Watch Trailer

The Flash [S04 : E05] with Sinhala Subtitles | ​​තනිකඩයන්ගේ සාදය! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මිත්‍රවරුනි, හැමෝම මග බලාගෙන හිටපු ෆ්ලෑෂ් කතාමාලාවේ පස්වෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කරුමය කියන්නේ බදාදා උදේ ඉඳන් බලන් හිටියා ඉංග්‍රීසි උපසිරැසිය එනකන්. ඒත් ඒක එනකොට හවස පහත් පහුවෙලා. කවදාවත් වෙලා නැති වැඩක් ඊයේ උනේ. ඉතින් ඒක තමයි මෙච්චර පරක්කු උනේ. නැත්නම් බදාදා රෑ හරි අද උදේ හරි මේක ද…

හොඳයි එහෙනම් මිත්‍රවරුනි, හැමෝම මග බලාගෙන හිටපු ෆ්ලෑෂ් කතාමාලාවේ පස්වෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කරුමය කියන්නේ බදාදා උදේ ඉඳන් බලන් හිටියා ඉංග්‍රීසි උපසිරැසිය එනකන්. ඒත් ඒක එනකොට හවස පහත් පහුවෙලා. කවදාවත් වෙලා නැති වැඩක් ඊයේ උනේ. ඉතින් ඒක තමයි මෙච්චර පරක්කු උනේ. නැත්නම් බදාදා රෑ හරි අද උදේ හරි මේක දෙන්න තිබුනා.

ෆ්ලෑෂ් හතරවෙනි කතාමාලාව පටන්ගෙන කොටස් හතරක්ම ඇවිත් ඉවරයි. ඒ අතරේ සෙසිල් එයාට ජෝගෙන් බබෙක් ලැබෙන්න ඉන්නේ කියන ආරංචිය දුන්නා. වොලී සෙන්ට්‍රල් නගරය අතහැරලා ගියා. ෆ්ලෑෂ් ටීම් එක අලුත් මෙටාලා දෙන්නෙක් හොයාගෙන හිර කලා. ෆ්ලෑෂ්ව ස්පීඩ් ෆෝස් එකෙන් ආපහු ගෙන්නපු වෙලාවේ සෙන්ට්‍රල් නගරයට ඩාර්ක් මැටර් එක නිදහස් උනා. ඒ වෙලාවේ බස් එකක හිටපු මිනිස්සු 12 දෙනෙක් එයට නිරාවරණය උනා. ගිය සතියේ තුන්වෙනි කෙනත් මුණගැහුනා. ඉතින් කවුරු වෙයිද ඊලඟ මෙටා ? ඒ සේරම නරක අය වෙයිද ? හොඳ අය වෙයිද ?

පසුගිය කොටසින්.

ජිප්සි සහ සිස්කෝ ආදර අන්දරයේ, කලින් වතාවේ ජිප්සි ආපු වෙලාවේ නම් සිස්කෝ එක්ක ඒ හැටි සතුටක් තිබුනේ නම් නෑ. ගිය සතියේ නම් වැඩේ නැගලාම යන්න ගියේ. කොහේද ඉතින් වැඩේට එන්ටර් වෙනකොටම දුෂ්ඨයා මැද්දට එනවනේ. 😀 දුෂ්ඨයා කවුරුවත් නෙමෙයි ජිප්සිගේ තාත්තා, බ්‍රීචර්.

ඉතින් ඩාර්ක් මැටර් එකට නිරාවරණය උන බස් එකේ හිටපු අයව හොයාගන්න තිබුන එකම විදිය තමයි බස් එකේ රියදුරා. ඒත් අවාසනාවකට ඒ මනුස්සයත් මැරිලා. එදා දවසේ බස් එකේ මිනිස්සු 900ක් විතර එහා මෙහා ගිහින් තියනවා. කොහෙන් කියලා හොයන්නද ? ඔය අතරේ අයිරිස් බස් රියදුරාගේ මරණ පරීක්ෂණ වාර්තාව හොයාගන්නවා. වාර්තාව බලාගෙන යද්දී රියදුරා ලඟ තිබුන ද්‍රව්‍ය එක්ක බෙරීගේ සහ ජෝගේ පරණ පොලිස් මිතුරෙක්ගේ බිස්නස් කාඩ් එකක් බෙරී දකිනවා. ඒක දැක්හැකාට පස්බැසේ හැබැයි ජෝ සහ බෙරීගේ මුහුණු වල එච්චර සතුටක් පේන්න තිබුනේ නම් නෑ. රැල්ෆ් එදා බස් එකේ ඉන්න ඇති කියලා හිතලා බෙරී ජෝ එක්ක යනවා එයාව මුණගැහෙන්න.

රැල්ෆ්ව පොලිසියෙන් අස් කරපු කෙනෙක්. ඒ කෙනෙක්ව බොරුවට මිනීමැරුමක හසුකරපු වරදකට. ඉතින් එයා දැන් වැඩ කරන්නේ පුද්ගලික පරීක්ෂකවරයෙක් විදියට. බෙරීට සහ ජෝට එයා කියනවා එයා එදා බස් එකේ හිටියේ නෑ කියලා. ඉතින් බෙරී සහ ජෝ එතනින් එනකොට මැරයෝ දෙන්නෙක් ඇවිත් රැල්ෆ්ව වහලයේ උඩ ඉඳන් කකුල් දෙකෙන් අල්ලගෙන බිමට දාන්න හදනවා. ඒ වෙලාවේ රැල්ෆ්ගේ කකුල් චුයින්ගම් එකක් වගේ දික් වෙනවා. මේ සිද්බෙධියෙන්රී සහ ජෝ තීරණය කරනවා රැල්ෆ් එදා බස් එකෙ ඉඳලා තියනවා කියලා. ඉතින් රැල්ෆ් නම් දන්නේ නෑ එයා මෙටා කෙනෙක් කියලා. එයාව බෙරි ස්ටර් ලැබ් එකට අරගෙන යනවා. කේට්ලන් තමයි එයාව යථා තත්වයට පත් කරන්න තියන එකම බලාපොරොත්තුව.

ඉතින් කොහොමහරි කේට්ලන් පරීක්ෂණ කරලා තහවුරු කරනවා රැල්ෆ්ව කලින් හිටපු විදියටම ගේන්න නම් එයා මෙටා කෙනෙක් වෙන්න කලින් එයාගේ DNA අවශ්‍යයි කියලා. ඒත් බෙරීට ඕන රැල්ෆ්ව හිර කරන්න. බෙරී මෙයාට හරිම අකමැතියි. බෙරී විස්වාස කරනවා ඒ බස් එකේ හිටපු සේරම නරක අය කියලා. එයාලා භයානකයි කියලා. ඒත් කේට්ලන් බෙරීට තේරුම් කරනවා එයත් කිලර් ෆ්රොස්ට් උන වෙලාවේ බෙරී කටයුතු කරපු විදිය ගැන. ඉතින් ඊට පස්සේ බෙරී යනවා අයිරිස් එක්ක රැල්ෆ්ගේ කාර්යාලයට එයාගේ කලින් DNA ටිකක් හොයාගන්න. එතනට ගියපු වෙලාවේ බෙරී රැල්ෆ් ඇයි මෙච්චර නරක කියලා සේරම විස්තරේ අයිරිස්කි එක්ක කියනවා. ඉතින් මේ දෙන්නා රැල්ෆ්ගේ කාර්යාලය අවුස්සන අතරේ අයිරිස් ලාච්චුවක තිබිලා රැල්ෆ්ගේ පනාවක් හොයාගන්නවා. පනාවක් විතරක් නම් මදැයි. ඒක අස්සේ එහෙන් බෝම්බයක්. වෙලාවට බෙරී හිටපු නිසා ඒක පුපුරන්න කලින් රැල්ෆ්ගේ කාර්යාලයෙන් දෙන්නාටම පැනගන්න පුලුවන් උනා.

බෙරී හොයාගන්නවා රැල්ෆ්ගේ කාර්යාලයෙන් නගරාධිපතිතුමාට ඇමතුම් සෑහෙන ගිහින් තියනවා කියලා. ඉතින් රැල්ෆ් නම් හේතුව ඇහුවාම හරියට උත්තරයක් දුන්නේ නෑ. ඊට පස්සේ බෙරී තීරණය කරනවා නගරාධිපතිතුමාව මුණගැහිලා විස්තරේ අහගන්න. එතකොට එයා විස්තරේ කියනවා, එයාගේ කලින් අයතා සම්බන්ධයක් තිබිලා ඒ සම්බන්ධ පින්තූර වගයක් රැල්ෆ් ලඟ තියනවා කියලා. එයා ඒවා වෙනුවට සල්ලි ඉල්ලනවා කියලා. බෙරී එතකොට කියනවා එයා රැල්ෆ් ගැන බලාගන්නම් කියලා. ඒ කතාබහ අවසානයේ නගරාධිපති නම් එයාගේ මැරයන්ට කියන්නේ බෙරී, ජෝ සහ රැල්ෆ් තුන්දෙනාම ඉවරයක් කරන්න කියලා.

කේට්ලන් කොහොමහරි රැල්ෆ්ගේ සිරුර හිටපු තත්වයටම ගේනවා. සේරම පිලිවෙලක්ඒ උනාම රැල්ත්ෆ් ලැබ් එකෙන් යන්න හැදුවත් බෙරී එයාට යන්න දෙන්නේ නෑ. හේතුව තමයි රැල්ෆ් නගරාධිපතිතුමාව බ්ලැක්මේල් කරන එක. පින්තූර වගයක් පෙන්නලා එයාගෙන් සල්ලි ඉල්ලනවා. ඒ වෙලාවේ රැල්ෆ් බෙරීට කියනවා, “මට මෙහෙම බ්ලැක්මේල් කරන්න ඕන වෙන්නේ නෑ ඔයා මට මගේ රස්සාව නැති කලේ නැත්නම්, ඔයා නිසා තමයි මට හැමදේම නැති උනේ.” කියලා.

ඉතින් මේ සිදුවීම් සිද්ධවෙන අතරේ සිස්කෝ නම් පේන්න හිටියේ නෑ, කොහේ ඉන්නද ඉතින් ජිප්සිගේ තාත්තා එයාව දඩයම් කරන්න පස්සෙන් පන්නනකොට. සිස්කෝ එයාගේ මොලේ පාවිච්චි කරලා හොලෝග්‍රෑම් එකක් පාවිච්චි කරලා බ්‍රීචර්ව උගුලකට අහුකරගත්තා උනත් වැඩේ කනපිට ගැහුවා. ඉතින් බ්‍රීචර් සිස්කෝ පස්සේ පන්නන අතරේ එයා තිරයේ දකිනවා ලැබ් එක ඇතුලේ රැල්ෆ්ගේ රූප රාමු. එයා රැල්ෆ්ට කියන්නේ ප්ලාස්ටොයිඩ් කියලා. එයා කියනවා ප්ලාස්ටොයිඩ් එයාගේ ලෝකය විනාශ කලා, දැන් එයා ප්ලාස්ටොයිඩ්ව මරලා දානවා කියලා.

මේ අතරේ රැල්ෆ් සහ නගරාධිපති මුණගැහෙනවා එයාලාගේ ගණුදෙනුව ඉවරයක් කරන්න. රැල්ෆ් නගරාධිපතිට එයාටා පින්තූර ටික දෙනවා. නගරාධිපති රැල්ෆ්ට සල්ලි ටික දුන්නත් එයා ඒක අරගත්තේ නෑ. රැල්ෆ් කියනවා මට සල්ලි එපා මේ බ්ලැක්මේල් වැඩේ ඉවරයි, “මේක අමතක කරලා දාන්න, එහෙම නොකලොත් එයාගේ කාර්යාලයට බෝම්බය තියපු එක ගැන පොලිසියට කියනවා” කියලා. ඒ වෙලාවේ නගරාධිපති රැල්ෆ්ට වෙඩි තිබ්බත් වැඩක් වෙන්නේ නෑ රැල්ෆ් නිකන් රබර් වගේනේ. රැල්ෆ් උණ්ඩය එයාගේ නහයෙන් එලියට අරගත්තා 😀 ඔය අතරේ ෆ්ලෑෂ් එතනට ඇවිත් නගරාධිපතිගෙන් තුවක්කුව උදුරගන්නවා. කොරේ පිටට මරේ කිව්වා වගේ, එතනට බ්‍රීචර් කඩන් පාත්වෙනවා. බ්‍රීචර් රැල්ෆ්ට සහ ෆ්ලෑෂ්ට පහරදෙනවා. ජෝ කොහේද ඉඳලා එතනට එනවා. නගරාධිපති ඒපාර ජෝව පැහැරගෙන යනවා ප්‍රාණ ඇපකාරයෙක් විදියට හෙලිකොප්ටර් එකක දාගෙන.ඉතින් ඒ එක්කම සිස්කෝ එතනට ඇවිත් බ්‍රීචර්ව නවත්තනවා. එයා කියනවා රැල්ෆ් කියන්නේ ප්ලාස්ටොයිඩ් නෙමෙයි කියලා. ඉතින් කොහොමහරි රැල්ෆ්ගේ උදව්වෙන් හෙලිකොප්ටරයේ පැහැරගෙන යන ජෝව ෆ්ලෑෂ් නිදහස් කරගන්නවා.

මෙවර කොටසින්

අද කොටස ගත්තොත් ඩිබ්නි ඔන්න ෆ්ලෑෂ් ටීම් එක එක්ක එකතුවෙලා එයාගේ පුහුණුවීම් වල නිරතවෙනවා. කලින් සතියේ ඩිබ්නි හෙලි කලා ඩිවෝයි කියලා කෙනෙක් ගැන. ඉතින් සිස්කෝ, HR සහ බෙරී එකතුවෙලා ඩිවෝයි හොයාගන්න උත්සාහ කරනවා. ඒ අතරේ ෆෙලිසිටි එනවා ස්ටාර් ලැබ් එකට. ඒ මොකකටවත් නෙමෙයි බෙරිගේ සහ අයිරිස්ගේ විවාහයට කලින් තියන තනිකඩයින්ගේ සාදයට සහභාගී වෙන්න. ඉතින් තනිකඩ කොල්ලන්ගේ සාදය වෙනමත්, තනිකඩ කෙල්ලන්ගේ සාදය වෙනමත් පැවැත්වෙනවා. කොල්ලෝ ඉතින් සාදයක් දානවා කියන්නේ කරටි කැඩෙන්න ගහනවා කියන එකනේ. 😛 ඉතින් බෙරී කොල්ලෝ ටික එක්ක සාදයට ගිහින් හොඳට විනෝද වෙනවා. අයිරිසුත් වෙනම කෙල්ලෝ ටික එක්ක ගිහින් විනෝද වෙන්න පටන් ගත්තා විතරයි ඔන්න ස්නේක්-අයි කියලා හාදයෙක් එතනට කඩන් පාත්වෙනවා. එයා එන්නේ කේට්ලන්ව හොයාගෙන. ඇත්තටම මොකටද එයා මේ කේට්ලන්ව හොයාගෙන ආවේ ? මේ සතියේ මුණගැහෙන බස් මෙටා කවුද ? එයාට තියන බලය මොන වගේද ? තව මොනවයින් මොනවා වෙයිද කියලා බලන්න නම් කතාව බලලාම ඉන්න එහෙනම්. ලබන සතියේවත් උදෙන්ම ඉංග්‍රීසි උපසිරැසිය ලැබෙයි කියලා හිතමු නේද 😀 නැවත හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

21,351 downloadsDownload The-Flash-S04E05.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

21,351 downloadsDownload Subtitles80 KB

72 comments

  1. Sudeepa

    sub ekata Thanks ...........

  2. අකිල

    පට්ට මචන් බොහොම ස්තුති

  3. Lucky

    Thanks macho

  4. ishanka

    thanks bro

  5. ishanka

    thanks saho

  6. lahiru sandaruwan

    thank you so much bro.....

  7. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  8. Sunil Gp

    Thanks for the subtitles!

  9. kasun

    Tnx... digatama karagena yanna...

  10. kasun

    Birth.of.the.Dragon.2017 film eke web dl ekatath sab eka ikmanata daanna try karanna

  11. Eranga Sandaruwan

    බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  12. Flash

    Tada tada

  13. Viranga

    Thanks bro.
    Dc legend of tomorrow sub denne nathda bn apita???

  14. madushan

    tnx bro

  15. malshan

    Elama bn elama

  16. charith

    tnx bn sub ekata .....Dc legend of tomorrow sub eka ikmanata demu.........

  17. Gathsara Umesh Kumara

    Bhoom sthuthiyi

  18. KAVINDA GAMAGE

    අසාවෙන් බලපු කථාවක් .
    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

  19. Harshana

    Sub ekt thanx mcn.

  20. Prasad randunu

    Thank you Sahodaraya ! Puluwan ikmanata sub eka dunna eka gena newatha Sthuthi. Jaya wewa !

  21. Harshana

    Sub ekt thanx mcn.super

  22. Kushan Charuka Kumarasiri

    Sub එකට Thanks නුවන්ත Bro...

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ..

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  26. thusitha

    sub ekata pattama sthuthii...eth broos meka enne badada dawalta nisa edama reta vage vath denna puluwan nam kiyala vadak na ithinnn...dcs legend of tommorow ekath badadata dana nisa eketh evannakoo ikmanta,,
    obata sada jaya...

  27. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. D.Chamara

    bohoma sthuthi sahoooo jaya...

  30. Sanjaya

    උපසිරැසියට බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  31. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  32. D J Ushan Remixer

    ela bn ela sup eka top ekt thiye elm

  33. tharangani

    Thanx

  34. Kantha_DLA

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  35. Sanjula Jeter

    Thanks

  36. mahesh

    බොහොම ස්තුතිය සබ් එකට

  37. kelum chathuganga abeysekara

    thanks

  38. Ravindu Nethsara

    flash series ekath dan chater wela kiayala mata witharada hithenne????????......monawa unath sub ekata thanx............

  39. kevin D...

    thanks...

  40. Udara Damith B/K

    එල
    මරු
    බයිස්ක්පෝ ප් ෂොප් එකෙන් මොකක්ද කෙරෙන්නේ

  41. Ashan Chathuranga

    Thanks Bro

  42. Lawrence Fonseka

    pls kawru hari mata kiyanawada meke movie eka download karanne kohomada kiyala

  43. Shenal

    podi correction ekak HR neme Harry ne dan inne

  44. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  45. Rashmina

    "ලබන සතියේවත් උදෙන්ම ඉංග්‍රීසි උපසිරැසිය ලැබෙයි කියලා හිතමු නේද" ayeth ahala

  46. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  47. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  48. Tharaka Lahiru

    Tnq

  49. lahiru

    thanks machn...

  50. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.