Watch Trailer

Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | කවි ගී නොලියවුන සෙන්පති ටන්හාජී! [සිංහල උපසිරැසි සමඟ]

නිදහස් රාජ්‍යයක හුස්ම ගන්නයි අපි හැමෝටම ඕන කරන්නේ. කවුද කැමති කාටවත් වහල් වෙලා, බයේ හැංගි හැංගි ජීවත් වෙන්න. තමන්ගේ මව්බිම තරම් වටින තවත් දෙයක් තියෙනවද…?? ඒ තමන්ගෙ මව්බිම වෙනුවෙන් දිවි පරදු තබා සටන් කරන්න ඔබ සූදානම්ද..?? ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි… ඒකට ධෛර්‍යයක් තියෙන්න ඕන.. ධෛර්‍යය තියෙන…

නිදහස් රාජ්‍යයක හුස්ම ගන්නයි අපි හැමෝටම ඕන කරන්නේ.
කවුද කැමති කාටවත් වහල් වෙලා, බයේ හැංගි හැංගි ජීවත් වෙන්න.
තමන්ගේ මව්බිම තරම් වටින තවත් දෙයක් තියෙනවද…??
ඒ තමන්ගෙ මව්බිම වෙනුවෙන් දිවි පරදු තබා සටන් කරන්න ඔබ සූදානම්ද..??
ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි…
ඒකට ධෛර්‍යයක් තියෙන්න ඕන..

ධෛර්‍යය තියෙනවා කියලා අඟවනවා කියන්නෙයි ධෛර්‍යය පෙන්නනවා කියන්නෙයි දෙකක්…
අපි අද කතා කරන්න යන්නේ ධෛර්‍යය තියෙනවා කියලා අඟවන්න හදන කාඩ්බෝඩ් වීරයෙක් ගැන නෙමෙයි…
ඔහු තමන්ගේම ක්‍රියාවෙන් ධෛර්‍යය පෙන්නුම් කරපු කෙනෙක්….
භාරත දේශයේ බිහි වුන අපූරු දේශප්‍රේමි යුධ විරුවෙක් වුවත් ඔහුගෙන් අපිට ගන්න පුළුවන් දේවල් බොහොමයි..
ඔහු වෙනුවෙන් භාරතයේ හෝ කවි ගී නොලියවුන කෙනෙක්…
සමහරවිට ඔහු එදින කරපු කියපු කැපකීරීම් නොවෙන්නට,
අද භාරත දේශය මීට වඩා සහමුළින්ම වෙනස් වෙන්නට තිබුනා..
නමුත් ඔහුගේ වීර කාව්‍ය ලෝකයට සැඟවුන රහසක්…
සත්‍ය සම්පන්න මිනිහෙක්, ධෛර්‍ය සම්පන්න, නිර්භීත වූත්, රට ජාතිය ආගම පලමුවත් අන් සියල්ල දෙවනුවත් සිතා
දිවි දෙවනි කොට සටන් වැදුන ඔහු ටන්හාජි මලුසරේ. කවී ගී නොලියවුන භාරත දේශයේ සෑබෑ වීරයෙක්.
නමුත් මේ අභීත විරුවාගේ ජීවන කතාන්දරය ලෝකයටම පෙන්වා දෙන්නට ඉන්දියානු සිනමා කර්මාන්තය ඉදිරිපත් වුනා.
ඉතිහාසයේ සැඟවුන තවත් විරුවෙක්ව එසේ නිරාවනය කිරීම තුලින් අද ටන්හාජි කියන්නේ ලෝකයම දන්න කෙනෙක් පත් වෙලා.

ඉතින් ඔන්න අද මේ උණු උණුවෙම අරගෙන එන්නේ අද උදේ හතරට විතර අන්තර්ජාලයට පිටපත් නිකුත් වුන වසරේ හින්දි සිනමාවේ පලවෙනි බොක්ස් ඔෆිස් හිට් එක අරගෙනයි. හුගක් දෙනෙක් මඟ බලාගෙන හිටිය ෆිල්ම් එකක් නිසා. උදේම පටන් අරගෙන දවස ඉවර වෙන්න කලින් ඔන්න ගෙනාවා. ඒනම් වැඩි කතාබහක් නැතුව හැරෙමු චිත්‍රපටය පැත්තට.

2020 වර්ෂයේ ජනවාරි මාසය නම් හින්දි සිනමාවට එතරම් සුභ දායක උනේ නෑ, එතරම් කිව්වට අතිශයින්ම සුභ දායක වුනේ නෑ. ජනවාරි මාසයේ තිරගත වූ රසිකයින් දෑස් දල්වාගෙන බලාගෙන හිටිය Chhappak, Panga, Street Dancer සහ Jawaani Jaaneman කියන චිත්‍රපට කිසිවක් සාර්ථකත්වයට පත් වුනේ නෑ, බොහොමයක් චිත්‍රපට ෆිල්ම් එකේ වියදමවත් සොයාගත නොහැකිව ප්ලොප් වුනා. ආදායම පැත්තෙන් ඒ වගේ වෙද්දි මේ කිසිම ෆිල්ම් එකක් ප්‍රේක්ෂක හෝ විචාරකයන්ගේ පැසසුමට ලක් වුනේ නෑ කිව්වොත් නිවැරදියි. බොහො දෙනෙක්ගේ බලාපොරොත්තු කඩකරපු සිනමා මාසයක් ලෙස ජනවාරි හදුන්වන්න පුළුවන්. නමුත් ඒ මාසෙම තිරගත වුන Tanhaji: The Unsung Warrior සිනමා පටය බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ට යම් අස්වැසිල්ලක් එක් කලේ අන් සියළු සිනමා නිර්මාණයන් පාගගෙන ආදායම් අතින් අති සාර්ථක වීමත් සමඟයි. ආදයම පමණක් නොවෙයි ප්‍රේක්ෂක සහ විචාරක මත සියල්ලක්ම පාහේ ඉතාමත් සුභ දායක මට්ටමේ පවත්වගන්න Tanhaji සමත් වුනා.

2020 ජනවාරි මස 10 වන දින ලොව පුරා තිරගත කිරීම් ආරම්භ කල Tanhaji සිනමා පටය දවස් තුනක් ඇතුලත කෝටි 50 සීමාව පසුකර ගියේ කිසිදු බලපෑමකින් තොරවයි. ඒ වගේම පිළිවෙලින් කොටි 100 දින හයකින්, කෝටි 125 දින අටකින්, කෝටි 150 දින දහයකින්, කෝටි 175 දින එකොලහකින් සහ කෝටි 200 සිමාව දින දාහතරක් ඇතුලට ලබාගෙන බොක්ස් ඔෆිස් නාමය තම නම ඉදිරිපිට සනිටුවහන් කරගන්නවා. ඒ වගේම දින 24ක් ඇතුලත කෝටි 250 සීමාවද අපහසුවකින් තොරව මෙම සිනමා පටය ලබාගන්නවා.

ඒසේ ගමන් කල මේ අති දැවන්ත සිනමා පටය තම සිනමා ගමන මාර්තු පලවෙනිදා වෙන විට අවසන් කරන්නේ ඉන්දියාව ඇතුලත පමණක් කෝටි 331ක් සහ ඉන්දියාවෙන් පිට රටවල තිරගත කිරීම් වලින් කෝටි 34කට අධික මුදලක් ලබාගෙන සම්පූර්න ආදායම කෝටි 366කට අධික ආදායමක් ලබාගෙනයි. විශේෂත්වය වන්නේ මෙම සිනමා පටය නිර්මානයට වියදම් වී ඇත්තේ කෝටි 150ක් වීමයි. ඒ අනුව වියදමට වඩා දෙගුණයකටත් අධික ආදායමක් Tanhaji ලබාගන්නවා. ඒ වගේම 2020 වර්ෂයේ පලමු බොක්ස් ඔෆිස් සිනමා පටය වන්නේද Tanhaji : the unsung warrior සිනමා පටයයි.

සිනමා පටය සඳහා රංගනයෙන් දායක වෙන අය මතක් කලොත් ජනප්‍රිය බොලිවුඩ් නළු Ajay Devgn, ඒ වගේම ඔහුගේ සැබෑ ජීවිතයේ බිරිද වගේම සිනමා පටයේද ඔහුගෙ බිරිදගේ චරිතය සඳහා සුරූපී Kajol, තවද බොලිවුඩ් සුපිරි නළු Saif Ali Khan දුෂ්ඨයාගේ චරිතය සමඟින් මේ චිත්‍රපටයේ ඔබ හමුවට එනවා. තවද Sharad Kelkar, Luke Kenny, Vipul Gupta කියන නළුවන්ද මෙහි රංගන දායකත්වය සපයනවා.

ඒ වගේම මෙම සිනමා පටය IDMb දර්ශකයේ 14,000+ අධික මනාප සංඛ්‍යාවකින් 8.4 ක ඉහල අගයක් ලබාගෙන මේ සිනමා පටයේ තත්වය තවත් ඉහලට ගෙනහල්ලා තියෙනවා. ඒ වගේම IDMb දර්ශයකයේ Top Rated Indian Movies ලයිස්තුවේ #140 වැනි ස්ථානයද මේ වෙනකොට Tanhaji සිනමා පටය අත්පත් කරගෙන තියෙනව. ඉතින් තව මොන කතාද?? තවද කුණු තක්කාලි දර්ශකයේ 70% ඉහල අගයකුත් ගූගල් පරිශීලකයින්ගේ 95% අගයකුත් ලබාගෙන තියෙනවා. මේ කරුණු ටිකම ඇති ඉතින් මේ සිනමා පටය බලන්න කෙනෙක්ට පෙළඹෙන්න.

සිනමා පටය ලබාගෙන තියෙන Ratings දැක්වෙන Poster කිහිපයක්

ඇත්තටම සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරපු මේ අති දැවන්ත නිර්මාණය ගැන කියන්න දෙයක් නෑ. කතාව ගැන නම් වචනයක්වත් කියන්න යන්නේ නෑ. නමෙන්ම, පෝස්ටර් වලින්, මම කියලා තියෙන කරුණු වලින්ම තෙරෙනවා මොකද්ද කතාව කියලා. 1600 ගණන් වල ජීවත් වුන මරාටා ජාතිකයෙක් වෙන Tanhaji Malusare කියන අභීත රණශූරයා ඉන්දියා භූමිය ආරක්ෂා කරන්න සිදු කරන මහා සටනක් ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන්.

Sinhagad එසේ නොමැති නම් අතීතයේ කොන්ඩානා ලෙස හැදින්වුන බලකොටුවේ ටන්හාජි කරපු සේවය වෙනුවෙන් තනා ඇති අනුස්මරණ පිළිරුව)

මොකද මේ වගේ ඉතිහාස කතා වලට ඇලුම් කරන කෙනෙක් නම් මෙලහකට ඩවුන්ලෝඩ් බට්න් එක ඔබලා ඇති. බොක්ස් ඔෆිස් ආදයමෙන් සිනමා පටය බලනවාද කියලා තීරනය කරනවා නම් ඒකත් ඉතින් මදි නොකියන්න ලැබිලා තියෙනවා, Rating බලලා සිනමා පටය බලනවා නම් ඒකටත් ඔන්න අරවා මේවා නොකියන්න ලැබිලා තියෙනවා. ඉතින් හැම පැත්තෙන්ම සාර්ථක, නියම ලස්සන, විශිෂ්ඨ නිර්මාණයක් තමා Tanhaji කියන්නේ. ඒ වගේම 2020 වර්ෂයේ මෙතෙක් සාර්ථක වුන එකම සිනමා නිර්මාණය විදිහට ඔයාලට මේක බලන්න ආරධානා කරන ගමන් මම ගිහින් එන්නම්. ජය වේවා…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි True WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

27,114 downloadsDownload Tanhaji-The-Unsung-Warrior-2020.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

27,114 downloadsDownload Subtitles81 KB

54 comments

  1. lakmal karunathilaka

    sub denakan balan hitiya pattama film ekak thanks machan.

  2. Mayura

    නියමයි මලේ. සබට තුති.
    ජයවේවා!!

    1. Anonymous

      Niyamai kolloo,, tnx

  3. rangika Kariyawasam

    බෝම තුති සහෝ.අපිත් ඩවුන්ලෝඩ් බටන් එක එබුවා.ජය

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
    ජය වේවා.!

  5. Anonymous

    ස්තුතියි කවිශල් සහෝ.ජයවේවා!

  6. Nirosh C

    ස්තුතියි.ජය !

  7. Suranjan

    Thanks machan.....jayawewa......!

  8. subodha

    Thanks

  9. tharidu16

    thanks machii

  10. tharidu16

    baiscopedownload site eka down neda ban.

  11. Anonymous

    Thanks Bro

  12. Hemantha De Silva

    ස්තුතියි කවිශල්....
    ජයවේවා... !
    ස්තුතියි බයිස්.

  13. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  14. Anonymous

    thanks sahooo

  15. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  16. arawindasunimal

    Thanks sub ekata (kavishal rasintha) jayawewa..............

  17. arawindasunimal

    Thanks sub ekata (kavishal rasintha)

  18. indika75

    thanks..

  19. Nilush Angana

    Sub ekata thanx

  20. jagath55

    Thanks

  21. Gihan perera

    නියමයි මචන්.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා....

  22. Saranga J. Liyanagama

    Thanks

  23. danithniwanthaka

    thanks bro. jaya wewa....!!!

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Rukshan37

    Ela

  27. kodagoda

    tnx lot macho

  28. M.W. Dilhani

    සබ් එකට ස්තූතියි. මේකේ අජේ රගපාන චරිතේ නම තානාජි. සබ් එකේ දිගටම තියෙන්නේ ටන්හාජී කියලා. නම් ගම් වෙනස් නොකර ඒ විදිහටම දාන්න.

  29. tharaka007

    Good luck
    luck

  30. isuru srinath sjs

    බොහොම ස්තුතියි මල්ලි !!

  31. Anonymous

    thank you

  32. mindika

    Thanks !!!!!!!!!!!!!

  33. sathyajith

    thanks for the sub

  34. විශ්ව ජයසංඛ

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  35. Prashan K

    Oya meka liyala tiyena widiyata malli film eka nobala inna bari una. Jaya wewa malli

  36. D.Chamara

    bohoma sthuthi sahoo

  37. Anurada

    Thank You, Brother !!!

  38. Pramukmili

    Thanxxxxxxxxxxxx bro..............

  39. sahan malinga

    ela bokka

  40. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ ජයවේවා .....!!!!!

  41. pasandu

    Thank you

  42. jayNP

    Thank you.. keep it up good work.. :)

  43. Xxxxx

    Thanks brother... keep up

  44. gds gamage

    thanks

  45. nuwan.kirillawala

    Thank you Lucii .. #Promi

  46. vinuka dilmeth

    thanks .good luck

  47. vinuka dilmeth

    ජයෙන් ජයම වීවා..බුදු සරනයි...

  48. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  49. Rithil

    supiri

  50. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.