Watch Trailer

Kankhajura [S01 : E01] Sinhala Subtitles | ආගමනය [සිංහල උපසිරසි]

Kankhajura S04 Sinhala Subtitles ආයුබෝවන්. ඔන්න අද ඉඳලා තවත් ලස්සන හිංදි වෙබ් සීරීස් එකකට උපසිරැසි ගෙන එනවා. මැයි මාසෙ 30 වෙනිදා මේ සීරීස් එක SonyLIV හරහා නිකුත් කරනු ලැබුවා. මේක crime thriller ඝනයට වැටෙන කොටස් අටක web series එකක් . මේක ඇත්තෙන්ම ඊශ්‍රායල් වෙබ් කතා මාලාවක් වන Magpie (Adam Bizanski)හ…

Kankhajura S04 Sinhala Subtitles

ආයුබෝවන්. ඔන්න අද ඉඳලා තවත් ලස්සන හිංදි වෙබ් සීරීස් එකකට උපසිරැසි ගෙන එනවා. මැයි මාසෙ 30 වෙනිදා මේ සීරීස් එක SonyLIV හරහා නිකුත් කරනු ලැබුවා. මේක  crime thriller ඝනයට වැටෙන කොටස් අටක web series එකක් . මේක ඇත්තෙන්ම ඊශ්‍රායල් වෙබ් කතා මාලාවක් වන Magpie (Adam Bizanski)හි ඉන්දියානු නිල ප්‍රති නිර්මාණයක්(Official adaption).

මෙය සහෝදරයින් දෙදෙනෙක් වටා ගෙතුන කතා පුවතක්. මිනී මැරුමකට අවුරුදු 14කට ආසන්න කාලයක් සිර ගත වී සිටින බාල සහෝදරයා අශූ නිදහස් වී නැවත පැමිනෙද්දී වැඩි මහල් සහෝදරයා මැක්ස් ඔහුව භාර ගන්නවා. කාලය සමග වෙනස් වී ඇති නවීන ලෝකය හා මුසු වෙන්න අශූ උත්සාහ දරන අතර ඒ වෙන විට ඉතා දියුණු ව්‍යාපාරිකයෙක් වී සිටින මැක්ස් සිය වංචා කාරී ව්‍යාපාර වලින් සහෝදරයා ඈත් කර තැබීමට උත්සාහ කලත් අශූ උත්සාහ කරන්නෙ කොන්දේසි විරහිතවම මැක්ස්ට සහය වීමටයි. ව්‍යාපාරයේ හවුල් කරුවන් වන මැක්ස්ගේ කුඩා කල සිටම අතිජාති මිතුරන් දෙදෙනා අශූගේ පැමිණීම එතරම් හොඳ දෙයක් ලෙස දකින්නේ නෑ. කෙසේ වෙතත් සිහින ව්‍යාපෘතිය වන නිවාස පුරයක් ගොඩ නැගීමේ කටයුතු ඉදිරියට කෙරී ගෙන යනවා.

මැක්ස් කියන්නේ උපතින්ම ගොත ගහන පෙනුමෙන් ඉතා අහිංසක චරිතයක්. සිය සහෝදරයා සහ ඔහුගේ මිතුරන්ගෙ අඩත්තේට්ටම් යටතේ වුවත්  කුඩා කල සිටම ඔහුගේ වීරයා වෙන්නෙ සහෝදරයා. අශූ සිර ගත වීමට හේතුවත් ඔහුගේ සහෝදරයා සහ මිතුරන් දෙදෙනා බව පැවසෙනවා. ඉතිං ඔහුගේ නැවත පැමිණීම ම්ක්ස්ගැ ජීවිතයට කෙසේ බලපායිද? අද සිට බ්ලා ගන්න පුළුවන්.

මුලින් ටිකක් සුපුරුදු පරිදි කම්මැලි ගතියක් දැනුනත් යන්න යන්නම මේ කතාව ඉතා කුතුහලය දනවන සුළු ලස්සන කතාවක් සේ ඇදී යනවා. ඒ නිසා දිගටම බලන්න පාඩුවක් නෑ.

චන්දන් අරෝරාගේ අධ්‍යක්ෂනයක් වන මෙහි ශ්‍රී ලංකා රසිකයින් අතර පවා ඉතා ජනප්‍රිය මලයාලි නළු රොශාන් මැතිව් සහ මෝහිත් රානා ප්‍රධාන චරිත මවනවා. සාරා ජේන් ඩයස්, මහේශ් ශෙට්ටි, නින්නද් කමත් ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.

එහෙනම් දෙවන කොටසින් හමු වෙමු

Kankhajura S04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

575 downloadsDownload Kankhajura-S01-EP01.zip18 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

All BT1

Next BT1

 

Kankhajura S04 Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

575 downloadsDownload Subtitles18 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  2. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  3. bimsara

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.