පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා…

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ විවිධ රටවල් වල ඉතිහාසය ගැන සහ විවිධ මාතෘකා ගැනයි. ඒ වගේම මේ කතා මාලාව ආරම්භ වුනු 2009 මාර්තු 8 වෙනිදා සිට මේ දක්වාම කතාසමයන් 17 ක් සහ කොටස් 200 කින් සමන්විත වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.මේ කතා මාලාව පාදක වී තිබෙන්නේ Erich von Däniken සහ Zecharia Sitchin වැනි ප්‍රධාන ගත්කතුවරු කීප දෙනෙක්ගේ ලියවිලි පාදක කරගෙනයි.ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ නිෂ්පාදකයා විදිහට Giorgio Tsoukalos කටයුතු කරනවා වගේම විධායක නිෂ්පාදකයා Kevin Burns විදිහට කටයුතු කරනවා.නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති සමාගම ලෙස සැලකෙන්නේ Prometheus Entertainment ආයතනය වෙන අතර බෙදාහැරිම සිදු කරන්නේ A&E Network ආයතනයයි.ඒ වගේම ලේඛකයෙක් වෙන David Childress ඇතුළු බොහෝ පිරිසක් මේ වැඩසටහන් මාලාව පුරාවටම ගවේෂණ සහ පර්යේෂණ සිදුකරමින් අතීතයේ අපේ මුතුන්මිත්තන් අතරට පිටසක්වලයන් පැමිණෙමින් ඔවුන්ට දැනුම ලබාදුන් බවත් මානව ශිෂ්ටාචාරය පිහිටුවා ගැනීම සඳහා උපකාර කෙරූ බවට තම මතවාදයන් ඉදිරිපත් කරනවා.කතා මාලාවේ පසුබිම් කථිකයා විදිහට Robert Clotworthy කටයුතු කරන අතර කතා මාලාව සඳහා ලැබී ඇති IMDb අගය 7.2/10ක් ලෙස පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙවර 10 වෙනි කතාමාලාව තුල කොටස් 10 ක් අඩංගු වෙනවා.
විවිධ රටවල් 50ක සහ පෘථිවියේ සෑම මහද්වීපයකම පාහේ දක්නට ලැබෙන බෝග කව 10,000කට අධික ප්‍රමාණයක් ලෝකයේ සෑම තැනකින්ම වාර්තා වී තිබෙනවා. වගා බිම්වල පොළවටම ඔබ්බවමින් කරන ලද මේ අමුතු මෝස්තර සරල කව වල ඉඳන් අඩි දහස් ගණනක් දිග විස්තීරණ රූප සටහන් දක්වා විහිදෙනවා.ඒ වගේම මේවායෙන් ජ්‍යාමිතික රූප වගේම විවිධ පණිවිඩ පෙන්වා තිබෙනවා. ඒවා මොනවද? ඒවා හැදෙන්නේ කොහොමද? වගා කව නිර්මාණ සංසිද්ධිය විද්‍යාත්මක විෂමතා, අමුතු ආලෝකයන් සහ හඳුනානොගත් පියාසර වස්තු ක්‍රියාකාරකම් සමඟ පවා සම්බන්ධ වී පවතිනවා. නමුත් විචාරකයින් පවසන්නේ ඒවා සියල්ලම මහා ප්‍රෝඩාවක කොටස් බවයි. නමුත් ඇත්තටම ඒවා මහා ප්‍රෝඩාවක්ද? බෝග කව 1960 ගණන්වල සිට නුතන කාලය දක්වාම විවිධ පුවත්පත්වල සහ මාධ්‍යය වල ප්‍රධාන පුවත් සිරස්තලයක් බවට පත් කර තිබෙනවා, නමුත් මේවායේ ඉතිහාසය සොයා යන විටදී ඒවා වසර සිය ගණනක්-වසර දහස් ගණනක් තරම් ඈත අතීතයක සිට පැවතගෙන එන සංසිද්ධියක අදාළ දේවල් බව පෙන්වා තිබෙනවා. ඉතිං අපේ ප්‍රධාන ගණිතඥයින් සහ විද්‍යාඥයින් ව්‍යාකූල කරන විදිහේ සංකේතාත්මක පණිවිඩ සහ සංකීර්ණ ගණිතමය, ජ්‍යාමිතික සහ තාරකා විද්‍යාත්මක සමීකරණ බොහෝ විට නිර්මාණවලම අන්තර්ගත වෙලා පවතිනවා. පෞරාණික ගගනගාමී මතධාර, ජෝජියෝ සුක්ලොස් මේ සංසිද්ධි වැඩිපුරම වාර්තා වෙන එංගලන්තයට ගොස් පර්යේෂකයන් සහ විද්‍යාඥයන් හමුවී වගා බිම් වල සහ විද්‍යාගාරයේ ඇති සංසිද්ධිය පිළිබඳව අපට නොකියූ දේ සොයා බලන්නට මේ කොටසෙන් උත්සහා කරනවා. ඒ වගේම ඔහු විශේෂඥයින්ගේ දැනුම ලබාගනිමින් සැබෑම වගා කවත් වංචනිකයන් සැදු ව්‍යාජ වගා කව හඳුනාගනිමින් මේ කොටසෙන් කියන්න උත්සහ කරන්නේ මේ වගා කව පිටුපස අපි සමඟ සන්නිවේදනය කිරීමට උත්සහා කරන පිටසක්වල ජාතින් ඉන්නා බව යෝජනා කරනවා. ඒ වගේම මේ වගා කව රටවල් 23 කින් වාර්තා වී තිබෙනවා වගේම මෝස්‌තර 2500 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
893 downloadsDownload Ancient-Aliens-S10-E08.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
4 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nirosha Nirosha
බයිස්කොප් එකටයි රුවන් සහෝ ටයි ගෝඩාක් ස්තූතියි.අපි ගොඩක් කල් බලන් හිටියා රුවන් සහෝ සබ් දෙනකල්.ගොඩාක් ස්තූතියි,දිගටම මෙ සීරිස් එකට සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි