Watch Trailer

Dark [S02 : E01] Sinhala Subtitles | ආරම්භය සහ අවසානයේ නොනිමි ප්‍රෙහේළිකාව..!! [සිංහල උපසිරැසි සමඟ]

පමාවට හැමෝගෙන්ම සමාව ඉල්ලන ගමන් මේ සූදානම් වෙන්නෙ 2017 වසරෙදි Netflix නාළිකාව තුළින් විකාශය කරපු IMDb දර්ශකයේ 8.7/10 අගයක් හා Rotten Tomatoes හි 94% මනාප ප්‍රතිශතයක් හිමි කරගැනීමට සමත්වුණු පළමු ජර්මානු කතාමාලාව වගෙම අපේ ලාංකික ප්‍රේක්ෂකයින් අතරත් බොහොම ජනප්‍රියත්වයට පත්වුණු Dark කතාමාලාවේ දෙවැනි දි…

පමාවට හැමෝගෙන්ම සමාව ඉල්ලන ගමන් මේ සූදානම් වෙන්නෙ 2017 වසරෙදි Netflix නාළිකාව තුළින් විකාශය කරපු IMDb දර්ශකයේ 8.7/10 අගයක් හා Rotten Tomatoes හි 94% මනාප ප්‍රතිශතයක් හිමි කරගැනීමට සමත්වුණු පළමු ජර්මානු කතාමාලාව වගෙම අපේ ලාංකික ප්‍රේක්ෂකයින් අතරත් බොහොම ජනප්‍රියත්වයට පත්වුණු Dark කතාමාලාවේ දෙවැනි දිගහැරුම ඔබ අතට පත්කරන්නයි. ඉතින් ඔයාල Dark මුල් කතා සමය බලපු කෙනෙක් නම් පළමු සමය අවසන් වෙද්දි නිසැකවම මේ කතාමාලාව තුළින් අපට දකින්න ලැබුණු කතා පුවතට බෙහෙවින් ඇලුම් කරන කෙනෙක් බවට පත්වෙලා හමාරයි. ඒ මොකද කිව්වොත් බොහෙමයක් කතා මාලාවන් තුළින් අපිට දකින්න ලැබෙන සිදුවීම් වලට හාත්පසින්ම වෙනස් වගෙම කුතුහලය හා නිතරම හිතන්නට යමක් ඉතිරි කරපු කතා මාලාවක් තමයි Dark කියන්නෙ. සරලවම කිව්වොත් අපේ ඔළුව එක්තරා ආකාරයකට පිස්සු වට්ටන කතාමාලාවක් කිව්වොත් ඔයාල මාත් එක්ක එකඟවෙයි…

කොටස් දහයකින් යුත් පළමු කතා සමය අවසන් වීමෙන් පසුව පළමු කතා සමය අවසන් වෙලා වසරක් වගේ කාලයක් ගතවෙලා හමාරවෙන විට Netflix ඔස්සේ කොටස් අටකින් යුත් දෙවැනි කතා සමය පසුගිය ජූනි 21 වැනිදා විකාශය කරනවා. මේ වෙද්දි බොහෝ දෙනෙක් Dark හඳුන්වන්නෙ ජර්මානු Stranger Things කතා මාලාව විදිහට. ඒත් ඇත්තටම Dark කියන්නෙ Stranger Things කතා මාලාවට හාත්පසින්ම වෙනස් කතා පුවතක් රැගත් කතාමාලාවක් කියලයි මට නම් හිතෙන්නෙ. කාල තරණය සහ අභිරහස් අතුරුදන්වීම් කිහිපයක් පාදක කරගෙන තමයි Dark කතාමාලාව ඉදිරියට ගලාගෙන යන්නෙ. ගොඩක් දෙනෙක් කියනවා Dark කතාව තේරුම් ගන්න ටිකක් අමාරුයි කියල. ඇත්ත, Dark කතාව තරමක් දුරට සංකීර්ණ කතාමාලාවක්. මේ කතාමාලාව තුළදි සිදුවන කාල තරණය අතීතය, අනාගතය සහ වර්තමානය අතර සිදුවන සිදුවීමක්. ඉතින් ඒ කාල තරණය සිදුවන වර්ෂ අනුව ඒ ඒ කාල වකවානුව තුළදි කතාවේ චරිත වගෙම සිදුවන සිදුවීම් පෙළ එකිනෙකට ගළපාගැනීමට තරමක් අපහසුවීම තමයි කතාව සංකීර්ණ වෙන්න හේතුව වෙලා තියෙන්නෙ. පුද්ගලිකව මං මේ කතාවට බොහොම කැමති වෙන්න ප්‍රධානම හේතුවත් කතාමාලාවෙ තිබෙන සංකීර්ණ බවම තමයි. අනික තමයි කතාමාලාවෙ Intro එකයි Background Music. GOT කතාමාලාවෙ වගෙම Dark කතාවෙත් සියළු පුද්ගලයින් හා සිදුවීම් මොන යම් ආකාරයකින් හෝ එකිනෙකට සම්බන්ධයි. කතාවෙදි අපිට දකින්න ලැබෙන සංකේත, හා රූප සටහන් මඟිනුත් කතාව තේරුම් ගන්න ඉඟි ලැබෙනවා. කොහොම නමුත් කතාවෙ තියෙන සංකීර්ණ බවින් මිදිල කතාව හරියට තේරුම් ගන්න නම්, කාලය, චරිත සහ සිදුවීම් පිළිබඳව හොඳ අවදානයකින් යුතුව කතාව බලන්නම වෙනවා…

Dark මුල් කතා සමය බලපු කෙනෙක්ට පළමු සමයෙදි කතාවෙ සිද්දවුණු දේවල් ගැන ආයෙ අමුතුවෙන් මතක් කරන්න ඕනි වෙන එකක් නැහැ කියල හිතෙනවා. ඒ වගෙම තමයි අනිවාර්යයෙන්ම දෙවැනි කතා සමය බලන්නෙ පළමු සමය බලපු කෙනෙක්ම විතරයි නොවැ. ඉතින් මං පහුගිය සිදුවීම් ගැන කියවන්නෙ නැතුව දෙවැනි සමයට මුල පුරන්න කලින් කතාව තේරුම්ගන්න පොඩි උදව්වක් විදිහට කතාව ගැන නොකියා කතාවට පාදක කරගෙන තියෙන චරිත ගැන වගෙම කාල වකවානු ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. ඒත් ඔයාල මේ වෙද්දි දෙවැනි සමය නරඹලා නැත්නම් ලිපිය කියවන එක ගැන දෙපාරක් හිතන්න වෙයි. මොකද ලිපියේ ඉදිරියට යද්දි සුළු වශයෙන් හරි දෙවැනි සමය Spoil වීමක් වෙන්න බැරි නැහැ. එහෙනම් මම මෙතනින් ඉදිරියට පළමු කතා සමය වගෙම දෙවැනි කතා සමයත් පොදුවේ අරගෙන පැහැදිලි කිරීම පටන්ගන්නම්..

මේ වෙද්දි Dark කතාව ගලාගෙන යන්නෙ කුඩා හුදෙකලා නගරයක් වන වින්ඩන් නගරයේ සිදුවෙන තරුණ දරුවන්ගේ අතුරුදහන්වීමේ සිදුවීමක් සහ කාල තරණයට මුහුණ දෙන පුද්ගලයින් පිරිසක් වගෙම ඔවුන්ගේ පවුල් වල උදවියට මුහුණපාන්න සිද්දවෙන සිදුවීම් පෙලක් ගැන බව අපි කවුරුත් දන්න කාරණයක්. කාල තරණය සිද්දවෙන්නෙ වින්ඩන් ගුහා පද්ධතියේ පවතින Black Hole එකක් එහෙමත් නැත්නම් කළු කුහරයක් මඟිනුයි. ඇත්තටම මේ කළු කුහරය මූලිකවම Timeline එහෙමත් නැත්නම් කාල රාමු තුනක් ඔස්සේ වර්ෂ තුනක් හා සම්බන්ධ වෙනවා ඒ තමයි 1953, 1986 සහ 2019.

ඊට අමතරව අපිට කතාවෙදි 1921, 1953/54, 1986/87, 2019/20 සහ 2052/53 වර්ෂ වල එක් එක් දිනයන්හි සිදුවන සිදුවීම් පෙලකුත් දකින්න ලැබෙනවා. Dark කතාව නිර්මාණය කරල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් අවුරුදු 33ක පරතරයකින් යුත් Time Loop තුනක් ඔස්සේ ගලාගෙන යන කතා පුවතක් විදිහටයි. පළමු කාල චක්‍රය සිද්දවෙන්නෙ පළමු සමයට කලින්. දෙවැනි චක්‍රය පළමු හා දෙවැනි සමයන් වලදි අපිට දකින්න ලැබෙනවා. තුන්වැනි සමයෙදි අපිට තෙවැනි චක්‍රය දකින්න ලැබෙයි. Season 03 ගැන කිව්වම ඔයාල සමහර විට හිතනව ඇති තුන්වැනි කතා සමයක් එයිද කියලත්. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න ඕන නැහැ. මොකද කතාවෙ නිර්මාතෘ Baran bo Odar නිළ වශයෙන්ම මේ වෙද්දි තුන්වැනි කතාමාලාවක් එනව කියල ප්‍රකාශ කරල හමාරයි. හැබැයි තුන්වැනි කතාමාලාවෙන් Dark කතාව අවසන් වෙනවා…

මූලික වශයෙන් Dark කතාව තුළින් පවුල් හතරක ජීවත්වෙන සහ ජීවත්වූ පුද්ගලයින් අතීත වර්තමාන සහ අනාගත කාල තුනේදි මුහුණපාන සිදුවීම් අපිට දකින්න ලැබෙනවා. ඒ පවුල් හතර තමයි,

01. Kahnwald Family – කන්වෝල්ඩ් පවුල

02. Nielsen Family – නිල්සන් පවුල

03. Doppler Family – ඩොප්ලර් පවුල

04. Tiedemann Family – ටයිඩමන් පවුල

මේ පවුල් හතරෙ උදවිය කතා මාලාවෙදි එකිනෙකා සමඟ සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල පහළින් තියෙන ජාල සටහනෙන් ඔයාලට තේරුම්ගන්න පුළුවන් වෙයි,

උඩින් දක්වල තියෙන රූප සටහන් වලින් Dark කතාවට මුල් වුණු පවුල් හතර ගැන වගෙම ඔවුන් එකිනෙකා එක්ක සම්බන්ධ වෙන්නෙ මොන ආකාරයටද කියන එක ගැන මේ වෙනකොට ඔයාලට යම් අදහසක් ලැබෙන්න ඇති කියල හිතනවා. එහෙනම් මම දැන් අපට කතාවෙදි අපිට මුණගැහෙන චරිත සහ ඔවුන්ගෙ අතීත, අනාගත සහ වර්තමාන කාලය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ හදන්නෙ. හොඳට මතක තියාගන්න හැම දෙයක්ම තීරණය වෙන්නෙ කාලය අනුවයි. සෑම කෙනෙක් වගෙම සෑම සිදුවීමක්ම එකිනෙකට සම්බන්ධයි. පැටලෙන තැනක් තිබුණොත් ආපහු Timeline එකත් එක්ක ගළපලා බලන්න.

1. ජොනාස් කන්වෝල්ඩ්/The Stranger/ (ඇඩම්)

ජොනාස් කියන්නෙ හැනා කන්වෝල්ඩ්ගෙයි මයිකල් කන්වෝල්ඩ්ගෙයි පුතා. ඒත් Timeline වෙනසත් එක්ක බැලුවම මයිකල් කන්වෝල්ඩ් කියන්නෙ 2019 ඉඳන් 1986 අවුරුද්දට කාල තරණය කරපු මිකල් නිල්සන්ට. ඒ නිසා ජෝනාස්ගෙ ජීව විද්‍යාත්මක පවුල වෙන්නෙ නිල්සන්ලා. උල්රිච් සහ කැත්‍රිනා කියන්නෙ ජොනාස්ගෙ ආච්චියි සීයයි. මාර්තා සහ මැග්නස් කියන්නෙ නැන්දයි මාමයි.

2019 – මේ කාලවකවානුවෙදි තමන්ගෙ තාත්තගෙ සියදිවි නසාගැනීම තරුණ ජෝනාස් කලකිරීමෙනුයි ඉන්නෙ. මාර්තාගෙ මල්ලි මිකල් අතුරුදහන් වුණාට පස්සෙ මයිකල්ගෙ සිතියමේ උදව්වෙන් ජොනාස් වින්ඩන් ගුහාව පරීක්ෂා කරන්න පටන්ගන්නවා.

 

2052 – ජොනාස්ගෙ වැඩිමහළු අවදිය වෙද්දි ඔහු නෝවාට සහ නපුරට එරෙහිව සටන් කරමින් කාල තරණය කරන අයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ කාල වකවානුවෙදි ජෝනාස්ගෙ අනන්‍යතාව එළිදරව් වෙන්න කලින් ඔහුව හඳුන්වන්නෙ The Stranger කියලයි.

2. හැනා කන්වෝල්ඩ්.

හැනා කියන්නෙ සෙබස්තියන් කෘගර්ගෙ දුව, මයිකල් කන්වෝල්ඩ්ගෙ බිරිඳ, ජෝනාස්ගෙ අම්මා.

1986 – හැනාගෙ පාසල් කාලය. මේ කාලයේදි තමයි හැනාගෙ හිතේ උල්රිච් ගැන හැඟීමක් ඇතිවෙන්නෙ. ඒත් උල්රිච් කැත්‍රිනා එක්ක සම්බන්ධකමක් පවත්වන එක ගැන හැනා අමනාපයෙනුයි ඉන්නෙ.

2019 – මේ වෙද්දි හැනා උල්රිච් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා. කොහොම නමුත් තමන්ගෙ සැමියා මයිකල්ගෙ සියදිවි හානිකරගැනීම ගැන වගෙම ජෝනාස්ගෙ අතුරුදහන්වීම නිසා හැනා දුකෙනුයි ඉන්නෙ. ජෝනාස්ව හොයන්න 1953 අවුරුද්දට හැනා කාල තරණය කරනවා.

3. මිකේල් නිල්සන්/මයිකල් කන්වෝල්ඩ්.

මිකල්, මයිකල් වෙන්නෙ කොහොමද කියල මම කලින් කිව්වනෙ. එහෙම බැලුවොත් මිකල් කියන්නෙ ජෝනාස්ගෙ තාත්තා, හැනාගෙ සැමියා ඒ වගෙම උල්රිච්ගෙයි කැත්‍රිනාගෙයි පුතා. මාර්තගෙයි මැග්නස්ගෙයි මල්ලි.

1986 – කුඩා මිකල් 2019 ඉඳන් කාල තරණය කරල අතීතයට ඒ කියන්නෙ 1986 අවුරුද්දට යනවා. ඒ කාල වකවානුවෙදි තමයි ඉනස් කන්වෝඩ් මිකල්ව මයිකල් විදිහට හදාවඩාගන්නෙ.

2019 – මිකල් එහෙමත් නැත්නම් මයිකල් ජෝනාස්ගෙ හැබෑ අනන්‍යතාව ගැන සටහනක් තියල සියදිවි නසාගන්නවා.

4. ඉනස් කන්වෝල්ඩ්.

ඉනස් කියන්නෙ ඩැනියල් කන්වෝල්ඩ්ගෙ දුව. ඉනස් තමයි මයිකල් කන්වෝල්ඩ්ව හදාවඩාගන්නෙ.

1953 – වින්ඩන් පොලිස් ප්‍රධානී ඩැනියල් කන්වෝල්ඩ්ගෙ කුඩා දියණිය ඉනස්.

1986 – මේ කාල වකවානුවෙදි ඉනස් හෙදියක් ලෙස සේවය කරනවා. අනාගතෙන් ආපු මිකල්ව ඉනස්ට මුණගැහෙන්නෙ මේ කාලයෙදි.

2019 – මේ කාල වකවානුවෙදි මයිකල් සියදිවි නසාගන්න කලින් ලියපු සටහන විවෘත කරන්න ඉනස් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ කාලෙදිම තමයි කුඩා මිකල් අතුරුදහන් වෙන්නෙ.

5. ඩැනියල් කන්වෝල්ඩ්.

ඩැනියල් කියන්නෙ ඉනස් කන්වෝල්ඩ්ගෙ තාත්තා.

1953 – මේ කාලවකවානුවෙදි ඩැනියල් වින්ඩන් පොලිස් ප්‍රධානියා විදිහට වගෙම තරුණ ඒගොන් ටයිඩමන් ප්‍රධානියා විදිහට සේවය කරනවා. ඔහු තමයි එරික් සහ යසින්ගෙ මළ සිරුරු පිළිබඳව විමර්ශන පවත්වන්නෙ.

6. මාර්තා නිල්සන්.

මාර්තා කියන්නෙ උල්රිච්ගෙයි කැත්‍රිනාගෙයි දුව, මැග්නස්ගෙයි මිකල්ගෙයි සහෝදරිය. ජෝනාස්ගෙ නැන්දා.

2019 – මේ කාල වකවානුවට කලින් මාර්තට ජෝනාස් ගැන ආදර හැඟීමක් තිබුණත් ජෝනාස් ප්‍රංශයට යන්න ඇති කියල හිතන මාර්තා බාර්ටස් එක්ක සම්බන්ධකමක් පටන්ගන්නවා.

7. මැග්නස් නිල්සන්.

මැග්නස් කියන්නෙ උල්රිච්ගෙයි කැත්‍රිනාගෙයි ලොකු පුතා. මාර්තගෙයි මිකල්ගෙයි අයියා.

2019 – තමන්ගෙ මල්ලි මිකල්ගෙ අතුරුදහන්වීම නිසා මැග්නස් බොහොම කණගාටුවට පත්වෙනවා. මේ අතරෙදි තමයි මැග්නස් ෆ්‍රැන්සිස්කත් එක්ක සම්බන්ධකමක් පටන්ගන්නෙ.

1921 – මේ කාලයෙදි මැග්නස් ඇඩම්ගෙ ගෝලයෙක් විදියට Sic Mundus එකට සේවය කරනවා.

8. කැත්‍රිනා නිල්සන්.

කැත්‍රිනා කියන්නෙ උල්රිච්ගෙ නීත්‍යානුකූල බිරිඳ වගෙම මැග්නස්, මාර්තා සහ මිකල්ගෙ අම්මා.

1986 – කැත්‍රිනාගෙ පාසල් කාලය, මේ කාලයෙදි කැත්‍රිනාගෙයි උල්රිච්ගෙයි සම්බන්ධයට අකමැත්තෙන් ඉන්න හැනා පොලිසියට කියනවා උල්රිච් කැත්‍රිනාව බලෙන් දූෂණය කරනව දැක්කයි කියල. උල්රිච් මේ චෝදනාවෙන් ගැලවෙන්නෙ බොහොම අමාරුවෙන්. පස්සෙ කාලෙකදි මේ බොරුව කිව්වෙ රෙජීනා ටයිඩමන් කියලයි කැත්‍රිනා සැක කරන්නෙ.

2019 – මේ කාල වකවානුවෙදි කැත්‍රිනා උල්රිච් එක්ක විවාහවෙලයි ඉන්නෙ. මේ දෙන්නගෙ බාල පුතා මිකල්ගෙ අතුරුදහන්වීම ගැන කැත්‍රිනා බොහොම කණගාටුවෙන් තමයි ඉන්නෙ. ඒ වගෙම උල්රිච් ගැන පොඩි සැකයකුත් හිතේ තියෙනවා.

9. උල්රිච් නිල්සන්.

උල්රිච් කියන්නෙ ට්‍රොන්ටේ නිල්සන්ගෙයි ජනා නිල්සන්ගෙයි පුතා, මෑඩ්ස්ගෙ සහෝදරයා, කැත්‍රිනාගෙ සැමියා, මැග්නස්, මාර්තා සහ මිකල්ගෙ තාත්තා.

2019 – මේ කාලවකවානුවෙදි උල්රිච් වින්ඩන් පොලිස් නිලදාරියෙක් විදිහට සේවය කරනවා. ඔහු තමන්ගෙ පුතාගෙ අතුරුදහන් වීම ගැන හොයාගෙන යද්දි හෙල්ග් ඩොප්ලර්ගෙ සම්බන්ධය දැනගෙන තරුණ හෙල්ග්ව හොයාගෙන කාල තරණය කරනවා.

1953 – උල්රිච් හිතනවා තරුණ හෙල්ග්ව මැරුවොත් මිකල්ගෙ අතුරුදහන්වීම වළක්වන්න පුළුවන් කියල. එහෙම හිතන උල්රිච් හෙල්ග්ට පහර දුන්නත් හෙල්ග් බේරෙනවා. මේ සිදුවීම නිසා උල්රිච්ට ජීවිතාන්තය දක්වා සිරගතවෙන්න සිද්දවෙනවා.

1986 – මේ කාලවකවානුවෙදි තමයි උල්රිච් කැත්‍රිනා එක්ක සම්බන්කමක් පටන්ගන්නෙ. මේ වෙද්දි මහළු උල්රිච් සිරගතව කාලය ගෙවනවා. උල්රිච්ගෙ තරුණ කාලයෙදි තමයි ඔහුගෙ සහෝදරයා මෑඩ්ස් අතුරුදහන් වෙන්නෙ. නෝවා කාල යන්ත්‍රයක් නිර්මාණය කරන්න දරණ උත්සහයෙදි මෑඩ්ස් මැරෙනවා.

10. මෑඩ්ස් නිල්සන්.

මෑඩ්ස් කියන්නෙ ට්‍රොන්ටේ නිල්සන්ගෙයි ජනා නිල්සන්ගෙයි පුතා, උල්රිච්ගෙ සහෝදරයා.

1986 – මෑඩ්ස් ඔහුගේ සහෝදරයා උල්රිච්ට සහ කැත්‍රිනාට බයෙන් ඉන්න රෙජීනාව පාසලේ ඉඳල ගෙදරට එක්ක ගිහින් ආපහු කැලෑව මැදින් යද්දි අතුරුදහන් වෙනවා. ඒ වෙද්දි ඔහුට වයස අවුරුදු 12යි.

11. ජනා නිල්සන්.

ජනා කියන්නෙ ට්‍රොන්ටේ නිල්සන්ගෙ බිරිඳ, උල්රිච්ගෙයි මෑඩ්ස්ගෙයි අම්මා.

1953 – ජනා නිල්සන්ගෙ කුඩා කාලය.

1986 – මේ වෙද්දි ජනා ට්‍රොන්ටේව කසාඳ බැඳලයි ඉන්නෙ. ඒත් ට්‍රොන්ටේවෙනත් කාන්තාවන් ඇසුරු කරන නිසා විවාහ ජීවිතය ගැන කලකිරීමෙනුයි කාලය ගතකරන්නෙ. මේ අතරෙදි තමයි මෑඩ්ස් අතුරුදහන් වෙන්නෙ.

2019 – ජනාගෙ මුණුබුරා මිකල් අතුරුදහන් වුණාට පස්සෙ ඇය අතීත සිදුවීම් ආපහු මතක් කරමින් තමයි කාලය ගෙවන්නෙ.

12. ට්‍රොන්ටේ නිල්සන්.

ට්‍රොන්ටේ කියන්නෙ ඇග්නස් නිල්සන්ගෙ පුතා, උල්රිච්ගෙයි මෑඩ්ස්ගෙයි තාත්තා, ජනා නිල්සන්ගෙ සැමියා.

1953 – තරුණ ට්‍රොන්ටේ වින්ඩන් වලට එන්නෙ ඔහුගේ මව ඇග්නස් එක්කයි. වින්ඩන් වලට ආපු ට්‍රොන්ටේ තරුණ ක්ලවුඩියා ටයිඩමන් එක්ක ආශ්‍රයක් පටන්ගන්නවා.

1986 – මේ වෙද්දි ට්‍රොන්ටේගෙ පුතා අතුරුදහන්වෙලා. ඔහු මාධ්‍යවේදියෙක් විදිහට රාජකාරි කරන අතරෙ ක්ලවුඩියා එක්ක තියෙන අනියම් සම්බන්ධකමත් දිගටම පවත්වගෙන යනවා.

2019 – මේ කාල වකවානුවෙදි තමයි ට්‍රොන්ටේගෙ මුණුබුරා මිකල් අතුරුදහන් වෙන්නෙ.

13. ඇග්නස් නිල්සන්.

ඇග්නස් කියන්නෙ ට්‍රොන්ටේගෙ අම්මා, නෝවාගෙ සහෝදරිය.

1921 – වින්ඩන් වල ජීවත්වන තරුණ ඇග්නස්.

1953 – මේ කාල වකවානුවෙදි තමයි ඇග්නස් තමන්ගෙ තරුණ පුතා ට්‍රොන්ටේ එක්ක වින්ඩන් වලට එන්නෙ. ඇය ඩෝරිස් ටයිඩමන්ගේ (මොවුන් සමලිංගික ඇසුරක් පවත්වාගෙන යනවා) මාර්ගයෙන් Sic Mundus හා එක්වනවා.

14. ඇඩම්.

ඇඩම් කියන්නෙ කාලය තරණය කරන Sic Mundus නමින් හඳුන්වන සංවිධානයක නායකයා. මොහු කාලය හරහා ගමන් කරන ජෝනාස්ගේ වයස්ගත කාලය ලෙසත් හඳුන්වනවා.

15. නෝවා.

නෝවා කියන්නෙ Sic Mundus ප්‍රධානී ඇඩම්ගෙ විශ්වාසවන්තම අනුගාමිකයා, චාලට් ඩොප්ලර්ගෙ තාත්තා.

1921 – නෝවාගෙ තරුණ කාලය. මේ කාල වකවානුවෙදි තමයි නෝවා Sic Mundus සංවිධානයත් එක්ක එකතුවෙන්නෙ.

2019 – මේ වෙද්දි නෝවා ඇඩම්ගෙ දකුණු අත බවට පත්වෙලා හමාරයි. ඔහු තමයි කාල යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ අරමුණින් තරුණ ළමයින්ව පැහැරගන්නෙ.

16. එළිසෙබත් ඩොප්ලර්.

එළිසෙබත් කියන්නෙ චාලට් ඩොප්ලර්ගෙ අම්මා, ෆ්‍රැන්සිස්කාගෙ සහෝදරිය ඒ වගෙම ආපහු වතාවක් චාලට් ඩොප්ලර්ගෙයි පීටර් ඩොප්ලර්ගෙයි දුව.

2019 – මේ වෙද්දි චාලට් පාසල් යන කුඩා දැරියක්. ඇය ගොළු,බිහිරි දරුවෙක්. එළිසෙබත් යසින් කියන පිරිමි දරුවත් එක්ක හාදකමකුත් පටන්ගන්නවා. ඇය තරුණ නෝවාත් එක්ක ව්‍යවසනයෙන් ජීවිතේ බේරගන්නවා.

2052 – වැඩිමහළු එළිසෙබත් මේ කාල වකවානුව වෙද්දි ව්‍යවසනයෙන් ජීවිතේ බේරගත්තු පිරිසකට නායකත්වය ලබාදෙනවා. චාලට් කියන්නෙ එළිසෙබත්ගෙයි නෝවගෙයි දුවෙක් කියලත් අපිට හිතන්න පුළුවන්.

17. ෆ්‍රැන්සිස්කා ඩොප්ලර්.

ෆ්‍රැන්සිස්කා කියන්නෙ එළිසෙබත්ගෙ අක්කා. චාලට්ගෙයි පීටර්ගෙයි දුව.

2019 – වැඩිමහළු ජොනාස් එහෙමත් නැත්නම් The Stranger විසින් ෆ්‍රැන්සිස්කාව ව්‍යවසනයෙන් බේරගන්නවා. ඇයත් එක්කම බාර්ටොස්වයි මැග්නස්වයි බේරගන්නවා. මේ කාල වකවානුවේදි ෆ්‍රැන්සිස්කා මැග්නස් එක්ක හාදකමක් පවත්වනවා.

1921 – නිළ වශයෙන් තහවුරු කරගෙන නොතිබුණත් ෆ්‍රැන්සිස්කා Sic Mundus සාමාජිකාවක් බවට මතයක් පවතිනවා.

18. චාලට් ඩොප්ලර්.

චාලට් කියන්නෙ පීටර් ඩොප්ලර්ගෙ බිරිඳ, එළිසෙබත්ගෙයි ෆ්‍රැන්සිස්කගෙයි අම්මා, H.G. ටන්හවුස් විසින් හදාවඩා ගත්තු එළිසෙබත්ගෙයි නෝවගෙයි දුව.

1986 – චාලට් කිසිම දවසක ඇයගෙ හැබෑ දෙමව්පියන් කවුද කියන එක දැනගෙන හිටියෙ නැහැ. ඇයව හදාවඩා ගත්තෙ කාල යන්ත්‍ර නිර්මාපකයෙක් සහ කතෘ කෙනෙක් වුණු ටන්හවුස් විසිනුයි.

2019 – මේ වෙද්දි ඇය වින්ඩන් පොලිසියෙ ප්‍රධානියා විදිහට කටයුතු කරනවා. ඇය දැනගන්නවා ඇගේ සැබෑ පියා ළමා ඝාතක නෝවා බව. ඒ වගෙම එළිසෙබත් ඇයගෙ අම්ම බවත් දැනගන්නවා.

19. H.G. ටන්හවුස්/The Clockmaker.

ටන්හවුස් කියන්නෙ චාලට්ව හදාවඩා ගත්තු ඇයගෙ සීයට.(ලේ නෑයෙක් නෙවෙයි)

1953 – මේ කාල සීමාවෙදි තමයි ටන්හවුස් කුඩා චාලට්ව හදාවඩා ගන්න පටන්ගන්නෙ. ටන්හවුස්ට කාල තරණ යන්ත්‍රයේ මුල් පිටපතක් කාලය හරහා පැමිණෙන ක්ලවුඩියා ටයිඩමන්ගෙන් ලැබෙනවා. ඒ වගෙම ඔහුගේම කෘතියක් වන “A Journey Through The Time” කෘතිය කාල තරණය කරන උල්රිච්ගෙන් ලැබෙනවා. (අපිට මේ පොත කතාවෙදි දකින්න ලැබෙනවා)

1986 – The Stranger/ජෝනාස් ඔහුගේ කාල යන්ත්‍රය අලුත්වැඩියා කරගන්න ටන්හවුස්ව මුණගැහෙන්න එනවා.

20. පීටර් ඩොප්ලර්.

හෙල්ග් ඩොප්ලර්ගෙ පුතා, චාලට් ඩොප්ලර්ගෙ සැමියා, ෆැන්සිස්කගෙයි එළිසෙබත්ගෙයි තාත්තා.

2019 – මේ කාල වකවානුවෙදි පීටර් චාලට් එක්ක විවාහවෙලයි ඉන්නෙ. ඒත් පීටර් බෙනී කියන සමලිංගික පුද්ගලයෙක් එක්ක සම්බන්ධකමක් පවත්වගෙන යනවා. මේ හේතුව නිසා චාලට්ගෙයි පීටර්ගෙයි විවාහ ජීවිතය සතුටුදායක එකක් වෙන්නෙ නැහැ.

21. හෙල්ග් ඩොප්ලර්.

හෙල්ග් ඩොප්ලර් කියන්නෙ ග්‍රේටා ඩොප්ලර්ගෙයි බර්න්ඩ් ඩොප්ලර්ගෙයි පුතා. පීටර් ඩොප්ලර්ගෙ තාත්තා.

1953 – කාලය හරහා පැමිණෙන උල්රිච් නෝවාගේ අපරාධ වලට හෙල්ග්ගේ සහයෝගය ලැබීම නැවැත්වීමේ අරමුණින් තරුණ හෙල්ග්ට පහරදෙනවා. ඒ පහරදීමෙන් හෙල්ග් ජීවිතේ බේරගන්නවා. නමුත් ඔහුගේ මොළයට හානි සිද්දවෙනවා. ඔහු බොහොම ලැජ්ජාශීලී අයෙක් බවට පත්වෙනවා. නෝවාගෙ කාල යන්ත්‍රයට භාවිතා කරන පළමු සාර්ථකම පුද්ගලයා වෙන්නෙත් හෙල්ග්.

1986 – නෝවා විසින් කාල තරණ පරීක්ෂණ සඳහා දරුවන්ව පැහැරගන්න වැඩිමහළු හෙල්ග්ගේ සහය ලබාගන්නවා.

2019 – මහළු හෙල්ග්ට දරුවන්ගේ මරණ ගැන ආරංචි වෙනවත් එක්කම අතීතය සිහිවෙනවා. ඔහු ආපසු 1986 වසරට ගිහින් ඔහුවම නවත්වන්න උත්සහ දරණවා. මේ උත්සහයෙදි වැඩිමහළු හෙල්ග් බේරිලා මහළු හෙල්ග් මියයනවා.

22. ග්‍රේටා ඩොප්ලර්.

ග්‍රේටා කියන්නෙ හෙල්ග් ඩොප්ලර්ගෙ අම්මා. බර්න්ඩ් ඩොප්ලර්ගෙ බිරිඳ.

1953 – හෙල්ග්ගේ අතුරුදහන්වීමට පස්සෙ ග්‍රේටා නෝවාගෙ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඇය නෝවාට කියනවා බර්න්ඩ් කියන්නෙ හෙල්ග්ගෙ හැබෑ පියා නොවෙන විත්තිය.

23. බර්න්ඩ් ඩොප්ලර්.

බර්න්ඩ් කියන්නෙ හෙල්ග් ඩොප්ලර්ගෙ තාත්තා(?), ග්‍රේටා ඩොප්ලර්ගෙ සැමියා.

1953 – මේ කාල වකවානුවෙදි බර්න්ඩ් වින්ඩන් බලශක්ති බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය බාරව සේවය කරනවා. මේ අතරෙදි තමයි ඔවුන්ට ඉදිකිරීම් බිමේදි හඳුනා නොගත් තරුණ ළමයි දෙන්නෙක්ගෙ මළ සිරුරු හම්බවෙන්නෙ. (2019 වසරින් ආපු එරික් ඔබෙන්ඩොර්ෆ් සහ යසින් ෆ්‍රීස්)

1986 – මේ කාල වකවානුවෙදි තමයි බර්න්ඩ් ඔහුගේ තනතුර ක්ලෝඩියා ටයිඩමන්ට බාරදෙන්නෙ.

24. බාර්ටස් ටයිඩමන්.

බාර්ටස් කියන්නෙ ඇලෙක්සැන්ඩර් ටයිඩමන්ගෙයි රෙජීනා ටයිඩමන්ගෙයි පුතා.

2019 – මේ කාල සීමාවෙදි තමයි බාර්ටස් ජොනාස්ගෙ කලින් පෙම්වතිය වෙලා හිටපු මාර්තා එක්ක සම්බන්ධකමක් පටන්ගන්නෙ. ඒත් මාර්තාගෙ හිතේ තාමත් ජෝනාස් ගැන හැඟීමක් තියෙන බව දැනගෙන කණගාටුවෙන් ඉන්න බාර්ටස්ව නෝවා ඔහුගේ අලුත් සහයකයා විදියට බඳවගන්නවා. (Fan Theory එකක් තියෙනවා දෙවැනි සමය ආරම්භයෙදි තරුණ නෝවා විසින් ඝාතනය කරන්නෙ බාර්ටස්ව කියල)

25. බෝරිස් නිවෝල්ඩ්/ඇලෙක්සැන්ඩර් ටයිඩමන්.

ඇලෙක්සැන්ඩර් කියන්නෙ බාර්ටස්ගෙ තාත්තා, රෙජයිනා ටයිඩමන්ගෙ සැමියා.

1986 – මේ කාල වකවානුවෙදි තමයි ඇලෙක්සැන්ඩර් වින්ඩන් වලට එන්නෙ. ඔහුගේ සැබෑ නම වෙන්නෙ බෝරිස් නිවෝල්ඩ්. නමුත් ඔහු ඒක හැමෝගෙන්ම වසන් කරනවා.

2019 – මේ කාල සීමාවෙදි ඇලෙක්සැන්ඩර් තමන්ගෙ බිරිඳගෙ අම්මා, ක්ලෝඩියා ටයිඩමන් විසින් පාලනය කරපු වින්ඩන් බලශක්ති බලාගාරයේ ප්‍රධානියා විදිහට සේවය කරනවා.

26 රෙජීනා ටයිඩමන්.

රෙජීනා කියන්නෙ බාටස්ගෙ අම්මා, ඇලෙක්සැන්ඩර්ගෙ බිරිඳ, ක්ලෝඩියා ටයිඩමන්ගෙ දුව.

1986 – රෙජයිනාගෙ පාසල් කාලය, මේ කාලයෙදි රෙජීනා නිරන්තරයෙන් කැත්‍රිනාගෙ කෙනෙහිලිකම් වලට ලක්වුණු ලැජ්ජාශීලී තරුණියක්. කැත්‍රිනා රෙජීනාට කෙනෙහිලිකම් කරන්න හේතුව වුණේ උල්රිච් ගැන කේලම් කිව්වෙ රෙජීනා කියල කැත්‍රිනා හිතපු නිසයි.

2019 – මේ කාල වකවානුවෙදි රෙජීනා වින්ඩන් වල තියෙන එකම හෝටලයේ හිමිකාරිය විදිහට කටයුතු කරනවා. ඒත් රෙජීනා මේ වෙද්දි පිළිකාවකට ගොදුරුවෙලයි ඉන්නෙ.

27. ක්ලෝඩියා ටයිඩමන්.

ක්ලෝඩියා කියන්නෙ එගෝන් ටයිඩමන්ගෙයි ඩොරිස් ටයිඩමන්ගෙයි දුව, රෙජයිනාගෙ අම්මා.

1953 – ක්ලෝඩියාගෙ ළමා කාලය, මේ කාලයෙදි තමයි ඇයගෙ සුරතල් බල්ලා ග්‍රෙචන් වින්ඩන් ගුහාවෙදි අතුරුදහන් වෙන්නෙ. ඇය මේ කාලයෙදි ට්‍රොන්ටේ නිල්සන් එක්ක හාදකමක් පවත්වනවා.

1986 – මේ කාල වකවානුවෙදි තමයි ඇය වින්ඩන් බලශක්ති බලාගාරයේ ප්‍රධානියා විදිහට වැඩ බාරගන්නෙ. අවුරුදු 33කට පස්සෙ ඇයගේ සුරතල් බල්ලා ග්‍රෙචන් නැවත පැමිණියට පස්සෙ ඇය කාල තරණය පිළිබඳව අවදානය යොමු කරනවා.

2019 – මහළු ක්ලෝඩියා කාල තරණය කරල අනාගතයේ සිට පැමිණෙනවා. ඇය ඇඩම්ට එරෙහිව සටන් කරන තැනැත්තියක්. ඇය තමයි තරුණ ජෝනාස්ට උපදෙස් ලබාදෙන්නෙ. අවසානයේදි ක්ලෝඩියා නෝවා විසින් ඝාතනය කරනවා.

28. ඩෝරිස් ටයිඩමන්.

ඩෝරිස් කියන්නෙ ක්ලෝඩියාගෙ අම්මා. එගෝන් ටයිඩමන්ගෙ බිරිඳ.

1953 – ඩොරිස් වින්ඩන් වලට අලුතෙන් එන ඇග්නස්ටයි ඇයගේ පුතා ට්‍රොන්ටේට කුලී කාමරයක් ලබාදෙනවා. මේ කාලයෙදි තමයි ඩෝරිස් සහ ඇග්නස් අනියම් සබඳකමක් පටන්ගන්නෙ.

29. එගෝන් ටයිඩමන්.

ඒගෝන් කියන්නෙ ක්ලෝඩියා ටයිඩමන්ගෙ තාත්තා, ඩෝරිස් ටයිඩමන්ගෙ සැමියා.

1953 – මේ කාල වකවානුවෙදි ඒගෝන්, ඩැනියෙල් කන්වෝල්ඩ් යටතේ වින්ඩන් පොලිස් නිලදාරියෙක් විදිහට සේවය කරනවා. ඔහු තමයි හඳුනා නොගත් ළමයින් දෙදෙනාගෙ මළ සිරුරු පිළිබඳව (2019 වසරින් ආපු එරික් ඔබෙන්ඩොර්ෆ් සහ යසින් ෆ්‍රීස්) විමර්ශන පවත්වන්නෙ. ඒ වගෙම කාල තරණය කර පැමිණි උල්රිච්ගේ පහරකෑමට ලක්වුණු හෙල්ග් ඩොප්ලර් පිළිබඳව විමර්ශන කරන්නෙත් ඒගෝන්. හෙල්ග් සම්බන්ධ සිදුවීමෙදි ඒගෝන් උල්රිච්ව අත්අඩංගුවට අරන් ජීවිතාන්තය දක්වා සිරගත කරනවා.

1986 – වැඩිමහළු ඒගෝන් මේ කාල වකවානුවෙදි කාල තරණය හැබෑවක්ද යන්න ගැන සැක කරන්න පටන්ගන්නවා. කාල තරණය කරන ක්ලෝඩියා ඇගේ පියා මරණයට පත්වෙන විත්තිය දැනගෙන ඔහුව බේරගන්න උත්සහ කරනවා.

හරි එහෙනම්, දැන් කාල වකවානු සහ චරිත ගැන පොඩි හරි අදහසක් ඔයාලට ලැබෙන්න ඇතිනෙ. මීට වඩා විස්තරයක් මම කියන්න යන්නෙ නැහැ. මොකද සමහර අයට දැනටමත් ලිපිය කියවලා එපාවෙලත් ඇති. හැබැයි Dark කතාවේ අන්තර්ගතය ගැන නම් කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාල Dark රසිකයෙක් නම් පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයල බලන්න. බොහොම රසවත් වගේම කුතුහලය පිරුණු විස්තර ගොඩක් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ වෙද්දි සම්පූර්ණ දෙවැනි කතා සමයට අපේ සහෝදර උපසිරසිකරුන් එකතුවෙලා උපසිරසිගැන්වීම නිමාකරලයි තියෙන්නෙ. ඉතින් ඔයාලට අද ඉඳන් අවසාන කොටස වෙනකන් එක දිගට බැලිල්ලක් තමා ඉතින් තියෙන්නෙ. ආයෙත් වතාවක් කියන්නම්, කාලය, සිදුවීම් සහ චරිත ගැන හොඳ අවදානයකින් කතාව බලන්න. එහෙනම් අපි 1921 වසරින් පටන්ගමු..

What We Know Is A Drop, What We Don’t Know Is An Ocean…
– Isaac Newton.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

37,129 downloadsDownload Dark-S02-E01.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

37,129 downloadsDownload Subtitles18 KB

93 comments

  1. denidu

    හැමදාම සයිට් එකට ඇවිත් බැලුවේ මේකට සබ් දීලද කියල.බොහොම ස්තූතියි .

  2. OmarAshen

    Ade machan thq ❤️

    1. Savanthi Abeysekara

      Ane episode 02 edn ekamanata one

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  4. Kaveeshdiyashan

    Thanks mcn

  5. Praneeth priyadarshana

    Amooo tks lot

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ....
    සුපිරි ලිපිය.....
    අනිත් ටිකත් ඉක්මනටම අරන් එමු....

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Shanaka Cha

    එනකම් බලාගෙනම හිටපු එකක්..
    තැන්කූ බ්රෝ...
    ලිපියත් සුපිරි...

  9. charuni

    thank

  10. Demon Traveler

    ammooo..athi yantham..thanks

  11. Hiran Eranda

    kaalekata passe neda?....niyama wadak...thanks for sub..

    1. Ranga lakshan

      ලිපිය නියමයි.

  12. ChamalKanishka

    thnx sub ekata

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ලිපියත් සෑහෙන්න වටිනවා..මහන්සියට බොහොම පිං. පුලුවන්නම් කට්ටිය එක්ක් එකතු වෙලා හරි Black summer series එකට සබ් දෙන්න සහෝ..ගොඩ දවසක් ඉල්ලීමක් කලා..පොඩ්ඩක් සලකා බලන්න..ජය වේවා!

  14. Hasitha4044

    Thanks bro meka baluwama nm oluwa karakawenawa habay hikz

    1. Jabbajabba

      Excellent

  15. nipunvid

    thank you very much!

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. dx12

    Pattama patta bro.
    Superi bro
    Kiynna wachana Na bro
    Godk pin
    Thanks bro
    Good luck

  18. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  19. Udara Damith Dissanayaka

    baiscope downloard eke thiyena eka hari neda

  20. Udara Damith Dissanayaka

    lipiya ela

  21. kuma2lasa

    thanks bro

  22. kalana

    ස්තුතියි....

  23. Prazad

    ammo kalpa kalayak balan hitiya..thanks machan..

  24. Sajan wanigasuriya

    bohoma sthuthii
    supiri lipiya bro
    mahansiyata bohoma sthuthi
    hugak watinawa
    jaya wewa,,

  25. menaka787

    lipiyanam sapatama thibba.
    subata wagema
    lipiyatath sthuthi.

  26. kush@usa123

    සුපිරියක් මචන් ස්තූති ලිපියට

  27. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  28. Kasunmadawa342

    Dark s2 download krgnna link dennko

  29. isurushanaka075

    Thanks Bro

  30. Ishan Thilakarathne

    ලිපිය දැක්කම පිස්සු හැදුණු සහෝ කොච්චර මහන්සියක් වෙලාද පින් මචන්

  31. Lasa_Sadaru

    Thanks mcn mechchra loku pahadili kirimak ekka sub eka labadunnata... season 01 baluwa.meka enkan hitiye.. khma unath ela.. ubata jaya!!!!

  32. sahan malinga

    thanks bokka

  33. Supun Preemal

    ලිපිය සුපිරි. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  34. ranga11112

    lipiya kiyawanna asa hithennama deela..niyamai.. bs

  35. EM Nishshanka

    Thanks bn

  36. amilaqs

    thanks

  37. eisanka

    thanx

  38. mihiranga829

    Thank you so much! Great Article (y)

  39. aneemanda44

    thank you

  40. Supun Buddika

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට.

    ජය වේවා !!!

  41. Kasunmadawa342

    Thanks

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. Milind@

    Thanks saho

  44. Red John

    tnx ban mechchara diga vistararayak dunnata. Eka godak vatinava.

  45. Pasindu16022

    Thanks aiye..

  46. Isuru supun

    ADOO PATTA MAHANSIYAK ARAN TIYENAWA ..... JAYA.....

  47. kavinduhirusha

    Supiri aiye keep it up.

  48. rumesh402

    බොහෝම ස්‍තූතියි උපසිරසියට සහ දීර්ඝ ලිපියට ..... සුභපැතුම්...!

  49. Isuru_siri

    ලිපිය නියමයි. හොදට පැහැදිලි කරලා

  50. Navidu2019

    Thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.