Watch Trailer

Cobra Kai (2018-) [S05 : E05] Sinhala Subtitles | නිර්නාමික හෝඩුවාවන් පසුපස [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකේ තවත් කොටසක් අරගෙන ආවා. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. මේ සීසන් එකටත් සෑහේන හොඳ ප්‍රතිචාර තියෙන බව දකින්න ලැබෙනවා. එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද. ජල උද්‍යානේ ගැටුම නිසා රො…

ආයුබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකේ තවත් කොටසක් අරගෙන ආවා. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. මේ සීසන් එකටත් සෑහේන හොඳ ප්‍රතිචාර තියෙන බව දකින්න ලැබෙනවා. එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද.

ජල උද්‍යානේ ගැටුම නිසා රොබියි, මිගෙලුයි අතර විරසකයක් උන බව ඔයාලා දැක්කනේ. ඒ වෙලාවේ ජොනී එතනට ආපු නිසා දුර දිග යන්නේ නැතුව දෙන්නා පැත්තකට උනා. දැන් ජොනීට ඕන කොහොමහරි මේ දෙන්නව යාළු කරවන්න. ඒ නිසා ජොනී සෑහේන උපක්‍රම යොදාගන්න හැටි අද බලාගන්න පුළුවන්. ඩැනියෙල්ගේ වැඩ නිසා කේන්ති ගිය ඇමන්ඩා ළමයි දෙන්නත් එක්ක එයාගේ අම්මලගේ ගෙදරට යනවා. ඒ දුකට දවසෙම මත්පැන් බිබී ඉන්න ඩැනියෙල්ට නිර්නාමිකව හම්බෙන ඔත්තුවක් නිසා ඒ පස්සෙ පන්නන්න පටන් ගන්නවා. ඒ වගේම අද ඩැනියෙල් සහ සිල්වර් අතර නියම ද්වන්ධ සටනක් බලාගන්නත් පුළුවන්. ඉතිං රොබි සහ මිගෙල් නැවත යාළුවෝ වෙයිද ? ඩැනියෙල්ට හම්බෙන හෝඩුවව මොකක්ද ? සිල්වර්ගෙ ඉරණම මොකක්වෙයිද ? ඒ ඔක්කොටම උත්තර ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් මගේ වැඩ කොටස මෙතනින් ඉවරයි. ඊලඟ කොටස අපේ බිමසර සහෝ ඔයාලට අරන් එයි. ඒ වගේම මාව මේ කතාමාලවට සමබන්ධ කර ගත්තට චාමර සහෝට නැවතත් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරසියකින් ඔයාලව ආපහු හම්බෙනකම් ජය වේවා !

අද කතාංගයේ නම – “Extreme Measures”
කතා රචනය – Bob Dearden
අධ්‍යක්ෂනය – Jennifer Celotta
විකාශය වූ දිනය – 2022 සැප්තැම්බර් 09
IMDb අගය – 8.9
මීළඟ කතාංගය – “Ouroboros”


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,550 downloadsDownload Cobra-Kai-S05-E05.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,550 downloadsDownload Subtitles24 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Sumith Kumara

    යුරාන් චාමර ඔලිව තෑන්ක් යූ සබ් දෙනවා ට මේකට❤️❤️❤️❤️❤️❤️❤️❤️

  3. Ma

    තෑන්ක්ස් බොක්කල්

  4. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. MAALNATH

    Thanks........good luck........

  7. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  8. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ‘

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.