Watch Trailer

Doom Patrol [S01: E03] Sinhala Subtitles | ෆියුක්ටෝපියාවේ රුකඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DCලගේ ඔන්ලයින් ස්ට්‍රීම් එක හරහා අරගෙන එන දෙවැනි කතාවටත් දායකත්වය දෙන්න හිතුව මේ විදියට. කොමික් රසිකයෙක් වශයෙන් මාවල් DC භේදයක් නැතුව කවදත් හොද දේවල් දෙන තැනට ඉබේම යැවෙනවා. ඒත් ඉතිං MCU එක පැත්තේ තාම ඉන්නේ, පක්ෂේ මාරු කලේ නැහැ දෑත් සවිමත් කරන්න ආව විතරයි පොඩ්ඩක්.මේක සැහෙන විශේෂත්වයක් ති…

ඔන්න එහෙනම් DCලගේ ඔන්ලයින් ස්ට්‍රීම් එක හරහා අරගෙන එන දෙවැනි කතාවටත් දායකත්වය දෙන්න හිතුව මේ විදියට. කොමික් රසිකයෙක් වශයෙන් මාවල් DC භේදයක් නැතුව කවදත් හොද දේවල් දෙන තැනට ඉබේම යැවෙනවා. ඒත් ඉතිං MCU එක පැත්තේ තාම ඉන්නේ, පක්ෂේ මාරු කලේ නැහැ දෑත් සවිමත් කරන්න ආව විතරයි පොඩ්ඩක්.මේක සැහෙන විශේෂත්වයක් තියෙන කොමික් පාදක වෙච්ච ටීවී සිරිස් එකක්. මම හිතන්නේ මගේ දැනුමේ හැටියට මේ තමා මේ ජාතියේ පලවෙනි සිරිස් එක මට වැරදීමක් වෙලා නම් නිවැරදි කරන්න.

මේ තමයි ෆෝත් වෝල් බ්‍රේක් එකක් සිද්ද කරන පලවෙනි කොමික් බේස්ඩ් ටීවී සිරිස් එක. ෆෝත් වෝල් බ්‍රේක් කියන්නේ සිනමාවේ යොදාගන්න හරි අපුරු සංකල්පයක්. මතකද ඩෙඩ්පූල් එක සැරේම මොකක් හරි කර කර ඉන්න ගමන් තිරය දිහාවට හැරිලා, ඒ කියන්නේ අපි දිහාවට හැරිලා අපි එක්ක කතා කරනවා? අන්න ඒක තමා සරලව ෆෝත් වෝල් බ්‍රේක් එක කියන්නේ. එතකොට මොකක්ද මේ ෆෝත් වෝල් එක, එහෙම නැත්නම් හතරවෙනි බිත්තිය කියන්නේ? ඒක අදෘශ්‍යමාන එකක්. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යක් අරගන්න. පිටුපසින්, වම්පසින් සහ දකුණු පසින් වටවෙච්ච වේදිකාවක තමා වේදිකා නාට්‍ය සිද්දවෙන්නේ. එතකොට එකේ ඉන්න නළුවන් ක්‍රියා කරන්නේ වෙනම ලෝකයක ඉන්න වෙනම පිරිසක් විදියට. ඒ එයාලට ඉස්සරහින් ඉන්විසිබල් එහෙම නැත්නම් අදෘශ්‍යමාන තව බිත්තියක් තියෙනවා කියල හිතාගෙන. එයාල ප්‍රේක්ෂකයින් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඔන්න ඔය අදෘශ්‍යමාන බිත්තිය තමා හතරවෙනි බිත්තිය වෙන්නේ.

ඉතිං ඔයාලට බලාගන්න පුළුවන් යම් යම් චරිත විසින් අදාළ සිදුවීමකට අදාලම නොවෙන වල්පල් ටිකක් දොඩවනවා අපි දිහාවට හැරිලා, සමහර වෙලාවට එතන ඉන්න අනිත් චරිත අහනවා මොනවද කියන්නේ කියල. එතකොට ෆෝත් වෝල් එක බිදින චරිතය කියනවා ඔයාලට නෙමේ මේ කියන්නේ කියල. හරියට නිකම් මෙන්න මෙතැනදී වගේ. ඔයාලට එහෙම සිද්දි බලාගන්න ලැබෙන්න ඇති පහුගිය කොටස් දෙකෙන්. එහෙනම් ඔය මදැයි. කතාවේ චරිත ගැන විස්තර කොමික් ඇසුරෙන් චාමර සහෝදරයා අරගෙන ඇවිල්ල තිබ්බනේ දෙවැනි කොටසේ ලිපියෙන්. එහෙනම් මෙතක් කතාව සිද්දවුණ දේවල් දිහාවට හැරෙමු.

මතකනේ බුරුවා ඇරපු අධෝවාතය කරපු හරියක්, ඒ වගේම ඒ බුරුව කවුද කියලත් දැක්කනේ පහුගිය කොටසින්. ඉතිං කට්ටිය හොයාගන්නවා චිෆ් ඉන්නේ මේ බුරුවගේ ලෝකය ඇතුලේ කියල. නගරයම ආයේ ප්‍රතිස්ථාපනය උනත් චිෆ් සහ මිස්ටර් නොබොඩි ගැන ආරංචියක් නැහැ. මෙදා පොටෝ සයිබෝර්ග් කට්ටියවත් එකතු කරගෙන චිෆ්ව හොයාගෙන යනවා දකුණු ඇමරිකාවට. මොකේද යන්නේ? බස් එකේ 😀

එහෙනම් පමා වෙලා අරගෙන ආව කතාව නොබලපු යට ඔන්න බාරයි. ඊළඟ උපසිරසින් හම්බවෙමු.!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,084 downloadsDownload Doom.Patrol.S01E03.Puppet.Patrol.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

6,084 downloadsDownload Subtitles28 KB

38 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  3. Shansenarathne

    Tnx

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    බුදු සරණයි.. !!!

  5. tharindu

    thanks

  6. Kavishka Ransara

    ela

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. සසිඳු කවීශ ගමපතිරණ

    Thanks saho!

  9. 100

    Sub eakata thanks

  10. lahiru sadaruvan

    thank you so much brother

  11. devil_11

    Thx brother

  12. madhawa_max

    උපසිරැසියට ස්තුතිය

  13. Kulanjana Maduranga

    subata thanks

  14. tv malli

    tnx broo

  15. RAVINDUrd1997

    thanks bro!!

  16. Ayesh Prashan

    Thank You

  17. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    පට්ට කතාවක් මේක...DC Universe එකේ කතා මාලා නම් සුපිරියි වගේ...

  18. Brothers435

    නියමයි....අනිත් කොටස් ආපු ගමන් සබ් දෙන්න බ්‍රෝ සුබ පතනවා

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!

  20. Kasun Jeewantha

    ela

  21. Mr.pamz

    Thanks bro

  22. D.Chamara

    bohoma sthuthi sahoo

  23. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  24. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  25. sheli

    thanks machanlaaaaaa

  26. Rumesh Asanka

    THANK YOU

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Shehan putha

    thanks broo

  29. madawaththa

    Tnx Broh..

  30. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  31. toonmo

    tnx bro,,,, jaya

  32. mindika

    Thanks !!!!!!

  33. Stranger

    thanks

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  35. Amila Mudalige

    Sub ekata Thanks

  36. MAALnath

    Thanks ..........................................good luck .................

  37. Sajithlakshan

    thanks .................

  38. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.