ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. මම ලිපිය ලිව්වට මම නෙමෙයි ඔන්න උපසිරැසිය කලේ හොදද? අපේ හෙළිලි අක්කා තමා උපසිරැසිය කලේ. කට්ටිය එකතු කරගෙන පුළුවන් ඉක්මනට ගේන්න ඕන නිසා හෙළිලි අක්කට කියලා එකක් කරගත්තා. එයා වෙනුවට ඔන්න මම ලිපිය ලිව්වා. කොහොමද කතාව? මරු නේද? කුතුහලය,ත්‍රාසය,භීතිය ඉහලයි නේද? බලමුකො…

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. මම ලිපිය ලිව්වට මම නෙමෙයි ඔන්න උපසිරැසිය කලේ හොදද? අපේ හෙළිලි අක්කා තමා උපසිරැසිය කලේ. කට්ටිය එකතු කරගෙන පුළුවන් ඉක්මනට ගේන්න ඕන නිසා හෙළිලි අක්කට කියලා එකක් කරගත්තා. එයා වෙනුවට ඔන්න මම ලිපිය ලිව්වා.
කොහොමද කතාව? මරු නේද? කුතුහලය,ත්‍රාසය,භීතිය ඉහලයි නේද? බලමුකො එහෙනම් පලවෙනි කොටස ගැන පොඩ්ඩක් හැරිලා බලලා. කතාව පටන්ගත්තේ රජ මාලිගාවේ සිද්ද වෙච්ච සිදු වීමකින්. රජතුමා ලෙඩ වෙලා ඉන්නකොට වෛද්‍යවරයයි එයාගේ සහයකයයි යනවා රජතුමාට බෙහෙත් කරන්න, ඒ ගියාම සේවකයාව රජතුමාගේ ඇද ඇතුලට ඇදලා ගත්තා දකින්න ඇති නේද? ඊට පස්සේ හන්යන්ග්වල එහෙම නැත්තම් මාලිගාව අවට පලාතේ කුමණ්ත්‍රනයක් සිද්ද වෙනවා රජුට එරෙහිව. රජතුමාව නිලයෙන් පහ කරලා අලුත් කෙනෙක්ට රජකම දෙන්න කියලා. ඒකට සැක කරන ඒ පලාතේ ශිෂ්‍යයෝ හුග දෙනෙක්වත් රාජකීය සොල්දාදුවෝ අල්ලගන්නවා. එතකොට ඊට පස්සේ රජතුමාව බලන්න යන්නේ දෙන්නේ නැති නිසා ඔටුන්න හිමි කුමරු රජතුමාව දකින්න හොරෙන්ම මාලිගාවට රිංගනවා. ඒ ගියාම දකිනවා රජතුමාගේ කාමරේ මෘගයෙක් වගේ එකෙක් එහා මෙහා ඇවිදිනවා, එතකොට අප්‍රසන්න ගදකුත් ඔහුට එනවා, ගොරවන සද්දෙකුත් ඇහුනා. ඒ කියන්නේ අපි දන්නවා රජතුමා සොම්බියෙක් වෙලා කියලා. ඒකෙන් බය වෙච්ච කුමාරයා කොහොමහරි අහුවෙනවා. ඒත් කොහොමහරි කුමාරයා එයාගේ කුටියට යවනවා. කුමාරයාගේ ආරක්ෂයා ලවා ගෙන්න ගන්න රෝගීන්ගේ විස්තර තියෙන පොතෙන් කුමාරයා දැනගන්නවා රජතුමාගේ රෝගය ගැන සම්පූර්න විස්තර නෑ කියලා. ඒත් ඒකේ තියෙනවා ඩොන්ග් වල ලී කියලා වෛද්‍යවරයෙක් රජුට බෙහෙත් කලා කියලා. ඒ නිසා අන්තිමට කුමාරයා තීරණය කරනවා ඩොන්ග් වලට යන්න ලී වෛද්‍යවරයාව හොයාගන්න. ඒ යන්නේ ආරක්ෂයකත් එක්ක, එයා නම් මේ වැඩෙට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. ඒ ගමන හොරෙන් එන්න හදනකොට රාජකීය සොල්දාදුවෝ දැනගන්නවා මේ රජුට විරුද්ධව කරපු කුමන්ත්‍රණය කුමාරයා සිද්ද කරපු එකක් කියලා. ඒත් එක්කම ප්‍රධාන අමාත්‍යවරයා එහෙම නැත්තම් රැජිනගේ පියා තමයි හන්යන්ග් වල පාලනය කරගෙන යන්නේ. ඒත් එක්කම කුමාරය ඩොන්ග් වලට යන ආරම්භ කරනවා ඒ ගමන එච්චර කුමාරයාට හොද වෙන්නේ නෑ ඇයි කියලා දකින්න ඇතිනේ. ඒ අතරේ ඩොන්ග් වල ලී වෛද්‍යවරයගේ ආරෝග්‍ය ශාලාවේ මිනිස්සුන්ට කන්න නැතුව හාමතේ ඉන්නකොට ලී වෛද්‍යවරයා එනවා ඒ ආරෝගය ශාලාවේ ඉදපු ගෑණු කෙනෙක්ගේ මිනියකුත් අරගෙන එයාට මොකද වුනේ කියලා ඇහුවට ලී වෛද්‍යතුමා මුකුත් කියන්නේ නෑ. එයාවත් මෘගයෙක් හපා කාල වගේ තිබ්බේ. කොහොමහරි මේ ගෙනාපු මිනියෙන් එහේ හිටපු එක තරුණයෙක් සුප් හදලා ඒ මිනිස්සුන්ට දෙනවා. කට්ටියට කියලා තිබ්බේ ඒ මුව මස් කියලා, ඒත් ඒ ආරෝග්‍ය ශාලාවේ ප්‍රධාන හෙදීය සියෝ බී ඒ සුප් එකේ ඇගිල්ලක් තියෙනවා දැකලා වැඩේ දැනගන්නවා. කුමාරයා ඒ අතරේ ඩොන්ග් වලට වමනේ දාගෙන එහෙම අමාරුවෙන් ආරක්ෂයා එක්ක දිගටම එනවා. එතකොට එක පාරට අර ආරෝග්‍ය ශාලවේ අර මිනී මස් කාපු ඔක්කම මිනිස්සු සොම්බි වෙනවා. බේරෙන්නේ ප්‍රධාන හෙදිය සියො බි සහ අර මස් හදලා දුන්න තරුනයා විතරයි. අනිත් හැමෝම සොම්බිලා වෙනවා. ඔහොම තමා කලින් කොටස ඉවර වුනේ.
අද කොටසින් බලාගන්න පුළුවන් කුමාරයා ඩොන්ග් වලට එනකොට වෙලා තියෙන වින්නැහිය වගේම ඒ අතරේ හන්යන්ග් වල ප්‍රධාන ඇමතිවරයාගේ කූට උපක්‍රමත් එයාගේ බළ තන්හාවට සිද්ද කරන දේවලුත්, එතකොට තව කුමාරයා ඩොන්ග් වල සිද්දියෙන් පස්සේ ඇති වුන සොම්බිලා කොයි වගේද කියලත් අද සම්පූර්නයෙන්ම බලාගන්න පුළුවන්. අපි දන්න සොම්බිලාට වඩා ලොකු වෙනසක් මුන්ගේ තියෙනවා ඒ මොකද්ද කියලා ඔයාලම බලන්නකෝ.
එහෙනම් අදට ඔය ඇති කියලා හිතනවා. ආයේ වතාවක් හෙළිලි අක්කට ස්තූතිවන්ත වෙන්න ඕන කොටසක් කරමුද කියල අහපු ගමන් කරලා දුන්නට. එහෙනම් මම යනවා, ඊළග කොටස අපේ මලිත් මදුෂාන් අයියා අරගෙන ඒවි. මම ආපහු 4වැනි කොටසෙන් හම්බුවෙන්නම්. එතෙක් ජය වේවා…!!!
ලිපිය -කවිශල් රසින්ත
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
15,844 downloadsDownload Kingdom-S01-E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
42 comments
thanujamilandi
Channa Anuruddha
බොහොම ස්තූතියි උපසිරැසියට
Ayesh Rashmika
Series eka download kara gtte khomda?? Baiscopedownload eke nanee...
Samudika Thilina
Thanka for the sub direct download කරගන්න ලින්ක් එකක් දෙන්න plz
Darshana@
Baiscope download site eke tiyenawa ban
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
බොහොම ස්තූතියි
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Kasun Bimsara
Thankz for sub
Kasun Bimsara
Thank you for subtitle
sumed
උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!upps
Thanks you.me kathawath bizcopdwonlod dannako
malithmadhushan45
නියමයි අක්කේ සබට ස්තුතියි
Kulanjana Maduranga
subata thanks sis
Avishkaravidu
පට්ට
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා........!!!!!!!!
maikee
කතාව සුපිරි අනිවා දෙන්න ඔක්කොම ටික.
thumindu2000
✌️patta
Hasalayapa
episoide 3 eke link ekak dannako downlod karaganna be
Viraj_chathuranga
Supiri... tv series eka
Viraj_chathuranga
Thank you sub ekata...
Pradeepkumara
Thank u sis
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා.......!!!!!!!!!
Darshana@
Thanks sub ekata
Eranda Malith 2.0
Thanks sis
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milind@
Thanks sub ekata
Nilush Angana
Sub ekata thanx
prarath
sub 1ta thanx puluwan nam vampire diaries wala sub dannako.
deliya
thamks sahodaraya.budusaranai.jayawewa
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ....!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Jayasanka
Thanks macho
Sandarunimsara
Sub ekata tnx sis
සචින්ත කල්හාර බෙනට්
බොහොම ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට.
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!
Isuru Ishara
Thank you so much Helili akke !!!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
asela
thank you
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Madhumadhawa
Sub ekata godak sthuthui
Advertisement



Thank you sub ekata godakk.. Maru kathawaa.. dewani season ekatath sub eka dennna hode.. Jaya wewa!! BS!!