Watch Trailer

The Naked Gun: From the Files of Police Squad! (1988) with Sinhala Subtitles | වැඩ බැරි ටාසන්! [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ, මේ මගේ පළමු උපසිරැසි ගැන්වීමයි. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මේක හුඟක් පරණ චිත්‍රපටියක්. මේක චිත්‍රපටි තුන් කට්ටුවක (Trilogy) පළමුවෙනි එක වන අතර 1988 වසරේදී නිකුත් වී තිබෙනවා. මේක වර්ගීකරණය කර තිබෙන්නේ ක්‍රියාදාම හා කොමඩි ලෙසයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සීරියස් කතාවක් යන අතරේ හාස්‍යජනක ජවනි…

යාලුවනේ, මේ මගේ පළමු උපසිරැසි ගැන්වීමයි. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මේක හුඟක් පරණ චිත්‍රපටියක්. මේක චිත්‍රපටි තුන් කට්ටුවක (Trilogy) පළමුවෙනි එක වන අතර 1988 වසරේදී නිකුත් වී තිබෙනවා. මේක වර්ගීකරණය කර තිබෙන්නේ ක්‍රියාදාම හා කොමඩි ලෙසයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සීරියස් කතාවක් යන අතරේ හාස්‍යජනක ජවනිකා හා ඇනුම්පද එල්ල කර තිබීමයි.

මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ David Zucker විසින් වන අතර ප්‍රධාන නළුවා වන්නේ 2010 නොවැම්බර් මාසයේදී අප අතරින් වෙන් වුනු Leslie Nielsen විසිනි. ප්‍රධාන නිළිය වන්නේ Elvis Presley ගේ බිරිඳ වී සිටි Priscilla Presley යි. මෙය IMDB වල 7.6 ක ඉහල අගයක් හිමි කරගෙන සිටියි.

මම කතාව ඉතා කෙටියෙන් කියන්නම්. ෆ්‍රෑන්ක් ඩ්රෙබින් (Leslie Nielsen) කියන්නේ ලොස් ඇන්ජලිස් පොලිස් බලකායේ ලුතිනන් කෙනෙක්. මිනිහට කිසිම වැඩක් හරියට කරගන්න බැහැ. කරන කරන වැඩේ අනාගන්නවා. ඒ වගේම අනාගත්ත වැඩ වලින් හිමිට මාරු වෙන්නත් මිනිහා දන්නවා. ඔය අතරේ ලොස් ඇන්ජලිස් නගරයට දෙවෙනි එලිසබෙත් රැජින එන බව දැනුම් දෙනවා. රැජිනගේ ආරක්ෂාව පොලිස් බලකායට පැවරෙනවා. ඒ කියන්නේ ඉතින් අපේ කතා නායකයට පැවරෙනවා කියන එකයි. මේ අතරේ රැජිනව මැරීමේ කුමන්ත්‍රණයක් ඇති බව දැන ගන්නට ලැබෙනවා. මේ කුමන්ත්‍රණය හෙළි කර ගන්නට ෆ්‍රෑන්ක් ඩ්රෙබින් නොයෙකුත් හෝඩුවා ඔස්සේ හඹා යනවා. එසේ හඹා යද්දී වෙන වැඩ දැක්කම හිනා කාලා පන යනවා. ඒවා කිව්වම වැඩක් නැනේ. ඒක හින්දා චිත්‍රපටිය බාලම බලාගන්න. මම දැකලා තියෙනවා මේ චිත්‍රපටියේ තියෙන හුඟක් කොමඩි කෑලි අනුකරණය කර වෙනත් චිත්‍රපටි නිෂ්පාදනය කර තිබෙනවා.

සපයා තිබෙන 2.05GB Torrent එකේ මෙම චිත්‍රපටිය හා මෙහි අනෙකුත් චිත්‍රපටි දෙකම ඇතුලත්. මේක විතරක් ඕන නම්, පළමු චිත්‍රපටිය select කරලා බාගන්න. මම නම් කියන්නේ චිත්‍රපටි 03ම බාගන්න කියලයි. මොකද අනෙක් දෙක මේකට වඩා හපන්.

අවසාන වශයෙන් මම ස්තුති කරන්න කැමතියි, උපසිරැසි ගැන්වීම සම්බන්ධයෙන් සියලු දේ step by step කියා දුන් බයිස්කෝප් වෙබ් අඩවියේ කණ්ඩායමට. උපසිරැසි ගැන්වීම යනු කෙතරම් අමාරු කාර්යක්ද යන්න මට තේරුම් ගියේ වැඩේ පටන් අරගෙන මොහොතක් ගත වෙන්නත් ඉස්සෙල්ලයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිචාර නම් බලාපොරොත්තු වෙනවා. ඔබගේ ඉල්ලීම මත දෙවෙනි චිත්‍රපටියටත් උපසිරැසි ලබා දීමට සුදානම්. එහෙනම්… චිත්‍රපටිය හොඳට රසවිඳින්න යාලුවනේ. ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් පීරිස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/12/21

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

60 comments

  1. indikson

    ඔන්න පළවෙනි සැරේට මම එක.

  2. හශාන්

    සුපිරි ඔන්න මං අද 2......එල කොල්ලෙක් නේ.....ඔය දෙන්නෙ සිංහල සබ් වෙඩි වගේ....ගින්දර....ගින්දර...."නිර්මාල් පීරිස්" සහෝ .......එල වැඩක් ඈ...තවත් මෙහෙ ම සුබ් ශෙන්න ශක්තිය ධෛර්ය ලැබේව.....!

  3. හශාන්

    සොරි වැරදුනා සබ් දෙන්න ශක්තිය ධෛරිය වාසනාව ලැබේව.......සබ් ගහනව කියන්නෙ ලේසි කෙලියක්ද.....ගහන එකාම තමයි ඕකෙ කෙලිය දන්නෙ........මොකා මොන ගොං පාට් COMMENT දැම්මත් ඔයා ගනං ගන්න එපා.......දිගටම අපිත් එක්ක ඉන්න...සියලු වැඩ කටයුතු සාර්ථක් වේවා.......

  4. Tharanga Darshana Ekanayaka

    එළ ඈ..........
    පින්ක් පැන්තර් වගේ එකක් නේද.......
    Sinhala Subtitle එක්ක දුන්න එකනම් මාර වටිනවා...........

  5. Isira

    තව තවත් ෆිල්ම්ස් වලට සබ් දාන්න ශක්තිය ධෛරිය වාසනාව ලැබේව……

  6. pd

    Thanx saho. thavath films valata sub daanna shakthiya labeva.

  7. [DiN3sH]

    ගොඩක් ස්තූතියි මචං.. සුබපතනවා!

  8. indika

    ගොඩාක් ස්තූතියි

  9. විකියා

    මැක්සා...කාලෙකින් කොමඩි එක්ක ඇක්ෂං... :D
    බොහොම තුති..සහෝ...

    ජයෙන් ජය ~!

  10. lahiru

    වැඩබැරි ටාසන් සිරා නම

  11. uda

    මරේ මරු බයිස්කෝප් අවකාශයට තවත් උපසි‍රැසි ගන්වන්නෙක්!

    ඒ වගේද ගෙනැත් තියෙන කතාව, සෑහෙන කාලෙකින් හිනා වෙන්ඩත් බැරි වුණ හින්දා ඕං ගන්නවා. සිංහලනම් ඉතින් කොහොමහරි බාගන්න එපැයි.
    දැන්මනම් බෑ, පස්සේ ගන්නම්කෝ! කමක් නෑනේ ඒකට!

    ඒකනෙමේනේ කියන්න හැදුවේ, මෙච්චර පරණ ඒවට කවුරුත් අවධානය යොමු නොකළත් ඒවා අතර තමයි සුපිරිම චිත්‍රපට තියෙන්නේ. ඉතිං එහෙව් එකක් සිංහලෙම්ම ගෙනාවම් ටැන්කූ නොකර කෝමඩ?
    ටැන්කූ සහෝ

  12. Djwathila

    රොම්බ තෑන්ක්ස් මල්ලියා...

  13. $uvin

    ahaaaa.. ela kiri!
    onna apith baanawa ehenam!!
    NAKED nam echcharai.. one deyak.. he hee...

  14. charith

    නියමයි නියමයි සහො....නියම ෆිල්ම් එකක් සිංහල සබ් එක්ක දාපුඑක නම් එලම තාමා තව තව සබ් දාන්න ශක්තිය දහිරය ලැබේවා.......!!!!! ජය ශ්‍රී

  15. කේ. යූ. ජී. උදාර

    තෑන්ක්ස් සහෝ සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවට. දිගටම මේ වැඩේ කරගෙන යමු.

  16. Dina

    එල එල යාලුවා... ඔයාගේ වැඩ කටයුතු සියල්ල සාර්තක ඒවා කියලා ප්‍රාර්තනා කරනවා.............

  17. අමිල

    නියමයි මචන්.... තව දිගට කරගෙන යමු.... ජයවේවා

  18. Theeka

    good work machan

  19. Anonymous

    ela ela

  20. Akalanka Yapa

    තව තවත් ෆිල්ම්ස් වලට සබ් දාන්න ශක්තිය ධෛරිය වාසනාව ලැබේව……

  21. Tisa හාමි

    ela..........

  22. chamila

    thanks........

  23. AL1717

    Ela Ela Thanks Machan Onna Mamath Sub Eka Gattha
    Jaya Wewaaa

  24. Nishantha

    thanx film 3 ම සබ් තියෙනද? පළවෙනි එකේ විතරද?

  25. Nirmal Peiris

    To Nishantha සහෝ, සිංහල සබ් තියෙන්නේ පලවෙනි එකට විතරයි. වෙලාව තිබ්බොත් අනෙක් දෙකටම සබ් දාන්නම්.

  26. Nirush D

    Thanks Bro..... Specially Sub file... Keep it up//

  27. Ruwan

    macn old one ewa dana apa macn balana kamali bn.new films dapan kollo.thnxs...

  28. Nirmal Peiris

    To Ruwan - අලුතින් එන ෆිල්ම් වලින් අතලොස්සක් තමයි හොඳ. ෆිල්ම් එක පරණ වුනාට කිසිම කම්මැලිකමක් නැහැ. අනික මේක Black & White ෆිල්ම් එකක් නෙමෙයි. අඩුම ගානේ මේකේ IMBD Ratings හරි Trailer එක හරි බලලා comments දාපන් මචන්.

  29. mihiran

    parana unata ela film ekak wage.sinhala upasirasa nisa meke rasaya thawath wadi wewe.api wenuwen mahansi we sinhala sub dana obata godak thanx. a wagema obage palamu upasirasa gan wimata subapathanawa.api thawath sinhala sub samaga ela film ekakin obawa hamu wevai prathana karanawa sahoooo!!!!!!!!

  30. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ... ඉතිරි දෙකටත් සිංහල සබ් දෙන්න බලන්න.

  31. Heshan

    Great work macha!!! that's nice

  32. cc

    mama meka dakala tibba. habay balala tibbe na. comedy englishwalin tibbama terenawa aduine. ithuru 2tat me wage sub dennako machooo !! hehe away thnkzzzz

  33. රාම් රාජ්

    ඔය ඉන්නේ සිංහල සබ් දෙන්න කට්ටිය.නියමයි යාලුවා.දිගටම අපිට සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබගේ පලමු උප සිරැසියට ස්තූතිය.

  34. M.D.A Pradeep (අමිල මනනදේව)

    ආ කොමඩියක්.ස්තුතියි සහෝ.පළමු වැඩේඩ මගෙනුත් සුභ පැතුම්.!!

  35. රත්නේ

    තව තවත් ෆිල්ම්ස් වලට සබ් දාන්න ශක්තිය ධෛරිය වාසනාව ලැබේවා……

  36. Chathura

    බොහොම ස්තූතියි කියන ගමන්... ඔන්න එහෙනම් බෑවා...
    බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් වෙයි :D

  37. dinnu

    thanku wewa kiuwa onna.mamath banawa ehenam 2 gb ekama.jayawewa.

  38. me

    Thanks

  39. Madushanka Gamage

    thankuuu wewa machooo....!!

  40. neer

    niyamai thanks.....

  41. kkg

    ස්තුතියි මහන්සි ෙවලා සබ් හැදුවට ජය ෙව්වා

  42. kkg

    ෙදවනි ඒකටත් සබ් ෙදන්න යාලුවා

  43. අබා

    ස්තුයි සහෝ...2වෙනි එකටත් සබ් දෙන්න...

  44. theekshanax

    ටැන්කූ ටන්කූ

  45. Dinesh

    අනිත් Film දෙකෙත් sub දුන්නෙ නැත්තම් බලා ගමු. අපේ පාරෙන් යන්න දෙන්නෙ නෑ.

  46. සාධාරණ කොටා..

    නියමායි, මරු මා ලග film එක තියෙනවා , ඔන්න සබ් එක ගත්තා...
    සබ් දාන එක ලේසි වැඩක් නෙවෙයි.
    මාත් සබ් එකක් දාන්න ගත්තා, වෙලාව යනවා ගොඩාක්ක්..
    එලකිරි වගේ දිගටම කරන්න ශක්තිය ලැබේවා.........

  47. prabath

    ela .thankzzzzzz

  48. අමීර

    බොහොම ස්තූතියි.........

  49. අමල් ප්‍රසාද් සමරවීර

    2.5 කොපියට රොම්බ තෑන්ක්ස්.. ඒ වගේම උපසිරැසියටත්... මම ටිකක් ලොකු ලොකු කොපි බාන්න ආසයි නොවැ..හිකි!!

  50. Uraj Deemantha

    මුලු ටොරන්ට් එකම බෑමට දැම්මා.... මේ දවස් වල ඔෆිස් යන්නෙත් නැති නිසා, ගෙදරින් තමා බෑම.... කවදා බෑවිලා ඉවර වෙයිද දන්නෙ නෑ......!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.