Watch Trailer

American Crime Story [S03 : E08] Sinhala Subtitles | “ඔබේ සැමියා ළඟින් රැඳෙන්න..” [සිංහල උපසිරැසි සමඟ]

American Crime Story [S03 : E08] Sinhala Subtitles මේ පළ වෙන්නේ Impeachment: American Crime Story කතා මාලාවේ අටවැනි කොටස. පසුගිය කොටසින් ඔබ දැක්කේ මොනිකා සහ ලින්ඩා මහා ජනමාධ්‍ය චණ්ඩ මාරුතයකට හසුවන අන්දම සහ එම ආන්දෝලනය මැද මොනිකා සහ කෙන් ස්ටාර් විමර්ෂකයන් එකඟතාවයකට පැමිණෙන අන්දම සහ අවසානයේ ගින්ස්බර්…

American Crime Story Sinhala Subtitles

මේ පළ වෙන්නේ Impeachment: American Crime Story කතා මාලාවේ අටවැනි කොටස. පසුගිය කොටසින් ඔබ දැක්කේ මොනිකා සහ ලින්ඩා මහා ජනමාධ්‍ය චණ්ඩ මාරුතයකට හසුවන අන්දම සහ එම ආන්දෝලනය මැද මොනිකා සහ කෙන් ස්ටාර් විමර්ෂකයන් එකඟතාවයකට පැමිණෙන අන්දම සහ අවසානයේ ගින්ස්බර්ග්ගේ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසා කෙන් ස්ටාර් ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකෙන අන්දමයි. මේ සමඟ මොනිකා තවත් දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. අද කතාව එතැන් සිට.

මොනිකා ලුවින්ස්කි, බිල් ගින්ස්බර්ග් සහ බර්නාර්ඩ් ස්ටාර් හමුවීමට යන අන්දම (දකුණේ) සහ එය ටෙලිනාට්‍යයේ නිරූපණය කෙරුණු අන්දම (වමේ) 

අද පළ වන කතාංගය ගැන:

  • අටවැනි කොටස – “Stand by Your Man..” – “ඔබේ සැමියා ළඟින් රැඳෙන්න..”
  • අධ්‍යක්ෂක –Rachel Morrison
  • තිරරචනය -Flora Birnbaum
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –2021 ඔක්තෝබර් 26
  • IMDb Ratings –  8.2/10

හොඳයි, අද කොටසේ කතාවට අපි යොමු වෙමු. 1992දී ක්ලින්ටන් සමඟ පැවතුණු දොළොස් වසරක සබඳතාවයක් ගැන ජෙනිෆර් ෆ්ලවර්ස් ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශයකින් තමයි අද කොටස ඇරඹෙන්නේ. ඇයගේ ප්‍රකාශ ගැන ප්‍රශ්න විමසීමකට හිලරි සහ බිල් ක්ලින්ටන් යුවළ ‘මිනිත්තු 60′ නම් රූපවාහිනී වැඩසටහනකට සභාගි වනවා. හිලරි එහිදී කරන ප්‍රකාශ නිසා, ජනපති ක්ලින්ටන්ගේ ජනප්‍රියත්වය වැඩි වුවද, හිලරි ක්ලින්ටන්ගේ හැසිරීම දරුණු ලෙස විවේචනයට ලක් වෙනවා. ලුවින්ස්කි හුටපටය ගැන 1998 ජනවාරි වල ‘The Today Show‘ නම් වැඩසටහනේදී, හිලරි දැවැන්ත රයිට්-වින්ග් කුමන්ත්‍රණයක් ගැන පවසන්නේ, තම සැමියා ජනපති ධුරයේ දිවුරුම් දුන් දිනයේ සිට ඔහුට හානි කරන බව චෝදනා කරමින්. 

බිල් සහ හිලරි 1992 ‘මිනිත්තු 60′ වැඩසටහනේදී (වමේ ඉහළ), හිලරි සහභාගී වුණු 1998 The Todays Show වැඩසටහන (වමේ පහළ) සහ ඒවා ටෙලිනාට්‍යයේ ප්‍රතිනිර්මාණය කර ඇති අන්දම (දකුණේ)

මේ අතර කෙන් ස්ටාර්, තමන්ගේ විමර්ෂණ වලට සහය නොදෙන්නේ නම් මොනිකාට එරෙහිව අධිචෝදන ගොනු කරන්නට සැලසුම් කරනවා. ඔවුන් දෙපාර්ශවය අතර ගණුදෙනුවට බාධකයක් වුණු බිල් ගින්ස්බර්ග්, මොනිකාගේ නීතිඥ ධුරයෙන් ඉවත් කෙරෙනවා. මේ සමඟ මොනිකා නව නීතිඥයෙක් බඳවා ගනිමින් කෙන් ස්ටාර් සමඟ ගණුදෙනුවට අවතීර්ණ වෙනවා. 1998 අගෝස්තු ඇමරිකානු තානාපති කාර්යාල බෝම්බ ප්‍රහාරයෙන් පසුව ක්ලින්ටන් අල් කයිඩා සංවිධානයට එරෙහිව පළිගැනීමේ මෙහෙයුමක් අරඹනවා. අනතුරුව ඔහු දැනගන්නේ කෙන් ස්ටාර් තමන්ට සිතාසියක් එවා ඇති බවයි. බිල් ක්ලින්ටන්ට එරෙහිව කෙන් ස්ටාර් යොදාගන්නා සාක්ෂි මොනවාද? බිල් ක්ලින්ටන් එම සාක්ෂි වලින් පැනනඟින ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ කෙසේද? මේ තොරතුරු හෙළි වීම හිලරි-බිල් විවාහ ජිවිතයට කෙසේ බලපානු ඇතිද? මොනිකාට මුක්ති ගණුදෙනුවෙන් පසුව අපවාදයෙන් ගැලවිය හැකිවෙනු ඇතිද? කුහුල පිරුණු තවත් කොටසක් මේ සමඟ නරඹන්න.

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S03E08.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.  

ලිංගික දෙබස් අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.  

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

ඔබට තෙරුවන් සරණයි!

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

465 downloadsDownload American-Crime-Story-S03-E08-Sinhala-Subtitles.zip42 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

465 downloadsDownload Subtitles42 KB

2 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.