Watch Trailer

The Bridge [S01 : E01] | එක මළ සිරුරක්, එත්…! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා බයිස්කොප් අඩවියේ සියලුම මිතුරු මිතුරියන්ට. ඔන්න අද මම මේ ඉදිරිපත් කරන්න යන්නේ අළුතෙන්ම ඇමරිකාවේ රුපවාහිනි තිරයේ දිග ඇරෙන, අළුත්ම ආරේක අපරාධ, අභිරහාස් ගණයට ඇතුලත් වෙන නවතම රුපවාහිනි කථා මාලාවකුයි. ජුලි මස 10 වෙනිදා පළමු කොටස විකාශය උනා. පළමු කථා සමයට කොටස් 5ක් ඇතුලත් වෙනවා. දැනට 749ක් පාඨ…

The Bridgeආයුබෝ වේවා බයිස්කොප් අඩවියේ සියලුම මිතුරු මිතුරියන්ට. ඔන්න අද මම මේ ඉදිරිපත් කරන්න යන්නේ අළුතෙන්ම ඇමරිකාවේ රුපවාහිනි තිරයේ දිග ඇරෙන, අළුත්ම ආරේක අපරාධ, අභිරහාස් ගණයට ඇතුලත් වෙන නවතම රුපවාහිනි කථා මාලාවකුයි. ජුලි මස 10 වෙනිදා පළමු කොටස විකාශය උනා. පළමු කථා සමයට කොටස් 5ක් ඇතුලත් වෙනවා. දැනට 749ක් පාඨකයන් ඡන්ද අතරින් 7.5ක අගයක් ලබා ගෙන තියෙනවා. ඉස්සරහාට තව වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඉතිං වැඩි කථා බහාක් නැතුවම පළමු කොටස දෙසට අපේ හැරෙමු.. මෙහි කථාව ගලාගෙන යන්නේ ඇමරිකාව හා මැක්සිකෝ දේශ සිමා අතර පිහිටි පාලමක් පසුබිම් කරගෙනයි. මේ පාලමේ භාගයක් ඇමරිකවේ. අනික් භාගේ මැක්සිකෝවේ තමයි තියෙන්නේ. ඔන්න දවසක් මේ පාලමේ වැඩකටයුතු සිදුවෙමින් පවතින අතර නොසිතු පරිදි මුළු පාලමේම විදුලි බලය බිද වැටෙනවා. ආරක්ෂක කැමරා හා සියලු ආරක්ෂක විදිවිදාන මෙහිදි බ්ද වැටෙනවා. ආරක්ෂාවට දෙරටින්ම යොදා සිටින ආරක්ෂක සෙබළුන්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මේ විදුලි බලය බිද වැටිම් අතරතුර යම් පුද්ගලයෙක් ඔහු පැමිණි මෝටර රථයේන් බැස ක්ෂණීකව මළ සිරුරක් පාරේ බිමින් තියලා පැනලා යනවා.. ටික වෙලාවක් ගත විමෙන් පස්සේ නැවත විදුලි බලය එම ප්‍රෙද්ශයට ලැබෙනවා. එත් එක්කම පොලිස් භටයන් දකිනවා පාර මැද්දේ මළ සිරුරක් ඇති බව. එය දැනගත් ක්ෂණිකවම දේෂ සීමාව වසා දැම්මට පොලිස්සිය කටයුතු කරනවා. හැබැයි මේ මළ සිරුර තියලා තියෙන්නේ දෙරට වෙන් වෙන ස්ථානයේ. ඉතිං මෙකට දෙරටටම සම්බන්ධයක් තියෙන නිසා.

මේ ගැන පරික්ෂණ පවත්වන්න දෙරටේම පොලිස් නිළදාරින් වහාම පැමිණෙනවා… ලංකාවේ වගේ ! ඒ අතරින් ඇමරිකාවෙන් විශේෂ පොලිස් මිනිමැරුම් එකකයේ පරික්ෂක නිළදාරිනි සොන්යා ක්‍රෝස් පැමිනේනවා. මැක්සිකෝ ජනපද පොලිස්සිය මෙහෙය වමින් පරික්ෂක මාර්කෝ රුයිස් ද පැමිණෙනවා. මිය ගොස් සිටින තැනැත්තා ඇමරිකාවේ පුරවැසියෙකු නිසා මැක්සිකෝ වේ පොලිස් පරික්ෂක මාර්කෝ රුයිස් මෙහි පැමිණි ඇමරිකානු පරික්ෂණ කටයුතුභාර නිළදාරිනි සොන්යා ක්‍රෝස් ට අයත් එකක් බැවින් ඔහු පිටව යනවා. ඇයගේ රටේ ප්‍රශ්ණයක් නිසා.. ඔහුන් දෙපල අතර මේමෙහොතේ යම් මත ගැටුමක් පවා ඇතිවෙනවා. පළමෙන් පිටව යාමට පැමිණෙන හදිසි ගිලන් රථයක් නිසා…

කථාවේ ආරම්භය සිදු වෙන්නේ ඔන්න ඔය වගේ මහා පටලැවිල්ලකින්. මිට සමාන්තරව තවත් කථාවක් පසු බිමෙන් ගලා යනවා ඔබට දැක ගන්න ලැබෙයි කථාව බලනකොට. මේ පුද්ගල ඝාතය කුමක් නිසා වුවක්ද ? මිය ගිය තැනැත්තිය කවුරු වෙන්න පුළුවන්ද? ඇයි මේ මළ සිරුර දේශ සිමාවේ ම මිනිමරුවා තියලා යන්නේ..? මොකද්ද ඔහුගේ අරමුණ වෙන්න ඇත්තේ? තවත් පුදුම හිතෙන සිදුවිමක් අහාන්නට ලැබේනවා මරණ පරික්ෂක තුමිය ගෙන් ඒ මොකක් වෙන්න පුළුවන් කියලද හිතන්නේ.?

හරි එහෙම නම් මෙහෙම ගියොත් නම් මට මූළු කථාවම කියන්න වෙයි වගේ. එක නිසා රසික ඔබ සැමට භාරයි පරික්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යන්න.. බලමු ඉදිරි කොටස් වලදි මොකද වෙන්නේ කියලා. ඊළග කථාවෙන් නැවත මුහුන ගැහෙනකම් අදට සමු ගන්නවා..!!
ජය වේවා..!

The Bridge (2013) on IMDb

 

 

250 MB කොපිය මෙතනින් බාගන්න ce514e013b4bd1bfd55192df307f9571c3ffc631 400 MB කොපිය මෙතනින් බාගන්න 0729dca197327d14d64c85489b4c2b55c1950de1 520 MB කොපිය මෙතනින් බාගන්න 966bf1ff913a6de589e16c5bb45dd73afcf4a5db 1.7 GB කොපිය මෙතනින් බාගන්න f0020e0b2d49a856377d9858d9a1722062c46654 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,832 downloadsDownload The.Bridge.S01E01.zip128 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                                                      Next Episode >>

Subtitles

2,832 downloadsDownload Subtitles128 KB

84 comments

  1. tharanga

    අඩේ තවත් පට්ටම එකක් නේ කතාව හැටියට සුපිරිම එකක් වගේ දිගටම එහෙනම් එන එන එක දෙමු

    1. නලින්

      ස්තූතියි සහෝ

      ජය වේවා

  2. naleen

    patta patta meyka nam maxxa kathawak

    1. නලින්

      උඹ බැලුවද මචෝ

      එළ එළ ස්තූතියි !

      ජය වේවා

  3. geeth

    thawath patta akak thxz

  4. amilatk

    jaya wewa!!!!

  5. lasidu

    දැන් ආයේ පට්ට ඒවා බස්සනවා නේ එහෙනම් ඔන්න සතියෙන් සතිය එන එන කතාව දෙමු

    1. නලින්

      දත කට මැද ගෙන හිටු

      දෙනවා කිව්වොත් දෙනවාම තමයි

      ස්තූතියි සහෝ

      ජය වේවා

  6. fd

    good tv series

  7. cahamara

    patta patta machan

  8. Nuwan

    ade maxxa naleen uba supirima akak patan gena thiyenne ahenma apith balanna set weno

  9. upali

    ela ela ela

  10. chamath cafe

    මේක මම බලන්න හිතාගෙන උන්නු එකක් වෙලාවට මග ඇරුනේ , දැන් සබ් එක්කම බලන්න ඇහැකි ජය!

    1. නලින්

      එළ එළ එහෙනම් ජය වේවා

  11. quik

    thanks

  12. ositha

    jaya pathami digatama denna

  13. pubudu

    niyama paharak hode

  14. එරංග

    එලස් ඔන්න බාන්න දැම්ම ජය!

  15. vee

    maxxxa macahn

  16. kalinga

    පට්ටම කතාවක්නේ මචෝ අනිවා මේ වගේ රහස් පරක්ෂක කතා බලනව ජය!!!!!!!

  17. sds

    බයිස්කෝප් නම් පට්ට ඔයාලගේ වැඩ පට්ටම පට්ට

  18. ganidu

    තැන්ක්ස් වේවා!!!!

  19. eraNga

    elakiri macho

  20. සoජය

    අඩේ මෙන්න තවත් tv series 1ක් ඇවිල්ල. එල එල.. දිගටම දෙමු දිගටම දෙමු.

  21. Dina

    patta,,,jayen jaya

  22. ccnp

    Thanks

    1. නලින්

      ස්තුතියි සහෝ

  23. “චූටී මල්ලි”

    අඩේ නලියා තව එකක් ගෙනත්
    ඒකත් අළුත්ම ටීවී කතාවක් එල එල
    කොටස් 5යි හින්දා අවුලක්ම නෑ
    දිගටම දෙන්න සහෝ
    ඔබට ජය.....

    1. නලින්

      ස්තූතියි චුටි මලේ දිගටම දෙනවා අනිවා බැරි උනොත් උඹලා ඉන්නවනේ සප් එකට :)

      ජය වේවා

  24. kalinga

    ඔන්න නියම කතාවක් ගෙනල්ල තියෙන්නේ, ජයම වේවා නලින්

  25. mihin ලංකා

    එල සහෝ බලමු මේකත් තුති

    1. නලින්

      ස්තුතියි සහෝ

  26. Akila

    gindara wadak

    1. නලින්

      ස්තුතියි සහෝ

  27. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxx

    1. නලින්

      ස්තුතියි සහෝ

  28. sarath

    thanks nalin sub ekata.

    1. නලින්

      එළ බලලා කියන්නකෝ

  29. ranga

    bohoma pin

    1. නලින්

      ඔවා තමයි ඔනේ

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මෙන්න බොලේ වැඩක්..
    ඒ ගමන නලිනයත් කතා වැඩේට බැහැල වගේ...
    ඔහොම ගියොත් නම් හරි හත්වලාමක් වෙන්නේ...
    කමක් නැහැ, කතා නම් අපි නොබලා ඉදියි...
    දවසට දෙකයි නේද....අනික කොටස් පහයි කියන්නේ තියෙන්නෙත්...
    ඒක වඩා හොදයි, පහසුයි...
    රහස් පරීක්ෂක කතා නම් ආයේ අතාරින්නෙ නැහැ ලොවෙත්..
    ජය වේවා මචෝ/.....

    1. නලින්

      ස්තූතියි ආසිරියා
      ජය වේවා

  31. දිදුල Kd සිල්වා

    ආයෙත් අලුතෙන් ටීවී සීරීස් ගොන්නක්ම බයිස්කෝප් වලින් දෙන්න වගෙයි යන්නෙ.. බොහොම හොඳයි.. උත්සාහය අගය කරනවා.. දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ජයවේවා෴

    1. නලින්

      ස්තූතියි දිදුලේ

      ජය වේවා

  32. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. අලුත් එකක් වගේ. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P

    1. නලින්

      ස්තූතියි රොයිලි අයියා

  33. නලින්

    ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!!

    හැමෝගේම දිරිමත් කිරිම් වල ප්‍රතිඵල තමයි මේවා!!

    ජය වේවා

  34. dev

    niyamai man me katawa ahala tibba... .
    pena widiyata maxxa katawak wage.. .
    bohoma stuti saho unu unuwema me katawa dunnata.
    wedi wdiyen sub danna diriya shaktiya lebewa.. .

    1. නලින්

      ස්තුතියි සහෝ..

      ජය වේවා

  35. nalin

    wow

  36. nalin

    mata

  37. tharindu

    patta patta.........danma banavahhh...........mekanam supiriyatahh athi........thanksss thansks......24 th seasom 1 eke idan dennakooooo

  38. dilanka

    fatta,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  39. sd

    ela

  40. Chanaka Lakshan

    තවත් පට්ට පහරක් වගේ
    නියමයි නලින් සහෝ
    ඉක්මනටම සබ් ටික දෙන්න ලැබේවා :)
    ජය වේවා!!

    1. නලින්

      අනිවාර්ය්‍යයෙන් පුළුවන් උපරිමයෙන් දෙනවා

      සහෝ

      ස්තුතියි

  41. #ChalinduDeshan (කිනා)

    අම්මට සිරි. පේන විදිහටනං හෙන ලොකු පොලිස් කේස් එකක් ඉස්සරහට දැකගන්න පුලුවං වෙයි වගේ. එල
    ස්තූති වේවා!

    ජය!!

  42. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි. ඉස්සරහට පට්ටම පොලිස් සීන් එකක් ලොකුවටම දැකගන්න පුලුවං වෙයි වගේ.. එල එල

    ස්තූතිවේවා! ජය!

    1. නලින්

      ස්තුතියි කිනා

      ජය වේවා

  43. me

    Thanks

  44. jina

    pattaaaaaaaaaaaa

  45. saman

    criminal, action tv series විතරක් නැතුව love story ekakuth දෙන්නකො.... දැන් නම් මේවා බලලාම දැන් ඇති වාගේ :P :P

    1. නලින්

      ඇයි ඔය ඔනැතරම් ලව් කථා සයිට් එකේ තියෙන්නේ

    2. saman

      tv series na ne?

  46. mudiya / මුදියා

    මාරයිනෙ.දෙනකොට දෙනවනෙ ඇට්ටි හැලෙන්න.කියල තියෙන විදිහට නම් පට්ටම එකක් වගේ.ඔන්න එහෙනම් අපි බානවෝ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

    1. නලින්

      එළ මුදියා බලා බලන්නකෝ

  47. lakchan

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ...................

  48. නිමා

    derect link denna berida?

  49. ශාන් විමුක්ති [වීමා] 〠

    අම්මද බොල යකෝ මෙන්න සද්ද නැතුවම උන්නු අපේ නලිය ටෙලි කතාවකට අත ගහල
    මාල සන්තෝසයි අප්පේ
    ටෙලි කතා සේරම අහවරක් වෙලා ඇන හිටලනෙ තිබ්බෙ
    මෙන්න බෙහෙත් හම්බවෙනව හි‍ටු කියල
    නියමයි හොදේ, සේරම දීහන්
    දිගටම කරගෙන යන්න උබට ශක්තිය ලැබෙන්ට ඕන
    ලිපියත් හොදට ලිඅයල තියේ කොලුවෝ
    ජය!

    1. නලින්

      ස්තුතියි විමෝ...

      දිගටම වැඩේ කරමු. බැරිඋනොත් ඉතිං උඹලා ඉන්නවා නොවැ!

      ජය වේවා

  50. Shan Gamage

    ස්තුතියි සහෝ උපසිරැසියට​...ඉදිරියට එන කොටස් වලටත් සබ් ලබා දෙන්න​ :)

    1. නලින්

      අනිවා ඔන්න දෙකත් එවලා තියෙන්නේ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.