වෙනවා. ඉතින් මේ විදියට ආපහු සැරයක් ස්පයිඩර්-මෑන් MCU එකට ලැබීම ඩිස්නි-සෝනි-රසිකයෝ කියන තුන්ගොල්ලම ලබපු දිනුමක් කියල තමයි හඳුන්වන්නේ.

ඉතින් මේක තමයි ස්පයිඩර්-මෑන් ගේ අද වෙනකල් ආපු ගමන් මග. හැබැයි මෙතනින් එහාට කතාව කියන්න කලින් තවත් අතුරු කතාවක් දිහාට යොමුවෙන්න වෙනවා. ඒ කතාව වැල්වටාරම් නැතුව කෙටියෙන් කියන්නම්.

AMAZING SPIDER-MAN ෆිල්ම් එක්ක සෝනිලා තීරණය කරා SINISTER 6 හෙවත් ස්පයිඩර්-මෑන් ගේ දරුණුතම සතුරන්ගේ එකතුවක් වෙන ෆිල්ම් එකක් නිර්මාණය කරන්න. ඒ සඳහා ලිසාඩ්, ග්‍රීන් ගොබ්ලින්, රයිනෝ, ඩොක්ටර් ඔටෝ ඔක්ටේවියස් වගේ චරිත ගෙන එන්න වගේම වෙනම් ෆිල්ම් එකකටත් පළවෙනි ෆිල්ම් එකේ ඉඳන් සැලසුම් කරලා තිබුනා. හැබැයි AMAZING SPIDER-MAN ෆිල්ම් සීරිස් එක අතරමග නතර කරපු නිසා ඒ වටේ තිබුණු අනිත් ප්‍රොජෙක්ට් ටිකත් නතර වෙනවා. 2017 දී සෝනිලා නිවේදනය කරනවා ස්පයිඩර්-වර්ස් චරිත යොදාගෙන සෝනි යටතේ සිනමා විශ්වයක් ගොඩනගන බව. ඒක එයාලා නම් කරන්නේ SONY’S MARVEL UNIVERSE කියලා. මේ විශ්වයේ ස්පයිඩර්-මෑන් කවුද කියලා ඔවුන් කියන්නේ නැහැ. 2018 දී VENOM ෆිල්ම් එක රිලීස් කරනවා වගේම ඔවුන්ගේ සිනමා විශ්වයේ නම SONY’S UNIVERSE OF MARVEL CHARACTERS විදියත් ආපහු 2019 දී SONY PICTURES UNIVERS OF MARVEL CHARACTERS හෙවත් SPUMC විදියටත් වෙනස් කරනවා. හැබැයි බොහෝ දෙනා මේ කෙටි නමට සමච්චල් කරා. MCU, DCEU වගේ සරල කෙටිනම් එක්ක SPUMC කෙටිනම සමච්චලයට පත් කරා. එක් අවස්ථාවක අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන කොලොම්බියා පික්චර්ස් සභාපති ස්පයිඩර්-මෑන් ගෙන් පරිබාහිර චරිත ගණනාවක් ඉන්න නිසා SPIDER-VERSE කියන හුරුපුරුදු නම යොදාගන්නේ නැහැ කියල. පස්සේ එයාලා 2021 අගෝස්තු වල ආපහු සැරයක් නම වෙනස් කරනවා. ඒ SONY’S SPIDER-MAN UNIVERSE හෙවත් SSU විදියට. ඉතින් මේ SSU එකට ආදාලව VENOM, VENOM: LET THERE BE CARNAGE ෆිල්ම් දෙක ආවා. ඒ වගේම අනාගතයේ MORBIUS, KRAVEN THE HUNTER වගේම ආරංචි වලට අනුව SINISTER SIX, NIGHTWATCH, VENOM 3, JACKPOT, MADAME WEB, වගේම තවත් නිල නොලත් ප්‍රොජෙක්ට් තුනක් නිර්මාණය කරමින් ඉන්න බවට පැවසෙනවා. වෙනම් දෙවෙනි ෆිල්ම් එකේ පෝස්ට් ක්‍රෙඩිට් එක බැලුවා නේද ඔයාලා. ඒ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක තමයි SSU එක ඩිරෙක්ට්ම MCU මල්ටිවර්ස් එකට සම්බන්ද කරපු දර්ශනය. ඉතින් දැන් SSU එක MCU මල්ටිවර්ස් එකට කැනොන් යුනිවර්ස් එකක්.

හරි SSU කතාව ටිකකට පැත්තකින් තියලා ආපහු හැරෙමු MCU එක දිහාට. ආපහු කතාවට එන්න කලින් ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් කියල ඉන්නම්. තුන්වෙනි ස්පයිඩර්-මෑන් එක තහවුරු කරත් එකේ නම මුලින්ම එළිදැක්වුවේ නැහැ. ටොම්, සෙන්ඩයා සහ ජේකොබ් (නෙඩ්) තුන්දෙනා ලව්වා නම් කිහිපයක් මුලින්ම සෝෂල් මීඩියා හරහා එළිදක්වල තමයි මුලින්ම හයිප් එක හදන්න පටන් ගත්තේ. මොකද දෙවෙනි ෆිල්ම් එකේ අවසානයට ස්පයිඩර්-මෑන්ගේ අනන්‍යතාව මිස්ටීරියෝ එලි කරපු නිසා රසිකයෝ නොඉවසිල්ලෙන් හිටියේ තුන්වෙනි ෆිල්ම් එකේදී මොනයින් මොනා වෙයිද කියල බලාගන්න. තුන්වෙනි ෆිල්ම් එක කැන්සල් උන වෙලේ රසිකයෝ වගේම ටොම් හොලන්ඩ් පවා ඒකට එරෙහිව හඬ නැගුවේ ඒ නිසා. ඉතින් 2021 පෙබරවාරි 24 වෙනිදා සෝනිලා THE NEW SPIDER-MAN TITLE IS.. කියල ටීසර් වීඩියෝ එකක් නිකුත් කරලා ෆිල්ම් එකේ නම හෙළි කරනවා. ඉතින් මේ ෆිල්ම් එක තමයි MCU එකේ 27 වෙනි ෆිල්ම් එක. ෆිල්ම් එකේ තිර පිටපත ලියන්න එක වුනු CHRIS McKENNA, ERIK SOMMERS මුලදී සැලසුම් කරලා තියෙන්නේ ෆිල්ම් එකේ ප්‍රධාන සතුරා විදියට KRAVEN THE HUNTER කියන චරිතය අරන් එන්න. නමුත් කතාවේ ප්ලොට් එකත් එක්ක ඊට වඩා දෙයක් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක්ක ස්පයිඩර්-මෑන් ගේ පරණ ෆිල්ම් වල සතුරන්ගෙන් කරන්න පුළුවන් කියල ඔවුන් තීරණය කරපු නිසා ඔවුන් පාදක කරගෙන ස්ටෝරිය රචනා කරනවා. ඒ වගේම ෆිල්ම් එක 2020 මැද බාගයේ රූගත කිරීම් ආරම්භ කරලා 2021 නොවැම්බර් 5 තිරගත කරන්න සූදානම් වෙලා හිටියා. ඒ වගේම මුලදී මේක රිලීස් වෙන්න තිබුනේ DOCTOR STRANGE IN THE MULTIVERSE OF MADNESS ෆිල්ම් එකට පසුවයි. හැබැයි කොරෝනා ප්‍රශ්න නිසා ඒ ෆිල්ම් එක 2022 ක කල් යාම එක්ක ආපහු සැරයක් ස්පයිඩර්-මෑන් තිර පිටපත වෙනස් කරනවා මොකද කලින් පිටපත ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ෆිල්ම් එකට පස්සේ කතාවක් විදියට ලියල තිබුණු නිසා. ඒ නිසා කලින් පිටපතේ මල්ටිවර්ස් එක ගැන දැනුම තිබුණු ඩොක්ටර් ස්ටේන්ජ් වෙනුවට ඒ ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් විදියට ආපහු රචනා කරන්න වෙනවා වගේම ප්ලොට් එකත් වෙනස් කරනවා. රචකයන් කිව්වේ මේ නිසා ඩොක්ටර් නොදන්නා දෙයක් කරන්න යාම නිසා ෆිල්ම් එකේ කතාව තවත් රසවත් උනා කියලා. පැන්ඩමික් එකත් එක්ක ප්‍රඩක්ෂන් 2021 පෙබරවාරි දක්වාම ඇදුන අතර ෆිල්ම් එක 2021 දෙසැම්බර් 17 දක්වාම කල් දාන්න තීරණය කරා. ඒ වගේම කෙවින් තහවුරු කරනවා මේ ෆිල්ම් එක ඩිරෙක්ට් ම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දෙවැනි ෆිල්ම් එකට සම්බන්දයි කියලා.

හරි ආපහු කතාවට යන්. මේ වතාවේ ස්පයිඩර්-මෑන් ගේ උපදේශක විදියට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන්නවා කියල ආරංචි වෙනවා. කලින් ෆිල්ම් දෙකේ පිලිවෙලින් අයන් මෑන් සහ නික් ෆියුරි විසින් ස්පයිඩර්-මෑන්ගේ උපදේශක විදියට වැඩ කරා. ඉතින් මෙන්න මේ නිසා සහ එන්න තියෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ෆිල්ම් එක මල්ටිවර්ස් කන්සෙප්ට් එක පාදක කරගත්ත නිසා කටකතා පැතිරෙන්න ගත්තා ස්පයිඩර්-මෑන් තුන්වෙනි ෆිල්ම් එක මල්ටිවර්ස් කන්සෙප්ට් එකත් එක්ක ගමන් කරයි කියලා. ලොකි සීරිස් එකෙනුත් ආරම්භය ගත්ත නිසා මේ කටකතා තව තව ශක්තිමත් උනා. මේ අතරේ ජේමි ෆොක්ස් එහෙමත් නැත්නම් AMAZING SPIDER-MAN 2 එකේ ඉලෙක්ට්‍රෝ විදියට හිටි රංගන ශිල්පියා එකතු වෙනවා කියල ආරංචි උනා වගේම කලින් ෆිල්ම් එකේ වගේ නැතුව කොමික් පෙනුමට සමාන පෙනුමකින් එනවා කියල පැවසුවා. හැබැයි මේ එන්නේ කලින් හිටි කෙනාමද, එහෙමත් නැත්නම් අලුත්ම කෙනෙක්ද කියලනම් කියවුනේ නැහැ. ඒවගේම ටික කාලයක් යද්දී ආරංචි වෙනවා SPIDER-MAN 2 හි ඩොක්ටර් ඔටෝ ඔක්ටේවියස් විදියට හිටිය හිටිය ඇල්ෆ්‍රෙඩ් මොලිනා ත් එකතු වෙනවා කියල. ඉතින් මෙයා අතින් අතපසු වීමකින් එක තැනකදී කතාවේ ලොකු පොයින්ට් එකක් හෙළි වෙනවා. ඒ තමාගේ චරිතය පටන් ගන්නේ කලින් SPIDER-MAN 2 ඉවර උන තැනින්ම කියන එක. මෙන්න මේ නිසා ඒ දවස් වල තිබුණු කටකතා තව ටිකක් උත්සන්න වෙනවා. ඒ කටකතාව තමයි කලින් ෆිල්ම් සීරිස් දෙකේම ස්පයිඩර්-මෑන්ලා මේ ෆිල්ම් එකට එනවා කියන එක. ඉතින් මේ කටකතා දිගින් දිගට ඇදෙද්දී හැමෝම වගේ ඒක ප්‍රතික්ෂේප කරලා බොරු ආරංචියක් බව කිව්වා. හැමෝම බලාපොරොත්තු උනේ MCU එකේ ස්පොයිලර් කිං වෙච්චි ටොම් හොලන්ඩ් අතින් මේ ගැන කියවෙයි කියලා. එත් ටොම් පවා මාධ්‍ය වලට කිව්වේ ඇන්ඩෘ සහ ටෝබි මේ ෆිල්ම් එකට එනවා කියන එක මාර්වල් ලා තමන්ගෙන් ෆිල්ම් එකේ දැවැන්ත කොටසක් හංගන් ඉඳල නැත්නම් තමන් දන්නා විදියට මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් තුන්වෙනි ෆිල්ම් එකට එකතු වෙන්නේ නැහැ කියල. එහෙම එකතු වෙන එක තමන්ගෙන් හංගන් ඉන්න බැරි ලොකු රහසක් කියල ටොම් කිව්වා.

ඉතින් මේ අතරේ ෆිල්ම් එකේ මාකටින් පැත්ත භාරව හිටිය සෝනිලා පළවෙනි ටීසර් එක හෝ පළවෙනි ට්‍රේලර් එක රිලීස් නොකර ලොකු කාලයක් ගත කරා. එකෙන් එයාල බලාපොරොත්තු උනේ ෆිල්ම් එකට හයිප් එකක් හදන එක. හැබැයි මේක එයාල බලාපොරොත්තු උන්ටත් වඩා දැවැන්ත හයිප් එකක් බවට පත් උනා. මාර්වල්, MCU, ඇන්ඩෘ, ටෝබි, ස්පයිඩර්-මෑන්, SPIDER-MAN FILM ෆිල්ම් ත්‍රිත්වයේ, AMAZING SPIDER-MAN ෆිල්ම් ද්විත්වයේ රසිකයෝ මාස ගානක ඉඳන් නොඉවසිල්ලෙන් බලන් හිටියා මේ ෆිල්ම් එකේ ටීසර් හෝ ට්‍රේලර් එක රිලීස් කරනකල්. මොකද ඒ තරමට කටකතා, තියරි එහෙම නිර්මාණය වෙලා තිබුනා. බහුතරයක් ස්පයිඩර්-මෑන් තුන්වැන්න එනකල් බලන් ඉද්දි තවත් බහුතරයක් බලන් හිටියේ අනිත් ස්පයිඩිලා දෙන්නා එකතු වෙයි කියල. ඒ වෙද්දී ආරංචි වෙලා තිබුනේ එන්න තියෙන ට්‍රේලර් එකේ ටොම්ගේ ස්පයිඩර්-මෑන් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ප්‍රධාන වෙනවා කියල සහ අනිත් ෆිල්ම් වල සමහර කැරක්ටර්ස් ඉන්න පුළුවන් කියල. මේ නිසා රසිකයෝ සෝනිලගේ සෝෂල් මීඩියා වනසන්න ගන්නවා. එහෙම තියෙද්දී ෆිල්ම් එක රිලීස් වෙන්න මාස හතර තියෙද්දිත් සෝනිලා ට්‍රේලර් එක රිලීස් නොකර ඉද්දි 2021 අගෝස්තු 22 ට්‍රේලර් එක ලීක් වෙනවා. ආරංචි වෙන්නේ VFX ටීම් එකේ කෙනක් අතින් එළියේ ඉන්න කෙනෙක්ට පෙන්නපු ට්‍රේලර් එක ඒ පිට කෙනා ලීක් කරා කියල. මේ ලීක් උන ට්‍රේලර් එක ලෝකය පුරාම වයිරල් වෙන්න්න ගන්නවා. ඉතින් සෝනිලා මාකටින් කියාගෙන ට්‍රේලර් එක පවා රිලීස් නොකර ඉන්න නිසා ට්‍රේලර් එක ලීක් උන නිසා අගෝස්තු 24 ඔෆිශියල්ම ටීසර් එක රිලීස් කරනවා. එහෙම රිලීස් කරපු ටීසර් එක වාර්තා පිට වාර්තා තියමින් රසිකයෝ වැළඳ ගන්නවා. පය 24 ක් ඇතුලත සමාජ මාධ්‍ය ඇතුලේ මිලියන 355.5ක වීව්ස් අරගෙන AVENGERS: ENDGAME පැය 24 ක් ඇතුලත ගත්තු මිලියන 289 ක වීව්ස් පහු කරලා අංක එක වෙනවා. ඉතින් මේ ට්‍රේලර් එකෙන් කටකතාවල තිබුණු දේවල් කිහිපයක් ඇත්ත වෙනවා. ඒ වගේම ප්ලොට් එකත් යම් විදියකට හෙළි කරනවා. මිස්ටීරියෝ කරපු හෙලිදරව ආපස්සට හරවන්න ස්ට්‍රේන්ජ් ගාවට යන ස්පයිඩර්-මෑන් වටේ මේ ෆිල්ම් එක ගෙතෙන බව හෙළි කරා. ඒ වගේම ඩොක්ටර් ඔටෝ ඔක්ටෙවියස් ගේ ආපසු පැමිණීමත් දකින්න ලැබුනා. ඉලෙක්ට්‍රෝ වගේම කටකතාවල තිබුනා වගේම ග්‍රීන් ගොබ්ලින්ගේ ආගමනයත් වෙන බව ඉඟි කරා මේ ටීසර් එකෙන්. ඔක්ටෙවියස් පෙන්නුවත් අනිත් අයනම් පැහැදිලිව පෙන්නුවේ නැහැ. හැබැයි අනිත් ස්පයිඩර්-මෑන්ලා හිටියේ නැතත් විලන්ලා හරහා 2002 ඉඳන් හිටිය රසිකයෝ අමන්දානන්දයට පත් කරන්න මේ ටීසර් එක සමත් වෙනවා. මේ විදියට යද්දී ටික දවසක් යද්දී ලීක් උනා කියල සැලකෙන ෆොටෝ කිහිපයක් අන්තර්ජාලයේ සැරිසන්න ගත්තා. ඒ සේරගේම ස්පයිඩර්-මෑන්ලා තුන්දෙනාම එකට ඉන්න පින්තුර. හැබැයි ඇන්ඩෘ මේ පින්තූර පොටෝෂොප් කරපුවා කියල සහ අනිත් අය මේවා බොරු පින්තූර බව පවසන්න උනා. ඒ අතරේ ටීසර් එකෙන් මාස තුනකට පස්සේ නොවැම්බර් 17 පළවෙනි ට්‍රේලර් එක රිලීස් කරනවා. පැය 24 කින් මිලියන 135 ක වීව්ස් ගන්න මේ ට්‍රේලර් එක සමත් වෙනවා. ඉතින් මේකෙන් අපිට් ඔක්ටේවියස්ට අමතරව ටෝබිගේ ෆිල්ම් වල හිටපු ගොබ්ලින්, සෑන්ඩ් මෑන් වගේම ඇන්ඩෘගේ ෆිල්ම් වල හිටි ඉලෙක්ටෝ සහ ලිසාඩ් ව දැකගන්න ලැබුනා. ඒ යුනිවර්ස් වල අයමද කියල තහවුරු නොකලත් සෑම දෙනාම පිළිගත්තේ ඔවුන් කලින් ෆිල්ම් වල හිටි අයම කියල. ඒවගේම කලින් ලීක් උන පින්තූර සමඟ මේ ට්‍රේලර් එකේ දර්ශන වල සමානකම් නිසා ඒ පින්තූර සත්‍ය ඒවා බවට යම් විදියකට තහවුරු උනා. ඒ වගේම ටොම් කියා සිටියා මේ ස්පයිඩර්-මෑන් ෆිල්ම් එක හෝම්කමින් සීරිස් එකේ අවසානය දකින්න ලැබෙන එන්ඩ්ගේම් වගේ එක යුගයක් අවසන් කරන ෆිල්ම් එකක් කියල. 

සෝනිලාගේ මාකටින් වල හොඳකම කොහොමද කියන්නේ ෆිල්ම් ටීසර් එකට අමතරව එකම එක ට්‍රේලර් එකක් විතරයි එයාල රිලීස් කරේ. එකත් ෆිල්ම් එක එන්න මාසෙකටත් අඩු කාලයක් තියෙද්දී. පෝස්ටර් වල කොලිටිය ගැන කතා නොකර ඉමු. ලෝ බජට් වගේ පෝස්ටර් තමා එයාල රිලීස් කරේ. හැබැයි ෆිල්ම් එක එන්න සති දෙකක් විතර මදි නොකියන්න TV SPOT නම් රිලීස් කරා. ඉතින් මේ අතරේ ටිකට්ස් ඕපන් කරනවා. ෆිල්ම් එකට හැදිලා තිබුණු හයිප් එක කොච්චරද කියනවානම් ටිකට්ස් විකුණන FANDANGO, AMC, REGAL වගේ ප්‍රධාන පෙලේ වෙබ් අඩවි සේරම බිඳ වැටෙනවා ආපු ට්‍රැෆික් එක දරාගන්න බැරුව. පැන්ඩමික් එක අතරේ මේ විදියට ටිකට් විකිණුනානම් සාමාන්‍ය කාලෙක ආවානම් ENDGAME ෆිල්ම් එකේ 2B වාර්තාව පහු කරන්න පවා ඉඩ තිබුනා කියල පැවසුනා. ලංකාවේ පවා සතියකට දෙකකට කලින්ම ප්‍රධානපෙලේ සිනමා ශාලා වල මුල් දර්ශන වල ටිකට් ඉවර වෙලා තිබුනේ. ඉත්න් දෙසැම්බර් 15 රටවල් කිහිපයක වගේම 17 ලෝකය පුරාම තිරගත වෙන්න පටන් ගත්තේ කොරෝනා නිසා බිඳ වැටිලා තිබුණු සිනමා ශාලා එක සැනින් පණ ගන්වමින් . ආදායම් වාර්තා පිට වාර්තා තියමින් පළවෙනි දවසේ ඉඳන් තිරගත වෙන්න පටන් ගත්තා.

අවිවාදයක් නැහැ මේක තමයි MCU හෝම්කමින් ස්පයිඩර්-මෑන් සීරිස් එකේ හොඳම ෆිල්ම් එක. ඒ වගේම බහුතරයකට අනුව හොඳම ලයිව් ඇක්ෂන් ස්පයිඩර්-මෑන් ෆිල්ම් එක. එකනම් ඉතින් සාපේක්ෂයි. හැබැයි බහුතරයක් මාත් එක්ක එකඟ වෙයි. අවරුදු ගානකින් ෆිල්ම් හෝල් එකක් ඇතුලේ ලබපු දැවැන්තම එන්ටර්ටේන්මන්ට් අත්දැකීම තමයි මේක. ගොඩක් දෙන බලාපොරොත්තු උනේ AVENGERS: ENDGAME වගේ අත්දැකීමක් අයේ කාලෙකට විඳගන්න ලැබෙන එකක් නැහැ කියල. හැබැයි මේ ෆිල්ම් එක ඇතුලේ අවුරුදු විස්සකට ආසන්න පරම්පරා දෙක තුනක රසිකයෝ දැවැන්ත සිනමා එක්ස්පීරියන්ස් එකක අත්දැකීම ලැබුවා. NO WAY HOME කියන ෆිල්ම් එක ගැන කතා කරනවනම් පීටර් පාකර්ට නියමිත වටිනාකම දීල තිබුනා. සිවිල් වෝ හිදී නගරයේ ප්‍රශ්න වලට උදව් කරමින් හිටිය පීටර් පාකර් එහෙමත් නැත්නම් ස්පයිඩර්-මෑන් අවේන්ජර්ස් ලා එක්ක සටන් කරන්න මැදිවෙලා පස්සේ අවේන්ජර්ස් ලා එකක් එකතු වෙලා ලෝකය බේරගන්න මෙහෙයුම් වලට මැදිවෙන්න උන ලොකු වගකීමක් තමන්ගේ උරහිසට ගත්ත තරුණ කොල්ලක්ගේ කතාව හරි අපූරු විදියට ගෙනවිල්ලා තිබුනා. හෝම්කමින් ෆිල්ම් එකෙන් අයන් මෑන් ගේ හෙවනැල්ලෙන් වැහුණු ස්පයිඩර්-මෑන්, අපි දන්නා කියන ඇඳුම වෙනුවට තාක්ෂණික වැඩ පිරුණු ඇඳුමත් එක්ක දකිද්දී බොහෝ දෙනා එකට ආස කරේ නැහැ. හැබැයි අයන් ස්පයිඩර් ඇඳුමනම් බොහෝ දෙනා ආස කළ ඇඳුමක්. කොහොම නමුත් ටෝනි ස්ටාර්ක් ගේ සෙවනැල්ලෙන් මිදුණු මේ කොලු ගැටයාගේ ගමන අපූරු විදියට මේ ෆිල්ම් එක එද්දී දියුණු කරලා තියෙනවා. ලෝකය බේරගන්න සටන් කරත් තවම එයා පාසල් උසස් පාසල් සිසුවෙක්. තරුණ වයසේ හැඟීම් දැනීම් එයාටත් ඇති වෙනවා. එයාගෙම ආදර ලෝකයක් තියෙනවා. නගරය, ලෝකය බේරගන්න එකට අමතරව MJ එක්ක ආදරේ කරන්නත් ඕනි. තමන්ගේ මිතුරා නෙඩ් එක්ක කාලය ගත කරන්න ඕනි. තමන්ගේ ජීවිතේ එකම ඥාතියා වෙන මේ නැන්දාව බලාගන්න ඕනි. ඒ සේරමත් එක්ක තමගේ නගරය ආරක්ෂා කරන්නත් ඕනි. ඉතින් මේ සේරම අස්සේ මිස්ටීරියෝ පීටර් පාකර් තමයි ස්පයිඩර්මෑන් කියල ලෝකයටම හෙළි කරනවා. ෆිල්ම් එක පුරාම මේ සේරගෙන්ම බැට කාපු පීටර් පාකර් කියන චරිතය ඉහලින්ම පෙන්වනවා. මොකද එයාට ස්පයිඩර්-මෑන් විදියට දරන්න වෙන වගකීම් වලටත් වඩා ලොකු වගකීම් ගොඩක් පීටර් පාකර් විදියට දරන්න සිදු වෙනවා. මොකද ස්පයිඩර්-මෑන් ට වඩා පීටර් පාකර්ට නැතිවෙන්න තියෙන දේවල් එමටයි.

කලින් දෙපාරක්ම සෝනිලා අවුල් කරගත්තු දේ මේ පාර මාර්වල් ස්ටුඩියෝව හරිම විදියට පාවිච්චි කරලා තියෙනවා. SPIDER-MAN 3, AMAZING SPIDER-MAN 2 වල වගේ නැතුව මේ පාර සතුරන් ගණනාවක් හිටියත් හරිම විදියට ඔවුන්ව හසුරුවලා තියෙනවා. මේ නිසා සමස්ත ෆිල්ම් එකම සමබරව තියාගන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසාම ෆිල්ම් සීරිස් තුනකම රසිකයන් මේ ෆිල්ම් එක ආදරයෙන් වැලඳ ගත්තා.

පොඩි දෙයක් කියන්න ඕනි. ටොම් සහ ඇන්ඩෘ ගේ එන්ට්‍රන්ස් ෆයිනල් බැට්ල් එකට ඉතුරු නොකරා කියල සමහරුන් කිව්ව්වත් බහුතරයක් රසිකයෝ ඒ තිබුණු එන්ට්‍රන්ස් එකට ආදරය කරනවා. ආදරණීයෙක්ගේ අහිමි වීම සහ උදව් ලබාදෙන්න ගිය අයගේ පාවාදීම නිසා මානසිකව අන්තයටම බිඳ වැටුණු පීටර් ට (ටොම්) අහිමි වීම තුලින් ශක්තිමත්ව නැගී සිටින්න කියා දුන්නේ ටෝබි සහ ඇන්ඩෘ ගේ ස්පයිඩිලා දෙන්නා. ඇත්තටම ඒ වහල මත ටොම් ගේ හිත හදන්න ගෙවුණු ඒ මොහොත ඉතා හැඟුම්බර මොහොතක්. තුන්දෙනාටම තමන් ආදරය කරපු තුන්දෙනෙක් නැති උනා. කලින් දෙන්නටම හිත හදාගන්න කොච්චර කල් ගියාද කියල අපි දැක්කා. ඉතින් ඒ දෙන්නා නැත්නම් බිඳ වැටුණු ටොම්ගේ පීටර් පාකර් ට එරෙහිව ආව සතුරන්ට මුහුණ දෙන්න ටොම් ට හැකි වෙන්නේ නැහැ.

ස්පයිඩිලා තුන් දෙනාගේ හමුවෙන් පස්සේ එතන ඉඳන් සමස්ත කතාවම ඇක්ෂන් වගේම හැඟීම් වලට කතා කරන කතාවක් උනා. ටෝබිගේ ස්පයිඩර්-මෑන් වයසත් එක්ක පරිණත වෙලා තියෙන හැටි, ඇන්ඩෘගේ ස්පයිඩර්-මෑන් තවමත් ග්වෙන්ගේ ආදරය එක්ක ඇයව අහිමි වීමෙන් විඳවන හැටි, ටොම්ගේ ස්පයිඩර්-මෑන් පොඩි වයසට දැවැන්ත බරක් උරහිසේ තියන් ස්පයිඩර්-මෑන් සහ පීටර් පාකර් කියන ලෝක දෙකක් අතර ඉන්න හැටි අපිට අපූර්ව විදියට පෙන්නලා දුන්නා. ටෝබි ගේ ස්පයිඩර්-මෑන් සහ ඔටෝ ගේ නැවත හමුවීම ආදරණීය හැඟුම්බර මොහොතක් උනා. ඒ වගේම ආදරණීය රසිකයන්ගේ නෙත් කඳුලින් තෙත් කරන්න ඇන්ඩෘ ගේ ස්පයිඩර්-මෑන් විසින් MJ ව උඩ සිට වැටීමෙන් බේරාගැනීම සමත් උනා. ග්වෙන්ගේ අහිමි වීම නිසා විඳවපු ඔහුගේ හදවතට යම් සහනයක් ලබාදෙන්න ඒ මොහොත සමත් වූ හැටි හැඟුම්බරව පෙන්වා දී තිබුනා.

සමස්ත ෆිල්ම් එකම චරිත ගණනාවකින් සමන්විත උනත් ටොම් වටා මුළු ස්ටෝරියම සමබරව ගෙනියන්න මාර්වල් ලා සමත් වෙලා තිබුනා. අවසන් සටන උනත් අවසානයේ සමස්ත ස්ටෝරියේ බර ටොම්ට දරාගන්න වීම වගේම සියල්ලන්ගේම යහපත පිණිස තමන් ආදරය කරන ලෝක දෙකෙන් එකක් ස්ව කැමැත්තෙන්ම තෝරාගන්න වීම තුලින් සිනමාපට හයක් පුරා පැමිණි මේ කොලු ගැටයා ගේ පරිණත වීම පෙන්වලා දුන්නා.

ආදායම් වාර්තා ගැන කියල තේරුමක් නෑ මොකද දැනටත් මේ ලිපිය ලියන මොහොතේ (2022/02/21) ඩොලර් බිලියන 1.83 ක ලොව වටා ආදායමක් අරන් ඉහලම ආදායම් ලබා ගත්ත ෆිල්ම් ලිස්ට් එකේ හයවෙනි තැන අරන් තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 771 ක දේශීය ආදායමක් අරන් ස්ටාර් වෝර්ස් ෆෝර්ස් අවේක්නස් සහ ඇවේන්ජර්ස් එන්ඩ්ගේම් දෙකට විතරක් දෙවෙනි වෙලා උතුරු අමරිකාව් තුන්වෙනි තැන දිනන් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන්ම මේ ආදායම් වාර්තා ඉදිරියේදී වෙනස් වෙනවා. ආරංචි විදියට සෝනිලා මාර්තු වල ආපහු රීරිලීස් එකකට යනවා කියල කටකතාවක් යනවා. ඒ වගේම කොරෝනා නැති කාලෙක ආවනම් දැනටම බිලියන දෙක පන්නපු ආදායමක් උපයගන්න තිබුනා. මොකද මේ අදායම් වාර්තා පවා අරගත්තේ ලෝකය පුරාම ඔමික්‍රොම් වෙරියන්ර් එක පැතිරෙන කාලෙක.

පොඩ්ඩක් ලියන්න ගිහින් දිග ලිපියක්ම ලියවුනා අන්තිමට. ඉතින් දැන් කියෙව්වා ඇති නේද. අවුරුදු 19 ක ගමනක දැවැන්තම එන්ටර්ටෙන්ට්මන්ට් අත්දැකීමක් ලබා දුන්න ෆිල්ම් එකක් තමයි මේක. රස විඳින්න හොඳින්. අහ් කියන්න අමතක උනා සෝනිලා නිවේදනය කරා තවත් ස්පයිඩර්-මෑන් තුනක් MCU එකත් එක්ක එකතු වෙලා කරනවා කියල සහ දැනට එකෙන් එක ෆිල්ම් එකකට ටොම් හොලන්ඩ් ම ස්පයිඩර්-මෑන් විදියට එකතු වෙනවා කියල. ඉතින් ඒ කියන්නේ තවත් සොලෝ ෆිල්ම් තුනක් සහ කලින් ඇග්‍රිමන්ට් එකේ විදියට එක සමූහ වීර ෆිල්ම් එකකිනුත් ස්පයිඩර්-මෑන් ව MCU එක ඇතුලේ දකින්නන පුළුවන්. බොහෝ දුරට ඒ ටීම්අප් ෆිල්ම් එක ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දෙවෙනි ෆිල්ම් එක වෙයි.  ඒ වගේම කෙවින් නිවේදනය කරා හතරවෙනි ෆිල්ම් එකේ වැඩ දැනටම පටන් ගෙන තියෙන්නේ කියල.

මේ ෆිල්ම් තුන අතරතුර වෙච්චි දෙයක් තමයි ටොම් සහ සෙන්ඩයා දෙන්න සැබෑ ජීවිතයේ පෙම්වතුන් වෙච්චි එක. මුලදීම ඒ දෙන්නට අවවාද කරලලු තිබුනේ සම්බන්ධතා පටන් ගන්න එපා කියල. තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉතින් ඕව අහනවද. තුන්වෙනි ෆිල්ම් එකේ ෂූටින් අස්සේ ඉතින් ආරංචි වෙනවා දෙන්නා පෙම්වතුන් වෙලා කියල. මේක ස්පයිඩර්-මෑන් නළුවන්ට අනිවාර්යෙන්ම වෙන දෙයක් වගේ. මොකද මුල් ෆිල්ම් තුන අතරේ ටෝබි සහ MJ විදියට හිටපු ක්‍රිස්ටීන් ඩන්සෙට් දෙන්නා පෙම්වතුන් උනා. ඒ වගේම ඇන්ඩෘ සහ ග්වෙන් විදියට හිටපු එමා ස්ටෝන් දෙන්නත් පෙම්වතුන් උනා. මේ පාරත් ටොම් සෙන්ඩයා පෙමතුන් වෙලා. ඒක හරියට ස්පයිඩර්-මෑන් චරිතේ එක්ක බෝනස් එකක් විදියට ආදර සම්බන්දෙකුත් එනවා වගේ.

එහෙනම් ඔයාලත් මේ සුන්දර අපූර්ව සිනමාපටය රස විඳින්න. අවුරුදු ගානකට දකින්න ලැබෙන දැවැන්තම ස්පයිඩර්-මෑන් ෆිල්ම් එක බලන්න පුළුවන් ඔයාලට.

#Hail_Hydra

ඔන්න අද මේ අරන් ආවේ ඔයාල මග බලන් හිටිය Spider-Man: No Way Home ෆිල්ම් එකේ සිංහල උපසිරැසිය. දැනට නිකුත් වෙලා තියෙන HDTS පිටපත් සඳහා තමයි උපසිරසි අරන් ආවේ මේ. මේ මාර්තු 01 වෙනිදා නිකුත් වෙන්න තිබුණු ඩිජිටල් රිලීස් එක මාර්තු 22 ට කල් දාපු නිසා වෙබ් කොපි එන්නේ එදාට. ඉතින් හදිස්සි කාරයෝ විතරක් මේ සබ් එක අරගන්න. අනිත් අය WEB/BR කොපි එනකල්ම ඉන්න. දැනට නිකුත් වෙච්චි පැහැදිලි ම HDTS පිටපත් දෙකකට තමයි සබ් දුන්නේ.

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ. 

54,458 downloadsDownload Spider-Man-No-Way-Home-2021-Blu-Ray.zip214 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

54,458 downloadsDownload Subtitles214 KB

87 comments

  1. Naveen Mbr

    සබ් එකට ස්තූතියි! එනකල් බලන් හිටියෙ. :-)

  2. Kushan

    Sub akta thanks

    1. Janaka

      Kohomada meke film download karanne

  3. Roshan Prasanna

    අම්මෝ බලාගෙන හිටියෙ හරි අමාරුවෙන් ඉස්පොයිල් කරගන්නෙ නැතුව.තෑන්ක්ස් බොක්ක

  4. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  5. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    බ්ලූරේ අප්ඩේට් කලාම බලමු.

  6. Anonymous

    අඩේ..... මරු මරු.... හෝල් එකේ බලන්න යන්න
    විදියක් නැතිව අප්ප හිටියෙ. අදම බලන්නෝන.
    ________________________________

    •°•`•දුලක්ෂ සම්පත්•°•°•

  7. C man

    Pahe.in eke copiyata vada torrent eke thiyena HDTS aluthin aawa copy quality ne
    eeka original eka vagemai eekai suba hari yaida

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. ravidu ishan

    සබ්එකට tnx Mchn,,,✌️✌️.. ජය!!

  10. Anonymous

    Nightmare alley sub dynko bn

  11. Udara Damith

    marthu wenakal inda

  12. රජිත්

    නියක review එක බන්
    තිබ්බ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බුනා

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  14. Anonymous

    Multiverse of madness එකට පස්සෙ NWH අවානම් doca tom ට උදව් කරයිද, multiverse of madness trailer එකේම doca mad වෙලා ඉන්නෙ

  15. nisal

    Ane ayye EJAN ALI (2019) MOVIE EKETH SUB DENNAKO

  16. Anonymous

    amo amo thank you bng...

  17. supun

  18. Anonymous

    Thanks BN...Danakan balan idiye....

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Chamindu Udara

    Thanks for the subtitles guys. Webrip & BluRay ආපු ගමන් updates දෙන්න​.

  21. Dishan

    THANK YOU... ENAKAMMA THMAI HITIYE.... jaya weva

  22. Avindu umesh

    තැනක් යු අය්යේ!!

  23. oshanda

    නියමයි සහෝ

  24. chandupa

    original eka enna hariyatama kochara kal yaid

    1. Sachin Vinod

      tawa masayak witara yanawa..

    2. pramuditha

      me dn awa

  25. මදුශාන්

    එම්ල

  26. Anonymous

    බොහොම ස්තූතියි සහෝ!
    ආදරෙයි පැලෙන්න❤️

  27. thusitha

    Thank you so much brother

  28. Anonymous

    මචං සබ් එක වටිනවා. හැබැයි සබ් එකට වඩා මට නම් මේ කියලා තියෙන දේවල් වටිනවා. ස්තූතියි මචං.

    1. Anonymous

      Ou mat dan gihin baluwa yanna ba

  29. Shenal

    Biscope download site eka deactivate karala thiyenne aii

  30. Eshan Deneth

    මේකෙන් video පිටපත download කරන්නේ කොහොමද

    1. Anonymous

      Download kiyala athi

  31. dilanwimalasiri9

    thankz bro

  32. Anonymous

    Godac mansi wela thiyenawa.hadewethin kerana wadac kawedawath waredin na.jaye wewa!

  33. Anonymous

    very good job.

  34. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  35. Anonymous

    vikings valhalla ekath one

  36. vidura

    me sub ekata match wena download link eka denna puluwan da.
    Baiscopedownload eka weda krnne nene

  37. Pasindu sansala

    පට්ට

  38. Redrux

    Thnkz bro

  39. Anonymous

    Thanks brother

  40. Videw Sewmitha

    Ayye aluthen apu blu ray copy ekata update karannako pls.

  41. charith

    සබ් එකට ටෑන්ස්..අද ලීක් උන බ්ලුරේ කොපියෙන් බලනවා//ජය වේවා

  42. mokadameka

    Thnkz bro ♥

  43. ishan

    Thnx Hasaa ayyaa

  44. supun

    tz sub ekata

  45. oshanda

    niyamai saho

  46. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියේ. ජයවේවා!

  47. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  48. Anonymous

    Thanxx sago

  49. Danushka

    Thank U Hasa,

  50. lakshan

    thanks .................

Load more comments