Watch Trailer

Life (2009) [E04] Sinhala Subtitles | සාගරයේ අධිපතීන් වූ මත්ස්‍යයින්… [සිංහල උපසිරැසි සමග]

මීට අවුරුදු 9 කට කලින් අහම්බෙන් වගේ දැක්ක වෙබ් අඩවියක කමෙන්ට් එකක් දාපු මම, අද වෙනකොට මේ ඉන්න තැනට ඒවි කියල කවුද හිතුවේ? 😛 😛 ජීවිතේ ලොකු ලොකු පෙරළි, අලුත් අත්දැකීම්, වැරදීම්, එකී මෙකී නොයෙකුත් දේවල් මැද වුණත්, අදටත් නම අහනකොටත් එදා දැනුණ ඒ මිහිරි හැඟීම නොවෙනස්ව දැනෙන එකම දෙයක් තමා බයිස්කෝප් සිංහලෙන…

මීට අවුරුදු 9 කට කලින් අහම්බෙන් වගේ දැක්ක වෙබ් අඩවියක කමෙන්ට් එකක් දාපු මම, අද වෙනකොට මේ ඉන්න තැනට ඒවි කියල කවුද හිතුවේ? 😛 😛 ජීවිතේ ලොකු ලොකු පෙරළි, අලුත් අත්දැකීම්, වැරදීම්, එකී මෙකී නොයෙකුත් දේවල් මැද වුණත්, අදටත් නම අහනකොටත් එදා දැනුණ ඒ මිහිරි හැඟීම නොවෙනස්ව දැනෙන එකම දෙයක් තමා බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ. මම අඩවියට සම්බන්ධ වුණේ කොහොමද කියන පැටිකිරියාව මීට කලින් බොහොම සවිස්තරාත්මකව ලියල තියෙන හින්දා ආපහු කියන එකේ තේරුමක් නෑ. හැබැයි මේ සොඳුරු කොටි වලිගෙ හින්දා ලැබුණ අත්දැකීම් නම් අනන්තයි අප්‍රමාණයි. ඉතින් තවත් කාලාන්තරයක් බයිස්කෝප් සිංහලෙන් අඩවිය යෙහෙන් වැජබේවායි පතන ගමන්ම, උදේ ඉඳන්ම බොහෝමයක් විස්තර කියවන්න ලැබුණ හින්දම, මම ලිපිය කෙටි කරලා ඔයාලට සබ් එක ගන්න අවස්ථාව ලබා දෙන්නම්.

මට බාර වුණේ තවමත් මනුෂ්‍යාට ජයගන්න බැරිවුණ කොටසක ගෙවන ජීවිත ගැන කියන්නයි. අද වෙනකොට අභ්‍යවකාශය හා අඟහරු ලෝකය පවා ජනාවාස කරන්න අර අදිනවා වුණත්, මුහුදු පතුල ජනාවාස කරන්න උත්සහ දරන්නෙ විද්‍යා ප්‍රබන්ධ වල පමණක්ද මන්දා. ඉතින් ඒ ලෝකයේ වැජඹෙන්නෙ මත්ස්‍යන් ආදී ජලජ සතුන් පමණයි. මේ අපූර්ව ජිවින්ගෙ බොහොම අතලොස්සක්, විලෝපීයන්ට ගොදුරු නොවී විලෝපීයන් මෙන් ජීවත් වන්නට දරන උත්සාහයේ කොටසක් පමණක් මෙහි දැකගන්න පුලුවන්. වටපිටාවේ ඇති අනතුරු වලින් තම පරපුර සුරැකිව ඉදිරියට ගෙනයන්න ඔවුන් යොදන උපක්‍රම හරිම අලංකාරයි.

එහෙනම් සැමදා බයිස්කෝප් අඩවිය සමඟ රැදී සිටින ඔබ සැමටත්, නොයෙකුත් ආකාරයෙන් වෙබ් අඩවියේ උන්නතිය වෙනුවෙන් කැපවෙන සහෝදර ඇඩ්මින්වරු හා උපසිරැසි නිර්මාණකරුවන්ටත් ස්තූතිවන්ත වෙනවා. ජය වේවා!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

1,923 downloadsDownload 201803072345baiscopelk.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

1,923 downloadsDownload Subtitles84 KB

11 comments

  1. Helili Hemamali

    බොහොම ස්තූතියි රොයිලි අයියේ!

  2. සනිඳු ලක්ඛිත

    °°~~{{බොහොම ස්තුතිය අයියේ උපසිරසට}}~~°°
    •••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••

  3. උදයංග සම්පත් හතරසිංහ

    Good Job Bro

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි........

    ******HAPPY BIRTH DAY BAISCOPE***********

  7. JL Fernando.

    Thanks Bro.

  8. Soori

    බොහෝම ස්තුතියි රොයිලි සහෝ....!!!

  9. sudujaya

    බොහෝම ස්තුතියි

  10. Nirosha Nirosha

    Thanks

  11. Pasindu

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.