Watch Trailer

Hannibal [S03 : E13] With Sinhala Subtitles |විල් ග්‍රැහැම් සහ රතු මකරා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට ගියවර කොටස මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ FBI ආයතනය විසින් දොස්තර චිල්ටන්වයි ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්වයි එකතු කරගෙන රතු මකරාව නොහොත් ෆ්‍රැන්සිස් ඩොලරයිඩ් ව කුපිත කරවලා කොටුකරගන්න හදපු සැලැස්ම එච්චර සාර්…

Hannibal (Season 3) 2

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට ගියවර කොටස මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ FBI ආයතනය විසින් දොස්තර චිල්ටන්වයි ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්වයි එකතු කරගෙන රතු මකරාව නොහොත් ෆ්‍රැන්සිස් ඩොලරයිඩ් ව කුපිත කරවලා කොටුකරගන්න හදපු සැලැස්ම එච්චර සාර්ථක උනේ නෑ. අන්තිමේදි ඒ සැලැස්මට හවුල් උන දොස්තර ෆ්‍රෙඩ්රික් චිල්ටන්ව රතු මකරා විසින් පැහැරගෙන ගිහින් ඔහුගෙ තොල් දෙක කඩාගෙන ඔහුව පණ පිටින් පුච්චලා දානවා. නමුත් දොස්තර ෆ්‍රෙඩ්රික් චිල්ටන් මියයන්නෙ නෑ. ඒ වගේම රතු මකරා එතනින් නවතින්නෙත් නෑ. තමන්ට අපහාස කරපු අනිත් පුද්ගලයා වන විල් ග්‍රැහැම්ටත් වැඩේ දෙන්න තමයි ඔහු සැරසෙන්නේ. ඒ අතරේ දොස්තර චිල්ටන්ගෙන් කඩාගත්ත තොල් කෑල්ලක් රතු මකරා විසින් දොස්තර හැනිබල්ටත් ලැබෙන්න සලස්වනවා.

මෙවර කොටසෙදි විල් ග්‍රැහැම් විසින් රතු මකරව අල්ලගන්න තවත් ඇමක් දාන්න සැලසුම් කරනවා. ඒ ඇම තමයි දොස්තර හැනිබල් ලෙක්ටර්. හැනිබල් ලෙක්ටර්ව පොලිස් භාරයට පමුණවන අතරේ ව්‍යාජ පැනයාමක් මගින් රතු මකරට ලං වෙන්න විල් ග්‍රැහැම් සැලසුම් කරනවා. ඒ අතරේ රතු මකරත් යම් දෙයක් සැලසුම් කරනවා.

ඉතින් යාළුවනේ… මොකක්ද රතු මකරා සැලසුම් කරන්නේ? රතු මකරගෙ සැලසුම හරි යාවිද? එහෙම නැත්නම් විල් ග්‍රැහැම් ගේ සැලසුම හරි යාවිද? හැනිබල් ලෙක්ටර් විල් ට සහය වේවිද? හැනිබල්ගේ ව්‍යාජ පැනයාම ඇත්තම පැනයාමක් බවට පත් වේවිද? අන්තිමට කාට ද ජීවත් වීමේ වාසනාව ලැබෙන්නේ කියලා කතාව බලලම දැනගන්න. !!!

හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

185 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න 0AE4F65BE265C9575A8071071BF4BC6CF6184F13 207 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න 058F8EAEB0E1ED45E2136876582C836B1DBA8100 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

970 downloadsDownload Hannibal.S03E13.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

970 downloadsDownload Subtitles33 KB

13 comments

  1. කේ.යූ.ජී. උදාර

    එහෙනම් මේකත් අහවර කලානේ.......... මේ වෙනුවෙන් ගත්ත වෙහෙසට බොහොම ස්තූතියි දිනිඳු.

  2. සුපුන් බුද්ධික

    තවත් සුපිරි කතාවක නිමාවක්...
    කොහොම හරි වේලාව හොයන් අපි වෙනුවෙන් මේක කරාට
    ගොඩක් ස්තූතියි සහෝ..
    කොච්චර පරක්කු උනත් උපසිරැසි එකත් එක්කමයි බැලුවේ..
    අපි දන්නව ඉතින් සහෝ කොහොම හරි මේක කරලා දෙනවා කියලා..
    එහෙනම් තවත් කතා මලාවකින් හමු වෙමු සහෝ..

    ජය වේවා !!!

  3. Kulanjana Maduranga

    niayamai…nice work bro....thanks DININDU saho..sub walata..digatama sub demu.jaya wewa……

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එහෙනම් හැනිබල් එකත් ඉවරයි!
    කතා දෙකක් නෑ ආයේ සුපිරිම කතාවක් තමා, cast එකත් සුපිරි!
    අපරාදේ සීසන් 3න් ඉවර කලේ, බලමුකෝ එහෙනම් අවසානය!
    ජය!!!!!!

  5. Keshan Wasala

    බොහොම ස්තුතියි අයියේ මේ කතාව ඉවරයක් කරලම දැම්මට තවම කලින් කොටස බලන්නත් බැරි උනා .. ඒකයි මේකයි දෙකම එකටම බලලා දානවා දැන්... :D මේ කතාව බලපු නැති අය ගැන නං දුකයි :( ඔන්න එහෙනං මේකේ සබ් එක ගත්තා..වැඩ අස්සේ අපි වෙනුවෙන් කාලය වැය කරාට පිං .. ජය වේවා !!

  6. Dilshan

    Elaaaaaaaaaaaaa. SUPPA KATHAWA . Thnx saho subwalta

  7. pramuk

    thanx bro

  8. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. SAMITH

    OKKOMA EKAPARA BANNA BARIDA BAN ???

  10. Vidarshana Dissanayake

    Thnx Bro Sub Ekta,Fattama Kathawa,Thnx Again ! :)

  11. kasun@rko

    Elama saho

  12. MAALnath

    Thanks ..........................good luck ...................................

  13. Dineth Kanishka

    මුල සිටම උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.