Watch Trailer

American Crime Story [S03 : E09] Sinhala Subtitles | “මහා ජූරිය අබියස” [සිංහල උපසිරැසි සමඟ]

American Crime Story [S03 : E08] Sinhala Subtitles සුබ දවසක්. අද මං ගෙනාවා Impeachment: American Crime Story කතා මාලාවේ නවවැනි කොටස. පසුගිය කොටසේ දේවල් යළි මතක් කරගනිමු. එතෙක් මොනිකාගේ නීතිඥ ගින්ස්බර්ග් සහ කෙන් ස්ටාර් අතර පැවතුණු ගැටුම් නිසා මොනිකාට කරගත හැකි නොවූ මුක්ති ගණුදෙනුව, ගින්ස්බර්ග් ඉවත්ක…

American Crime Story Sinhala Subtitles

සුබ දවසක්. අද මං ගෙනාවා  Impeachment: American Crime Story කතා මාලාවේ නවවැනි කොටස. පසුගිය කොටසේ දේවල් යළි මතක් කරගනිමු. එතෙක් මොනිකාගේ නීතිඥ ගින්ස්බර්ග් සහ කෙන් ස්ටාර් අතර පැවතුණු ගැටුම් නිසා මොනිකාට කරගත හැකි නොවූ මුක්ති ගණුදෙනුව, ගින්ස්බර්ග් ඉවත්කර වෙනත් නීතිඥයෙක් යොදාගැනීමත් සමඟ ඇති කරගන්නට මොනිකාට හැකි වෙනවා. මොනිකා ලුවින්ස්කි ඇය සතුව පැවතුණු ක්ලින්ටන්ගේ ශුක්‍රාණු තැවරුණු නිල් ගවොම කෙන් ස්ටාර් විමර්ෂකයන් වෙත භාරදීමෙන් පසුව, තමන්ට එල්ල වුණු චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් සිටි ක්ලින්ටන්ට අවසානයේ ඒ චෝදනා නිවැරදි බවට පිළිගන්නට සිදුවෙනවා. එහෙත් සටකපට දේශපාලකයෙක් වන ක්ලින්ටන් තමන් බොරු සාක්ෂි ලබා නොදුන් බව පෙන්වන්නට කේස් පැලෙන තර්ක ගෙන එන අන්දම ඔබ දකින්නට ඇති. මේ සමඟ කෙන් ස්ටාර් තැත් කරන්නේ ක්ලින්ටන් දිවුරුම යටතේ බොරු සාක්ෂි දීම ගැන කියමින් ඔහුට එරෙහි දෝෂාභියෝගයකට පදනම සකසා ගන්නයි. අද එතැන් සිට.

ජිම් රෑෂ් (වමේ) කෙනත් බේකන්ගේ චරිතය නිරූපණය කරමින්, මහජන සබඳතා ආරක්ෂක සහකාර ලේකම්  කෙනත් බේකන් (වමේ මැද) කෝබි ස්මල්ඩර්ස් (මැද දකුණේ) ඈන් කූල්ටර්ගේ චරිතය නිරූපණය කරමින්, මාධ්‍යවේදිනී ඈන් කූල්ටර් (දකුණේ)

අද පළ වන කතාංගය ගැන:

  • නවවැනි කොටස – “The Grand Jury” – “මහා ජූරිය අබියස”
  • අධ්‍යක්ෂක –Rachel Morrison
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –2021 නොවැම්බර් 02
  • IMDb Ratings –  8.2/10

අද කතාව ගැන කෙටියෙන් කියන්නම්. මොනිකා ලුවින්ස්කි මහා ජූරිය ඉදිරියේ සාක්ෂි දීමේදී දිගින් දිගටම ජූරි සභිකයන් ඉදිරියේ අපහසුතාවයටත් නින්දාවටත් පත්වෙනවා. එහිදී විවාහකයෙක් වුණු ජනාධිපතිවරයා සමඟ සබඳතාවයක් ඇරඹීමේ අරමුණින් වොෂින්ටනයට පැමිණියේදැයි ඇයගෙන් ප්‍රශ්න කරනවා. මොනිකාගේ හිටපු පෙම්වතුන් ජනමාධ්‍යයට පැමිණ මොනිකා ගැන කළ ප්‍රකාශ නිසා ඇය කෙරෙහි බොහෝ ජූරි සභිකයන් තුල තිබුණේ අප්‍රසාදයක්. මේ සාක්ෂි දීමෙන් පසුව මොනිකාගෙන් සිදුවුණු සාම ලිංගික ක්‍රියාවකම සවිස්තර තොරතුරු විමසීමට කෙන් ස්ටාර් තීරණය කරන්නේ, ජනපති ක්ලින්ටන් පෝලා ජෝන්ස් නඩුවේ නීතිඥයන් විසින් දැක්වූ ලිංගික ක්‍රියාවන් පිළිබඳ අර්ථ දැක්වීමක් අනුව ක්ලින්ටන් සහ මොනිකා අතර සිදුවුණු දේ ‘ලිංගික ක්‍රියා’ ගණයට නොවැටෙන බව කියූ නිසා තමන් බොරු සාක්ෂි නොදුන් බව පෙන්වා දී තිබුණු නිසයි. ක්ලින්ටන්ගේ ප්‍රකාශය බොරුවක් බව ඔප්පු කිරීමට කිරීමට පොටක් පාදා ගැනීමට මොනිකාගෙන් සවිස්තර ප්‍රශ්න කිරීම් වලින් පසු කෙන් ස්ටාර්ට හැකිවෙනු ඇතිද? මේ අතර ලින්ඩා ට්‍රිප් මහා ජූරිය ඉදිරියේ සාක්ෂි දීමේදී තම පෞද්ගලික හිතවතියක පැවසු පෞද්ගලික කරුණු අනවසරයෙන් පටිගත කර ලබාදීමේ අරමුණ ගැන නිර්දය ප්‍රශ්න කිරීම් වලට ලක්වෙනවා. මේ සාක්ෂි දීමෙන් පසුව ලින්ඩා ට්‍රිප් ජනමාධ්‍යය ඉදිරියේ ප්‍රකාශයක් කරන්නේ තමන්ව සාහසික ලෙස ජනමාධ්‍යය විසින් චරිත ඝාතනයට ලක්වීමට පිළිතුරක් දීම වෙනුවෙනුයි. 

1998 දී ලින්ඩා ට්‍රිප් සිය දරු දෙදෙනා වන රයන් සහ ඇලිසන් පසුබිමේ තබාගෙන මාධ්‍යය හමුවේ ප්‍රකාශය ලබාදෙන අන්දම (දකුණේ) ,ටෙලිනාට්‍යයේ  එහි ප්‍රතිනිර්මාණයේ සාරා පෝල්සන්, රයන් නාසිෆ් සහ එමා මැලෝෆ්  රංගනයේ යෙදෙන අන්දම (වමේ)

මේ අතර නාසය විකෘති පෙනුමක් ඇතැයි කියමින් ජනමාධ්‍ය වල ගර්හාවට ලක් වුණු පෝලා ජෝන්ස්, සුසෑන්ගේ ආධාරයෙන් නාසයේ සැත්කමක් සිදු කර ගන්නවා. ඇයගේ සැමියා පෝලා ජෝන්ස්ව සැක කරන්නේ කුමක් වෙනුවෙන්ද? පෝලා ජෝන්ස්ගේ නඩුවට අවසානයේ කුමක් සිදු වනු ඇතිද? කෙන් ස්ටාර්ට දෝෂාභියෝගයක් සඳහා මඟ පාදා ගැනීමට හැකිවනු ඇතිද? යම් හෙයකින් දෝෂාභියෝගයක් පැමිණියහොත් එයට මුහුණ දීමට බිල් ක්ලින්ටන් සූදානම් වන්නේ කෙසේද? අද කතාවෙන් මේ ටික බලල දැනගන්න.

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E09.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.  

ලිංගික දෙබස් අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.  

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

ඔබට තෙරුවන් සරණයි!

කෙවින් පොලොක් බර්නාඩ් නස්බම් ලෙසින් (වමේ), බිල් ක්ලින්ටන් සමයේ ධවල මන්දිර උපදේශක බර්නාඩ් නස්බම් (වමේ මැද), ජෝර්ජ් සැන්තිස් (දකුණේ මැද) ජෝර්ජ් ස්ටෙෆානෝපෝලස් ලෙසින්, මාධ්‍යවේදී ජෝර්ජ් ස්ටේෆානොපොලස් (දකුණේ)

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

543 downloadsDownload American-Crime-Story-S03-E09-Sinhala-Subtitles.zip43 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

543 downloadsDownload Subtitles43 KB

2 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    .................

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.