Watch Trailer

Defending Jacob (2020) [S01 : E01] Sinhala Subtitles | කෝල්ඩ් ස්ප්‍රින්ග් ඛේදවාචකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2020 වසරේදී නිකුත් වුනු තවත් කෙටි කතාමාලාවක්. ඒවගේම තමයි මෙවැනි අඝනා කතාමාලාවක් බයිස්කෝප් වැනි වෙඩ්අඩවියක තියෙන්නෙම ඕන. ඒවගේම කියන්න ඕන දැන් සමහරක් අය කියයි ”අනිත් සයිට් වල දුන්නානෙ, අපරාදෙ” කියලා. ඉතින් ඒකට Generation Kill කතාමාලාව ලබාදෙද්දී උත්තරයක් ලබාදුන්නා. එහෙනම් ඉත…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2020 වසරේදී නිකුත් වුනු තවත් කෙටි කතාමාලාවක්. ඒවගේම තමයි මෙවැනි අඝනා කතාමාලාවක් බයිස්කෝප් වැනි වෙඩ්අඩවියක තියෙන්නෙම ඕන. ඒවගේම කියන්න ඕන දැන් සමහරක් අය කියයි ”අනිත් සයිට් වල දුන්නානෙ, අපරාදෙ” කියලා. ඉතින් ඒකට Generation Kill කතාමාලාව ලබාදෙද්දී උත්තරයක් ලබාදුන්නා. එහෙනම් ඉතින් තවමත් නොබලපු අය ඉන්නවා නම්, බලන්න කියලා ආරාධනා කරනවා. අවසාන වශයෙන් චාමර සම්පත් l විහංග l රාශීන් l සුභාෂිණි l විජිත අසංක l නිර්මාල් l ලහිරු යන උපසිරැසකරුවන්ට ස්තුතීවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම ගැන.

Defending Jacob නිකුත් වෙන්නෙ Apple TV + හරහා. ඒවගේම මේ වෙද්දී IMDb අගය 7.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කුණු තක්කාලි අගය 72% වැනි අගයක්ද අරගන්න සමත් වෙලා තියෙනවා. මේකට පාදක කරගෙන තියෙන්නෙ William Landay විසින් රචිත ”Defending Jacob’‘ කියන නව කතාවෙන්. ඒවගේම තමයි මෙය කොටස් 8 කින් සමන්විත වෙනවා. අවසානය වෙනකම් කුතුහලයක් ඇතිව නරඹන්න හැකියාව ලැබෙනවා. ඒවගේම කියන්න ඕන රංගනයෙන් Chris Evans l Jaeden Martell l Michelle Dockery l Cherry Jones l Pablo Schreiber l Betty Gabriel l Sakina Jaffrey l J K Simmons දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ඇන්ඩි කියන්නෙ නීතිඥවරයෙක්. හොඳ කීර්තිනාමයක් එහෙම තියෙන. මෙයාගෙ පුතෙක් ඉන්නවා. එයාගෙ නම තමයි ජේකබ්. ඔන්න ඉතින් දවසක් කෝල්ඩ් ස්ප්‍රින්ග් උද්‍යනයක් අසල මිනීමැරුමක් සිද්ධ වෙනවා. ඒ තමයි අවුරුදු 14 ක් වයසැති බෙන්ගෙ. බෙන් යන්නෙත් මේ ජේකබ් යන පාසලටමයි. මුළු ටවුමම මේ හේතුව නිසා බයවෙලා ඉන්නෙ. මොකද ඊළඟට තමන්ගෙ දරුවාද යන්න කියන බිය හිතේ ඇතිවෙනවා. කොහොමහරි මේ විමර්ෂණයක් කරගෙන යද්දී දැනගන්න ලැබෙනවා ටවුමට බාලවයස්කාරයින්ට අතවර කිරීමේ චෝදනා ලබපු කෙනෙක් ඇවිත් කියලා. ඔය අතරේ තමයි කටඋත්තර සියල්ල ලබාගන්න ඇන්ඩි මෙයාලගෙ පාසලට යන්නෙ. හැම ළමයෙක්ගේම ප්‍රශ්ණ කිරීම් කරනවා. ඔය අතරේදී දැනගන්න ළමයෙක් ජේකබ් ගැන අමුතු කතාවක් කියනවා. ඉතින් ජේකබ්ගෙ හැසිරීමත් නිසා ඇන්ඩිට පොඩ්ඩක් සැකයක් මතු වෙනවා. තමන්ගෙ පුතා මොනවද හංගගෙන ඉන්නෙ කියලා. ඉතින් අපි බලමුකෝ මොකක්ද මේ රහස කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,289 downloadsDownload Defending-Jacob-2020-S01-E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

3,289 downloadsDownload Subtitles29 KB

27 comments

  1. Gihan

    සබට තුති සහෝ...
    ජය වේවා ....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Parakku wunta kmak na
    Oyalage sub qualitya wena ewai na neh

    1. Anonymous

      ඒ ඉස්සර බන්.දැන් එහෙම ලොකු වෙනසක් නෑ.ඒවගෙත් සබ් තුන් හාරසීය කරපු උන් ඉන්නෙ දැන්..

    2. Anonymous

      කවුද නෑ කිව්වේ?
      ගූගල් සරණන් ගච්චාමි තමයි ඉතින්

  4. BeMax

    Generation kill ekata sub dilada tiyenne bro? Pennan nhne sub

  5. BeMax

    La Brea series ekata denna gannako bro plz

  6. Anonymous

    2020 අප්‍රේල් 28 සින්හල සබ් එක්ක බලන්න පටන්ගත්තු කතාවකට අවුරුදු එක හමාරකට පස්සෙ සබ් දෙනවා..දිගටම මේ වගේ වෙන සයිට්වලින් දුන්න කතා හොය හොය දෙමු..අලුතෙන්ම ආපු කිසිම සයිට් එකකින් නොදුන්න Midnight Mass (2021),Only Murders in the Building,The Chestnut Man,the scenes from a marriage,maid,The White Lotus,The Underground Railroad,la brea වගේ ඒවට සබ් දෙන්න එපා මචන්ලා...වෙන සයිට් වලින් දෙන්න පටන්ගත්තු Alice in Borderland,Ganglands,Foundation,The Lost Symbol ,Y: The Last Man ,Chapelwaite,No Man’s Land,Who Killed Sara?,The Mandalorian,Navarasa (2021),Katla (2021),Hit & Run,S.O.Z. Soldados o Zombies ලොකු සෙට් එකක් තියේ.එකක් තෝරන් කට්ටියත් එක්ක වැඩේ පටන්ගමු..පලි- අනිත් සයිට් වලින් ගූගල් ට්‍රාන්ස්ලීට් ගගා වැලලෙන්න එපා..මොකද බයිස්කෝප් වගේම ඒ සයිට්වලත් සබ් කරන අය පුද්ගලිකවම දන්න නිසා කියන්නෙ එයාලත් සබ් එකක් දෙන්න පැය 7ක්8ක් මහන්සි වෙනව.

    1. Anonymous

      මෙන්න පජාත සයිට් එකක ඇඩ්මින් කෙනෙක්ට රිදිලා, මොනවා කරන්නද ඉතින් දෙකයි පනහේ සබ් දුන්නම ඕක වෙනෝ.....
      මෙතන වැලලෙන්නේ නැතුව ගිහින් යාලුවොන්ට කියපන් බයිස්කෝප් කොලිටියට සබ් හදන්නේ කියලා

    2. Ravindu Rukshan

      තරහ වෙන්නෙපා, සහෝදරයා, උඩ සිංහලෙන් කියලා තියෙනවා "මේ වෙද්දිත් නොබලපු අය ඉන්නවා නම්" කියලා. ඒකවත් තේරුණෙ නැත්තම් ඉතිං සිංහල පංතියකට හරි යන්න කියල නිර්දේශ කරනවා.

    3. Anonymous

      එහෙමත් එකක්ද.තාම බලපු නැති උන් වලක් කපං වැලලෙන එක හොදයි..අපි මේව බලලා අවුරුදු දෙකකටත් කිට්ටුයි.යාලුවොන්ටත් දීල, රේට් කරල, රෙකමන්ඩ් කරල,ලිපි ලියල ,හාඩ්වලිනුත් අයින් කරල අලුත් සීරීස් එකක් ගන්න ආවම මෙන්න බොලේ බයිස්කෝප් එකෙන් සබ් දීල..මට දුක තියෙන්නෙ වෙන එකක් නිසා නෙවෙයි කාලයක් ලංකාවෙ හොදම සයිට් 10 අතර තිබ්බ නේද කියල මතක් වෙද්දි..වැරැද්දක් කියද්දි නිහතමානීව පිලිගන්න බැරි මිනිස්සුත් එක්ක කවර කතාද..කොහොමත් සිංහල සබ්වලින් ෆිල්ම් බලන්න කලින් සිංහල ඉගෙන ගන්න වෙයි තමා..ඒ තරං කොලිටියිනෙ.කොලියිය දරා ගන්න බැරි උනොත් එහෙම..

    4. Anonymous

      මෙහෙමයි මචන්.මම ඔය උඩින් කමෙන්ට් කරපු හැම සීරීස් එකක්ම බලන්නෙ ඉන්ග්‍රීසියෙන් තමා.ඒ උනත් අපේ මවු භාශාවෙන් කතාවක් බලද්දි අමුතුම රහක් තියෙනවා.ඒකයි ඉන්ග්‍රීසියෙන් බලන්න කලින් සිංහල සබ් තියෙනවද බලන්නෙ.මමත් කාලයක් බයිස්කෝප් සබ් ගන්න හින්දයි අඩුපාඩුව පෙන්නල දුන්නෙ.ඔය උඩ තියෙන බහුතරය මිනි සීරීස්,තාම කිසිම සයිට් එකකින් නොදුන්න..ඉතින් මේ වගේ පරන ඒව අදිනවට වඩා හොඳ නැද්ද උණු උණු සීරීස් එකක් කට්ටියත් එක්ක එකතු වෙලා දුන්නනම්..මේ වැඩෙත් හොඳයි, ඒ උනත් අලුත්ම ඒව දෙන එක ඊට වඩා හොඳයි බන්..ඊකයි මම කීවෙ.අනික ඔය උඩ සෙට් එක දුන්න කියල මට වැඩක් නෑ.මොකද මේ වෙනකොටත් එපි 6ක් 7ක් ඉංග්‍රීසියෙන් බලල ඉවර හින්ද.ඔය උඩ කීපයක් හරි දුන්නොත් ඒකත් ඔයාලටම තමා හොඳ..

    5. Sahan Prabhasara

      ඔච්චරම බැයිනම් ඉංග්ලිශ් සබ් වලින් බලහන්කො

    6. Anonymous

      ඉතින් උබේ යාලුවොන්ට කියලා අලුත් සීරිස් එකක් කරවගෙන බලපන්කෝ මෙතන පව් නොදී....

    7. Anonymous

      අවුරුදු දෙකකට කලින් ට්‍රෙන්ඩ් වෙච්ච සීරීස් එකෙක් ඊයෙ මැජික් වෙච්ච උඹලත් එක්ක කවර කතාද.උඹට ඕන රිප්ලයි එකක් දාගනින්.උඹට වෙන වැඩ නැති උනාට මට වැඩ ගොඩයි.එහෙනං අපි ගියා..බායි...

    8. Anonymous

      එතකොට කිසි ආතල් එකක් නෑනෙ බන්.උඹලව අවුස්සන එකත් පට්ට.මේ වෙනකල් බලපු නැති උන් එක්ක තව කවර කතාද.

    9. Anonymous

      හපොයි! ඔය පැන්නේ විස්තරේ,රට හරකෙක් නෙ උබ, අනේ තව ටිකක් අවුස්සපන්කෝ

    10. Anonymous

      ඔය යනවද ඉතින්, අනේ තව ටිකක් අවුස්සපන්කො

  7. හසිත

    Generation kill එකේ සබ් නෑනෙ බන්..

    1. Ravindu Rukshan

      පොඩි වැරැද්දක් වෙලා ලිපියෙ, කෝම නමුත් Generation Kill එක ඉදිරියෙදී ලැබෙනවා.

  8. Anonymous

    Thanks jayawewa....!

  9. indika 75

    thanks..

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. Isuru Ishara

    Thank you very much

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Anonymous

    Thnx for sub ....❤️

  14. Dilrukshi Waruni

    Defending jacob download karanna bhne file not found kiyala watenawane

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.