Love Under Construction S01 Sinhala Subtitles ආයුබෝවන්. මේක මෑතක නිකුත් වූ නවතම මලයාලි කතා මාලාවක්. කතාංග හයකින් සමන්විත වෙන මේක romantic comedy ශානරයට වැටෙන ලස්සන ආදර කතාවක්. මේක එකම වයසෙ ඥාති සහෝදරයො දෙන්නෙක්ගෙ කතාවක්. ඥාතිත්වයටත් වඩා ඔවුන් අතර තියෙන්නෙ දැඩි මිත්‍රත්වයක්. ඕනෑම තරුණයෙකුට හීන රැසක්…
Love Under Construction S01 Sinhala Subtitles
ආයුබෝවන්. මේක මෑතක නිකුත් වූ නවතම මලයාලි කතා මාලාවක්. කතාංග හයකින් සමන්විත වෙන මේක romantic comedy ශානරයට වැටෙන ලස්සන ආදර කතාවක්.
මේක එකම වයසෙ ඥාති සහෝදරයො දෙන්නෙක්ගෙ කතාවක්. ඥාතිත්වයටත් වඩා ඔවුන් අතර තියෙන්නෙ දැඩි මිත්‍රත්වයක්. ඕනෑම තරුණයෙකුට හීන රැසක් තියෙනවා. තමුන්ටම කියල අළුත් ගෙයක් හදා ගන්න, දෙමාපියන්ට සලකන්න, හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න සහ ඒ සේරටම වඩා වැදගත් වෙන රැකියාවක් කරන්න. ඉතිං විනෝද් තමන්ගෙ මේ සිහින සැබෑ කර ගන්න ඩුබායිහි රැකියාවක් ආරම්භ කරනවා. ඒ සමගම තම දෙමාපියන් වෙනුවෙන් තම සිහින නිවස ගොඩ නැගීමත් ආරම්භ කරනවා. අනිත් තරුණයා පාප්පන් හෙවත් පද්මරාජන්. ඕනෙවටත් වඩා හැදිච්ච ලජ්ජාශීලි තාමත් තනිකඩ තරුණයෙක් . මෙයා තමන්ව හඳුන්වා ගන්නෙ ප්‍රගතිශීලී කෙනෙක් හැටියට. තමන්ගෙ අම්මත් එක්ක ෆ්ලැට් එකක ජීවත් වෙන මෙඩිකල් රෙප් කෙනෙක් වෙන පාප්පන්ට ලේසියෙන් කසාදයක් හරි යන්නෙ නෑ.

ඉතිං මේ කතාව යන්න ඒ සිහින නිවස ඉදි කිරීමේදී ඇති වෙන සිදුවීම් පෙලක් එක්ක. නිවසේ ගොඩ නැගීමත් එක්ක සමගම ආදර කතාවක ආරම්භයත් සිද්ධ වෙනවා. ඉතා දැඩි, කුකුල් කේන්ති කාරයෙක්ද වෙන විනෝද්ගේ පියා වගේම තම පුත්‍රයා ගැන ආඩම්බරයෙන් පසුවෙන මවගේ අභිලාශයන් ඉටු කිරීමට පුත්‍රයාට හැකි වේවිද? ඔහුගේ පෙම්වතියගෙ පවුලට් තකට තක කට්ටියක්. පවුලක් ඉතිං මේ දෙගොල්ලො අතර කොහොම සම්බන්ධයක් ඇති වේද? නිවසේ ගොඩ නැගීමත් සමග ඔවුන්ගේ ආදරයේ ගොඩ නැගීම කෙසේ වේද? ඔවුන්ගෙ හෙල්ප්කාරයා පාප්පන්ගෙ හණ මිටි අදහස් තියෙන්න අම්මත් එක්ක ඔහුට මනමාලියක් හොයා ගන්න ලැබෙයිද?. මේ සේරම ඇතුලෙ මලයාලි සමාජය තුල අති පුරුෂාධිපත්‍යය ගැනත් කතා වෙනවා. ඒ වගේම මොවුන් ගණු දෙනු කරන රජයේ ආයතන සහ හමු වෙන විවිධ චරිත අපට අපේ සමාජයෙත් ඒ විදිහටම මුණ ගැහෙනවා. ඉතිං අද සිට මේ ලස්සන මලයාලි ආදර කතාව නරඹන්න ඔබට ආරාධනා කරනවා.

වාශි චිත්‍රපටයේ අධ්‍යක්ෂනය කල විශ්ණු රාඝව්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි නීරජ් මාධව්, අජු වාර්ගීස්. ගෞරී ක්‍රිෂාන්, ආනන්ද් මන්මධන් ඇතුළු රාශියක් පෙනී සිටිනවා.
එහෙනම් නැවත හමු වෙමු
Love Under Construction S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
761 downloadsDownload Love-Under-Construction-S01E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Love Under Construction S01 Sinhala Subtitles
Subtitles
1 comment
Buddhika laKMal
Advertisement


ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස්එකට සබ් දෙනවට