Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E01] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් ආවා ඔයාලට නත්තල් තෑග්ගකුත් අරගෙන. මේකත් ලස්සන කතාවක්. ඔයාලා කලින් බලපු Let’s Fight Ghost , Cinderella And Four Knights නාට්‍ය ගෙනාපු tvN ආයතනයෙන්ම තමයි මේ කතාවත් ඔයාලට ගේන්නේ. මේ කතාවේ නම තමයි “Goblin”. “Goblin” කියන්නේ පිසාචයට. කතාව ආරම්ඹ වුනේ දෙසැම්බර් 2වෙනිදා. නොහිතපු විදිහට මේ කතා…

Goblin (Korean Drama)

ඔන්න මම ආයෙත් ආවා ඔයාලට නත්තල් තෑග්ගකුත් අරගෙන. මේකත් ලස්සන කතාවක්. ඔයාලා කලින් බලපු Let’s Fight Ghost , Cinderella And Four Knights නාට්‍ය ගෙනාපු  tvN  ආයතනයෙන්ම තමයි මේ කතාවත් ඔයාලට ගේන්නේ.  මේ කතාවේ නම තමයි “Goblin”. “Goblin” කියන්නේ පිසාචයට. කතාව ආරම්ඹ වුනේ දෙසැම්බර් 2වෙනිදා. නොහිතපු විදිහට මේ කතා මාලාව පලමු සතිය තුලම බොහොම ජනප්‍රිය වුනා කියලා තමයි ආරංචිමාර්ග වලින් කියවෙන්නේ. ඒ ජනප්‍රියත්වය කොච්චරද කියනව නම් Descendants of the Sun සහ Moonlight Drawn by Clouds නාට්‍ය මාලා දෙකටත් වැඩි ජනප්‍රියත්වයක් ලබල තියෙනවලු. එකම සතියේ විකාශය ආරම්භ වුන Legend of the Blue Sea කතා මාලාවත් දෙවෙනි ස්ථානය ගෙන ඇති බව තමයි පැවසෙන්නේ. ඉතින් අපි බලමු මේ තරම් ජනප්‍රිය වුන මේ කතාව මොකක්ද කියලා.

හැමදාම වගේ මේ වතාවෙත් මේක දෙවිවරු, හොල්මන්, අවතාර පිරුණ කතාවක්. පිසාචයෙක් සහ මරණයේ දෙවියෙක් ගැනයි මේ කතාවෙන් කියවෙන්නේ. පිසාචයා ජීවිත ආරක්ෂා කරමින් ඉන්න අතර මරණයේ දෙවියා කරන්නේ මියගිය අය කැඳවගෙන යාමයි. පිසාචයට අවශ්‍ය තමන්ගේ සමාදානය වෙනුවෙන් තමන්ගේ මනමාලිව මිනිස් ලොවින් හොයාගන්නයි. මරණයේ දෙවියා අමතක වීමේ රෝගයක් (amnesia) තියෙන කෙනෙක්. යම් දෙයක් නිසා මේ දෙන්නට එකම ගෙදරක වාසය කරන්න සිදුවෙනවා. එකිනෙකට විරුද්ධ රාජකාරි කරන මේ දෙන්නගේ ජීවිත කොහොම ගෙවෙයිද කියලා අපි එහෙනම් ඉස්සරහට බලමු නේද…

(drakorindofilms.com – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්.)

1 කොටස

අතීතයේ බොහොම දක්ෂ සෙන්පතිවරයෙක් ඉන්නවා. එයාගෙ නම තමයි කිම් ශින් (Gong Yoo) සටන් ජය අරගෙන නැවත එන කිම් ශින්ව රජතුමා පිලිගන්නේ අපරාධකාරයෙක් විදිහට. තමන්ට වඩා සෙන්පත්තුමා බලවත් වෙලා කියලා රජතුමාගේ නිලධාරින් රජතුමාව නොමග යවන එක තමයි ඊට හේතුව. ඉතින් කොහොම හරි මේ කෝපය නිසා රජතුමා කිම් ශින්ව වගේම ඔහුගේ සියලුම නෑදෑ පරපුරත් ඝාතන කර දමනවා. මරණයෙන් පස්සේ සිරුරෙන් නැගිටින කිම්  ශින් පිසාචයෙක් බවට පත්වෙනවා වගේම ඔහුට සාපයක් ලැබෙනවා. ඒ තමයි කිම් ශින් ගේ පපුවේ ඇනිල තියෙන අසිපත ගලවනකල් ඔහුට සමාදානයේ සැතපීමක් නැහැයි කියන එක. ඒ අසිපත ගලවන්න ඕනේ පිසාචයගේ මනමාලි කියන එක. මනමාලිව ඔහු හොයාගන්න ඕනේ මිනිස් ලොවින්. ඒකට අවුරුදු දහස් ගණනක් ගත වෙන අතර ඒ කාලයේදි තමන්ගේ සෙනෙහෙවන්තයන්ගේ මිය යෑම බලා සිටීමත් ඔහුට ලැබුන මේ සාපයේම කොටසක් වෙනවා. වර්තමානයේත් තවමත් කිම් ශින් තමාගේ මනමාලිව සොයමින් ඇවිදිනවා. මේ අතර ඔහුට හමුවෙනවා මරණයේ දෙවිඳුන් (Lee Dong-wook) ඔහුගේ රාජකාරිය තමයි මියගිය අයගේ ආත්ම කැඳවාගෙන යාම. මේ දෙන්නගෙ පලමු හමුවීම හොඳ එකක් වෙන්නේ නැහැ. මියගිය කෙනෙක්ව රැගෙන  යන්න ඇවිත් බලද්දි ඒ ආත්මය එතන නැහැ. ඒක වෙන්නේ පිසාචයා ඒ ගැබිණි මවව බේරගන්න නිසයි. ඉන් පසු තැනින් තැන මේ ආත්ම දෙක හොයන්න ඔහුට සිදු වෙනවා. මේ බේරගත්ත ගැබිණියගේ දියණිය තමයි පිසාචයගෙ මනමාලිය ලෙස හැඳින්වෙන්නේ. පිසාචයට ඇයව හොයාගන්න පුලුවන් වෙයිද….. අපි එහෙනම් පලවෙනි කොටස බලමු.

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E01.161202.720p-WITH-iPOP-BarosG-LIMO

Goblin.E01.161202.720p-SS-RAiN-CineBus-ENT

Goblin.E01.161202.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,903 downloadsDownload Goblin.E01.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                          All Episodes                         Next Episodes>>

Subtitles

1,903 downloadsDownload Subtitles31 KB

43 comments

  1. Kulanjana Maduranga

    niayamai…thawa aluth drama 1k.korean nm aniwa balanawa...thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Pramodya

      Kauru hari kamak ne ane tharaha nethuwa mata dennako torrent link ekak.

    2. aryaa

      ane ow..koomada download karaganne

  2. ***සමීර ලක්‍ෂිත***

    නියමයි අක්කේ නියමයි

  3. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට

  4. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  5. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    1. Kumara

      Meke torrent eka kohenda banne

  6. Nion

    මේ කතාව නම් නියමයි. සබ් එකට බොහොම ස්තූතියි. ඒත් කතාවට සම්බන්ධ පෝස්ටර් එක නෙමෙයි වගේ ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ.

  7. Sajith Thilakarathne

    thanks akke sub ekata

  8. Kanishka

    Palawani kotasinma mehema kiyanawata samawenna. Kohoma asanipa thaththwen inne e nisa sub tikak late Wei. Tharaha wenna epa hondee...

  9. madhu

    Thank you sooo much akke sub akata.... ane Moon Lovers: Scarlet Heart Ryeo kathaweth sub aka denna ko akke... plz....

  10. ishani

    Thank you sub ekta. Mn gdk asawen blnna hitapu kathawak. Nice work.

  11. දිනුක ජයසේකර

    තෑන්ක්ස් අක්කේ.......දිගටම සබ් දාමු.

  12. silent$

    Thanxxxxxxx patttaaaaaaaaa !!!!!!!!!

  13. gayan

    oya nam niyamai akke.. hodama drama tika.. thanks

  14. Chami.S

    Thanks...

  15. dinesh

    me drama ekanam patta.sub eka dunnata thankz ithuru tikath ikmanata denna

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. නවෝද්

    Anith tikatath ikmnta sub denda sub ekata thankzz

  18. supun

    Thanks for subtitle ....... Maru stroy aka

  19. supun

    Ane akki anith episode valath ikmanata sub dennako

  20. Kanishka

    Hemoma sama wenna. Machine eke hard eka giya sub files tika okkoma eeke. Machine eka hada gaththa gaman ikmanatama ayema sub Aran ennam..

  21. sudeshamihiranga

    sudeshamihiranga fb acunt ekata avith mawa add karagena msg me. oyalata okkoma sinhala sub mama dennam. yaluwantath keyanna.

    1. Isuru

      Siravatamada???

    2. Kumara

      Ayya meke torrent eka kohenda bn hoyaganne

    3. sameera

      Ubava fb pennanna macho puluvannam mava add karapan sameera weerasinghe pic eka aththe jakat ekakin oluva vahan inna ekaka

    4. Radha Siriwardana

      Mulinma google search karala drama eke korean akuruwalin nama hoyaganna
      ita passe e nama histhanak thiyala meka paste karranna 토렌트 (korean walin torrent kiyana eka
      ita passe search karahama torrent hoyaganna pulvan

      kohoma hari drama eka balanna kiyala wadak na balapu hondama drama eka

  22. ටෘ තමන්නා෴

    එලම

  23. ishi

    meke ithiri sub denna puluwan weida???

  24. Kosala

    Please මේකෙ ඉතුරු episodes වලටත් සිංහල උපසිරස ලබදෙන්න......උපසිරස දෙනකන් ඉන්නෙ...දැනට ඇවිල්ල තියෙන ඔක්කම කොටස් බගත කරගෙන තියෙන්නෙ...ඉක්මනින්ම උපඋපසිරස ලබදෙන්න....
    ඔබට ජය...
    බොහොම ස්තුතියි ..

  25. hiru

    meke torrent eka mt download keranna bane

  26. danuka

    meka download karana widiyak kiyanawada

  27. Dilshan

    linke Plz.......

    download karanne videhak ne

  28. supun911

    yalu meka ganne kohomadaaaaaa

  29. yamee

    lassanai.. hodai subtitle denawa.
    Puluwannam ROOFTOP PRINCE korean drama ekath subtitle dannakooo plzzzz...

  30. thush

    thanx sub ekata. download link ekak denna puluwanda

  31. IsharaDilankaWijebandara

    Pahe.in එකෙන් බෑවෙ ඒකට සපෝට් නෑ තප්පර 370ක් කලිං එන්නෙ සබ්

    1. Raveen

      මාත් ඒකෙන් තමයි බෑවෙ.මගෙත් එහෙමයි

  32. Pasan_97

    Doctor Stranger Korean Drama eketh sub eka dennako.

  33. chinthaka.max4

    thankx machan

  34. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  35. Kavindu

    අනේ අක්කේ ගැලපෙන විඩියෝ පිටපත් ගන්න තැනක් කිය්නකෝ,,

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.