ලොව හොදම කතාමාලා අතරේ ඉදිරියේ ඉන්නා වූද, මනාප 224069කින් imdb 9.0ක අගයක් ලබාගත්තා වූද,ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් ඇතුළුව තවත් සම්මාන 42ක් ලබාගත්තා වූද, වෙනත් සම්මාන 167ක් සදහා නිර්දේශ වූද, එදා මෙදා තුර බිහිවූ කතාමාලා අතරින් විශිෂ්ට කතාමාලාවක් බවට ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ නොමද ඇගයීමක් ලබාගත්තා…

ලොව හොදම කතාමාලා අතරේ ඉදිරියේ ඉන්නා වූද, මනාප 224069කින් imdb 9.0ක අගයක් ලබාගත්තා වූද,ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් ඇතුළුව තවත් සම්මාන 42ක් ලබාගත්තා වූද, වෙනත් සම්මාන 167ක් සදහා නිර්දේශ වූද, එදා මෙදා තුර බිහිවූ කතාමාලා අතරින් විශිෂ්ට කතාමාලාවක් බවට ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ නොමද ඇගයීමක් ලබාගත්තා වූද, ඉතා උසස් මට්ටමේ චරිතාංග නළු නිලියන්ගෙන් හැඩවැඩ වූද, සත්‍යය යැයි අදහන්නටත් බැරි සත්‍ය කතා පදනම් කරගෙන නිර්මාණය වූද, නමුත් සුපිරි වීරයින් නොමැති නිසා අපේ ඈයන්ගේ වැඩි අවදානයකට ලක් නොවුවා වූද, ෆාර්ගෝ යන අසමසම ටෙලි කතාමාලාවේ තුන්වෙනි අදියර නැවතුනු තැන සිට නැවත ලබාදෙන්නටයි මේ සූදානම.
කතාව මුලින්ම අරගෙන ආව අංජන ඉෂාන් අයියට පස්සේ කතාව බාරගෙන මේ තරම් දුරක් අරගෙන ආවේ ප්‍රනීත් නාවලඇල්ල සහෝ. ඒත් කාලය නැතිකම නිසා එයාටත් මේක අරන් එන්න බැරිවුනා. ඉතින් මේ වගේ කතාවක් මෙහෙම නැවතිලා තියෙනවා බලන් ඉදලා ඉවසලා ඉවසලා බැරිම තැන මමම වැඩේට බහින්න හිතාගත්තා. ඒත් මං තනියෙන් මේක අරන් එන්න හිටියානම් තවත් මාස ගානකට මේක ලැබෙන එකක් නෑ. ඒ නිසා ඉතිරි වී තියන කතාංග 7ට අපි කට්ටියක් එකතුවෙලා සබ් එක හදන්න හිතුනා. ඒ වැඩේටත් පොඩි කාලයක් ගියා වුනත් මේක ඉවරකරන්න ලැබීම සතුටක්. ප්‍රතිචාර අඩු නිසා වෙන්නත් පුළුවන් කවුරුවත් මේක කරන්න උනන්දුවක් නොදැක්වූවෙ.ඒ නිසා බලන අතලොස්සක් වූ ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන්නේ මට නැතත් මේකෙ අනිත් කොටස් අරන් එන අයටවත් යහමින් ප්‍රතිචාරයක් දක්වන්න කියලා තමයි. ඔය මදැයි, කතාව ගැන බලමු දැන්.
මෙවර කතාව මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. සහෝදරයින් දෙදෙනෙක් වන එමිට් සහ රේමන්ඩ් ස්ටසීගේ කතාව තමයි තේමාව වෙන්නේ. ඒ දෙදෙනා විදියට එම චරිත දෙකම රඟදක්වන්නේ සුපිරි නළු Ewan McGregor විසින්. ඒවගේම Mary Elizabeth Winstead,David Thewlis වැනි අයද රංගනයෙන් දායක වන බව දන්නවා ඇති. ටිකක් කට්ටියව දැනුවත් කරන්නයි ඒවත් මතක් කලේ.තැඩියස් මොබ්ලි නොහොත් එනිස් ස්ටසීගේ අතීත කතාව තමා පෙර කොටසින් බොහෝමයක් දැකගන්න පුළුවන් වුනේ. මතකයිනේ එනිස් ස්ටසී කියන්නේ ග්ලෝරියා බර්ගල් කියන පොලිස් නිලධාරිවරියගේ සුළු පියා. නිරපරාදේ ජීවිතේ අහිමිවුන මෙයත් ස්ටසී කෙනෙක්. එතනත් මොකක්හරි රහසක් තියෙනවා වගේ. ග්ලෝරියා දැන් මේවා ගැනහොයාගෙන යනවා. රේමන්ඩ් දැන් වෙච්ච දේ හංගන්න වගේම එමිට්ව තවත් මංකොල්ල කන්න තමා උත්සහය.ඒ අතර එමිට්ටයි සයිටයි වී.එම්.වර්ගා කියන කෙනත් එක්ක ප්‍රශ්න විසදගන්න වෙලා. මිනිහත් ලේසි පහසු පොරක්නෙමේ කියලා දකින්න ඇති. මොකක්ද ඔහුගේ සැලැස්ම කියලත් මේ කොටසින් යම්තාක් දුරකට දැනගන්න හැකිවෙනවා.එහෙනම් බලලම ඉමු. මොකද කිව්වට කට්ටියට මේක දැන් අමතක වෙලා ඇති. ඒ නිසා බලලාම මතකය අලුත් කරගමුකෝ.ඊලග කොටස් එහෙනම් සහෝදර උපසිරැසිකරුවන් කීපදෙනෙක් විසින් ඉක්මනින්ම ලබාදෙයි. එහෙනම් නැවතත්ෆාර්ගෝ එක්ක එකතුවෙන්න ආරාධනා කරමින් දැනට නවතිනවා. හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,696 downloadsDownload Fargo.S03E04.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
21 comments
Kulanjana Maduranga
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
dasun
Ammo kochchara kal nm balan hitiyada meka denakan.. godak pin sahoo.... me wadeta atha gahuwata. me kathawath ekka hitapu aya dannawa meka kochchara supirida kiyala.. elama.
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!LSM HUSKAA
බොහොම ස්තූතියි සහෝ
LSM HUSKAA
meka balapu hodama akak bro denakan hitiye
sami
Thanks saho ...
tharindu gunarathna
thanks
නිරෝෂ්
ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා!
අසිත
elama saho thanks
rasanga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා…!lahiru
digatama demu aiyeeeeee
Devinda
Mona kathada malli.ekenma fattama series ekak.ty malli.gdk pin.....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
ඉමන්ක
අම්මෙ අයියා බුදුවෙවා.ඉතිරිය ඉක්මනට දෙන්ටකො.ගොඩදවසක් බලන් හිටිය හිතුවෙනම් නැැවතිලම යයිකියල මෙකෙමල විකාර වලට සබ් කරන අය අතරෙ ඔහොම හිතන එකෙක් හරි ඉන්න එක අපෙවාසනාව.
Gayan
Patta bro ikmanata dennako ithurutika
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tbsdarshana
thanks very much
kasun@rko
සුපිරි කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්නකෝ අයියේ
sam fisherr
කමෙන්ට් එක දාන්නෙ දැනට දි ඇත් ep4 රම බලලයි.කතාවනම් සුපිරි සබ් තමා නැත්තෙ.baiscope එකෙ සුපිරි විර කතා වලටනම් සිසන් හත අට සබ් එද්දි මෙක අත ඇරිලම ගිහිල්ල.එහෙම වෙන්න හෙතුව download ගාන වෙන්නැති.මෙ වගෙ එව බලන අය අඩුයි(කතාරසය වැටහෙන)හැමොටම ඔනි විකට සුට් එකක් දාගත්ත කතානෙ.මුල්ම එපියෙ කවුද හිරෙඉන්නව පෙන්නුව,පස්සෙ 2,3,4 එපි වලට එනකෙට එ සින්ටික ඔක්කෙම අමතක කරවල ආයි එතෙන්ට(කොහොමද සහ ඇයි අර පොර හිරෙට ආවෙකියනතැනට ගොන්න හදනව ඇත්තෙ එක එහෙමන් සුපිරියටම ඇති)මෙවගෙ සිරි යස් බලන්න ආස අපි වගෙ අයට බයිස්කොප් එකෙන් ලොකු අසාදාරනයක් වෙන්නෙ.මොනා උනත් මෙහෙම සිරියස් තියනව කියල හරි දැනගන්න සබ් දුන්නට ස්තුති තව එකම එක එපියක් හොලැබේවාාා
Neranja Senarathne
මාත් සීසන් 01 ඉදන් ඔක්කොම ආසාවෙන් බැලුවා. සබ් නැති නිසා බලන එක නැවතුනා. ආයෙත් සබ් දෙනවට ස්තූතියි. පරණ ටික තියන් හිටියා ආයෙත් සබ් දානකන්.
X Files Season 02 වලින් පස්සෙ සබ් නැවතුනා. අලුත් TV Series නිසා ගොඩ දෙනෙක් මේවා බලන් නෑ. ඒත් අපි මේක ආසාවෙන් බැලුවා. අර කියපු සුපිරි වීරයෝ නැති නිසාද කොහෙද අලුත් පරම්පරාව මේවා බලනවා අඩුයි. ඒ දවස්වල දීලා තිබුන ලින්ක් වලින් Season 08 ම ඩවුන්ලෝඩ් කර ගත්තා. තාමත් තියෙනවා කවුරුහරි කවදාහරි සබ් කරයි කියන බලාපොරොත්තුවෙන්. ඔබට ජය . . .
Advertisement
![Fargo [S03 : E04] sinhala subtitles | ගැලවීයාමේ ගැටලුව![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Fargo-2014–-Season-3.jpg)


niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……