සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි පසුගිය වසෙර් විශාල පෙරළියක් කල වෙබ් සීරිස් අතුරින් අනර්ඝතම වෙබ් කතා මාලාවක් විදියට Special Ops 2020 හඳුන්වන්නට පුළුවන් මේ වෙනකොටත් පලමු කතාංගය බලපු අය එහි තිබු ත්‍රාසය මුසුකරගත් රසාස්වාදය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නෑ.පලමු කතාංගයට තිබු දැඩි ප්‍ර…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි පසුගිය වසෙර් විශාල පෙරළියක් කල වෙබ් සීරිස් අතුරින් අනර්ඝතම වෙබ් කතා මාලාවක් විදියට Special Ops 2020 හඳුන්වන්නට පුළුවන් මේ වෙනකොටත් පලමු කතාංගය බලපු අය එහි තිබු ත්‍රාසය මුසුකරගත් රසාස්වාදය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නෑ.පලමු කතාංගයට තිබු දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය යහපත් විචරක ප්‍රතිචාර ආදිය නිසා කතා මාලාවේ නිෂ්පාදකයින් විසින් මෙහි Special Ops 1.5 The Himmat Story 2021 ලෙසින් Prequel කතාවක් (පූර්විකාවක්) නිර්මාණය කරන්නට යෙදුනා මේ දිනවල ඉතාමත් කාර්ය්‍යබහුල වූවත්මයුර සුරාජ්,සුභාෂිණි මල්ලවආරච්චි සහ චාමික මදුශාන් යන උපසිරැසිකරුවන් සමඟින් මෙම කතාංගයේ සිංහල උපසිරැසි ඔබ වෙත ගෙන එන්නට ඒකරාශ්‍රී වුණා,එසේ නම් කතා මාලාවේ අනෙකුත් තොරතුරු කෙසේදැයි විමසා බලමු.

බොලිවුඩයේ සිටිනා ඉතාමත් දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයකු වන Neeraj Pandey ගේ අතින් නිමැවුන ඩිස්නි+හොස්ට්ස්ටාර් හරහා නිකුත් කල Friday Storytellers සමාඟම විසින් නිෂ්පානය කල තවත් සුපිරිතම කතාංගයක් ලෙස Special Ops කතාමාලාව හඳුන්වන්නට පුළුවන් ඔබ බොලිවුඩ් සිනමාපට නරඹන අයෙකු නම් A Wednesday (2008), Special 26 (2013), Baby (2015), යන Neeraj Pandey ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපට අනිවාර්යෙන්ම ඔබ නරඹලා ඇති, එකිනෙකට වෙනස් වූ රසයන්ගෙන් සපිරි එම සිනමාපටයන් නැවතත් මතකාවර්ජනය කර මේ කතාමාලාව හා සංසන්දනය කලහොත් මෙහි තිබෙනා අනර්ඝත්වය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබාගන්නට පුළුවන්.ඒ වගේම ‍‍මෙහි ප්‍රධාන චරිතය හොබවන Kay Kay Menon (මට පෞද්ගලිකව පවා මුණගැසි ඇති නළුවෙක්) ඔහු මෙවරත් තමන්ගේ අති දක්ෂ රංගනය හමුවේ ප්‍රේක්ෂකයින් අන්ද මන්ද කර තිබෙනවා.පසුබිම් සංගීතය,සෙසු චරිතයන්,පසුතල සැකසීම් ආදිය සියලුම තාක්ෂණික දේවල් පවා ඉතාමත් හොඳින් සම්බන්ධව මෙවර කතා මාලාව නිර්මාණය කර තිබෙනා බව මේ වන විට IMDb හි මනාප 2431 ක් ලබා‍ගෙන 10/9.2 අගයක් වාර්තා කිරිම නිසාවෙන්ම සිතාගත හැකිවෙයි.

විචාරක වෙබ් අඩවි කිහිපයක පලකර තිබෙන යහපත් ප්‍රතිචාරයන් කිහිපයක්..!

ඔබට මතක ඇති පෙර කතාංගය පුරාවටම ඉන්දියානු රජයේ රහස් ඔත්තු සේවාව වන රෝ (RAW) සංවිධාන නියෝජිතයකු වෙන හිම්මත් සිංගේ රහස් මෙහෙයුමක් සහ ඔහුට විරුද්ධව විගණන පරික්ෂණයක් දියත් වූ ආකාරය.එම කතා මාලාවේ තිබුනේ ඔහුගේ වර්තමානයයි මේ කතා මාලාවෙන් ඉදිරිපත් කරනුයේ ඔහුගේ අතීතයයි ඇත්තටම හිම්මත් සිං කියන්නේ කවුද? හිම්මත් සිං හැදුනේ කොහොමද? යනාදි මුල්කතා සමය තුල තිබු බොහෝමයක් ගැටළු වලට පිළිතුරු මේ කතාංගය තුලින් ලබාගන්නට පුළුවන්,Special Ops කතා මලාවේ දෙවැනි කතා සමයක්ද නිර්මාණය වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙන අතරම එයද නිකුත් වූ විගසින් බයිස්කෝප් සිංහලෙන් හරහා ඔබට සිංහල උපසිරැසිද ලබා ගැනීමට හැකිවේවි. ඉතාමත් කාර්ය්‍යබහුල කාලසීමාවක සිටින නිසා මීටත් වඩා යමක් ලියන්නට සූදානම් වන්නේ නෑ, අවසාන වශයෙන් මෙම කතා මලාව සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරිමට අවස්ථාව ලබා දුන් අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමින් සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,674 downloadsDownload SO-1.5-THS-S01-E01.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

2,674 downloadsDownload Subtitles31 KB

16 comments

  1. Nimesh

    ස්තුතියි සහෝ

  2. Anonymous

    Thanks for sub

  3. Ishan madhushanka

    එලම සගෝ ඉතුරු 3ත් ඉක්මනටම දෙමු

  4. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  5. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. chamil jayalanka

    Mata meke link eka denawada

  7. Naveen

    උපසිරසියට තුති

  8. Anonymous

    නියමය් බයිස්කෝප්
    දිගටම හින්දි සීරීස් දෙන්න

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. tharidu16

    thanks machi.

  12. Chami

    හින්දි සීරීස් වල ගතිය වෙන ඒවයි නෑ බ්‍රෝ
    දිගටම සබ් දෙන්න

  13. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  14. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. madu

    me so eke vedio download karaganna puluwan link ekk ewannko

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.