මුලින්ම සමාව ඉල්ලනවා අවුරුදු 03කටත් ලං වෙන්න ඇවිත් තිබිලත් Better call saul කතාව ඉවරයක් නොකර අතරමැද උපසිරැසි දෙන එක නතර කරන්න උනාට. පෞද්ගලික හේතූන් මත එක දිගටම කරගෙන යන්න බැරිවුනා. කොරෝනා තිබුන කාලයේ රස්සාවෙත් නිවාඩු නිසා නවත්තලා තිබුන තැනින් ආපහු පටං ගත්තත් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න බැරිවුනා. මේ කොට…

මුලින්ම සමාව ඉල්ලනවා අවුරුදු 03කටත් ලං වෙන්න ඇවිත් තිබිලත් Better call saul කතාව ඉවරයක් නොකර අතරමැද උපසිරැසි දෙන එක නතර කරන්න උනාට. පෞද්ගලික හේතූන් මත එක දිගටම කරගෙන යන්න බැරිවුනා. කොරෝනා තිබුන කාලයේ රස්සාවෙත් නිවාඩු නිසා නවත්තලා තිබුන තැනින් ආපහු පටං ගත්තත් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න බැරිවුනා. මේ කොටසේ ඉදන් අනිත් සේරටම ඉක්මනටම ඔයාට අනිත් කොටස් වල උපසිරැසි බලාගන්න පුලුවන් වෙයි.
සමාව ඉල්ලුවා ඇති. කතාව පැත්තට බහිමු. අද කතාව මාතෘකව වෙන්නේ Piñata කියන නමින්. ඉතින් මේ කොටස විකාශය වුනේ 2018 සැප්තැම්බර් 10 වෙනිදා.
ඉතින්, පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. කතාව පටං ගන්නකොට 2010 වෙච්ච සිද්ධියක් පාදක කරගෙනයි ආරම්භ වෙන්නේ. සෝල් ගුඩ්මන් සහ ෆ්‍රැන්සිස්කා ලිඩී තමන්ගේ කාර්යාලයෙන් ඉවත් වෙනවා. ෆ්‍රැන්සිස්කා එකඟ වෙනවා නොවැම්බර් 12 වෙනිදා හවස 3 ට එයාට එන දුරකථන ඇමතුමට උත්තර දෙන්න ටෙලිෆෝන් බූත් එකට ගාවට වෙලා ඉන්නවා කියලා. ජිමී ෆ්‍රැන්සිස්කාට එයාගේ සල්ලියි නීතීඥ බිස්නස් කාඩ් එකයි දීලා කියනවා එයාට මොනවම හරි උදව්වක් ඕනි වුනොත් එයාව එව්වේ ජිමී කියලා කියන්න කියලා. ෆ්‍රැන්සිස්කා යනවත් එක්කම සෝල් කියන්න ගන්නවා පහුගිය අවුරුදු කීපයම එයා නීතීඥ වැඩ කරේ නැහැ කියලා. ඊට පස්සේ එඩ් ගේල්‍බ්‍රෙයිත්ට කෝල් කරනවා එයාට අලුත් හැඳුනුම්පතක් ඕන කියලා.
2003 වර්ෂයේදී, ජිමීගේ “පෞද්ගලිකත්වය මෙහි විකුණනු ලැබේ” කියන දැන්වීම දැකලා එන පුද්ගලයෙක්ටම ජිමී ෆෝන් එකක් විකුණනවා. ඊටපස්සේ ජිමී පාරෙත් ෆෝන් විකුණන්න පටං ගන්නවා. ඒත් පාරේ හිටපු කොල්ලෝ ටිකක් ජිමීව මංකොල්ල කෑවට පස්සේ ජිමීගේ වැඩපිලිවෙල අසාර්ථක වෙනවා. කිම් ජිමීගේ තුවාල වලට බෙහෙත් දානකොට ජිමී කියනවා තමන් දුකින් ඉන්නේ කොල්ලෝ ටික කරන්න හදපු දේ තේරුම් ගන්න බැරිවුන හන්දයි කියලා. ජිම් පොරොන්දු වෙනවා මනෝ චිකිත්සික වෛද්‍යවරයෙක් හම්බවෙන්න කිම් කියන නිසාම. ඒත් පහුවෙනිදාම ජිමී තමන් වැඩකරපු ෆෝන් ෂොප් එකට ගිහින් අර වෙළඳසැලේ ගහල තිබ්බ සයින් බෝඩ් එක ගලවලා දානවා.
මේ අස්සේ, කිම් pro bono එකේ නඩුවට හිරවෙලා ඉද්දි, මෙසා වෙර්ඩා එකෙන් පේජ් කතා කරලා කියනවා ලඟදී කරපු වැඩවලට එයාට උදව් ඕන කරනවා කියලා. ඒත් කිම් පේජ්ට උත්තර දෙන්න කලින් තමන් වැඩකරන නඩුව ගැන හිත යොමු කරගෙනම ඉන්නවා. මේ නිසාම පේජ් කියනවා මෙසා වෙර්ඩා එකේ බැංකු වල වැඩ ටික සේරම කිම් බලාගන්නම් කිව්වත්, ඒ කිසිම දෙයක් වෙලා නැහැ කියලා. පස්සේ කිම් සමාව ඉල්ලලා කියනවා එහෙම දෙයක් ආපහු වෙන්නේ නැහැයි කියලා.
ජිමීට හෝවර්ඩ්ව හම්බවෙනවා උසාවියේ විවේක කාමරයේදී. හෝවර්ඩ් ලොකු කනස්සල්ලකින් ඉන්නවා කියලා දකින ජිමී කිම් එයාට දුන්න මනෝ චිකිත්සකවරයාගේ ෆෝන් නම්බර් එක හෝවර්ඩ්ට දෙන්න උත්සාහ කරනවා. ඒත් හෝවර්ඩ් කියනවා ඒ වෙනකොටත් එයා මනෝවෛද්‍යවරයෙක්ව හම්බවෙනවා කියලා. ඒ කරලා ජිමී තමන් භාරව ඉන්න නිළධාරියත් එක්ක ගිහිං උසාවියේ පෙනීහිටිනවා අවුරුද්දක දඩුවම ඉවර උනාම තමන්ට ආපහු නීතීඥ රස්සාවම කරන්න ඉඩදෙන්න කියලා.
ඉතින්, අද එතැන් පටන්…. අනිත් කොටසින් ඉක්මනින් හමුවෙමු. ජයවේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත
4,076 downloadsDownload Better-Call-Saul-S04E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
14 comments
විමා
Anonymous
ishan
bro parana sub tika download karanna meke pennan nani.. kohomada e tika ganne
alexmyt
thanksss
Sandun47
Thanks චලිඳු දෙශාන් සහෝ.සමහර අය බලන්න අරන් සබ් නැති නිසා මේක මග නවත්තලා දාලා තිබ්බා.මේ අවුරුදු ගානෙම සබ් එන්නෙ නැති වෙයි කියන අදහසින් තමා ඒ අය හිටියේ.හොඳ සීරිස් එකක් එහෙම අතෑරලා දාන්න වෙන එකත් අපරාදේ.
ඔයා ආපහු මේකෙ ඉතුරු ටිකට සබ් කරන්න ගත්තු අදහස නම් සෑහෙන්න වටිනවා.Subhash
මග බලන් යන ගමන් බන් හරිද, කෝමහරි මග නතර කරන්නෙ නැතුව දීපන් මචන් ඈ පිං සිද්ධ වෙයි
n3thmal
ammoooooooo digatama karagena yan
thnnx bro
Anonymous
elama....danata apu okkoma episode tika denna....
Amila
elaa...danata apu okkoma episode tika denna
shan
අඩෝ මචං මේකටනම් සෙට් එකටම පිං,මම අවුරුදු ගානක කීප සැරයක් ඉල්ලලා තිබ්බෙ.ඔක්කොම එපි වලට සබ් කරමු කොල්ලො.ජය වේවා...❤️
Anonymous
අඩෝ ආදරෙයි ඕයි ❤️ කීපාරක් ඉල්ලුවදආයේ දෙන පිනම ඇති බන් උබලට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Big thanks machn
DHANUJA
ade thank you thank you thank you sooooo much brother
Advertisement



සබට තුති බන්.
අමාරු බව දන්නවා.
කොහොමහරි ඉවරයක් කරගමු මේක.