පස්වැනි කතා සමය ආරම්භ වෙන් නේ විසිරුණු කණ්ඩායම නැවත එක්කාසුවිමෙන්, ඊට පස්සේ කරදර රැසකට මුහුනදෙන කට්ටියට අලුත් ක්ෂේම භූමියක් හමුවෙනවා, ඒ තවත් සමාජයක්, ගිණි පෙලෙල්ලෙන් බැට කාපු රික් ඇතුළු පිරිස කණාමැදිරි එළියටත් බයයි මේ වෙද්දී, ඉතිං රික් ඇතුළු පිරිස තමන් දැන් රැඳිලා ඉන්න නව ජනාවාසය ගැන හොඳ අධ්‍යනයක්…

The Walking Dead S6P2

කොහොමද හැමෝටම? නිහැඬියාවකට පස්සේ ටීවී සීරියස් වසන්තය උදාවෙලා තියෙන මේ කාලේ සුපිරි ටීවී සීරියස් එකකට අත ගහන්නයි හදන්නේ, සමාවෙන්ඩ ඕන පමාවට, මේ වෙනකොට සෑහෙන රසිකයින් පිරිසක් එකතුවෙලා ඉන්න කතා සමයන් පහක් විකාශනය වී තිබෙන, 2015 ඔක්තොම්බර් මස 10වැනිදා තම සයවැනි කතා සමය විකාශනය ආරම්භ කල කතා මාලාවක් තමා “ද වොකින් ඩේඩ්” කියන්නේ. බලපු නොබලපු කට්ටියට දැනගන්නත් එක්ක මෙතෙක් කතා මාලාව පැමිණි ගමන් මග ගැන විපරම් කරලා බලමු, අහ්හ් ඒ වගේම අද කතාව වෙනදට වඩා දිගට තියනව, ඒ කියන්නේ පැයකුත් විනාඩි පහක් වගේ කාලයක්, අදනම් මරු, සුපිරිම ආරම්භයක් 😀

පළමු කතා සමය 

රික් කියන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමක් හේතුවෙන් රෝහල්ගතවන ඔහුට සිහිය එනවිට මුළු ලෝකෙම අවුඅල් ගොඩක් බවට පත්වෙලා. හැම තැනම කුණුවෙලා ගිය මළමිනී, ලෝකෙම එකම විකාරයක් වෙලා. මෙයාගේ පවුලේ අයට වෙච්ච දෙයක් හොයාගන්න නැහැ ඉතින් ඔහොම ඉන්නකොට වෙන්නේ මොනවද කියල ටික ටික මෙයට වැටහෙන්න ගන්නවා, එයා නගරෙට එනකොට ග්ලෙන් විසින් රික්ව බේරාගන්නවා, එතනදී තමයි මේ කල්ලියේ කතාව පටන්ගන්නේ මර්ල් සහ ඩැරල් යන සොහොයුරන් දෙන්නවත් මෙතැනදී තමයි කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම එතැනදී රික්ට ටහ්මන්ගේ පවුලේ අයව මුණගැහෙනවා රික්ගේ මිතුරා ෂේන් විසින් එයාගේ පවුලේ අයව ආරක්‍ෂිත තැනකට අරන් ගිහිල්ලා. රික්ගේ බිරිඳ සහ ෂේන් අතර පටලැවිල්ලක් සිද්දවෙනවා. සිදුවීම් දාමයකට පසුව පලවෙනි කතා සමය නිමවෙන්නේ ඉන්න හිටින තැනක් හොයාගෙන අන්තිමටම CDC කියල පරීක්ෂණාගාරෙකට යනව මේකෙන් බේරෙන්න විදියක් හොයාගෙන එතැනදී බලාපොරොත්තු වෙච්ච දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් අත්විදගන්න කණ්ඩායම නැවතත් පාරට වැටෙනවා එතනින් පළමු කතා සමය නිමවෙනවා.

දෙවැනි කතා සමය

දෙවැන්නහි සිද්දවන්නේ සොෆියාව නමැති පුංචි කෙල්ලව අතුරුදහන් වීම සහ මැගී බෙත් ඇතුළු කණ්ඩායම හමුවීම සිද්දවෙන්නේ මෙහිදී තමයි. රික් ඩැරල් ඇතුළු කණ්ඩායම හර්ෂල්ගේ ගොවිපලේ ඉන්නකොට සිද්දවෙන සිදුවීම් දාමය තමා මේකෙදි දිගහැරෙන්නේ ඒ වගේම ලෝරිට ලම් හම්බවෙන්න ඉන්න බව දැනගන්න ලැබීම සහ දරුවාගේ පියා කවුද කියන ගැටලුවත් ෂේන්ගේ මිත්‍ර-ද්‍රෝහීකමත් කතා සමයෙහිම ඉදිරියට ගෙන ආ සොෆියගේ ඉරණම අවසාන කෙලෙස සිදුවේද යන්න ප්‍රේක්ෂකයා හට දැනගන්නට සලස්වමින් ඒ වගේම අවසානයේ විශාල ඇවිදින මලමිනී රැළක්ම ගොවිපළ වෙත ඇදී එනවා ඔයාලා දකින්න ඇති. ඒ රැළ එන්නේ ගොවිපලේ නිවස පැත්තට බව තේරුම්ගන්නා රික්, කාල් සමඟ ධාන්‍ය ගබඩාව වෙත යනවා සැඟවෙන්න. නමුත් නිවස වෙත යන ඒ රැළ වැළැක්විය යුතු නිසාත් ධාන්‍ය ගබඩාව වෙත එන ඇවිදින්නන් විනාශ කිරීම උදෙසාත් රික් විසින් ධාන්‍ය ගබඩාවට ගිනි තබනවා. ඒ අතර නිවසේ සිටි අනෙක් පිරිස උපරිම උත්සාහයක් දරනවා ඇවිදින මල මිනී රැළ ගොවිපළෙන් පන්නා දමන්න. ඉතින් අයෙමත් කට්ටියත් එක්ක පාරට වැටෙනව.

තෙවැනි සහ සිව්වැනි කතා සමයන්

තෙවැන්න සහ සිව්වැන්න වෙන්නේ කණ්ඩායමට සිරගෙයක් හමුවීම, හිරගෙයක් කියනකොට දන්නවනේ ඉතින් ආරක්ෂාව උපරිමයි ඇතුල්වීම පිටවීම අසීරුයි, මේ වගේ ව්‍යසනයකදී ආරක්ෂිතම තැන තමා සිරගෙයක් කියන්නේ ඉතින් කට්ටිය දැන් එතන තමන්ගේ වාසස්ථානය කරගෙන අවාසනාවන්ත සිදුවීමකින් පසුව උනත් රික් සහ ලෝරිගේ දෙවන දරුවා මෙලොව එලිය දකිනවා, ඒ වගේම පහුගිය කොටස්වල නොසිටි මිෂෝන් නැමති චරිතය මිත්‍ර පක්ෂයටත් එකතුවන අතර ගවනර් නමින් හදුන්වගන්න තැනැත්තෙක් සතුරු පාර්ශවයක් ලෙසින් ඉස්මතුවෙනවා. ගවනර් සතුව ජනපදයක් ඇති අතර රික්ගේ කණ්ඩායම සමග ඇතිවන ගැටුමකින් අනතුරව ගවනර් පාරට වැටෙනවා.. තමන් විහින්ම කරගත්තු විනාශයක් හැටියට තමා ඒක කියන්න තියෙන්නේ ඉතින්. ඊට පසුව සිවුවන කතා සමයේ සිරගෙයෙහි සිටින කණ්ඩායමට නව රෝගයකට මෙන්ම ගවනර්ගේ පුනරාගමනයට මුහුණදීමට සිදුවනවා, කරදර මදිවට තවත් කරදර පැමිණෙන අතර ගවනර්ගේ ප්‍රහාරයකින් සිරගෙයහ බිඳවැටෙන අතර නැවත කට්ටිය පාරට වැටෙනවා, නිකම් නෙමේ කණ්ඩායමේ කට්ටිය සී සීකඩ විසිරිලා ගිහින්.. අන්තිමේදී දුම්රිය පර්යන්තයක් වෙත කට්ටියම ලඟාවෙන්ව ඒ වගේම මිට පිලියමක් සොයාගතහැකි ඉයුජින් නමැති විද්‍යාඥයා තවත් දෙන්නෙක් එක්ක මෙයාලගේ කණ්ඩායමට එකතුවෙනව. ඒ වගේම දැන් කට්ටිය ඉන්නේ කොච්චි පෙට්ටියක, දුම්රිය පර්යන්තයේ ඉන්න අය අභිරහස් දෙයක් සිදුකරන බවට සාක්ෂි ඉදිරිපත් කරමින් තමයි හතරවෙනි කතා සමය නිම උනේ.

පස්වැනි කතා සමය

පස්වැනි කතා සමය ආරම්භ වෙන්නේ විසිරුණු කණ්ඩායම නැවත එක්කාසුවිමෙන්, ඊට පස්සේ කරදර රැසකට මුහුනදෙන කට්ටියට අලුත් ක්ෂේම භූමියක් හමුවෙනවා, ඒ තවත් සමාජයක්, ගිණි පෙලෙල්ලෙන් බැට කාපු රික් ඇතුළු පිරිස කණාමැදිරි එළියටත් බයයි මේ වෙද්දී, ඉතිං රික් ඇතුළු පිරිස තමන් දැන් රැඳිලා ඉන්න නව ජනාවාසය ගැන හොඳ අධ්‍යනයක් කරනව, මේ වගේ දරුණු කාලයකදී මේ ජනපදයේ පාලනය කරන උදවිය තම පාලනය කරගෙන යන ආකාර වැරදි බව රික් ඇතුළු පිරිසට තේරුම් යනව, බොහොම නිසලව ගාලාගෙන ආපු කතාව අන්තිමේදී උණුසුම් වෙන්න පටන් ගන්නවා, ඒ කොහොමද කියල බලපු පිරිස දන්නවා, ඉතින් අද අපි ඔතනින් කතාව පටන්ගමු, ලබන සුමානේ සයවෙනි කතා මාලාව ගැන වැඩි විස්තර කියන්නම්. ඒ වගේම මේ කතා සමයෙහි අවසානයත් සමග ‘ද වොකින් ඩේඩ්’ කතා මාලාවේ අවසානයද සනිටුහන් වෙන බවක් තමයි දැනට ආරංචි වෙලා තියෙන්නෙ, එහෙමනම් හැමෝටම ජය!

 

The Walking Dead (2010) on IMDb

 

 

457 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

CAA57E8EBBE4CDBEECBF170CC3BB8B0EF69C384D

527 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

ADD77FF6EE4B42003CD9E9A1A820A4E98EA4DD6D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,270 downloadsDownload The.Walking.Dead_.S06E01.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous season                      All Episodes                           Next Episode >>

Subtitles

7,270 downloadsDownload Subtitles73 KB

54 comments

  1. Janith

    Late. Thanks anyway. Please upload Sleepy Hollow season 3 Sinhala subtitles.

  2. Ashoka

    thanks machan meka apu gamanma dunnata.ela series ekak.niyama wedak bro

    jaya sri

  3. Anuththara

    Ammo balagena hitiye.Thank you!!!!!!!

  4. nishan

    tv serious 1 bala balagena hitihe sub danakan ballana.. ikmanatama dunnata thanx sahoo.. me wagema digatana demu aa ... jaya wewa..

  5. හැකර් කෙල්හාව්

    supiri ban.thanks ah.jaya wewa.

  6. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි ශාන් අයියේ
    මාත් මේ කතාවට ආස උනාට බලන්න ලැබුණේ නෑ
    හරියටම කිව්වොත් , සීසන් එකා මාරයි බලා තියෙන්නේ
    අනිවා ඉතුරු ටිකත් බලන්න හිතෙනවා ලිපිය කියෙව්වාට පස්සේ
    එහෙනම් සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  7. ධනු

    හම්මෙ!
    මේක දෙනකම්ම තම වුන්නෙ....බොහොම ස්තුතියි එහෙනම්!
    කළින් ඒවා ඉවර වෙනකන් කම්මැලි නැතුව නිදි මරාගෙන බැලුව!

  8. Asel Ishan

    එල විමා වැඩේට බැහැල වගේ ලෙසටම

  9. kalana

    ammo thnks bn.enakan balan hitiyee

  10. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ .. දැන් තමා මේ කොටස බලලා ආවේ කිව්වත් වගේ සුපිරියටම තිබ්බා :D

  11. Udeesha bandara

    Ado thnx bn sub denakan balan hitiye

  12. Navodya Deshan

    finally....thank you brother

  13. Ysa

    thanksssss macho.....jaya wewa.......

  14. VisH

    thanks saho :)

  15. ප්‍රණීත් චින්තක

    ඔය තියෙන්නේ. බලනවා බලනවාමයි මේ අච්චාරුව. :P
    උපසිරැසියට රොම්බ තෑන්ක් ඈ.

  16. dinuka

    ela machan eloooo

  17. Dinuka

    Shan Vimukthi Saho,
    Criminal Minds TV Series aka Subtitle dannako.plz
    Patta TV Series aka.
    Thank God !

  18. Dinuka

    "Criminal Minds" TV Series aka Subtitle Dannako..

    Thank God !

  19. Mithun

    Hammata siri...
    Moko machan mechchara parakku une. Appachchiye kochchara balan unnada...
    Aulak naa.
    Ilaga week eke idan ikmanata deppan saho....
    Kauru monawa kiwwath meka thama fattama tv siries eka....
    Thanku very much broo

  20. R@ndi

    Thanks

  21. Dilshan

    thanksssssss veemo.diagtama demu

  22. sajeevi

    thanks a lot

  23. ඇවටාර් ඇන්ග්

    සබ් එකට තෑන්ක් සහෝ
    පුලුවන්නම් Hevc එකෙ magnet link එක දෙනවාද.එ torrent එක delete කරලා :)

  24. කිං මැක්ස්

    හම්මේ එනකල් බලාන හිටියෙ.....බොහොම ස්තූතියි සහෝ ......!!!

  25. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එනකම් බලන් උන්නු එකක් නොවැ!
    මං මුලින්ම බලපු කතාමාලාව, එල එල!
    ජයවේවා!!!!!!

  26. Rasindu Perera

    නියමයි...නියමයි....සබ් එකට තැන්ක්ස්....ලිපියත් පට්ට....

  27. Amila Pradeep

    නියමයි සහෝ.. එනකන් බලා හිටියේ...

  28. shanaka

    thanks broo
    denakal balagena hitiye

  29. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි විමෝ. ඊයේ හදිස්සියට කමෙන්ට් නොදා ටොරන්ට් එකයි සබ් එකයි අරන් ඉක්මණින් ම බෑව. තාම රස බලන්න බැරිවුනා. බලලා ආයේ එකක් කොටන්නම් හොදේ? :D

  30. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තූතියි
    ජය වේවා...!!

  31. achi

    ගොඩක් ස්තූති විමා අයිය...
    ජය!!!

  32. නලින්

    බොහොම ස්තූතියි, විමෝ සිංහල උපසිරැසියට.

    ජය වේවා෴

  33. Pramudaya Lal

    ela kiri tnk you so much sub akata

  34. Kasun Widusha

    tnx Vima bokka...................

  35. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. Diluksha Jayamal

    එනකන් බලා හිටියේ සහෝ....ජය වේවා…!!

  37. Harsha

    thankzz machan digatama sub tika demu ehenam

  38. Manoj

    supiri sahoo
    obata jaya
    thank you

  39. kasun

    thank you

  40. sanath indika

    thx sahoo

  41. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. sasinda

    thanks sahoo sub 1kata (y) season 6 digatama sinhala sub denna.

  43. chathuranga

    mama download karapu eka km player eka wada karanna naa....mokada kaaranna one keyala keyanawada kaurhari plz....

  44. Niro

    Download wenne nane ban

  45. Isuru Chamara

    elama

  46. dimuthu

    download wenna dammooooo.... thanks machoo

  47. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  48. Sahan

    Thanx mchn supiri series eka

  49. waruna

    tnx bro

  50. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.