බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා!හැමදාම බයිස්කෝප් පිටුවෙන් ෆිල්ම් වලට සබ්ටයිට්ල් ගන්න එකේ මටත් ආස හිතුණා බයිස්කෝප් පිටුවට සම්බන්ද වෙන්න.ඔන්න ඉතින් මම මගේ පලවෙනි උපසිරැසි නිපැයුම ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. විද්‍යාත්මක ඝණයට වගේම ක්‍රියාදාම,වික්‍රමාන්විත, ගණයට අයත් වෙන මේ සජීවිකරණ බයිස්කෝප් එක…
බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා!හැමදාම බයිස්කෝප් පිටුවෙන් ෆිල්ම් වලට සබ්ටයිට්ල් ගන්න එකේ මටත් ආස හිතුණා බයිස්කෝප් පිටුවට සම්බන්ද වෙන්න.ඔන්න ඉතින් මම මගේ පලවෙනි උපසිරැසි නිපැයුම ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. විද්‍යාත්මක ඝණයට වගේම ක්‍රියාදාම,වික්‍රමාන්විත, ගණයට අයත් වෙන මේ සජීවිකරණ බයිස්කෝප් එකට ඔයාලා හැමෝම කැමතිවෙයි කියලා මම හිතනවා. මේක මගේ පලවෙනි උපසිරැසි නිමැවුම නිසා සමහර විට අඩුපාඩු ඇති. ඒ වැරදිත් හදාගෙන ඉදිරියටත් බයිස්කෝප් පිටුවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.
බයිස්කෝප් එක ගැන විස්තරේ මෙහෙමයි. කතාව පටන් ගන්නේ John A. Warden නම් තාරකායානාවෙන් එන අභ්‍යවකාශ රෝහකයන් කණ්ඩායමක් ග්‍රාහකයක් මත පිහිටුවා තිබෙන මධස්ථානයක් ආක්‍රමණය කර තිබෙන මකුණන් නමින් හැඳින්වෙන පිටසක්වල සතුන් රංචුවක් විනාශ කිරීමට සූදානම් වන අවස්ථාවකිනි. මොවුන් සටන් වදින අතරතුර එතැනට පැමිණෙන Alesia නම් යානාවේ සිටින Carl Jenkins නම් ප්‍රධානියා John A. Wardenහි කපිතාන් Carmen Ibanezව සහඅණදෙන නිලධාරී මේජර් Henry Varroව Alesia යානාවට යවා බලහත්කාරයෙන් John A. Warden යානාව රැගෙන කිසිවෙකුට දැනුම් නොදුන් ගමනාන්තයක් කරා ගමන් අරඹයි. ග්‍රාහක මධ්‍යස්ථානයේ දරුණු සටනක් මැද කොටුවන රෝහකයන් පිරිස Alesia යානය විසින් බේරා ගනු ලබයි. කපිතාන් Carmen Ibanez, ජනරාල් Johnny Rico, Carl Jenkins, මේජර් Henry Varro මෙන්ම ඇති දක්ෂ රෝහකයන් පිරිස උදාවන තත්වයට කෙසේ ප්‍රතික්‍රියා දක්වයිද? කපිතාන් Carmen Ibanez සිය යානය නැවත ලබාගනියිද? Alesia යානයේදී සිරකරුවෙකු වන Henry Varro හට කුමක් සිදුවෙයිද? John A. Warden යානයට කුමක් සිදු වෙයිද? පෘතුවියට එල්ලවන භයානක තර්ජනය කුමක්ද? අභ්‍යවකාශයේ මිනිස් වර්ගයාට තර්ජනයක් වන මකුණන් හට කුමක් සිදු වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නනම් ඔයාලට මේ බයිස්කෝප් ඒක බලන්නම වෙනව. මොකද මමං මේක ගැන කිව්වොත් බයිස්කෝප් එකේ රසය අඩුවේවි. (මෙහි එන දර්ශන කිහිපයක් දරුවන්ට නුසුදුසු බව කාරුණිකව සලකන්න)
එහෙනම් ජය වේවා! එහෙනම් ඉක්මණින්ම හමුවෙමු කියාගෙන සමුගන්නවා….හැමෝටම බාගෙන බලන්න… යන ගමන් විනාඩියක් විතර වැය කරලා පුංචි කමෙන්ට් එකකුත් දාලම යන්න කියලත් කාරුණිකව ඉල්ලනවා.
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
efafe749decbec0742923939af1bb4a50577aaed700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
176847909bb690b933ae42bd43616023b24282d11.2 GB (BR) කොපිය මෙතනින් බාගන්න
55ee4ccd29ae78edda6d5dee14b4a41634d57863 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,191 downloadsDownload Starship.Troopers.Invasion.2012.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
56 comments
dilan
naleen
thanks kollaa
tharanga
තවත් කොල්ලෙක්,.පට්ට ඔන්න දිගටම සබ් දෙමු
Bandula
elane balanna one. :)
quik
thanks
g-a-n-d-u
පළමු සබ්
එකට
සුභ
පැතුම්!
wow
wow.... maru :)
ranga
thanks boss
සංජිව
Godak thanks oyata meka dunnata. mamath dan meka download karanawa bagenama balala kiyannam hithanawa ela athi kiyala thanks oyage mahansiyata.....
ositha
dwn wenna damma hoda akak wage.txz
fd
palamu wadeyta suba pathum sahota
jeewantha
maxxa machan
kalinga
ජයම වේවා සහෝට පළමු වැඩේට සුභ පැතුම්!
ccnp
Thanks
නලින්
තවත් අළුත් සහෝ කෙනෙක්
සුභ පැතුම් පළමු සබට
දෙවනි එකත් පටන් ගමු
ජය වේවා!!
upali
ela ela ela
geeth
magenuth suba pathum!
amilatk
jayen jaya!!!
was
පළමු සබ් එකට සුභ පැතුම්.තවත් ෆිල්ම්ස් වලට සබ් දෙමු ඉස්සරහට
ශාන් විමුක්ති [වීමා] 〠
නව සාමාජිකයෙක්
අපේ උපසිරසි කන්ඩායමට සාදරයෙන් පිලිගන්නව තිසර සහෝව
ඒ වගේම පලමු උපසිරසියට සුබපැතුම්, දෙවැන්නත් පටන් ගමු නේද එහෙනම්
මොකද මේක අපි වගේ පොඩි ඈයොන්ට නුසුදුසුයි කියල තියෙනව නොවැ ;)
ඒ නිසා අපි වගේ පොඩි ඈයොන්ට බලන්ට එකක අරන් එන්ට :D
ජය.ganidu
තෑන්ක්ස් වේවා!
කැලුම් රණවක
ෆිල්ම් එක බාලා තිබුනේ..බැලුවෙ නෑ..දැන්නම් සිංහලත් එක්කම බලන්න පුළුවනි.ඔන්න සබ් එක බා ගත්තා.පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ..දිගටම කරන්න..
පුළුවනි නම් සබ් එකේ හැම වචනයක්ම සිංහලෙන් දෙන්න බලන්න.(නම්,ගම් පවා) එතකොට සබ් එක ලස්සනටම කොලිටියටම තියෙනවා..ඔබට ජය...!!ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නේ, දැන් දවසට එක්කෙනා ගානේ අලුත් අය එනවනේ...
කියල වැඩක් නැහැ මෙහෙම ගියෝතින්....
ඉතින් මචෝ, මුල්ම උපසිරසට සුබ පැතුම්..
දිගටම කරමු...
ජය වේවා!!!indika
thnx,,,,,
හසන්ත වික්‍රමරත්න
අලුත් සහෝදරයව සාදරයෙන් පිලිගන්නවා ඒ වගේම පළමු උපසිරසට උණුසුම් සුබ පැතුම් !!! මේ වගේ තව තව උපසිරැසි නිර්මාණ අපවෙත ලැබේවි කියලා හිතනවා. ජය වේවා!!!
mudiya / මුදියා
මගේ කමෙන්ට් එක වැටුනෙ නැද්ද මන්ද.කොහොම හරි පළවෙනි වැඩේට සුභ පැතුම් නියෝ.දිගටම සබ් දෙන්නකො.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!
ishan
thanks machan
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….Thanks very much...
nalaka
තිසර ඔයාගේ පළමු උපසිරැසි නිර්මාණයට මාගේ උණුසුම් සුබ පැතුම් ...මින් ඉදිරියටත් තවත් නිර්මාණ ලබාදීමට ඔබට ශක්තිය හා වාසනාව ලැබේව ....ජයවේව.බයිස්කෝප් වෙබ් අඩවියට ජයවේව...
das
thk uuuuu
indika perera
good luck with 1st subtitile.
uda
තවත් අලුත් සගයෙක් :D මේ කාලෙ උපසිරැසිකරණය ගැන ලොකු ප්‍රබෝධයක් ඇති වෙලා තියෙන සමයක් වාගෙයි. දිනපතා අලුත් සාමාජිකයින් එකතු වෙනවා. එන්ඩ එන්ඩම ගණනින් ඉහළ යනවා. ඒ එන අය හුගදෙනෙක් දිගටම රැදී ඉන්නවා. සුබ ලකුණක්!
ඒ එක්කලම ඉල්ලුමට සැපයුම හොදම විදිහට ලැබෙනවා. ඉතින් බොහොම සතුටක් මේක; මේ විබපළත් එක්ක මෙතෙක් කලක් රැදී උන්නු කෙනෙක් හැටියට!
අගෙයි සහෝ! දිගටම ගෙනෙමු තව තවත් ඒවාට සබ් සිංහලෙන්. තුති සහ ජය!
shalana
Thanks saho...
සමීර කරුණාරත්න
මේ ටිකේ නම් බයිස්කෝප් එකට රජ මගුල් වගේ...
අලුත් මුහුණු ගොඩයි...
ඇත්තටම හරිම සන්තෝසයි...
සාදරයෙන් පිළිගන්නව බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට....
එහෙනම් ඔන්න ගත්තා මේ උපසිරැස බොහොම ස්තුතියි...
තව උපසිරැසක් ඉක්මනට බලාපොරොත්තු වෙනවා...“චූටී මල්ලි”
තවත් පොරක් එල එල
දිගටම සබ් දෙන්න සහෝ
මේක ගන්නවා
තව හොද එව්වට දෙන්න සහෝ...
ඔබට ජය.......dimuthu තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.මම ආසම කතා වර්ගයක් තමයි ඔයා ගෙනත් තියෙන්නේ.
tikiri
එල එල ලොක්ක...මේක පට්ටය් වගේ.ඔයාට පින් දීල ඔන්න බෑවෙන්න දැම්ම
දිනුක මධුශාන්
පළමුවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්! බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!
pasidu
ela thanks palamu wadeta suba pathum
dev
bohoma stuti saho... .
1st sub ekata suba patanawa.. .Thisara buddhika
අදහස් දක්වන හැමෝටම ස්තුතියි. ඉක්මනටම ඊළඟ sab එකෙන් හමුවෙමු.
shanaka fernando
maru action film aka sub files tikat niyamata wada thanks
අමිත් ධනංජය
පට්ට ෆිල්ම් එක. ජය වේවා මචෝ
Thushan
Thanks Bro
mindika
Thanks !!!!!!!!!!!
Isuru Mahindarathna
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි! ඔබටත්, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත් ජයෙන් ජයම උදා වේවා!
Danuka
මුලින්ම උපසිරසියට ගොඩක් ස්තුතිවෙවා තවත් අලුත් එකකට ඉක්මනටම සබ් දෙන්න සහෝ
දිනිඳු සම්පත්
පලමු උපසිරැසියට සුභ පතනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.දිගටම සිංහල සබ් දෙන්න ලැබේවා! ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Lahiru
nice
Advertisement

palamu wadeyta suba pathum!