හායි! කොහොමද යාළුවනේ, රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ SBS කොරියානු නාළිකාවේ වි…

හායි! කොහොමද යාළුවනේ,
රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ SBS කොරියානු නාළිකාවේ විකාශය වුනු කතාවක්. මෙහි ප්‍රධාන චරිතය ලෙස කොරියානු කතා බලන අයට හුරපුරුදු Sungkyunkwan Scandal, Miss Ripley කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුනු Park Yoo-Chun මෙහි Prince Lee Kak / Yong Tae-Yong ලෙසත් Lee San, Wind of the Palace කතා මළාව වගේ ම A Jewel in the Palace හි Shin Biගේ චරිතයෙන් අපි දැකපු Han Ji-Min මෙහි Park Ha / Boo-Yong ලෙසත් ඒ වගේ ම Dong Yi, A Thousand Days’ Promise කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුන Jung Yoo-Mi මෙහි Hong Se-Na / Hwa-Yong ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මෙය කාල දෙකක දිවෙන කතාවක්. IMDB අගය 7.9/10ක් ලැබී තිබෙන මෙම කතා මාලාව කොටස් 20ක් තුල කතාව ගලා යනවා. අතීතයේ දී සිදු වන කුමරියගේ මරණය නිසා දුකට පත් වූ කුමරු ඇයගේ මරණය විමර්ශනය සිදු කරමින් සිටින අවස්ථාවක කුමක් හෝ අද්භුත බලවේගයකින් ඔවුන් වර්තමානයට පැමිණෙනවා.
ඉතිං කතාව එහෙම නම් දැන් පටන් ගනිමු.
11 වන කොටස
ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා නොඉවසිල්ලෙන් බලන් ඇති කියලා හිතනවා. කලින් කොටසේ දී වෙච්ච දේ දැක්කනේ. පාර්ක් හාගේ හිතේ තිබුණ දේ එයා නොදැනුවත්ව ම තේ යොන්ග්ගේ ෆෝන් එකට මැසේජ් කළා. ඉතිං තේ යොන්ග් එහෙමත් නැත්නම් කුමරු මොනවගේ ප්‍රතිචාරයක් දක්වයි ද? ඒ වගේ ම කුමරු දැනගන්නවා තේ මූ තේ යොන්ග්ගේ අතුරුදහන් වීමට සම්බන්ධයි කියලා. ඒ කොහොම ද? ඉතිං ඒක දැනගන්න නම් ඔයාලට මේ කොටස නරඹන්න ම වෙනවා. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.
එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…
ජය වේවා!
ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න
2,469 downloadsDownload Rooftop-Prince-Episode-11.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
4 comments
Rasindu Perera
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asanjana_Lahiru
tnq saho jayawewa
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement



නියමයි….සබ් එකට තැන්ක්ස්…