ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ තමයි උපසිරැසියක් අරන් ආවේ. දැන් නම් ඉතින් උපසිරැසියක් අරන් එන්න වෙන්නේ ලැබෙන පොඩි නිවාඩු වලින් තමයි. ඡන්ද නිවාඩුව අස්සේ තරිඳු අයියා ඇහුවා මල්ලි ටීවි සීරිස් එකක් තියනව සබ කරමුද කියලා. ට්‍රේලරේ බලපු ගමන් කිව්වා කරමු කියලා. අනිවා බලන්න කියලා හැමෝටම කියන්න පුලුවන්.…


ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ තමයි උපසිරැසියක් අරන් ආවේ. දැන් නම් ඉතින් උපසිරැසියක් අරන් එන්න වෙන්නේ ලැබෙන පොඩි නිවාඩු වලින් තමයි. ඡන්ද නිවාඩුව අස්සේ තරිඳු අයියා ඇහුවා මල්ලි ටීවි සීරිස් එකක් තියනව සබ කරමුද කියලා. ට්‍රේලරේ බලපු ගමන් කිව්වා කරමු කියලා. අනිවා බලන්න කියලා හැමෝටම කියන්න පුලුවන්. මුල ඉඳන්ම කිසිම කම්මැළි කමක් නැතුව බලන්න පුලුවන් සීරිස් එකක් කියලා සහතික කරන්න පුලුවන්.!
එහෙනම් වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. පහුගිය කොටස නතර කරේ කුතුහලය අවුස්සලා තියලා නෙහ්. පහු ගිය කොටසෙදි මතක ඇති නේ ඌරී කඳවුරේ වල් කපන්න කියලා දෙන්නෙක් එක්කන් ඇවිත් කඳවුර ගැන තොරතුරු බලාගෙන ගිහින් ඌරී කඳවුරට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. පසුගිය කොටස අවසානයේ දැක ගන්න ලැබුණා කඳවුරේ හිටිය සෙබලුන්ට වෙඩි තියලා, කඳවුරට බොම්බ ගහලා පැනලා යන ත්‍රස්ථවාදීන්ගේ පස්සෙන් ගිය මේජර් සූද්ට වෙඩි වැදුණා. ඉතින් අද කතාව එතැන ඉඳන්.
අද කතාව ගැන පොඩි සඳහනක් කරන්නම්. පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්න කැමති නැති අය මේ ටික නොකියවා සබ් එක අරන් ගියා නම් හොඳයි. 😀 ඌරී කඳවුරට ප්‍රහාරය එල්ල කරලා ත්‍රස්ථවාදීන් හතර දෙනා පලා යද්දි එක ත්‍රස්ථවාදියෙක්ට වෙඩි වැදුණා මතක ඇති. ඉතින් ඉතුරු තුන්දෙනාව ලුහු බඳින සිදුවීම අද කතාවෙන් දැකගන්න පුලුවන්. දිගින් දිගටම මාධ්‍ය වලින් රජයට බලපෑම් එල්ල වෙනවා. දේශපාලනය පැත්තෙන් පාලනය කරගෙන යන ගමන් මේ මෙහෙයුම සිදු කරන විදිහ බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. “වෙනදා බලන කතාවල වගේ කොච්චර වෙඩි තිබ්බත් මැරෙන්නේ නැති ඒවා මේවයේ නෑ 😀 ඊලඟ කොටසින් හම්බවෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,370 downloadsDownload Avrodh-the-Siege-Within-S01-E03.zip18 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
9 comments
Prabodha
Neranga
Stargirl Tv Season එකේ Episode 11 12 සිංහල සබ් දෙන්නකො Plz
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Rasindu Perera
නියමයි… සබ් එකට තැන්ක්ස්….
Suranjan
Thanks jayawewa......!
Tharindu07
Thanks Machoooo....!!!!!
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Advertisement
![Avrodh the Siege Within [S01 : E03] Sinhala Subtitles | හඹායෑම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Avrodh-the-Siege-Within-1.2.jpg)



ස්තුති ඔබට....