ඔස්කාර් සම්මාන 5ක් , ඔස්කාර් නිර්දේශ 6ක් සමග සම්මාන 86ක් දිනපු ඩිකැප්රියෝගේ සුපිරි චිත්‍රපටයක් බලමුද? ඔන්න එහෙනම් සමාවෙන්න ඕනේ හැමෝම බලන් හිටපු චිත්‍රපටයක උපසිරසියක් අරන් ආවා පහුවෙලා හරි. Leonardo DiCaprio ගේ ෆිල්ම් එකක් කියලා කිව්වහම ඉතින් ආයේ කතා 2ක් නෑ මෙතන ඉන්න හැමෝම ආයෙත් මේක බලන එක නම් සිකුරු…

ඔස්කාර් සම්මාන 5ක් , ඔස්කාර් නිර්දේශ 6ක් සමග සම්මාන 86ක් දිනපු ඩිකැප්රියෝගේ සුපිරි චිත්‍රපටයක් බලමුද?
ඔන්න එහෙනම් සමාවෙන්න ඕනේ හැමෝම බලන් හිටපු චිත්‍රපටයක උපසිරසියක් අරන් ආවා පහුවෙලා හරි. Leonardo DiCaprio ගේ ෆිල්ම් එකක් කියලා කිව්වහම ඉතින් ආයේ කතා 2ක් නෑ මෙතන ඉන්න හැමෝම ආයෙත් මේක බලන එක නම් සිකුරුයි. හොලිවුඩ් වල කිසිම නළුවෙක්ට සම කරන්න බැරි නලුවා තමයි DiCaprio කියන්නේ. ඕනෙම චිත්රපටියකට විශිෂ්ඨ රංගනයෙන් ලොකු වටිනාකමක් එකතු කරන්න පුළුවන් නළුවෙක් කියලා ඔප්පු කරලම තියෙන්නේ රගපාන හැම ෆිල්ම් එකකම වගේ හොඳම නළුවාට ඔස්කා සම්මානයට නිර්දේශ වෙන නිසා. මේ කතාව ගැන පසුබිම් විස්තරයක් දෙන්නම් හැමෝටම වැදගත් වෙන.
කතාවේ ප්‍රධාන චරිතය වන හොවර්ඩ් හියුස් සැලකෙන්නේ (1905 -1976) එයාගේ ජීවිත කාලය තුල මුළු ලෝකෙන්ම හිටපු සාර්ථකම ව්‍යාපාරිකයෙක් විදිහට සහ ලෝකය වෙනස් කරපු පුද්ගලයෙක් විදිහට. මොහුගේ තියෙන විශේෂත්වය වෙන්නේ ව්‍යාපාරිකයෙක් වගේම ආයෝජකයෙක්, වාර්තා තියපු ගුවන් නියමුවෙක්, ඉංජිනේරුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නව නිපැවුම් කරුවෙක්වගේ තවත් ගොඩක් දේවල් වලට එක හා සමානව දක්ෂ වීම නිසා. තමන් ආසාවෙන් කරන ඕනෑම අභියෝගයක් අවදානමක් සහිතව උනත් බාරගන්න මෙයා 2පාරක් හිතන්නේ නෑ. ඒ වගේම මෙයාගේ හැම ක්ෂේත්‍රයකම තිබ්බ සාර්ථකත්වය නිසා හොවාර්ඩ්ට ඒ කාලේ හොලිවුඩ් වල හිටපු සුරූපිම නිළියන් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනවා. එත් ඒ අයගෙන් මෙයාට ආදරයක් නම් ලැබෙන්නේ නෑ. මොකද හොවර්ඩ් අමුතු ජාතියේ මනුස්සයෙක්. මෙයා වැඩ කරන්නේ එයාටම ආවේණික විදිහකට. ඒ වගේම පොඩි කාලේ ඉදන් තියෙන අසනීපෙකුත් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි මෙයා හැම අතකින්ම ඉස්සරහට යන්නේ. මේ කතාව යද්දී ඇමෙරිකාවේ 1920-1950 අතර කාලයේ හිටපු ගොඩක් ජනප්‍රිය අයගේ නම් කියවෙනවා. ගොඩක් දේවල් මම හැමෝටම තේරෙන්න ඕනේ නිසා විස්තර කරලා දාලා තියෙනවා * දාල පුළුවන් විදිහට. මීට එහාට මම කියන්න යන්නේ නෑ කතාව බලලම ඉන්න කට්ටිය.
මේ චිත්රපටය දිනාගත්ත මුළු සම්මාන ගණන 86ක් වෙනවා, නිදෙෂිත 130යි.
2005 ඔස්කාර් සම්මාන උළෙලේ දිනාගත් සම්මාන.
- Best Performance by an Actress in a Supporting Role
- Best Achievement in Cinematography
- Best Achievement in Film Editing
- Best Achievement in Art Direction
- Best Achievement in Costume Design
*හොඳම නළුවා සම්මානයට එවරද Leonardo DiCaprioට නාමයෝජනා ලැබුනත් ඔහුට එවරත් එය දිනාගැනීමට බැරි උනා.
මගේ පලවෙනි උපසිරැසිය බලපු නැති අය ඉන්නවා නම් එකත් බලන්න. වෙනස්ම විදිහේ වෙනත් භාෂාවක චිත්‍රපටයක්.පොඩි ඉල්ලීමක් තියෙනවා පුළුවන් හැමෝම වෙනත් භාෂා වල ෆිල්ම් වලට උපසිරසි කරන්න.
එහෙනම් නැවත හමුවෙමු. හැමෝටම ජය!
පෙර පලවූ ලිපිය
කාලෙකට පස්සේ මට හිතුනා අද නාට්‍යමය චිත්‍රපටියක් ඔබ හමුවට ගෙන එන්න. මේ කතාව ගොඩක් දෙනා නරඹලා ඇති. ඒත් මඟහරින්න එපා, බලපු අයත් ආයෙත් කතාව බලන්න. imdb වල 7.6/10 ලබා ගෙන තියෙන මේ චිත්‍රපටියේ කතාව කෙටියෙන් කිවුවොත් මෙහෙමයි.
මුලින්ම කියන්න ඕනෙ මේ කතාව ගොඩ නැඟෙන්නේ සත්‍ය පුද්ගලයෙක් වුන ඇමරිකානු ජාතික Howard Hughes කියන කෝටිපතියෙක් වටායි. මොහු කෝටිපතියෙක් පමණක් නෙවෙයි.. අහස් යාත්‍රිකයෙක්, ඉංජිනේරුවෙක්, කර්මාන්තකරුවෙක්, චිත්‍රපටි අධ්‍යක්ෂක හා නිෂ්පාදකවරයෙක් විදියටත් හඳුන්වන්නත් පුළුවන්.
මෙතුමාගේ ජීවිතයේ 1920 සිට 1947 දක්වා කාලය තුල සිදුවූ සිදුවීම් පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ. කතාවේ ආරම්භයත් අමුතුයි, ටික වෙලාවක් යනකම් මම හිතුවේ මම බෑවෙ වැරදි ෆිල්ම් එක කියලා. තම දියුණුව චිත්‍රපටි නිෂපාදනයෙන් අරඹන මොහුට තියෙන්නේ රැඩිකල් චින්තන ක්‍රමයක්. ලොකප්‍රසිද්ධ මිනිහෙක් වුනත්, ලොවට නොපෙන්වන පැත්තකුත් මොහුගේ ජීවිතයේ තියෙනවා. ප්‍රොටෝටයිප් ගුවන් යානා නිපදවීමේ නොනැවතී, වාණිජ ගුවන් සේවා ක්ෂේත්‍රයටත් යොමු වෙනවා. ඒ විතරක් නෙවෙයි, දවස් තුනෙන් ලොකෙ වටේ ගුවන් යානයක් පදවලා වාර්තාවකුත් තියනවා. “හිත ඇත්නම් පත කුඩාද?” කියන කතාව නැවත නැවතත් ඔප්පු කරන අතරේ, මිනිසෙකුගේ සීමාවන් කොච්චර දුරට ගෙනියන්න පුළුවන්ද කියන එක අපිට මේ චිත්‍රපටිය බැලුවාම හිතාගන්න පුළුවන්.
හැබැයි ඇත්තම කිවුවොත්, මේ වගේ අනර්ඝ නිර්මාණයක් ගැන ගුණ දොස් පැවසීම කොහොම පටන් අරන් කොහෙන් ඉවර කරන්නද හිතාගන්න අමරුයි. මිනිත්තු 170 පුරාවට, Leonardo DiCaprioගේ අනර්ඝ රංඟනයෙන් හැඩ වුන මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 5ක් දිනාගෙන 11කට නිර්දේශ වෙලා තියෙනවා. කතාව කොච්චර දැවැන්තද කියලා බාගෙනම බලන්නකෝ.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,927 downloadsDownload The.Aviator.2004.zip88 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසී එරත්න (Hasi Erathna)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසී එරත්න (Hasi Erathna)
Subtitles
98 comments
marvelTracker
chathurarcrc
ah ela ela.. hondai wage.balama balamu. golayata pin :D
දිනුෂ්ක උදාර
මේ මූවි එක මම බැලුවෙ මේක ආපු දවස් වලමයි (2004 වලදී). ගොඩක් වෙලවට ඒ දවස්වල ජනමාද්ය තුල මේ මූවි එක ගැන ගොඩක් වර්ණනා කෙරුවා. මොකද මේක සත්ය කතාවක් නිසා.
නමුත් අවන්කවම කියනවනම්, මට මේ මූවි එක ඇල්ලුවෙ නෑ. කතාවත් ටිකක් පැටලිලි සහගතයි. මම හිතන්නෙ ඒ මට නිසා වෙන්ඩ ඇති. කොහොම වුනත් අනිත් අය බලලා ක්මෙන්ට් දාන්ඩ.lokka
එල එල බාන්න ඔන
maneesh
film eka hodai...tikak awadaanen baluwoth terum ganna puluwan....subs ekka balanna....
anika DECAPRIO kiyanne mage asama actor....
meka attatama hoda movie ekak....
ashan kandy
math banawa.. hoda aluth ekak baganta ahu une na..
ගෝලයා
@marvelTracker : බාන්න බාන්න...
@chathurarcrc : මරු චිත්‍රපටියක්. දෙපාරක් හිතන්නෙ නැතිව බාන්න. :)
@දිනුෂ්ක උදාර : හම්ම්... කතාව පැටලිලි සහගතයි තමා. මට හිතෙන විදියට ඒකට හේතුව පැය 3කට ආසන්න ධාවන කාලයක් චිත්‍රපටියට තිබීමයි. එක දිගට චිත්‍රපටියට අවධානය දීගෙන ඉන්න අමරුයිනේ. අපි ඉතින් බයිස්කෝප් එක අතරමඟදී interval ගන්න එකක්කැයි.
@lokka : එළාz...
@maneesh : ඔව් ඔව්, කතාව ඉංග්‍රීසි උපසිරැසි එක්කම බලන්න. එතකොට වඩාත් හොඳට කතාව තේරෙවි. කවුරුහරි පිංවතෙක් ගැලපෙන උපසිරැසි ලින්ක් එකක් දාන්න. මටනම් හොයාගන්න බැරිවුනා. ;)
kolla :)
එල එල බාන්න ඔන
HANDY
ela mekanam bami.................
රොයිලි
@ ගෝලයා,
හා හා sub ගැන බයවෙන්න එපා. මේ ටොරන්ට් එකේම උපසිරැසි ෆයිල් එක එනවා. නැත්තම් මම මෙලහකට ලින්ක් එක දාලානේ. :)
Hiranyagim
Ane machm meke sub eka dihanko tiynwa nam
Loku udawk ayye. Lio ge film set ekma balnwa me dwaswala mekth blnama oni
maneesh
Malèna (2000)
movie eke ENGLISH subs link ekak dennako...
dala tiyana eka Xpired wela.....chamila
Katawa nam hodai wage aith nattamaya kiwwahama nikan kammali wage :(
AL1717
Thanks Machan Mama Me Film Eka Banna Kihipa Serayak Ma Try kara, Me Serewath Baganna One. :D
chamiya
මේ චිත්‍රපටිය එළ චිත්‍රපටියක්, හැබැයි මටනං කම්මැලි හිතුනා. අවුරුදු 3ක් ගියා ඒත් ඉවරවෙනකන් බලන්න බැරිවුනා. ඒත් මේ Howard Hughes කියන පුද්ගලයා තමයි අති විශාල ගුවන්යානා වලටත් පියාඹන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්නුවෙ. ඕහු ඒ සඳහා H-4 Hercules(Spruce Goose) කියලා sea-plane ක් හැදුවා. ඒ ගුවන්යානය දැනටත් උසින් සහ පළලින් වැඩිම ගුවන්යානය(Airbus A380 එකටත් වඩා පළලයි). අනික මිනිහා මේක හැදුවේ ලී වලින්, හිතාගන්න පුළුවන්නේ මේකෙ බර!! මම හිතනවා මේ ගුවන්යානය හැදුවට පස්සෙ මිනිහට මොකද වෙන්නෙ කියලා කථාවෙ ඇති කියලා...............
ගෝලයා
@AL1717 : හික්z... ඇත්තම කියන්න මමත් මේ චිත්‍රපටිය දෙපාරකට බැලුවේ. කතාව දිග වැඩියි. හැබැයි මරු!
@chamiya : හැබෑව හැබෑව... ඔය කියන ගුවන් යානය මුලින්ම ගුවන් ගත කරපු දවස මේකෙ තියෙනව. ඊට පස්සේ වෙන දේත් චිත්‍රපටියේ තියෙනවා. :) පුදුම මිනිහෙක්...
Nuwan
Decapriyoge anargha ranganayak thiyenne. eth mata hithuna me charithayata decapriyo tharuna wedida manda kiyala...e unata balanna pasubata wena ayata kiyanna thiyenne wenas widiyaka movie ekak. eka digata balanawa nam kathawa therenawa.awasanaya tikak dukbarai...:(
randi
the torrent is not working
anuruddha
sinhala subtitle dennakooo
samantha
මේකේ සිංහල sub එක දිපන්කෝ.. නැත්නම් නොදී ඉදපන්..
ෆිල්ම් එකේ ලින්ක් එක මොන මගුලකට දෙනවද බන්Hasitha
අපි sub එකක් හදලා දාන්ඩ හැදුවහම මෙයාලට email එවලා වැඳ වැටෙන්ඩත් ඕනේ. එත් sub එක වෙන කෙනෙක් කරනවලු .කරනවානම් තියෙන්ඩ එපැයි.. බොරුවට මෙතන torrent ලින්ක් එකක් දාන්නේ පණ්ඩිතය වගේ .ඕක මහා ලොකු වැඩක්ද බන් ?? උබ හිතුවද torrent එකෙන් ෆිල්ම් එකක් හොයාගන්ඩ බෑ කියල කාටවත් .
හසන්ත
කාටවත් වඳින්න ඕනේ නැහැ. කලින් වෙන් කරගන්න විතරයි කියන්නේ එක වැඩේ දෙන්නෙක් කරන එක වලක්වන්න. මේවා කලින් දාපු පෝස්ට් අපි උපසිරසි දෙන්න කලින් සයිට් එක පටන් ගත්තු දවස් වල. නොදන්න දේවල් කියවන්න එපා. වෙන අය බාරගෙන තියෙන කොට තමා එහෙම කියන්නේ. ඔයාට සබ් එකක් කරන්න ඕනේ නම් හැමෝටම කියනවා වගේ කියන්නේ අපිට කියල වෙන් කරගන්න. එහෙම කියන්නේ එකම වැඩේ දෙසැරයක් නොවෙන්න ඕනේ නිසයි. කෙනෙක් බාරගෙන නම් තමා අපි කියන්නේ ඒක කලින් වෙන් කරගෙන කියල.
තාම සබ් නැත්ද. 2016 ඉදන් තාම සබ් එක ලියනවද ?
R.S. Samantha
පොර talk නොදී කව්රුහරි මේකට sub 1ක් දීපල්ලකෝ... හැමදාම අවීත් බලනවා. sub නැත්නම් පොස්ට් 1 delete කරලා දාපල්ල රෙද්ද
Helitha Winsuka
Sinhala subtitle දෙන්නකෝ ...
tharindu gunarathna
sinhala sub plz
janiya
[uluwannam me film eke sub eks denna
Anu
Sinhala sub plzzzz
Madhawa
Mekta sub diynko mchn plss,..
tharindu gunarathna
sub plz
dmj
විසිටර්ල ගන්න කරන මේ වගේ තුටටු දෙකේ වැඩ බයිස්කෝප් වගේ වැදගත් අඩවියකට ගැලපෙන්නෑ.වෙබ් අඩවියේ කීර්තිනාමය ගැන මීට වඩා සැලකිලිමත් වෙනවානම් හොදයි.කිරි කලයකට උනත් එක ගොම බිංදුවක් වැටුනොත් එකේ වටිනාකම නැතිවෙනව.think about .
anunethu
Yes
LSM HUSKAA
Mekta sub diynko mchn plss,..
ප්‍රභාෂ
මේකට sub එකක් දෙන්න පුළුවන්ද
Dulshan Dewagiri
මේකෙ සබ් එක ගන්නෙ කොහොමද?
tharindu gunarathna
SINHALA SUN PLZ ........
namal kumara
ko sub
bluebubble
sub ko?
namal kumara
දැන්වත් sub දීපල්ල්ලකෝ අනේ......
Indika Prabath
Sub එක කෝ?
anunethu
Sub koo..
buddikash1
plzz mcho mekata sub akata link akak dapakooooo
anushka5800
meke sub denna kauruth nedda mchnnn
kaveesha bro
mekata sub nadda bro?
nuwan singhe
Sub එක දැන්වත් දුන්නොත් මොකද??
Dimuthu Nisansala
දැන් 2019 වෙලා. තවම සබ් නැ.....
Rocky45
balanna onema film eke sub na ne , ane dennako plz.........
rpm
මේ වගේ හොද ෆිල්ම් එකකටත් සබ් නෑ නෙහ් ඉතිම් මෙකේ ඉන්න සබ් හදන එවුන්ට එක හදා ගන්න බැරි හැටි.
කුජිතයි, අජූතයි, පජාතයි, හිගන වෙබ් සයිට් එකක්. නොදකින් තූ තූ............comax
SUB PLS
ps
කවුරු හරි එකෙක් සබ් එක දීපන්කො මචන් මේකට
ps
අවුරුදු 10ක් තාම සබ් නෑ අනේ මන්දා බයිස්කෝප් අර මෙලෝ රහක් නැති ෆිල්ම් වලට සබ් දෙනවා මේ වගේ එක්කට නෑ
madu86263
kooo bn sub sub eka,dn aurudu 10k wenawa tama sub eka na
හසිත මධුෂාන්
අවුරුදු මෙච්චරක් ගිහිල්ලත් මේකට සබ් නෑ කිය කිය පිනට සබ් හදන උන්ටම බැන බැන යන්නෙ, ඇයි උං උඹලගෙං පඩි අරගෙනද සබ් හදන්නෙ..? උන්ටම බැන බැන ඉන්නෙ නැතුව පුලුවන්නං උඹලගෙං එකෙක්ම සබ් එක හදලා හැමෝමත් එක්කම බෙදා ගනිල්ලකො...
Sayyav
sub nadda ban
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
ජය වේවා.!
Advertisement
![The Aviator (2004) Sinhala Subtitles | විශිෂ්ඨ අහස්නැවියා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/10/The-Aviator-2004.jpg)
Banna onneeeee ...