Watch Trailer

Dear Child [E03] AKA Liebes Kind Sinhala Subtitles | නිවස සොයා… [සිංහල උපසිරසි]

Dear Child, Dear Child [E03] AKA Liebes Kind Sinhala Subtitles, Dear Child Sinhala Subtitles හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඉතින් Netflix හරහා විකාශය වෙන Dear Child aka Liebes Kind කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි තමා අද මේ අරගෙන ආවෙ. එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Das Haus” හෙවත්…

dear child

Dear Child, Dear Child AKA Liebes Kind Sinhala Subtitles, Dear Child Sinhala Subtitles

හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඉතින් Netflix හරහා විකාශය වෙන Dear Child aka Liebes Kind කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි තමා අද මේ අරගෙන ආවෙ. එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Das Haus” හෙවත් “The House” ලෙසයි. එපිසෝඩ් එකට IMDb දර්ශකයේ 8.0 ක අගයක් ලැබිල තියෙනවා.

පහුගිය කොටසින්…

ලීනාගේ තාත්තා වන මැතියස් පැහැදිලිවම ප්‍රකාශ කළා නේ හැනා කියන්නේ එයාගේ මිණිබිරී බවත්, ඒත් මේ කියන ලීනා එයාගේ දුව නොවන බවත්. ඒත් අපි දන්න ලීනා දිගටම කියන්නේ එයා ලීනා බවයි. ඉතින් මේ හතරබීරි කතාවෙන් මෙතන ඇත්ත කියන්නේ කවුද කියන ප්‍රශ්නය මතු වෙනවා. ගිය එපිසෝඩ් එකේදී අපි දැනගත්තා ලීනා කියන්නේ මොන වගේ කෙනෙක්ද, ඒවගේම එයා අතුරුදන් වුණේ කොහොමද කියලා. ඉතින් මේ ඉන්නේ ඒ අතුරුදන් වුණු ලීනා ම ද? එයා එහෙම නෙමෙයි නම්, මොකද ඇත්ත ලීනාට වුණේ? මේ වගේ ප්‍රශ්න රාශියක් ගිය එපිසෝඩ් එක ඉවර වෙද්දී එන්න ඇති.

අපට කලින් එපියේ පෙන්නුව තව දෙයක් තමයි හැනාගේ ගෙදර තිබුණු පරිසරය. හැමදේම නීතිවලට අනුකූලවයි සිද්ධ වෙන්නේ. ඒවගේම හැනාව, ජොනතන්ව සහ ලීනාව ගෙදරින් පිටට නොයවා තියාගන්න එයාලගේ ‘තාත්තා’ සෑහෙන්න උත්සහ කරන බව පේනවා. කොටින්ම කියනවා නම් ගෙදරින් එළියෙ බිම් බෝම්බ පවා හයි කරල තියෙන බව කලින් එපිසෝඩ් එකේ දකින්න ඇතිනේ. ඉතින් පොලීසිය ගෙදර හොයාගන්නකොට ඒවා පුපුරලා යන දර්ශනවලින් තමයි කලින් එපිසෝඩ් එක අවසාන වුණේ.

ඒක අහවර වෙනකොටත් මෙතන හරියටම වෙන්නේ මොකක්ද කියාන් එක ගැන අදහසක් ගන්න බැරි වෙන්නැති. එහෙනම් මේක බලන්නකෝ. මේකෙන් තියෙන ප්‍රශ්නවලට පිළිතුරු වගේම, අලුත් ප්‍රශ්නත් අඳුන්වලා දෙයි. එහෙම නම්, තවත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.

 

 

 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,577 downloadsDownload Dear-Child-E03.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dear Child, Dear Child AKA Liebes Kind Sinhala Subtitles, Dear Child Sinhala Subtitles

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

1,577 downloadsDownload Subtitles16 KB

2 comments

  1. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.