9 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටසෙ මොකද වුනේ කියලා මතක් කරන්නම්. තමන් ඉන්නෙ වැරදි කාල රාමුවක කියලා තේරුම් ගත්ත පීටර්, තමන්ගෙ ආදරණීයන් ලඟට යන්න උදව් කරන්න පුලුවන් වෝල්ටර්ට විතරයි කියලා හිතුවා. ඒත් වෝල්ටර් ඒක ප්‍රතික්ෂේප කරා. එහෙමයි කියලා පීටර් වැඩේ අත ඇරියේ නෑ, පීටර් වෝල්ටනේට් හොයන්…

9 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටසෙ මොකද වුනේ කියලා මතක් කරන්නම්.
තමන් ඉන්නෙ වැරදි කාල රාමුවක කියලා තේරුම් ගත්ත පීටර්, තමන්ගෙ ආදරණීයන් ලඟට යන්න උදව් කරන්න පුලුවන් වෝල්ටර්ට විතරයි කියලා හිතුවා. ඒත් වෝල්ටර් ඒක ප්‍රතික්ෂේප කරා. එහෙමයි කියලා පීටර් වැඩේ අත ඇරියේ නෑ, පීටර් වෝල්ටනේට් හොයන් එහා විශ්වයට ගියා. තනියම නෙවෙයි ලින්කන් එක්ක. හැබැයි ලින්කන් ඒ ගමනට ආවේ යටි අරමුණක් හිතේ තියන්. ඔලිවියා තමයි ලින්කන්ගෙ ඔලුවට දැම්මේ, පීටර්ගෙ මාර්ගෙන් එහා පැත්තට ගියාම වෝල්ටනේට්ගෙ රහසිගත ලිපිගොමු අවුස්සලා මිනිස් මුහුණු මාරු කරන්නො ගැන මොකවත් තියද කියලා බලන්න. මොකද මිනිස් මුහුණු මාරු කරන්නො කියන්නෙ වෝල්ටනේට්ගෙ නිර්මාණයක් කියලයි ඔලිවියා හිතන්නෙ.
නමුත් ඇත්ත ඒක නෙවෙයි. වෝල්ටනේට් පවා තක්බීර් වෙලා ඉන්නේ මේ මොකක්ද වෙන්නෙ කියලා. වෝල්ටනේට්ගෙ ප්‍රධාන විද්‍යාඥයා බ්‍රැන්ඩන් පවා මුහුණු මාරු කරන්නෙක්ට අහු වෙලා තිබුනා. ඉතින් වෝල්ටනේට්, පීටර්ගෙ උදව් ඉල්ලුවා එහා විශ්වයට ගියාම මේ දේවල් වලට එයාගෙ සම්බන්ධයක් නැති බව කියන්න කියලා. ඒ වගේම පීටර්ට ගෙදර යන්න උදව් කරන්න වෝල්ටනේට් එකඟ වුනා.
අවසානයේ දකින්න ඇති, නියෝජිත ලී, බොලිවියා දෙන්නා නියෝජිත මර්ෆි කතා කරපු කෙනා හොයන් ගිය හැටි. එතකොටම බ්‍රොයිල්ස් කෙනෙක්ට කතා කරා. පේන විදියට ඒ කෙනා තමයි මිනිස් මුහුණු මාරු කරන්නොන්ගෙ නිර්මාතෘ.
ඒ කවුද? ඇයි මෙහෙම කරන්නෙ? අද කොටසින් බලමු.
ඊලඟ කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,053 downloadsDownload Fringe-S04-E09.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
9 comments
Anonymous
Anonymous
ස්තූතියි නගා ස්තූතියි
launister
thankz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks akke
indika75
thanks..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Advertisement




Thanks