ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ අටවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. අගෝස්තු 10 පහුවෙනකල් ඉතාමත් කාර්යබහුල තත්වයක් ඇති වෙලා තියෙන නිසා ටෲ ඩිටෙක්ටිව් සහ හැනිබල් කතා මාලාවන්ට උපසිරැසි ලබා දීමේදී සැලකියයුතු ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා බැරිනම් බාරගන්න එප…
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ අටවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. අගෝස්තු 10 පහුවෙනකල් ඉතාමත් කාර්යබහුල තත්වයක් ඇති වෙලා තියෙන නිසා ටෲ ඩිටෙක්ටිව් සහ හැනිබල් කතා මාලාවන්ට උපසිරැසි ලබා දීමේදී සැලකියයුතු ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා බැරිනම් බාරගන්න එපා කියලා ඔයාලා මට දොස් කියන එකක් නෑ කියලා. කොහොම උනත් පුළුවන් ඉක්මනට ඒ කතා මාලා දෙක අවසන් වෙනකල්ම ඔයාලට සිංහල උපසිරැසි ගන්වලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි විල් ග්‍රැහැම්ව සහ දොස්තර හැනිබල් ලෙක්ටර්ව මේසන් වර්ජර් අතට පත් වෙනවා. එහිදී හැනිබල්ව ඌරෙක් විදිහට බැඳලා දාලා ඉන්න අතරේ විල් ග්‍රැහැම්ගේ මුහුනේ කොටස් අරගෙන මේසන් වර්ජර්ට බද්ධ කිරීමට කොර්ඩෙල් නැමති පුද්ගලයා විසින් උත්සාහ කරනවා. නමුත් මාර්ගොට් වර්ජර් සහ දොස්තර ඇලනා බ්ලූම් විසින් හැනිබල්ව නිදහස් කරලා හැනිබල්ගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා විල් ග්‍රැහැම්ව බේරා ගන්නා බවට. හැනිබල් ඒ පොරොන්දුව ඒ විදියටම ඉටු කරනවා. ඒ අතරේ මාර්ගොට් සහ ඇලනා විසින් මේසන් වර්ජර්ව ඝාතනය කරනවා. දැන් වර්ජර් සමාගමේ එකම හිමිකාරිය තමයි මාර්ගොට් වර්ජර්. මේසන් වර්ජර්ගෙ ශුක්‍රාණු සාම්පලයක් ලබා ගන්න ඇය කෙසේ හෝ වර්ජර් පවුලේ උරුමක්කාරයෙක් ඇති කරගන්නයි හදන්නේ. ඒ අතරේ හැනිබල්ව හොයාගෙන විල් ගෙ ගෙදරට එන ජැක් ක්‍රව්ෆෝඩ් ප්‍රමුඛ FBI කණ්ඩායමට දොස්තර හැනිබල් ලෙක්ටර් තමන් විහින්ම බාර වෙනවා.
අද කතාව යන්නේ ඊට වසර කිහිපයකට පසු ඇති වන සිදුවීමකිනුයි. දැන් හැනිබල් ඉන්නේ උම්මන්තක පුද්ගලයන් වෙනුවෙන් විශේෂයෙන් සෑදූ බන්ධනාගාරයකයි. විල් දැන් තමන් FBI ආයතනය වෙනුවෙන් කල රස්සාවෙන් අයින් වෙලා තමන්ගෙ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒත් මෑතකදී සිදු වන සමූහ ඝාතන දෙකක් සම්බන්ධයෙන් ජැක් ක්‍රව්ෆෝඩ් නැවතත් විල් ගෙ සහය පතාගෙන ඔහු හමුවට පැමිණෙනවා. මෙවර ඝාතකයා දොස්තර හැනිබල්නම් නෙවෙයි. හැනිබල් ඒ වෙනකොට ඉන්නේ බන්ධනාගාරයේනේ. ඉතින් මේ මිනීමැරුම් වල සුවිශේෂි සමානකම් බොහෝමයක් හොයාගන්න FBI නිලධාරීන්ට පුළුවන් වෙනවා. නමුත් ඝාතකයා හඳුනාගැනීමනම් පහසු කටයුත්තක් නෙවෙයි.
ඉතිං යාළුවනේ. විල් ග්‍රැහැම් ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ ආරාධනය පිළිගනීවිද? ඔහු නැවතත් මිනීමැරුම් සම්බන්ධයෙන් තමන්ගෙ මානසික ශක්තිය යොදවලා FBI ආයතනයට උපකාර කරාවිද? මෙවර මේ කතා මාලාවේ සිටින අළුත් ඝාතකයා කවුද? ඔහු සිදු කරන මිනීමැරුම් වල තිබෙන සමානකම් මොනවද? මිනීමරුවා ගැන හෝඩුවාවක් හොයාගන්න FBI ආයතනයට හැකි වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
200 MB කොපිය මෙතනින් බාගන්න B4C31FF1BA2AEEB6145F962332D00FAD0E7D089E 386 MB කොපිය මෙතනින් බාගන්න 8394C30B7B87BB0303E2F476966C6B8A20436876 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,038 downloadsDownload Hannibal-S03E08-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
15 comments
pramuk
achi
ස්තුති සහෝ!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
shalika
thanx bro
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :)
sajeevi
thanks a lot
සුපුන් බුද්ධික
පරක්කු උනාට අවුලක් නෑ සහෝ..
කතාව කොහොම හරි දෙනවනම් එක වටිනවා..
තව ඉතින් බලන්න එවත් තියෙනවා නොවෑ..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..ජය වේවා !!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
මං හිතන්නේ මේකට සුපිරි අවසානයක් දෙයි.
ඇත්තටම බලන කතාවලින් මං කැමතිම කතාවක් මේක.
පරක්කු උනාට අව්ලක් නෑ.දිගටම සබ් එක දෙමු.
ජයවේවා!Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
Dilanka
ela
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kosala
patta macho
MAALnath
Thanks ...................good luck .......................
Advertisement
![Hannibal [S03 : E08] |දත් සුරඟන [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Hannibal-Season-3-2.jpg)

thanx macho........