Watch Trailer

Darling in the FranXX EP07 : EP08 (2018) Sinhala Subtitles | කැදැල්ලෙන් නික්ම ගියවුන් [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා…

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා..

මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි…

පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර…

ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි…

සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්..

පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය..

කුමක් හෝ හේතුවකට…

මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන විලාසයක් ‌‌‌ලෙසයි…

විශාල පරිණාමයක් සිදුවීමෙන් පසු පෘථිවිය දැන් තිබෙන්නෙ අනාගතයේ කාලරාමුවකයි. ඉතිරිව සිටින පෘථිවි වාසීන් මතුපිට අත්හැර “ප්ලාන්ටේෂන්” ලෙස හඳුන්වන ජංගම යෝධ ජනපද වල වාසය කරයි.  මෙහි දරුවන් සහා වැඩිහිටියන් වාසය කරන්නේ වෙන් වෙන්වයි. වැඩිහිටියන් මෙම යෝධ ජනපද වල තාක්ෂණය අතින් ඉතාම ඉහළ නගර වල ජීවත් වන අතර ඔවුන් අමරණීයෝය. නමුත් අමරණියත්වය වෙනුවෙන් ඔවුන්ට අහිමි වී ඇත්තේ ප්‍රජනන හැකියාවයි. ඉතින් මේ කියනා දරුවන් මේ ලෝකයට බිහිවී ඇත්තේ කෘතිමව වන අතර ඔවුන්ගෙ ඉපදීම තීරණය වී ඇත්තේ පෘථිවිය මුහුණ පා ඇති විශාල තර්ජනයකට සටන් වැදීම වෙනුවෙනුයි.

මේ විදියට කෘතිමව නිර්මාණය කරන දරුවන් “පැරසයිට් වරු” ලෙස හඳුන්වනු ලබනවා. ඔවුන්ට දෛවයෙන් උරුම වී ඇති ඉරණම කුමක්ද?

21 වෙනි සියවසේදී කැණීම් තාක්ෂණයේ ප්‍රථිඵලයක් ලෙස පෘථිවියේ හරයේ ඇති මැග්මා මතුපිටට ගෙන බලශක්තිය ලබාගැනීමට මිනිසා සමත් වෙනවා. මේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වෙන පිරිස “ඒප්” නමින් සංවිධානයක් බිහි කර මුළු ලෝකයේම දේශපාලන භූ ගෝලිය බලය ඔවුන් යටතට ලබාගන්නවා. මැග්මා බලය යොදාගනිමින් අමරණිය වන මිනිසාට එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වෙනවා. නමුත් මේ පොළව හැරීමේ ක්‍රියාවලිය හේතුවෙන් නොසිතූ පිරිසක් මතුපිටට පැමිණෙනවා. ඔවුන් තමයි “කියොරියු” නමින් හඳුන්වන යෝධ රාක්ෂයන්. මොවුන්ගේ තර්ජනයෙන් ගැලවීම සඳහායි ඔවුන් යෝධ ජංගම නිවාස වලට විතැන් වෙන්නෙ.

මෙතනදි දරුවන් කෘතිමව නිර්මාණය වීමට පිළිතුරු ලැබෙනවා.  ⁣අඩු වයසක සිටියත් ඔවුන්ට අත්වී ඇති ඉරණම ඇත්තටම ලෝකෙ කිසිම දරුවෙක්ට නොලැබිය යුතු, නොපැතිය යුතු ඉරණමක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

3,352 downloadsDownload Darling-in-the-FranXX-E07-E08.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

 

Subtitles

3,352 downloadsDownload Subtitles27 KB

11 comments

  1. Stranger

    Thank you for subtitles

  2. Chanu mikhail

    Thanks sis.....
    Jaya....!

  3. sasanka5

    thank uu for sub sahodari

  4. G.T.A.Fernando

    Thanx sub ekata

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි

  6. Sachintha Sudaraka

    නවෝදනී සොයුරියට හද පිරි මෙව්වා එක .... පට්ටම කතව , මන් කලින් ඇනිමේශන් ජපන් ට්වී බැලුවෙම නෑ ...මේක අහම්බෙන් සෙට් උනේ ...කතාව නම් සුපිරි ... තැන්කූ වේවා සබ් එකට ... දිගටම දෙන්න හොදේ ........

  7. 1997lakmallakmal

    thank you!!! jaya wewa!!

  8. Charith Eranga Munasinghe

    Thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. sam fisherr

    හැමෝටම නම් දාන අපේ ඩාර්ලිං මල්ලි තාම අපෙ ඩාර්ලිං නංගිට නමක් දුන්නෙ නැතිඑකට මට හරිම අවුල් එක නිසා මමවත් නමක් දානන්නම් අද ඉදලා එයාගෙනම අංජලිකා(මව් මව් අං තියනනිසා තමා)

  11. Pavith Wijesooriya

    තවත් එපි 6 ක් බැලුවා.කතාව දැන් නම් එන්න එන්නම සුපිරී වෙනවා.මේ එපි දෙකටත් සබ් දුන්නට thank you අක්කේ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.